සියලුම අක්මා රෝග සුව කරන බතල දළුවල ව්‍යංජනය සතු ගුණ 20 ක්

health tips

ලාංකේය අපිට හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගන්නට එතරම් වෙහෙස වෙන්නට හෝ අධික ලෙස මිල මුදල් වැය කරන්නට අවැසි වෙන්නේ නැහැ. මොකද අවට වටපිටාවේ ව්‍යංජන සඳහා සුදුසු එළවළු සහ කොළ වර්ග ඕනෑ තරම් අපිට සොයා ගන්නට හැකියාව තියෙන නිසා. එදා අපේ  මුතුන් මිත්තන් ඔවුන්ගේ ආහාර වේල් සඳහා වැඩි වශයෙන් මේ දේශීය අල වර්ග කොළ වර්ග භාවිතා කළා. ඒ නිසාවෙන්ම ඔවුන් ඉතා ජව සම්පන්න නීරෝගී  ජීවිතයක් ගත කළා. 

නමුත් අවාසනාවට අද වෙද්දි කුඩා දරුවාගේ පටන් වැඩිහිටි පුද්ගලයා දක්වාම බොහෝ දෙනා රෝගීන් බවට පත්වෙලා. එදා අසන්නවත් නොතිබුණු බොහෝ රෝග අද  අපිට සුලබවම අසන්නට ලැබෙනවා. මේ සියල්ලටම මූලික හේතුව වෙලා තියෙන්නේ ආහාර පිළිබඳව අප සතු දැනුම ඉතා අල්ප මට්ටමේ පැවතීම. ඉතින් ඒ නිසාම  අධික  ලෙස මිල මුදල් වියපැහැදම් කරමින් තමන්ගේ ආහාර වේල ගුණ ගුණාත්මක එකක් කර කරගන්නට වැඩි දෙනෙක් උත්සාහ ගන්නවා. අධික ලෙස ඉහළ යමින් පවතින එළවළු මිල නිසා බොහෝ දෙනෙක්ට ගුණයෙන් සපිරි  ආහාර වේලක් ලබාගැනීම ඉතාම අපහසු දෙයක් වෙලා තියනවා. ඉතින් මේ සඳහා හොඳම විසඳුමක් ගැන තමයි අද කියන්න යන්නේ. 

මොකද අපි ලබාගන්නා ශාකමය ආහාරවලින් බොහෝ ඒවායේ අල, කොල, ගෙඩි සියල්ලක්ම වගේ ආහාරයට ගන්නට හැකියාව තිබුණත් අපි ආහාරයට ගන්නට පුරුදු වෙලා ඉන්නේ එහි එක් ප්‍රධාන අංගයක් විතරයි. ඉතින් බතල කියන්නේ එදා වගේම අදත් අපි හැමෝම සුලභවම ආහාරයට එකතු කරගන්නා ගුණයෙන් ඉහළ අල වර්ගයක්. නමුත් බතල කන අපි බතල කොළ ආහාරයට ගන්නේ නැතිම තරම්. නමුත් බතල අලවල වගේම බතල කොළවල ඉතා ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත වෙනවා. 

වැඩි මිල ගණන්වලට වස විස එකතු කරපු ආහාර ගන්නවට වඩා අප අවට පරිසරයේ හැදෙන වස විසෙන් තොර මේ වගේ ගුණයෙන් ඉහළ ආහාර අපිව නීරෝගීව තබනවා.  එවැනි ආහාර අපිට ලබා ගන්නට හැකියාව තිබියදී ඒවා අපේ ආහාර වේලෙන් ඈත් කර තැබීම සැබැවින්ම කණගාටුවට කාරණයක්. ඒ නිසාම අද අපි ඔබ එක්ක කතා කරන්නේ මේ බතල කොළ  අපි ආහාරයට ගන්න ඕන ඇයි කියන කාරණාවව අපි පිළිබඳව.

 බතල දළු, බතල අල වගේම ගුණදායක ආහාරයක් බව අපි හැමෝම දැනගත යුතු වනවා. මේවායේ තන්තු බහුලවම අඩංගු වෙනවා. ඒ වගේම බතල කොළ ප්‍රතිඔක්සිකාරක වලින් බහුල අතර විටමින් A, රයිබොප්ලෙවින් ,තයමීන්, නියැසින් සහ ෆෝලික් අම්ල ආදී පෝෂකවලින් ද පරිපූර්ණ ආහාරයක්.  ගුණයෙන් වගේම රසයෙනුත් ඉතාම ප්‍රනීත බතල දළු ආකාර බොහොමයකටම රසවත් විදිහට පිළියෙල කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ බතල දළු සම්පූර්ණයෙන් ඩෙවල් එකක් විදිහට මැල්ලුමක් විදිහට වගේම තෙම්පරාදු කර ආහාරය සඳහා එකතු කර කරගන්නත් පුළුවන්. ඒ හැරුණාම අර්තාපල් හෝ ඔස් ඇට් එකතු කර ව්‍යංජ්නයක් ලෙසත් පිස ගන්නට පුළුවන්. ඒ හැරුණාම මේ බතල කොළ අතීතයේ සිටම විවිධ රෝග සමනය සඳහා භාවිතා කර තියෙනවාවා.

