මේ කාලයේ හැමෝම හරිම කළබලකාරී කාර්යබහුල ජීවිත තමයි ගත කරමින් ඉන්නේ. ඉතින්, ඔබේ වටිනා කාලය ඉතිරි කර ගනිමින් ඔබේ ලස්සන පවත්වාගෙන යන්නට ඔබට උපකාරි වන රූපලාවන්‍යය රහස් කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
- Hollywood cat eye look එක

මේ ක්‍රමයට ඇස් හැඩගැන්වීම එතරම් අමාරු දෙයක් නොවේ. ඇසේ පිටත කෙළවරේ (corner of eye) සිට ඇහි බැම දෙසට හෝ නළලේ කෙළවර දෙසට වන සේ Eyeliner වලින් රේඛාවක් අඳින්න (ඔබේ කැමත්ත අනුව එහි දිග වෙනස් කරගන්න). අනික් ඇසත් එලෙසම සමානව හැඩකරගන්න. Eyeliner බිංදු දෙකක් හෝ කෙටි ඉරි දෙකක් එසේ ඒඳගත් රේඛාවට උඩින් ඇඳගන්න ( එමඟින් මත නොගෑවී හොඳ නිමාවක් ලැබේ).දැන් ඒවා එකිනෙක සම්බන්ධ වෙන සේ සිහින්ව රේඛාවක් ආකරයෙන් ඇඳගන්න. අවසානයේ දී Make-up remover pen එකක් භාවිතා කරමින් මතගෑවී ඇති තැන් ඉවත්කරගනිමින් හොඳ නිමාවක් ලබාගන්න.
- පරිපූර්ණ ඇහිබැමි සහිත පෙනුමක් ලබා ගැනීමට,

මේ ඇත්ත වගේ පෙනෙන පරිපූර්ණ ඇහි බැමි වල හැඩයක් ලබා ගැනීමට නම්, ඔබ පළමුව ඔබේ ඇහි බැමි පරිස්සමෙන් පීරා සකස්කරගෙන තිබිය ගත යුතුයි. ඉන් පසුව ඇස වටා (පිටතින්) රේඛා ඇඳගන්න (outline). දැන්, ඒ අතර කොටස ඇහි බැම වර්ණයකින් වර්ණ ගන්වාගන්න. ඔබට අවශ්‍යය දීප්තිමත් පෙනුමක් නම් ඇහිබැම රේඛාවට යටින් Highlighter ප්‍රමාණයක් භාවිතාකර තවදුරටත් හැඩකරගන්න.
- පිරුණු බවින් යුත් කාන්තිමත් දෙතොල්

ඔබේ දෙතොල් තත්පර 15 ක් ඇතුලත පිරුණු ස්වභාවයකින් හැඩගන්වා ගත හැකි Beauty tip එකක් තමයි මේ. ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන තොල් ආලේපනය (Lipstick)පළමුවෙන් ගල්වාගන්න. ඉන්පසුව ලා පැහැති වර්ණයකින් යුත් Lip liner එකක් භාවිතා කර ඔබේ උඩු තොලේ සහ යටි තොලේ මැද කොටස් වර්ණ ගන්වාගන්න. තොල් අලේපන ගල්වන බුරුසුවක් බාවිතා කර තොලේ වම් අතටත්, දකුණු අතටත් තොල් ආලේපනය ගල්වා පසුව එකිනෙක හොඳින් තොල පුරා ගෑවෙන සේ මිශ්‍ර කරන්න. පිරිපුන් පෙනුමක් ලබාගත් තොල් වලට වැඩි කාන්තිමත් බවක් එක් කර ගැනීමට දිලිසෙන බවින් යුත් lip gloss ටිකක් භාවිතා කරගන්න.
- Eyeshadow බාවිතයෙන් ඇස් හැඩගන්වා ගැනීමට,

උදෑසනම ඔබේ මුහුණේ ඇති තෙල් ගතිය ඉවත් වනසේ (ඇහිපිය ඇතුලු) මුලු මුහුණම හොඳින් සෝදා පිරිසිදු කරගන්න. Eyeshadow මතගෑවීම වළක්වාගැනීමට, පළමුව Foundation primer එකක් භාවිතා කරන්න. අවසන් නිමාවටත් එය බොහෝ වැදගත් වෙනවා. ඔබ බාවිතා කරන Eyeshadow එක තද වර්ණයක් ලෙස පෙනෙන සේ හැඩ කරගැනීමට, මුලින්ම ලා පාට Eye pencil එකක් භාවිතා කරන්න.
- වැඩ දෙකක්ම එකකින්

ඔබේ Eyeshadow හෝ Eye pencil එක ඉවර වෙලා නම් ඔබේ මස්කාරා එක ඒ වෙනුවට භාවිතා කළහැකියි. සිහින් බුරුසුවක් ගෙන Eyeliner එකක් ආකාරයෙන් ඔබේ උඩු ඇහිපියන් හි මස්කාරා ගල්වන්න. තවදුරටත් මස්කාරා භාවිතයෙන්ම ඇස් වලට හොඳ නිමාවක් ලබාගන්න ඔබට පුලුවන්.
- සරල පෙනුමක් (Minimalism)

