අපි ආහාර පිසින විට ඒවායේ රසය වගේම සුවඳ වැඩි කරගන්නට විවිධ කුළුබඩු යොදා ගන්නවා. ඉතින් අපි හැමෝම ආහාර පිසිද්දි කරපිංචා එකතු කරන්නෙත් රසය සුවඳ වැඩි කරගන්නට. ආහාර පිසීමට නැතුවම බැරි රසකාරකයක් විදියට කරපිංචා සෑම ගෙවත්තකම දකින්නට පුළුවන්. ඒ හැරුණාම මංමාවත් අයිනේ වුණත් ඉබේ වැවෙන වටිනා ශාකයක් තමයි කරපිංචා. රසකාරක ගුණ හැරුණාම කරපිංචා සතු ඖෂධීය ගුණයන් පිළිබඳව වැඩි අවබෝධයක් බොහෝ අයට නැහැ.ඒ නිසාමයි බෙදා ගන්නා බත් පතේ වටේට කරපිංචා කොළ නටු ආදිය තියන්නේ. නමුත් කරපිංචා ආහාර රසවත් කරන්නට පමණක් නොවෙයි බොහෝ ලෙඩ රෝග රාශියකට මහත් ගුණදෙන ඖෂධයක් බව ලොකු කුඩා සැවොම දැනගත යුතුයි. ඈත අතීතයේ සිටම හෙළ වෙදකමේ දී බහුල වශයෙන් භාවිතා වෙන ඖෂධයක් වන කරපිංචා සතු ගුණයන් මෙතෙකැයි කියන්නට බැහැ. කරපිංචා සතු මේ විස්මිත ගුණයන් පිළිබඳවයි අද ඔබට කියන්නට යන්නේ.
කුඩා ඉඩක වුණත් ඉතා සරුවට වැඩෙන වස විස නැති කරපිංචාවල උද්භිත විද්‍යාත්මක නාමය Murray koennigii වන අතර Rutaceae කුලයට අයත් වෙනවා. කරපිංචා ආහාරවලට රසකාරයක් ලෙස එකතු කිරීම හැරුණාම කරපිංචා කැඳ සකසා පානය කිරීම, කොළ කැඳ සඳහා යොදා ගැනීම අඹරා ආහාරයට ගැනීම ආදී ක්‍රමවලට ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඒ හැරුණාම දකුණු පලාතේ මාළු ඇඹුල් තියල් සැදීමේදී මාළු කෑලි ඇතිලියේ අහුරන්නේ කරපිංචා කොළ ඉති පතුලට දැමීමෙන් අනතුරුව. ඒ වගේම කරපිංචා සහ අමුමිරිස් සම්බෝලයට දෙහි සහ ලුණු යොදා පිළියෙල කරගන්නා කරපිංචා සම්බෝලය රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළයි. සියලුම රෝගාබාධවලින් ආරක්ෂා වෙන්නට සතියට දින 3 ක් කරපිංචා තේ පානය කිරීම සුදුසුයි.
කරපිංචා තේ සෝදා පිරිසිදු කරගත් කරපිංචා ඉති 3 ක් බදුනකට දමා ලිප තබා වතුර කෝප්ප 2 ක් එකතු කර විනාඩි 10 ක් පමණ මද ගින්නේ රත්වෙන්නට තබන්න. නිවුණු පසු දෙහි යුශ ස්වල්පයක් එකතු කර පානය කරන්න.
