ඔබට අහිතකර බලපෑම් ඇති කරන නරක පුරුදු 11ක්

health tips

අපි විසින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් සහා අනුගමනය කරන සමහර දේවල් තුලින් සිරුරට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන අපි එතරම් තැකීමක් දක්වන්නේ නැති තරම්. කුඩා කාලයේ සිටම සිදුකරන ඇතැම් පුරුදු වල බලපෑමක් නැතැයි කියා ඒ කාලයේ සිතුවත් ඇත්තටම එම පුරුදු  නිසා සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි බව ඔබ දැනුවත් වෙන්නේ අද වෙන්න පුලුවන්.අපේ සෞඛ්‍යයට සහ මනා පැවැත්මකට හානිකරවන පුරුදුනම් ඒවා වෙනස්කරගත යුතුයි කියනවාට වඩා වෙනස්කරගැනීම අත්‍යවශ්‍යයි කීම වඩාත් උචිතයි. මෑතකාලීන අධ්‍යයනයන් වලින් හෙලී වී ඇති ආකාරයට අපි එදිනෙදා ජීවිතයේ හුරු වි සිටින මෙවැනි පුරුදු අපි නොහිතන විදියට අපේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බවයි. 

  1. වතුරෙන් කට සේදීම

මෙය ඉතාම සාමාන්‍ය පුරුද්දක් ලෙස පෙනෙන්නට පුළුවන්.දත් මැදීමේදී ෆ්ලෝරීන් ආරක්ෂිත ස්තරයකින් දත් ආවරණය වීම සිදුවෙනවා.වතුරෙන් කට සෝදන විට මේවා සේදී ඉවත්වී යාම සිදුවෙයි.දත් මැදීමේදී ඇතිවන මේ ධනාත්මක ප්‍රතිලාභය ‍රැකගන්න නම් කට සේදීම සඳහා විශේෂ ඇල්කොහොල් රහිත ද්‍රාවණයක් භාවිත කිරීම සුදුසුයි.

  1. ට්‍රෙඩ්මිල් එකේ ව්‍යායාම කිරීම

ට්‍රෙඩ්මිල් ව්‍යායාම උපකරණය අද කාලයේ ඉතා ප්‍රචලිතම,සිරුරේ අතිරික්ත කැලරි දහනය කරගෙනීම සඳහා උපකාර කරන පුහුණු උපාංගයක්.නමුත්, දිගු කාලයක් තිස්සේ ට්‍රෙඩ්මිල් එකේ ව්‍යායාම වල යෙදීම ඔබේ සන්ධි කෙරෙහි හානිකර විය හැකියි.මෙසේ වීම වළක්වාගැනීම සඳහා ඔබේ එදිනෙදා ට්‍රෙඩ්මිල් ව්‍යායාම මාලාවට පේශී ශක්තිමත් කරවන ව්‍යායාම ක්‍රම (muscle strengthening exercises) කිහිපයක් ද එක්කරගන්න. මෙය ඔබේ සිරුරේ බර අඩුකරගැනීමට වගේම මාංශ පේශී වල ශක්තිමත් හා නීරෝගීබව ‍රැකගැනීමට සහය වනු ඇත.

  1. දහවල් කෙටි නින්දක් ලැබීම

දහවල් කෙටි නින්ද සිරුරට සුවදායි වුවත් ඇතැම් විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මෙය ඇතැම් හෘද රෝග වලට බලපා හැකි හේතුවකි.දිගු කාල වේලාවක් නිදාගැනීම පුද්ගලයාගේ මතකයට හා මොළයේ ක්‍රියාකාරීත්වයට සෘණාත්මකව බලපෑම් ඇතිකළ හැකිය.

  1. බැක්ටීරියානාශක සබන්

ලෙඩ රෝග වලින් ආරක්ෂා විය හැක්කේ බැක්ටීරියානාශක, විෂබීජනාශක සබන් වලින් සේදීමෙන් පමණක් බව බොහෝ වෙලඳ දැන්වීම් හරහා ඉස්මතු කර පෙන්වනවා.නමුත් නිතර නිතර මෙවැනි නිෂ්පාදන භාවිත කිරීම නව හා ප්‍රබල විෂබීජ මතුවීමට තුඩු දිය හැකි බව පෙන්වාදේ.විද්‍යාඥයින් පවසන්නේ සාමාන්‍ය සබන් වලින් ද හොඳ පිරිසිදුවීමක් ලැබෙන බවයි.

  1. නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සිදුකරගැනීම

වසරක් පාසා පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරවාගැනීම ඇත්තෙන්ම ප්‍රයෝජනයක් නොමැති දෙයකි.ඒ වගේම එකවරකදී සියල්ල පරික්ෂා කරගැනීමට යාම වියදම් අධික වැඩකි.ඒ ඒ වයස් කාණ්ඩ වලදී බහුලව ඇතිවිය හැකි ආකාරයේ පොදු රෝගාබාධ සම්බන්ධයෙන් සෞඛ්‍ය පරික්ෂා කරවාගැනීම වඩාත් සුදුසු බව සායනික පරීක්ෂා මූලධර්ම යටතේ පැහැදිලි කර ඇත.

