30 පැන්නත් කෙල්ලෙක් වගේ ඉන්න කෝමාරිකා භාවිතයෙන් මුහුණ ලස්සන කරගන්න ක්‍රම 4 ක්

health tips

ඖෂධීය ගුණාංග වලින් අනූන කෝමාරිකා භාවිතයෙන් ඔබේ මුහුණේ සුන්දරත්වය වැඩිකරගත හැකි සත්කාර ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නට සූදානම. 90%ක් පමණ ජලය අන්තර්ගතයක් ඇති මෙම කෝමාරිකා වල ඔබේ සමට ඉතා හිතකර විටමින් A,C,E,B1,B2, B12 වැනි පෝෂක වගේම ඇමයිනෝ අම්ල, එන්සයිම,මැග්නීසියම්,පොටෑස්යම්, ෆෝලික් අම්ල, යකඩ වැනි පදාර්ථ ද අඩංගුයි.

කෝමාරිකා වල ප්‍රතිඔක්සිකාරක හා බැක්ටීරියානාශක ගුණාංග බහුල පොලිෆෙනෝල් අන්තර්ගතයි.සමට සිදුවිය හැකි හානි හා විෂබීජ ආසාදන වැළැක්වීමට මේවා ක්‍රියාකරයි. සමට ලබාදෙන මාස්ක් සත්කාර වලට කෝමාරිකා භාවිත කරයි. කෝමාරිකා කුරුලෑ බිබිලි සුවවීමට ද ප්‍රතිකාරයක් ලෙස භාවිත කරයි.සමේ අඳුරු ලප කැලැල් කැපී පෙනෙන ස්වභාවය අඩුකරවයි. සමට ඒකාකාරි පැහැයක් ලබාදෙයි.සම අලුත් වැඩියාවීමට අවශ්‍ය විටමින් E ගුණ කෝමාරිකා වල බහුලය. 

රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේදි විවිධ ආලේපන වර්ග සැකසීමේදී කෝමාරිකා ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරයි. මෙවැනි සත්කාර වර්ග ඔබට නිවසේදීම වුණත් සාදාගත හැකියි..

කෝමාරිකා අමුද්‍රව්‍යක් ලෙස භාවිත කරමින් ඔබේ සමේ ලප කැලැල් දුරුකරගැනීමට උපකාරී වන මාස්ක් සත්කාර ක්‍රම 4ක් සකස් කරගන්නා ආකාරය ගැනයි මේ.

කෝමාරිකා අඟුරු මාස්ක් එක මෙම සත්කාරය මඟින් ඔබේ සම ගැඹුරින් පිරිසිදු කරවයි.සිදුරු තුළ ඇති කුණු දුහුවිලි, තෙල්, බැක්ටීරියා ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කරයි.සමේ අධික තෙල් ගතිය උරාගනියි.සම විෂහරණය කරයි.සමේ කැලැල් අඩුකර ඔපයක් ලබාදෙයි. මෙය රාත්‍රීයේදි භාවිත කර පසුදා උදෑස ඉවත්කරන්න.

කෝමාරිකා ජෙල් මේස හැඳි 4ක් බඳුනකට එක්කරගන්න. ඊට ඇක්ටිවේටඩ් චාකෝල් පවුඩර් හෝ කුඩු කරගත් පොල්ක‍ටු අඟුරු වලින් තේ හැඳි 1ක් දමන්න.හොඳින් කළවම් කරන්න.කුඩා ප්‍රමාණයක් මුහුණේ ගල්වා සමට උරාගන්නා තුරු ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.ඉතිරිය ශීතකරණයේ තබන්න.

කෝමාරිකා-ටී ට්‍රී තෙල් සත්කාරය මෙම සත්කාරය මඟින් ඔබේ මුහුණට හොඳ ප්‍රාණවත් බවක් එක්කරයි.සමේ පැහැය වඩවයි. සමට ඒකාකාරී පැහැයක් ලබාදෙයි.සමේ කුරුලෑ බිබිලි හෝ කැලැල් ඇත්නම් ඒවා බොහෝ දුරට අඩුකරවයි. සම අලුත්වැඩියාවීම වේගවත් කරයි.සම නැවුම් කරයි.

කෝමාරිකා ජෙල් මේස හැඳි 2ක් ටී ට්‍රී සුවඳ තෙල් වලින් බිංදු 4ක් පමණ බඳුනකට දමා හොඳින් කළවම් කරන්න.මෙය මුහුණේ කුරුලෑ ඇති අයට හොඳ සත්කාරයක් වේවි. නින්දට පෙර පිරිසිදු කරගත් මුහුණේ මෙම මාස්ක් එක ආලේප කරගන්න. පසුදා උදෑසන උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.

කෝමාරිකා කෝපි මාස්ක් සත්කාරය

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් බහුල මෙම සත්කාරය ඔබේ සම පිළියම් කරයි. මෘදු සුමුදු කරයි. සමට තෙතමනය දී දීප්තියක් එක්කරයි.සමේ සවිමත් බව වැඩිකරයි. සම ‍රැළි වැටීම හ ඉරි තැලීම් පාලනය කරයි.ලප කැලැල් අඩුකරයි.

කෝමාරිකා ජෙල් මේස හැඳි 4ක් බඳුනකට එක්කර කෝපි කුඩු තේ හැඳි 1ක් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.තුනී තට්‍ටුවක් මුහුණේ ආලේප කර නින්දට යන්න. පසුදා උදෑසන හොඳින් මුහුණ පිරිසිදු කරගන්න.

කෝමාරිකා වදකහ මාස්ක් සත්කාරය මින් සම ප්‍රාණවත් හා නැවුම් වේ.සමේ නිකැලැල් බව වැඩිදියුණු වේ. පිග්මන්ටේෂන් වැනි ලප කැලැල් ඇත්නම් ඒවා හොඳින් දුරුවෙයි.කුරුලෑ කැලැල් ද බොහෝ හොඳින් අඩුකරගත හැකියි.සමට දීප්තිමත් ප්‍රභාවක් ලබාදෙයි. ඇස් වටා අඳුරු බව ඇතිවීම පාලනය කරයි.

කෝමාරිකා ජෙල් මේස හැඳි 4ක් සහ කහ කුඩු තේ හැඳි 1ක් බඳුනකට දමා හොඳින් කළවම් කරන්න.මුහුණේ සහ ඇස් යට ස්වල්පයක් ආලේප කරන්න.