සතියක් යන්න කලින් උදරයේ මේදය ස්වභාවිකව අඩු කරන ආහාර වර්ග 5ක්

health tips

සිරුරේ කප් හෙවත් සෙම් දොස් කිපීමෙන් (වැඩිවීමෙන්) උදරයේ මේද තැන්පත් වීම ඉහළ යා හැකි බව ආයුර්වේදයේ එන පිළිගැනීමකි.ක්‍රියාශීලි නොමැති ජීවන රටාව, සෞඛ්‍යයට අහිතකර ආහාර පාන රටාව, මේද හා පැණිරස වැඩි ආහාර අධිකව පරිභෝජනය කිරීම වැනි පුරුදු සිරුරේ කප් දොස් කිපීමට හේතුවෙයි. මේද තට්‍ටු තැන්පත් වීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම ඔබේ සිරුරේ සුන්දර හැඩය පවත්වාගැනීමට බාධා කරයි.සිරුරේ අධික ලෙස මේද තැන්පත් වීම දියවැඩියාව,හෘදයාබාධ ඇතුළු හෘද රෝග,ස්ථූලතාව,අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය පීඩා අවදානම් පවා ඉහළ දමයි.

උදර ප්‍රදේශයේ කරදරකාරී ලෙස තැන්පත් වන මෙම මේද කොටස් දහනය කරගැනීමට ව්‍යායාම සහ ආහාර පාලනය ඉතා වැදගත් සහයක් ලබාදෙයි. මේ අතරින් අද අප ඔබව දැනුවත් කරන්නේ උදර මේද මට්ටම් අඩුකරගැනීමට ගුණදායි වන හොඳ ආහාර පාන වර්ග කිහිපයක් ගැනයි. අපි බලමු ඒවා මොනවාද කියලා! 

උළුහාල් -උළුහාල් වල බොහෝ පෝෂක අඩංගුයි. ඒ අතර ඇති ජලයේ දියවෙන තන්තු විශේෂයක් වන ගැලැක්ටොමැන්නා මඟින් නිතර හා අවේලාවට බඩගිනි ඇතිවීම පාලනය කරයි. පරිවෘත්තිය වඩවයි.එහි ප්‍රතිඵලයක් ලෙස උදර මේද මට්ටම් අඩුවී යයි.උළුහාල් අහුරක් ගෙන කබලේ බැදගන්න.පසුව කුඩු කරගන්න. මින් මේස හැඳි 1ක් බැගින් ගෙන උණුසුම් වතුර වීදුරුවක දියකර දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න.

තවත් ක්‍රමයක් ලෙස වතුර වීදුරුවකට උළුහාල් ඇට මේස හැඳි 1ක් පමණ දමා ‍රැයක් පුරා පෙ‍ඟෙන්නට හැර පසුදා එම ඇට උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. පසුව එම වතුර ද පානය කරන්න.

කුරුඳු-කුරුඳු වල නීරෝගී සෛල ලෙස හඳුන්වන දුඹුරු මේද මට්ටම් වැඩිකිරීමේ ගුණය ඇති බව පර්යේෂණ මඟින් සනාථ කර තිබෙයි.මෙම මේද මට්ටම් ඉහළ යාම සුදු සෛල හෙවත් සුඩූ මේද ලෙස හඳුන්වන උදර ප්‍රදේශයේ මේද කොටස් අඩුවී යාමට උපකාර කරයි. ප්‍රතිප්‍රදාහක ගුණයෙන් ද යුක්ත කුරුඳු ඔබේ හෘද සෞඛ්‍යයට ද ඉතා හිතකරයි.සිරුරේ හානි වූ පටක අලුත්වැඩියා වීමට සහය ලබාදෙන බවත් ,පරිවෘත්තිය ක්‍රියාවලීන් ක්‍රමවත් කර ආහාර රුචිය පලනය කරන බවත් අධ්‍යයන වල සඳහන් වේ.

බඳුනක් ලිප තබා වතුර වීදුරුවක් එයට එක්කර උතුරවාගන්න.කුරුඳු කැබලි එකක් එක්කරන්න. වතුර අඩක් හි‍ඳෙන තුරුම මෙය හොඳින් තැම්බෙන්නට හරින්න.පසුව කෝප්පයකට එය පෙරා මදක් නිවුණු පසු හිස්බඩ පානය කරන්න.

