හෘදයාබාධයක් හැදීගෙන එන විට කාන්තාවන් තුල පමණක් දැකිය හැකි පූර්ව රෝග ලක්ෂණ 6 ක්

health tips

හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙක් මියයන්නේ පුර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙලිදරව් කරතිබෙන බව බීබීසී මාධ්‍ය වාර්තා කර තිබුණා. වර්තමානයේ බොහෝ පුද්ගලයින් අකාලයේ මියයෑමට බලපා ඇති  හේතු අතර හෘදයාබාධ වැලඳීම ද ප්‍රබල හේතුවක් ලෙස දැක්වේ. කෙසේ වෙතත්, හෘදයාබාධයක් ඇති වීමට පෙර මිනිස් සිරුර මඟින් ඇතැම් ඉඟි ලබාදීම සිදුකල ද ඒවා නොතැකීම හෝ අවධානයකින් නොසිටීම නිසා නොසිතූ මොහොතක හෘදයාබාධ මතු වී මරණයට පත්වීම වැනි ඛේදවාචක පවා සිදුවිය හැකියි. 

හෘදයාබාධ වැලඳීමට පෙරනිමිති පහළ වීම ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් වන බව සඳහන් වේ. අද දවසේදී අපි සඳහන් කිරීමට සූදානම් වන්නේ කාන්තාවන් විසින් හෘදයාබාධ ඇතිවීම වළක්වාගැනීම සඳහා අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතු පූර්ව රෝග ලක්ෂණ 6 ක් ගැනයි. මේ අතරින් යම් යම් ලක්ෂණ දැනටමත් ඔබ තුල තිබෙන බව ඔබට සිතෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් උචිත වේවි.

පපුවේ හටගන්නා පීඩනකාරී ස්වභාවය සහා අධික වේදනාව පපුවේ කැක්කුම,පපුවේ අපහසුතාව, දැවිල්ල සහා පපු ප්‍රදේශයේ දැඩි පීඩනයක් ලෙස දැනීම වැනි රෝග ලක්ෂණ ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව මතුවන තත්වයන් වේ. නමුත්, ඇතැම් කාන්තාවන් හට පපුවේ වේදනාව දැනෙන්නේ සාමාන්‍ය පරිදි වම් පැත්තේ සිට නොව මුලු පපු ප්‍රදේශය පුරාවටයි. එසේ පපුවේ කැක්කුම හා වේදනාව මතුවූ අවස්ථාවකදි එම ස්වභාවය මිනිත්තු කිහිපයකින් ගතවූ පසුත් කිසිඳු වෙනසකින් තොරව තවදුරටත් දැනේ නම් වහාම ගිලන් රථයකට ඇමතීම සිදුකල යුතුයි.

උදරයේ තියුණු වේදනාවක් හැටගැනීම ,අසනීප ගතියක් දැනීම මේවා හෘදයාබාධ තත්වයක් ඇතිවීමට පෙර හඳුනා ගත හැකි පූර්ව රෝග ලක්ෂණ වුවද බොහෝ විට ආහාර විෂ වීම්, උණ සෙම්ප්‍රතිශ්‍යාව හෝ දරුණු පපුවේදැවිල්ල ආදි වෙනත් රෝග පීඩා ලෙස වැරදියට හඳුනා ගැනීමට වැඩි ඉඩක් ඇත. එනිසාම  හෘදයාබාධ තත්වයක් ඇති වීමට ආසන්න බව හඟවන මෙවැනි ඉඟි වෙන් කර හඳුනා ගැනීමට බොහෝ දෙනා අපොහොසත් වෙති. කාන්තාවන් හට උදර ප්‍රදේශය ආශ්‍රිතව විශාල පීඩනයක් දැනීමට පටන්ගැනීම සිදුවිය හැකියි. එවැනි අත්දැකීම් සහිත ඇතැම් කාන්තාවන් පවසා ඇත්තේ එය උදරය මත අලියෙකු සිටගෙන ඉන්නවා සේ දැනෙන තරම් දැරිය නොහැකි පීඩාවක් බවයි. මේ ලක්ෂණ කාන්තා ඔබටත් ඇත්නම් වෛද්‍යවරයෙකු මුණගැසෙන්නට කාලය හරි!

සිරුරට අධික වෙහෙසකරබවක් දැනීම දිගු වේලාවක් තිස්සේ විවේක ගත්තද ඔබට තවදුරටත් සිරුරේ තෙහෙට්‍ටුකාරි බවක් දැනෙයි නම් සහා සිරුර සුලු වශයෙන් හෝ වෙහෙසවීම අපහසු බව හැඟේ නම් (නාන කාමරයට ගමන්කිරීම, කාමරයෙන් කාමරයට ගමන් කිරිම, බිම වැ‍ටුණු යමක් ඇහිඳීම… ආදි සුලු ක්‍රියාකාරකම් පවා සිදුකිරීම අපහසුයි නම්) මෙය වඩාත් වැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කල යුතු අවස්ථාවක් යැයි පැවසිය හැකියි. මෙවැනි බරපතල ආකාරයේ ශාරිරීක ඉඟි පල වීම මඟින් හඳුනා ගත හැක්කේ ඔබේ හෘද්වාහිනි පද්ධතියේ (cardiovascular system) සෞඛ්‍ය තත්වය කෙරෙහි වඩාත් හොඳින් අවධානය යොමුකිරීමට කාලය එලඹී ඇති බවයි.

