Belly fat කියන තත්ත්වය අද කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝදෙනෙක් පීඩා විදින ගැටළුවක්. අක්මාව අග්න්‍යාශය ආදී උදරීය ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත්වීම නිසා උදරය ඉතා විශාල ලෙස ඉදිරියට නෙරාඒමක් ඇති වෙනවා. මෙය සිරුරේ හැඩය පවත්වාගෙන යන්නට බාධාවක් වන අතර විවිධ සෞඛ්‍ය ගැටළු නිර්මාණය කරන්නටත් මූලික හේතුවක්. අනවශ්‍ය ලෙස උදරයේ මේදය තැන්පත්වීම දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග ආදිය ඇති වෙන්නට මූලික හේතුවක්. ඒ නිසාවෙන් උදරයේ මේද තට්ටුව තව තවත් වැඩි කරන්නට හේතුවෙන අපගේ එදිනෙදා පුරුදුවලින් වැළකීම ඉතා වැදගත්. වයස අවුරුදු 40 න් පසු පිරිමින්ගේ උදරයේ මේදය අඩුවීමටත් ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ උදරයේ මේදය වැඩිවීමටත් ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාවෙන් උදරයේ තෙල් තට්ටුව අඩු කරගැනීම වගේම මේදය තවදුරටත් වැඩිවන පුරුදුවලින් වැළකීමත් වැදගත් කාරණාවන්.

- ප්‍රමාණවත් පරිදි නින්ද නොලැබීම හා වැඩිපුර නිදා ගැනීම අඩු නින්ද වගේම වැඩි නින්දත් අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට බාධා එල්ල කරනවා. සෑම රාත්‍රියකම පැය 5 ක් හෝ ඊට වඩා අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයන් තුළ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නා පුද්ගලයන්ට වඩා 2 ½ ගුණයකින් උදරයේ මේදය තැන්පත්වීම ඉහළ යන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.ප්‍රමාණවත් පරිදි නින්ද නොලැබීම ආහාර රුචිය පාලනයට උපකාරී වෙන හෝර්මෝන දෙකක් වන ලෙප්ටින් සහ ග්රෙලින් නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.ඒ වගේම දුර්වල නින්ද ආතති හෝර්මෝන වන කෝටිසෝල් නිපදවීමත් වේගවත් කරනවා. ඒ හෝර්මෝනය උදරයේ මේදය තැන්පත් කරගැනීමට හේතුවක් වෙනවා. ඒවගේම පැය 8 ඉක්මවූ අධික නින්දත් උදරයේ මේදය තැන්පත් කරන්නට වැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා.
- අධික කුසගින්න නිතර නිතර කුසගිනි ඇතිවීම් වගේම ඒ කුසගින්න සඳහා ප්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාරයක් නොගැනීම උදරයේ තෙල් තැන්පත්වීම සඳහා හේතුවෙනවා.ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා ඕන කරන මේද ශරීරයට නොලැබෙන විට වෙනත් ස්ථානවල තැන්පත්වෙලා තියෙන මේදය ද්‍රව බවට පත්වෙලා ඒ අවශ්‍යතා සඳහා යොදාගන්නවා. එවිට රුධිරයේ මේදය වැඩි වෙනවා. ඉන්පසු අක්මාව රුධිරයේ වැඩිපුර තියෙන මේද කොටස් තැන්පත් කරගනු ලබනවා.
- ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන් නොලැබීම දෛනිකව ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඔබගේ දෛනික ආහාර වේලේ අඩංගු වීම උදරයේ මේද තැන්පත්වීම හා ප්‍රතිලෝම වශයෙන් සම්බන්ධ වන බව අධ්‍යයනයකින් හෙළි කරගෙන තියෙනවා. බර අඩුකර ගත හැකි හොඳ පෝෂකයක් වන ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් කුසගින්න 60% කින් අඩු කළ හැකියි.ඒ නිසාවෙන් ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස ශරීරයට ලබානොගැනීම උදරයේ තෙල් වැඩි කරන්නට හේතුවෙන කාරණාවක්. බර අඩුකර බර වැඩිවීම පාලනයටත් උදරයේ තෙල් තැන්පත්වීම අඩුකර ගන්නටත් බිත්තර, මාළු, රනිල කුලයට අයත් බෝග, ඇට වර්ග, මස්, කිරි නිෂ්පාදන ආදී ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණවත් පරිදි ලබාගත යුතු වෙනවා.
