ඈත අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් ප්‍රධාන ආහාරයක් ලෙස බතල ආහාරයට ඒකි කර ගෙන තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් sweet potato ලෙසින් හඳුන්වන බතල තම්බා පොල් හෝ ලුණු මිරිස් සමග ආහාරයට ගත හැකිය. ඒ හැරුණු කොට බතල රසවත් ව්‍යාංජනයක් ලෙස ද සකස් කර ආහාරයට ගනී.
සතියකට එක් වතාවක් හෝ බතල ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සුව කර ගත හැකිය. ඊට හේතුව බතල වල මිනිස් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වීමයි.
විටමින් A,C,B6,
පොටෑසියම්
මැග්නීසියම්
මේදය
පොලේට්
ජලය
තන්තු
කාබෝහයිඩ්‍රේට්
කැල්සියම්
බීටා කැරොටීන්
මේ නිසා බතල ආහාරයට එක් කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකිය.

ඇස් පෙනීම වැඩි දියුණු කරයි.
බතල ආහාරයට ගැනීමෙන් වයස් භේදයකින් තොරව ලොකු කුඩා සියලු දෙනාගේම ඇස් පෙනීම වැඩි දියුණු කරගත හැකිය. එනම් බතල වල ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට උපකාරී වන විටමින් ඒ සහ කැරට්නොයිඩ අඩංගු වන අතර බතල ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වැඩි දියුණු කරගත හැකිය.
දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.
දියවැඩියා රෝගීන් ආහාර ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය . එනම් අර්තාපල් ආහාරයට එක්කර ගැනීමට වඩා බතල ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසුවේ. ඊට හේතුව බතල වල අඩංගු තන්තු සහ කැරට්නොයිඩ රුධිගත සීනි මට්ටම පාලනය කරන අතර දියවැඩියාව ඇති වීම වළක්වනු ලැබේ. එනමුදු දියවැඩියා රෝගීන් බතල වැඩි වශයෙන් ආහාරයට නොගත යුතුය.
මලබද්ධය දුරු කරයි.
බාල මහළු සෑම දෙනාටම පාහේ ඇතිවන මලබද්ධය සමනය කිරීම සඳහා බතල ආහාරයට ගැනීම ගුණදායකය. බතල වල අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වලක්වා මලබද්ධය සමනය කිරීම සිදුකරයි. මේ සඳහා බතල තම්බා හෝ බතල ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.
සමෙහි රෝග සමනය කරයි.
බතල ආහාරයට ගැනීම සම මත ඇතිවන නොයෙක් රෝග තත්ත්වයන් සමනය කිරීමට වැඩි දායකත්වයක් සපයනු ලැබේ. දද, කුෂ්ඨ,හොරි … ආදී රෝග තත්ත්වයන් බතල ආහාරයට ගැනීමෙන් සමනය කර ගත හැකිය. බතල ආහාරයට ගැනීමට අමතරව බතල කොළ ඇල්දියෙන් අඹරා එම ස්ථානවල ආලේප කිරීම ද යෝග්‍ය වේ.
පිළිකා මර්දනය කරයි .
බතලවල මිනිස් සිරුරට හිතකර විටමින් A,C,E ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු වේ. මේ නිසා බතල ආහාරයට ගැනීමෙන් බතල වල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා ඇති වීමට හේතු වන මුක්ත ඛණ්ඩ විනාශකර පිළිකා මර්දනය කිරීම සිදුකරයි. විශේෂයෙන්ම පෙනහළු පිලිකා ඇතිවීම වළක්වා ගැනීමට බතල ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
අධිරුධිර පීඩනය ඇතිවීම වලක්වයි.
බොහෝ රෝග වලට අත වනන අධි රුධිර පීඩනය සමනය කිරීම සඳහා බතල ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ. බතල වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර අධිරුධිර පීඩනය ඇතිවීම වළක්වනු ලැබේ.
ශරීරයේ බර අඩු කරයි.
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා බතල ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. බතල වල අඩංගු තන්තු සහ ජලය මගින් හොඳින් බඩ පිරෙන අතර නිතර නිතර ආහාර ගැනීම ඉන් වළක්වා ගත හැකිය. බතල ආහාරයට ගැනීමෙන් ආහාර පාලනය කරගෙන ශරීරයේ බර අඩු කරගත හැකිය.

මීට අමතරව
අක්මා රෝගවලට
බතල කොළ තම්බා පානය කිරීම ගුණදායකය.
සමේ රෝග වලට
බතල කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම යෝග්යවේ
කෘමි දෂ්ටනයට, සීරීම් තුවාල වලට
බතල කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම ගුණදායකය.
එමෙන්ම
මව්කිරි අඩු වීම සඳහා
ඇදුම, පීනස සඳහා
අතීසාරය සඳහා
දන්ත රෝග සඳහා
රුධිර නාල දැඩිවීම සඳහා
මෙවැනි රෝග සමනය කිරීමට බතල යනු ආහාරමය ඖෂධයකි.
බතලවල අහිතකර ගුණ
දියවැඩියා රෝගීන් නිතර නිතර බතල ආහාරයට ගැනීම නොකළ යුතුය. එනම් එමගින් රුධිර ගත සීනි මට්ටම ඉහළ යා හැකිය.