කොන්දේ , බෙල්ලේ ,හකු ප්‍රදේශයේ සහා බාහු වල වේදනාව ඇති වීම සාමාන්‍යයෙන් අපි හෘදයාබාධයක් කියා සැකකරන්නට පෙලඹෙන්නේ පුපුවේ දැඩි වේදනාවක් හටගන්නා විට හෝ වම් බාහුවේ කැක්කුමක් හටගන්නා විටයි. එබැවින්, මෙවැනි රෝග ලක්ෂණ හෘදයාබාධ වලට සම්බන්ධ යැයි නිකමට හෝ නොසිතෙන්නට පුලුවන්. හෘදයාබාධ වැලඳීම සම්බන්ධයෙන් බිහි වී තිබෙන ඒකාකෘතික අදහස අනුව පපුව සහා වම් බාහුවේ වේදනා මිස බෙල්ලේ හෝ හකු ප්‍රදේශයේ කැක්කුම් හටගැනීම් ද ගැන ඊට සම්බන්ධයක් ඇති බව බොහෝ දෙනා නොදනිති. කොන්දේ, බෙල්ලේ,හකු ප්‍රදේශයේ සහා බාහු වල කැක්කුම් සහා වේදනා ක්ෂණිකව මතුවීම,ක්‍රමයෙන් වැඩිවීම,දිගින් දිගටම මතුවීම හෝ තීව්‍රවීම සිදුවිය හැකියි. මෙම වේදනා මතුවීම නිසා රෑ මැද පවා ඔබව අවදි වී නින්දට බාධා විය හැකියි. මේ ලක්ෂණ ඔබ තුලත් නිරීක්ෂණය කල හැකි නම් නොපමාව වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබාගන්න.

රස්නය නොදැනුනත් දහදිය දැමීම (cold sweat) හෘදයාබාධයක පෙරනිමිත්තක් ලෙස කාන්තාවන් තුල පොදුවේ හඳුනා ගත හැකි ලක්ෂණයකි. ආතතිය නිසාත් මෙසේ හේතුවක් උණුසුමක් නොදැනුනත් දහදිය දැමීම සිදුවෙනවා. නමුත්, ඔබට මෙවන් අත්දැකීමක් මින් පෙර ඇති වෙලා නැත්නම් ඒ කෙරෙහි සැලකිලිමත්වීම වැදගත්. සිරුරට උණුසුමක් ,ග්‍රීෂ්මයක් නොදැනුනත් දහදිය ගැලීම බොහෝ දුරට ඔබ හට ඉදිරියේදී හෘදයාබාධයක් ඇතිවිය හැකි බව ඉඟි කරනවා වියහැකි බැවින් විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කිරීම වඩාත් යහපත් වේවි.

හුස්ම ගැනීම අපහසු වීම සහා හිස කරකැවිල්ල අනුමානයක් සිදුකල හැකි හේතුවක් වත් නොමැතිව ඔබට හුස්මගැනීම ලඟකදී ඉඳන් අපහසු වී තිබෙනවාද? එසේ නම් එය පැහැදිලිවම හෘදයාබාධ රෝගයේ පූර්ව ලක්ෂණයක් ලෙස සිතිය හැකියි. විශේෂයෙන්ම මෙවැනි හුස්මගැනීමේ අපහසුතාවත් සමඟ මෙහි සඳහන් අනෙකුත් රෝග ලක්ෂණ කිහිපයක් ද නිරීක්ෂණය කල හැකි නම් ඔබ සිටින්නේ අවදානම් කලාපයේ බව අනුමාන කල හැකිය. මෙවැනි අත්දැකීම් සහිත හෘදයාබාධ වලින් දිවි ‍රැකගත් කාන්තාවන් විසින් පොදුවේ දක්වා තිබූ අදසක් වූයේ එසේ හුස්මගැනීමට අපහසුවී යාම දැනුනේ පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැතිව  මැරතන් එකක් දිව්වා වාගේ දැනුන අත්දැකීමක් බවයි.

සැ.යු.: මෙම පූර්ව රෝග ලක්ෂණ හෘදයාබාධයක් වැලඳීමට ප්‍රථම අනිවාර්යෙන් මතු වන ලක්ෂණ බව තහවුරු කල නොහැක. කෙසේවෙතත්, මෙම ලක්ෂණ කිහිපයක් එකවර මතුවීම හෝ  රෝග ලක්ෂණ කිහිපයක් නිතර නිතර දිගින් දිගටම මතුවීම වැනි තත්වයන් හඳුනා ගැනීමට හැකියි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා එම පෙරනිමිති ප්‍රමාණවත් හේතු සපයයි. අසාධ්‍ය තත්වයන් මතුවීමට පෙර සුදුසු කාලයේදී සුදුසු ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔබේ කාන්තා සෞඛ්‍යයත් ජීවිතයත් සුරක්ෂිත කරගත හැකිවනු ඇත!