පරක්කු වෙලා වැඩට දුවන අයට මේක හොඳ ක්‍රමයක්. උඩු අතට ඇස් හරවා ඔබේ උඩු ඇහි පියන් වලට උඩින් විතරක් Eyeliner ගල්වාගන්න. මෙමඟින් ඔබේ ඇස් විශාල කර පෙන්නන අතර ඉන් ඔබට ආකාර්ෂණීය විදියේ ලස්සනක් ලබාගන්න පුලුවන්. ගොඩක් Make-up බාවිතා නොකර හොඳ පෙනුමක් ලබා ගන්න තියෙන ලේසිම ක්‍රමයක්.
- හිසකෙස් සැකසුම්

ලස්සන කොණ්ඩ විලාසිතාවක් භාවිතා කරන්න අපි හැමෝම කැමතියි. නමුත්. ඔබ කරන රැකියාවට ගැලපෙන වගේම කොණ්ඩයේ ලස්සනත් ආරක්ෂා වෙන ආකාරයේ සරල සහා පහසු විලාසිතාවක් තෝරගන්න උත්සාහ කරන්න. අවශ්‍යය පරිදි පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන්, වැඩි හැඩගැන්වීමක් නැති විලාසිතා වඩාත් සුදුසුයි.
- වියළි ගිය මස්කාරා එක යථාතත්වයට ගන්න.

සාමාන්‍යයෙන් මස්කාරා එකක් හොඳ තත්වයේ පවතින්නේ මාස 3-6 ත් අත්‍ර කාලයකටයි. නමුත් ඒවා දිගු කාලයක් තබාගන්න හැකි විදියේ උපක්‍රමත් තිබෙනවා. හැබැයි මතක තබාගන්න. මේවා හදිසි අවස්ථාවක භාවිතා කළ හැකි Tips කිහිපයක් පමණයි. ඔබේ සමේ දැවිල්ලක් හෝ වේදනාවක් දැනෙන්න පටන්ගන්නවනම් ඒ මස්කාරා එක නැවත භාවිතයට ගන්න එපා.
බාවිතයට කලින් මස්කාරා ගල්වන බුරුසුවේ රැඳි ඇති කොටස් ඉවත් කිරීම අනිවාර්යෙන් සිදුකරන්න. වියළී ඇති මස්කාරා එක යලිත් භාවිතයට ගන්නට නම් එයට Eye drops බින්දු 2 ක් පමණ ටියුබ් එකට එක් කරන්න. බුරුසුවෙන්ම කළතා මදක් සොලවන්න. ඒ වගෙම ඔබට කරන්න පුලුවන් තවත් දෙයක් තමයි මස්කාරා ටියුබ් එක උණුවතුර බාජනයකට දමා මද වෙලාවක් තැබීම. ඒ විදියට ඔබට අලුත් එකක් මිලට ගන්නා තුරු මස්කාරා එක ගැටලුවක් නැතිව භාවිතා කරන්න පුලුවන් වේවි.
- නැවුම් පෙනුමක් සඳහා

පෙර දවසේ හොඳ නින්දක් නොලැබුණා නම් ඔබට Make-up භාවිතා කර හොඳ නැවුම් පෙනුමක් ලබා ගන්න පුලුවන්වේවි. පින්තූරයේ තියෙන Tips ටිකට අනුව Make-up එක කරගන්න අමතක කරන්න එපා.
- Dramatic Eye make- up එකක්

ඇස් පිහාටු වැඩියෙන් ඉස්මතු කර පෙන්වන ආකාරයේ makeup එකකට, මුලින්ම මස්කාරා තට්‍ටුවක් ගල්වාගන්න,ඉන් පසුව මධ්‍යම ප්‍රමාණයේ බුරුසුවකින් පවුඩර් ටිකක් ඔබේ ඇස් පිහාටු මත ගල්වන්න. මෙහිදී පවුඩර් ඇස් තුලට යාමට නොදී පරිසමින් කරගන්න ඔබ සැලකිලිමත්විය යුතුයි. ඉන් පසුව නැවතත් මස්කාරා තට්‍ටුවක් එයට උඩින් ගල්වාගන්න. අංශක 45 ක පමණ කෝණයකින් බුරුසුව හසුරුවාගත් විට එය වඩාත් පහසුවෙන් ඔබට සිදුකරගත හැකි වේවි.
- බිබිලි සහ ඉදිමුම් වගේම පිටතට පෙනෙන ඇඳුම් පටි සඟවාගැනීම

ඉකිළි ,කළවා කොටසේ රෝම ඉවත් කිරීම නිසා සමේ බිබිලි ගතියක් මතුවීම වළක්වාගැනීමට Razor භාවිතයෙන් පසු Deodorant භාවිතා කරන්න. පිටතට පෙනෙන බ්‍රා පටි ආදිය සැඟවීමට Band-aid පැලැස්තර භාවිතා කරන්න.