කරපිංචා සතු විස්මිත ගුණ

- කොලෙස්ටරෝල් පාලනය කරයි.හෘදය වස්තුව ආශ්‍රිතව රෝග සහ සංකූලතා බොහොමයකින් ආරක්ෂා වෙන්නට කරපිංචා උපකාරී වෙනවා. කරපිංචාවල අන්තර්ගත රසායනයන් මගින් මේද ශරීරයට උරා ගැනීම අවම කරනු ලබනවා. ඒ නිසා රුධිර නාලවල අභ්‍යන්තර බිත්තිවල මේදය තැන්පත්වීමට එරෙහිවීමෙන් කිරීටක ධමනිවල නීරෝගීතාවය ඇතිවෙනවා. මේ සඳහා කරපිංචා කොළ කැඳ සාදා පානය කිරීම වගේම කරපිංචා සමඟ සුදු ළූණු ගොරකා අඹරා පල්පයක් මෙන් සකසා තේ හැන්දක ප්‍රමාණයක් අතිරේකයක් ලෙස මාස 3-6 ක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ මේදය දහනය කර ගන්නට පුළුවන්.
- පණු රෝග නසයි. මේ සඳහා කරපිංචා නැටි හා කොළ කබලේ බැද කුඩුකර උතුරන වතුරෙන් කෝපි මෙන් සකසා පනය කිරීම සුදුසුයි.
- හෘද රෝගීන්ට ගුණදායකයි.
- ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා වයසට යාම පාලනය කරයි.
- ඇස්වල පෙනීම වර්ධනය කරයි.
- විෂ සංයෝග නසයි.
- අක්මාවේ විෂ නසයි.
- සර්පයන් දෂ්ඨ කළ විට ඒ විෂ නැසීමට කරපිංචා කොළ කැඳ ලබාදෙනු ලබන්නේ අනාදිමත් කාලයක සිටයි.
- ආහාරවල අඩංගු විෂ නසයි.විශේෂයෙන්ම ආහාරවලට කරපිංචා රසකාරකයක් ලෙස එකතු කළත් එයින් ඒ ආහාරයේ අඩංගු යම් යම් විෂ සංයෝගයන් නසන්නටත් උපකාරී වෙනවා.මඤ්ඤොක්කා පිසීමේදී එහි අන්තර්ගත විෂ සංයෝගය නසන්නට කරපිංචා කොළ එකතු කරන්නේ එබැවින්.
- ආහාර අරුචිය හා අජීර්ණය නසයි.කරපිංචා කොළ කබලේ බැද කුඩුකර කෝපි මෙන් පානය කිරීම මේ සඳහා ගුණදායකයි.විශේෂයෙන්ම බඩගිනි නැතිකම ආදී තත්ත්වයන් නැසීමට මේ කරපිංචා තේ උපකාරී වෙනවා.
- අක්මාවේ පටක ඉදිමීම සුවපත් කරයි.කරපිංචා අක්මාවේ නීරෝගිභාවය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරනවා.කරපිංචා කොළ සිහින්ව අඹරාගෙන ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. කරපිංචාවල අඩංගු ටැනින් සහ කාර්බසෝල් රසායන අක්මාවේ ආරක්ෂාව උදෙසා ක්‍රියාකරනු ලබනවා.

- සෙංගමාලයට ගුණදායකයි.
- පිළිකා සුවපත් කරයි .
- ලියුකේමියාව, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, අක්මාවේ පිළිකා ආදී පිළිකා රාශියකට ඉතා හොඳ ඖෂධයක් මේ කරපිංචා.
- දියවැඩියාව පාලනය කරයි.
- කරපිංචා ආහාරයට ගැනීමෙන් ආමාශයේ ඇති ඉන්සියුලින් ග්‍රන්ථි සක්‍රීය වී රුධිරයේ සීනි මට්ටම පහළ හෙලනවා. මේ අද දිනපතා උදෑසන කරපිංචා කොළ දහයක් මාස තුනක් පුරාවට ගැනීමෙන් ගුණ ලබා ගන්නට පුළුවන්.
- විවිධ රෝග සඳහා කරන ලද ප්‍රතිකාරවලින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරයි.
- ලියුකේමියා රෝගීන්ට ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පසුව වගේම පිළිකා රෝගීන්ට ලබාදෙන විකිරණ සහ ඖෂධීය ප්‍රතිකාර නිසා ඇතිවන තුවාල සඳහා හා අතුරු ආබාධවලින් ආරක්ෂාවීමට කරපිංචා අනගි ඖෂධයක්.