බතල කොළ ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

  • අස්ථි රෝගවලින් ආරක්ෂාව  සලසනවා.විටමින් k අඩංගු බතල කොළ ආහාරයට ගැනීමෙන් අස්ථි බිඳීම වගේම ඔස්ටියෝපොරෝසිස් ආදී අස්ථි සම්බන්ධ රෝග වලින් ආරක්ෂාව සලසා ගන්නට පුළුවන්. මේ බතල කොළවලට අස්ථි ශක්තිමත් කිරීමේ විශේෂ හැකියාවක් ද පවතිනවා.
  • හෘදයාබාධ, අධි රුධිර පීඩනය ආදී රෝග ඇතිවීමේ අවදානම අඩුකරමින් හදවත නිරෝගී කරනවා
  • ඔසප් වේදනාවන් සමනය කරනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.

  විශේෂයෙන්ම මහ බඩවැලේ, නාසයේ, අක්මාවේ , මුඛයේ, පුරස්ථි ග්‍රන්ථියේ වගේම ආමාශයේ පිළිකා ඇති ඇතිවීමේ අවදානම බතල කොළ ආහාරයට ගැනීමෙන් බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්. 

  • අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු  කරනවා. 
  • විදුරුමස් රෝග සුවපත් කරනවා.
  • දත් දිරා යාම වළක්වනවා .
  • ස්නායු විකෘතිතා රෝග ලෙස සලකන  ඇල්ෂයිමර් සහ පාකින්සන් ආදී රෝග වැළඳීමේ අවදානම අඩු කරනවා
  • ආහාර නිසාවෙන් ඇතිවන  ආසාත්මිකතා දුරුකරනවා. 
  • පාචනය, වමනය, ඔක්කාරය ආදී තත්ත්වයන් සමනය කරනවා. 
  • සම නිරෝගී කරනවා.
  • මානසික ආතතිය අඩු කරනවා.
  • දේහ බර නිසි පරිදි පාලනය කරනවා.
  • මල බද්ධය දුරුකරනවා.
  • රුධිර පීඩනය  අඩු කරනවා.  

 බතල දළුවල  ඖෂධීය භාවිතය

  • සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වියළා ගත් බතල කොළ කුඩු කර තේ මෙන් පානය කිරීමෙන් සෙම් රෝග  සුවකර ගන්නට පුළුවන්..
  • පිළිස්සුම් සහ සීරීම් සඳහා සුළු පිළිස්සීම් සහ සීරීම් වගේම මැසි මදුරු ආදී සත්ව දෂ්ඨනයන් සඳහා ද බතල කොළ ඇල් වතුරෙන් අඹරා ආලේප කිරීම සුදුසුයි.
  • අක්මා රෝග සහ වමනය සඳහා බතල කොළ තම්බා ගත් වතුර පානය කිරීම මේ තත්ත්වයන් සමනයට උපකාරී වෙනවා. 

බතල දළු ව්‍යංජනයක් රසවත්ව සාදාගන්නා ආකාරය

 අවශ්‍ය ද්‍රව්‍ය

  බතල කොළ සහ දළු

  ලියාගත් අර්තාපල්

  •  රම්පෙ සහ කරපිංචා
  •   ලියාගත් අමුමිරිස් සහ  ළූණු 
  •  මිරිස් කුඩු
  •  තුන පහ කුඩු  
  • කහ කුඩු 
  • උලුහාල්
  •  අවශ්‍ය පමණට ලුණු
  • දියකිරි කෝප්ප එකයි

 සාදාගන්නා ආකාරය කපාගත් අර්තාපල් ඇතිලියක දමා එයට  ලියාගත් බතල දලු, රම්පෙ, කරපිංචා, ලියාගත් අමූ මිරිස් ලූණු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, බැදගත් උළුහාල් සහ අවශ්‍ය පමණට ලුණු එකතු කර හොඳින් කලවම් කරගන්න   එයට දියකිරි කෝප්ප එකක් එකතු කර වැඩි  ගින්දරින්  පිසගන්න. පසුව අර්තාපල් හොඳින් තැම්බුණු පසු  මිටි කිරි එකතු කර පිසගන්න.

බතල දළු රසයෙන්  ගුණයෙන්ම අනර්ඝ තත්ත්වයේ පවතින් දේශීය ආහාර්යක්. කිසිම් වියදමක් නැතිව ඉතා පහසුවෙන් මේ බතල් දළු සපයා  ගන්නත් හැකි නිසා බයක් නැතිව දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ආහාරය පිණිස ලබා ගන්නට පුළුවන්.