  1. විටමින් වර්ග ගැනීම

විටමින් අපේ සිරුරට අත්‍යවශ්‍ය පෝෂක වන අතර ඒවා ඌන වීමෙන් බොහෝ සෞඛ්‍ය ගැටලු සිරුරේ හටගත හැකියි.නමුත් නිසි දැනුමකින් තොරව විටමින් වර්ග ගැනීම අහිතකරය.විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට අනුව, විටමින් බාහිරව ලබාගන්නා  නරක සෞඛ්‍ය පුරුදු ඇති ඇතැම් පුද්ගලයින් බරපතල රෝග වලින් පෙළීමේ ප්‍රවණතාව එසේ විටමින් ලබානොගන්නා පුද්ගලයින්ට සාපේක්ෂව 46%කට වඩා වැඩි බවයි.එබැවින් විටමින් වර්ග ගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවීම වැදගත්ය.

  1. ඩයට් පාන වර්ග

ඩයට් සෝඩා වල ඇත්තේ අඩු කැලරි අගයක් බවත් මේවා සිරුරේ හැඩය ‍රැකගැනීමට උදවුවෙන, සෞඛ්‍යයට අහිතකර නොමැති නිෂ්පාදනයක් බවත් නිෂ්පාදකයින් අපට ඒත්තුගැන්වීමට උත්සහ කරනවා.විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට , දිනකට එක් ඩයට් සෝඩා කෑන් එකක් පානය කිරීම, කාලයක් ගතවෙද්දී ක්‍රම ක්‍රමටෙන් හෘද රෝග ඇතිවීම, රුධිර පීඩනය වැඩිවීම හා සිරුරේ බර වැඩිවීමට පවා හේතුවිය හැකි බවයි.

  1. කෙට්‍ටුවීමට උත්සහ කිරීම

ඇතැම් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ සිරුරේ කෙට්‍ටුබව පෙනෙන තරම් හිතකර දෙයක් නොවන බවයි.උදාහරණයක් ලෙස, ගොඩක් ආහාර පරිභෝජනය කළත් මහත් නොවන පුද්ගලයින්ගේ සිරුරු  වල හෘදය හා අක්මාව වටා මේද තැන්පත්වීම සිදුවන අතර මෙය බරපතල රෝග තත්වයන් වර්ධනය වීමට හේතු විය හැකිය.හීන්දෑරි සිරුරක් ඇති පුද්ගලයින් හට සීත කාල වලදී සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි.මීට අමතරව අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට,කෙට්‍ටු ශරීරයක් ඇති පුද්ගලයින්ට ඇත්තේ ද බර වැඩි පුද්ගලයින්ට සමාන මරණ අවදානම් අනුපාතිකයක් බවයි.

  1. දිනපතා පිරිසිදු කිරීම

දිනපතා නිවස පිරිසිදුව තබාගැනීම ඉතා හොඳ පුරුද්දක්. නමුත් ඩිටර්ජන්ට් සහ පිරිසිදුකිරීම් සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ( ක්ලීනිං කෙමිකල්ස්) සම්බන්ධයෙන් නම් මෙය කිසිසේත්ම හොඳ තත්වයක් නොවෙයි.නිවස පිරිසිදු කරන ද්‍රව්‍ය වල ඇස් අපහසුතා, හිසරදය හා ශ්වසන රෝග පවා ඇතිකරවන සුලු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණවලින් අඩංගු වෙනවා.එම නිසා දිනපතා මේවා භාවිතය නම් සුදුසු නැත.

  1. පැතලි සෙරෙප්පු

ෆ්ලිප්-ෆ්ලොප් වර්ගයේ සැහැල්ලු පැතලි සෙරෙප්පු කකුලට හොඳ විවේකයක් ලබාදෙන බව ගොඩක් අය හිතනවා.නමුත් විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මෙය වැරදි මතයක් බවයි.මෙවැනි පැතලි පාවහන් වලින් රළු හා ඝනමක් මතුපිට වල ඇවිදීමේදී කකුල් වලට අවශ්‍ය ආකාරයේ ආධාරකයක් නොසපයන බවයි.වැලි හෝ තනකොළ මතුපිට ඇවිදීමේදී පමණක් මෙවැනි සෙරෙප්පු පැලඳීම සෞඛ්‍යාරක්ෂිත බව පැවසේ.

  1. ගොඩක් වතුර පානය කිරීම

දිනකට අවම වශයෙන් වීදුරු 8ක්වත් වතුර පානය කළ යුතු බව අප අසා තිබෙනවා.සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හා පැවැත්මට වතුර කොතරම් වැදගත් ද යන්න පිළිබඳ සැකයක් නැහැ.නමුත් දුරදිග නොබලා කටයුතු කිරීමත් සුදුසු නැහැ. ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ අධිකව වතුර පානය කිරීම වකුගඩු ගැටලු හා මොළය ඉදිමීම වැනි ගැටලු ඇතිවීම කෙරෙහි බලපෑ හැකි බවයි.අධිකව වතුර පානය කිරීමෙන් මූත්‍රා වැඩියෙන් පහවන නිසා සිරුරේ පවතින එලෙක්ට්‍රොලයිට මට්ටම පහත බැසිය හැකි අතර මින් hyponatremia (රුධිරයේ සෝඩියම් මට්ටම සාමාන්‍ය අගයට වඩා පහත බැසීම) නම් බරපතල සෞඛ්‍ය ගැටලුවට තුඬු දිය හැකිය.