නිරන්තරයෙන්ම අපි අපේ ආහාර වේල සඳහා එකතු කරගන්නා එළවළුවක් තමයි බෝංචි කියලා කියන්නේ .ප්‍රෝටීන බහුල ආහාරයක් වන නිසාම නිර්මාංශික උදවියටත් ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් සපුරාගන්නට මේ ශාකමය ආහාරය අපිට උදව් වෙනවා. නුවර එළිය, මහනුවර, බදුල්ල යන ප්‍රදේශවල සරුවට වැඩෙන බෝංචි සඳහා වන වෙළෙඳපොළ මිල වරින්වර ඉහල පහළ යන නමුත් ජනතාවට ජනතාව අතර මේ එළවළුව සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් හැමදාම වගේ රඳා පවතිනවා. මොකද සුප් ඇතුළුව විවිධ ආහාර සඳහාත් බෝංචි අත්‍යවශ්‍ය එලවලුවක් වෙන නිසා. ඉතින් අපි අද කතා කරමු බෝංචි ආහාරයට එකතු කර ගැනීම අපේ දේහයට කොතරම් වැදගත් ද කියලා.
බෝංචිවල ප්‍රෝටීන හැරුණාම යකඩ, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, ඇමයිනෝ අම්ල, බීටා කැරොටීන් අඩංගු වෙනවා. මෙහි අන්තර්ගත විටමින් අතර විටමින් A,E,C, B6 සහ k විශේෂයි. බෝංචි ග්‍රෑම් 100 ක නිර්දේශිත දෛනික විටමින් සී ප්‍රමාණයන් 27% ක් පමණ අඩංගු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි බෝංචි යකඩවලින් පොහොසත් ආහාරයක් නිසා මේ සෛල ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහනය සඳහාත් උපකාරී වෙනවා. බෝංචි ග්‍රෑම් සීයකින් 100 කින් අපට දෛනිකව අවශ්‍ය යකඩ ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ සපයා දෙනවා. ඒ වගේම බෝංචි තන්තුවලින් පොහොසත් ආහාරයක් ද වෙනවා.
මේ බෝංචි ඇටවලත් ද ප්‍රෝටීන් වගේම පිෂ්ඨයත් බහුලව අන්තර්ගතව තිබීම විශේෂත්වයක්. ඒ නිසාම නිර්මාංශ උදවියගේ ආහාර වේලට අත්‍යවශ්‍යම ආහාරයක් විදිහට බෝංචි සලකන්නට පුළුවන් .
ගුණයෙන් ඉතා ඉහළ මේ එළවළුව පිස ගැනීමේදී එහි වර්ණය රැකගන්නට සැලකිලිමත් විය යුතුයි.වර්ණය රැකෙන ප්‍රමාණයට තමයි ආහාරයේ ගුණාත්මක බව රැඳී තියෙන්නේ. කොහොමවුණත් ශරීරයේ මේදය දහනය කර ගන්නට දේහ බර අඩු කර ගන්නට උනන්දු වෙන අයකුට ඉතාම හොඳ එළවළුවක් වෙන පියලි ඇට සහිත බෝංචි ජීර්ණයටත් පහසුයි .
සලාද ලෙස හෝ තම්බා ගැනීමෙන් වගේම ව්‍යංජන ලෙසත්, මැල්ලුමක් ලෙසත් ආහාරයට ගන්නට පුළුවන්. කෙසේ හෝ වැඩි වෙලාවක් පිස ගැනීමකින් තොරව පෝෂණ ගුණය රැකෙන පරිදි පිස ගැනීමට ගෘහණියන් විදියට ඔබ උනන්දු විය යුතුයි.
බෝංචි ආහාරයට එකතු කර ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

- ශරීරයේ තැන්පත්ව ඇති මේදය දහනය කරනවා.
- ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව පවත්වා ගන්නට උදව් කරනවා.
- අක්ෂි සෞඛ්‍ය නිරෝගී කරනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
බෝංචිවලට කොළ පැහැය ලැබෙන ක්ලෝරොෆිල් අණුවල පිළිකා නාශක ගුණ පවතින බව අධ්‍යයනයන්ගෙන් තහවුරු කරගෙන තියෙනවා. එය පිළිකා ඇති කළ හැකි පිළිකා කාරක අවහිර කරන්නට උදව් කරනවා.
රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.අඩු ග්ලයිසිමික් දර්ශකයක් පවතින ආහාරයක් වන බෝංචි ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්නේ නැහැ . මේවායේ තන්තු බහුල නිසා රුධිරයේ සීනි නියාමනයට එය උපකාරී වෙනවා.ඒ නිසා දියවැඩියා රෝගීන්ට බය නැතුව ආහාරයට ගත එළවළුවක් මේ බෝංචි .
- ශරීරයේ බර අඩු කරන්නට උදව් වෙනවා.
- හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- අර්ශස් රෝගීන්ට ඉතාම ගුණදායකයි.
- ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන අයට ගුණදායකයි.
- ශරීරයේ ඇති විස ඉවත් කර පටක හානි කරන රෝගකාරක සෛලීන් ඉවත් කරනවා.
- ධමනිවල ලේ කැටි ඇතිවීම වළක්වනවා.
- මළ බද්ධයට ගුණදායකයි.
- ආන්ත්‍රික රෝග ඇතිවීම වළක්වනවා.
- වැඩිහිටියන්ගේ මාංශපේෂි දුර්වලතා මඟහරවනවා.
- ගර්භණි මව්වරුන්ට ඉතාම හිතකරයි.
- ආහාර මාර්ගයේ ඇති පටල ආරක්ෂා කරනවා.
- මානසික අවපීඩනය අඩු කරනවා.
- අස්ථි ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා.
- රක්තහීනතාවයෙන් පෙළෙන අයට ගුණදායකයි.
- සම වියපත් වීම වළක්වා වයසට යාම පාලනය කරනවා.
- අධි රුධිර පීඩනය අඩු කරනවා.

මන්දපෝෂණයට තිත තබන්නට නිර්මාංශික ඔබටත් විවිධ රෝගවලින් පීඩා විදින ඔබටත් නීරෝගී ජීවිතයකට උනන්දු වෙන ඔබටත් බෝංචි කියන්නේ ඉතාම ගුණදායක ආහාරයක්.