- ටින්වල අසුරන ලද ආහාර ආහාර තෝරා ගන්නා විට ඒවා ඇසුරුම් කර ඇත්තේ කුමක් ද යන්න විමසිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ආහාර ඇසුරුම් කර ඇති කෑන්වල Bisphenol A හෝ BPA ආදී රසායන ද්‍රව්‍ය අඩංගුවී තිබීම නොයෙකුත් සෞඛ්‍ය ගැටළු ඇති කරන්නට හේතුවෙනවා. ඇලුමිනියම් කෑන්වල BPA ඉහළ අගයක් ගැනීමත් මුත්‍රාවල BPA සාන්ද්‍රණය ඉහළ අගයක් ගත් අය තරබාරුවීමේ අවදානමක් ඇති බවත් ඉණ සැලකිය යුතු ලෙස විශාල වන බවත් අනාවරණය කරගෙන තියෙනවා.
- මානසික ආතතිය අධික ලෙස ආතතියට පත්වීම උදරයේ මේදය ඇති කරන්නටත් එය තවදුරටත් තීව්‍ර කරන්නටත් හේතු වෙනවා.මෙවැනි තත්ත්වයකදී ශරීරය වැඩිපුර කෝටිසෝල් නිෂ්පාදනය කරන අතර එයින් ඇතිවන බලපෑම උදරය වටා මේද තැන්පත්වීමට හේතු වෙනවා.එබැවින් නිතරම මානසික ආතතියෙන් පෙළීම රෝග බොහොමයකටම හේතුවක් බව මතකයේ තබා ගන්න.

- සීනි හා පැණි බීම සීනි අධිකව ආහාරයට ගැනීම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය කෙරෙහි ද බලපෑම් ඇති කරනු ලබනවා. සීනිවල අර්ධ ග්ලූකෝස් වගේ අර්ධ ෆ්රුක්ටෝස් පවතිනවා. අධික ලෙස සීනි ආහාරයට ගන්නා විට අක්මාවේ ෆ්රුක්ටෝස් තැන්පත් වී එය මේදය වටා පත් වෙනවා. මේ ක්‍රියාවලිය නිසාවෙන් උදරයේ මේදය සහ අක්මාවේ මේදය වැඩිවන අතර එමගින් ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ විවිධ පරිවෘත්තීය ගැටලු ඇති වෙනවා.එබැවින් සීනි අඩංගු පැණි බීම ආදිය උදරයේ මේදය තට්ටුව වැඩි කරන්නට හේතුවක් වෙනවා.
- කාබෝහයිඩ්රේට් වැඩිපුර ආහාරයට ගැනීම උදරයේ මේදය වැඩිවීම කෙරෙහික් කාබෝහයිඩ්රේට් විශේෂයෙන්ම බලපාන කාරණයක්. සුදු පාන්, පැස්ටා ආදී ආහාරවලින් වැළකීමෙන් උදරයේ මේදය තැන්පත්වීම අඩුකර ගන්නට පුළුවන්.
- තන්තුමය නොගැනීම තන්තු බහුල ආහාර නොගැනීම බොහෝ සෞඛ්‍ය ගැටළුවලට මගපාදන අතර එයින් එකක් වන්නේ උදරයේ මේද තට්ටුව වැඩි කිරීම. තන්තු බහුල ආහාර ශරීරයේ බර අඩු කර ගන්නටත් පෝෂ්‍යදා පදාර්ථ ජීර්ණය වීම සහ අවශෝෂණය මන්දගාමී කර ගැනීමටත් කුසගින්න දැනීම පමාවීමටත් හේතුවක්. ඒ අනුව දිනකට තන්තු ග්‍රෑම් 10 ක් ආහාරයට ගැනීමෙන් උදර කුහරය තුළ මේද ප්‍රමාණය 3.7 % කින් අඩු කළ හැකියි.
- අලස ජීවන රටාව බෝ නොවන රෝග බොහොමයකින් වැළකී සිටින්නට අවශ්‍යම කාරණයක් වන්නේ ව්‍යායාම් කිරීම. ඇවිදීම, දිවීම, පිහිනීම, බර පුහුණුව ආදී ව්‍යායාම් දිනපතා සිදුකිරීම උදරයේ මේදය තැන්පත්වීම වළකාලන්නට වගේම මේදය දහනයටත් කදිම පිළියමක්.
උදරයේ මේදය තැන්පත්වීම පාලනය ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිදු කළ හැක්කක් නොවෙයි. එබැවින් තවදුරටත් තෙල් තට්ටුව වැඩි නොවන ආකාරයෙන් අපගේ එදිනෙදා ජීවන පුරුදු නිවැරදිව පවත්වා ගැනීම මගින් ඒ සඳහා විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ කාරණා උදරයේ මේදය අඩුකර ගැනීමට වගේම අනෙකුත් බෝ නොවන රෝග බොහොමයකින් වැළකී සිටින්නටත් උපකාරී වෙනවා.