- විශබීජවලින් ශරීරය ආරක්ෂා කරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලයි.
- කරපිංචා කොළ පේස්ට් එකක් ලෙස සකසා දරුවන්ගේ ආහාරවලට එකතු කර ලබාදෙන්නට පුළුවන්. කරපිංචාවල අඩංගු විටමින් මිනරල් වර්ග දරුවන්ගේ ඇස් පෙනීමේ වර්ධනයට ඇස් නීරෝගීවීම කෙරෙහි වගේම කරපිංචාවල අඩංගු යකඩ සහ කැල්සියම් වැඩෙන වයසේ දරුවන්ගේ යකඩ ඌණතාවයන් මගහැර දරුවන්ගේ රුධිරයේ හිමොග්ලොබින් වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම දරුවන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වෙනවා.
- උදරාබාධවලට, අතීසාරයට සහ පාචනය වැනි රෝග සඳහා ගුණදායකයි.
- අමිල පිත්ත රෝගය සුව කරයි.
- ශරීර අභ්‍යන්තරයේ ඇති තුවාල සුවපත් කරයි.
- සම ආශ්‍රිතව ඇතිවන දද කුශ්ඨ ආදිය සුවපත් කරයි.මේ සඳහා කරපිංචා කොළ උණුසුම් වතුරේ තම්බා එය කිරි වීදුරුවක තබා මද වේලාවකින් දද කුෂ්ටවල ආලේප කරන්න.

- මල් බද්ධය සමනය කරයි.
- දරුවන් පිළිසිද ගැනීමේදී ඇතිවන උදෑසන වමනයට ගුණදායකයි. මේ සඳහා කරපිංචා කොළ කොට යුෂ ගෙන දෙහි යුෂ ස්වල්පයක් දමා මිශ්‍රකර සීනි දමා පානය කිරීම සුදුසුයි.
- තරබාරුව මට්ටු කරයි.
- ඇක්නි සඳහා කරපිංචා සහ කහ එකට අඹරා එයට ජලය ස්වල්පයක් එකතු කර ඇක්නි ඇති ප්‍රදේශයේ ආලේප කර විනාඩි 10 කට පසුව සෝදා හරින්න.
- කුරුලෑ සඳහා කරපිංචා කුඩු රෝස වතුරෙන් මිශ්‍ර කර මුහුණේ ගල්වා වියළුණු පසු සෝදා හරින්න.
- හිසකෙස් ගැලවීයාම කරපිංචා කොළවලින් ගත් යුශවලට නැවුම් එළකිරි මිශ්‍රකර හිසේ ගල්වා විනාඩි 20 කින් සෝදා හරින්න. කරපිංචා කොළ අහුරු දෙකක් බිත්තරයක් සමඟ බ්ලෙන්ඩර් කර හිසේ ගල්වා මසාජ් කර මද වේලාවකින් සෝදා හරින්න.පොල්තෙල්වලට කරපිංචා කොළ එකතු කර රත්කර සතියකට දෙතුන් වතාවක් හිසේ ගාන්න.
- උකුණන් මර්දනයට කරපිංචා ඇට අඹරා හිසේ ගාන්න.කරපිංචා කොළ සහ මුල් ජලය කෝප්ප තුන එකට සිදුවා ඒ ජලයෙන් හිස සෝදන්න.කරපිංචා මුල්, ඇට, කොළ, පොතු හා නැටි ආදී සියල්ලම මිනිසුන් වන අපගේ ශරීරය නීරෝගී කරන්නට ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නට වගේම විවිධ ප්‍රතිකාර සඳහාත් උපකාරී වෙනවා. කරපිංචා ආහාරයට එකතු කර ගැනීමේදී එහි පෝෂණ ගුණය වඩාත් ආරක්ෂා වන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.