වියළි ඉඟුරු-වියළි ඉඟුරු කුඩු වල ඇති ජින්ජරෝල් වැනි සක්‍රීය රසායනික සංඝටක වල තාප ජනක ගුණය අඩංගුයි. ඒවාට සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හරහා සිරුරේ තාපය (උෂ්ණය) ඉහළ දැමීමේ හැකියාව ඇත.මින් සිරුරේ අනවශ්‍ය ලෙස තැන්පත්ව ඇති මේද හා කැලරි දහනය වීම ද වේගවත් වේ. මේද දහනය කරවන සංඝටක ‍රැසක් මෙන්ම පරිවෘත්තිය වේගවත් කරවන සහා ආහාර රුචිය අවම කරවන සංඝටක ‍රැසක් ඉඟුරු වල අඩංගු වේ. ඔබේ ආහාර වලට ඉඟුරු කුළුබඩුවක් සේ යොදාගන්න. පාන සඳහා ද ඉඟුරු සාරය  එකතුකරගත හැකියි. ආහාර වේලකට මිනිත්තු 30 කට පමණ පෙර ඉඟුරු යෙදූ තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබ ලබාගන්නා ආහාර ප්‍රමාණය  අවම කරගත හැකියි.

වියළා ගත් ඉඟුරු කුඩු කර මේස හැඳි 1ක් උණුසුම් වතුරේ දිය කර පානය කරන්න.වියළි ඉඟුරු කැබැල්ලක් තලා උණු තේ කෝප්පයට එක්කර මිනිත්තු 2-3ක් තැම්බෙන්නට හැර පානය කිරීම ද තවත් ගුණදායි ක්‍රමයකි.

බාර්ලි-මෙම ධාන්‍ය වර්ගයේ ප්‍රතිරෝධී පිෂ්ටය (resistant starch) අඩංගුයි. මෙම පිෂ්ටය මඟින් ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමි කරවයි. එම නිසා දිගු වෙලාවක් යන තුරු ආමාශය හිස් නොවීයි. යළි යළි බඩගිනි වීම අඩුවෙයි.වැඩි වෙලාවක් බඩ පිරී ඇති බවක් දැනෙයි.තන්තු බහුල බාර්ලි මඟින් උදර මේද හොඳින් අඩුකරගත හැකියි.බත් වෙනුවට බාර්ලි කෝප්පයක් සකසා රාත්‍රීයේදී ආහාරයට ගැනීම හොඳ ක්‍රමයකි.බාර්ලි තම්බා පානය කිරීමට ද හැකියි.

ඇපල්-ඇපල් වල ග්‍රෑම් 4.5ක තරම් පෙක්ටීන් ලෙස හඳුන්වන තන්තු අන්තර්ගතයක් ඇත.මෙම තන්තු ඔබේ ජීර්ණය වේගයෙන් සිදුවීම අඩුකරවයි. එම නිසා වැඩි වෙලාවක් ගත වතුරු බඩ පිරී පවතියි.අතුරුආහාර වලට රසකැවිලි වර්ග පරිභෝජනය කරනවාට වඩා ඇපල් වැනි පලතුරක් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි.දිනකට ඇපල් ගෙඩියක් පමණ ආහාරයට ගැනීමෙන් සිරුරට හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි බව අධ්‍යයන වල සඳහන් වේ.ඇපල් කැබලි කර වතුර වීදුරු 1ක් පමණ එකතුකළ බඳුනට එක්කරන්න. ඊට කුරුඳු කැබැල්ලක් දමා හොඳින් තම්බාගන්න. මෙම ඇපල්-කුරුඳු තේ පානය කෝප්පයකට පෙරා පානය කරන්න.

(*ආහාර පාන වලින් සිරුරේ මේද තැන්පත් වීම පාලනය කරගැනීම එක් ‍රැයකින් කළ නොහැකියි. ඒ සඳහා ඒවා අඛණ්ඩව නිතිපතා භාවිත කිරීම ඉතා වැදගත් බව මතකයේ තබාගන්න.)