Beta vulgaris නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බීට්රූට් හෙවත් රතු අල යනු පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රසවත් එළවළුවකි. අල සහ කොළ දෙකම ආහාරයට ගනු ලබන බීට්රූට් වල නිජභූමිය දකුණු දිග යුරෝපයයි.එනම් chenopodiaceae කුලයට අයත් බීට්රූට් ප්‍රභේද තුනකින් සමන්විත වේ.
- රතු අල
- කහ අල
- සුදු අල
වශයෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. මේ අතුරින් ශ්‍රී ලංකාව තුල රතු අල බහුලව වගා කරනු ලැබේ. එමෙන්ම බාල මහළු සෑම දෙනාටම හිතකර රතු අල ව්‍යංජනයක් ලෙස පිළියෙල කර බොහෝ දෙනෙකු ආහාරයට ගනී. එනම් ඉන් ශරීරයට හිතකර බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ඊට හේතුව රතු අලවල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. විටමින් A,B1,B 2,B3 ,C විටමින්,යකඩ, කොපර්,පොස්පරස්,පොටෑසියම්,
මේදය,ශක්තිය,තන්තු, මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ බීට්රූට් වල අඩංගු වේ. මේ නිසාම බීට්රූට් ව්‍යාංජනයක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් ඉන් ශරීරයට නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර ගත හැකිය.
බීට් ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත්තද බොහෝ දෙනෙකු බීට්රූට් පානයක් ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව නොදනී.
එනම් පිරිසිදු කර ගත් බීට් රූට් ගෙඩියක පොත්ත ඉවත් කර කැබලිවලට කපා නිවාගත් වතුර වීදුරුවකට දමා විනාඩි විස්සක් පමණ තබා එම කැබලි ඉවත් කර මී පැණි ස්වල්පයක් එක් කොට පානය කිරීම මගින් නොයෙක් රෝග සුව කර ගත හැකිය.
- බීට් රූට් වල ඖෂධීය භාවිතය
- හෘද රෝගීන්ට සඳහා
- ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා
- ජීර්ණය පහසු කිරීම සඳහා
- ඔස්ටියෝපොරෝසිස් සඳහා
- මලබද්ධය සමනය කිරීම සඳහා
- රුධිර පීඩනය සමනය කිරීම සඳහා
- ශරීරයේ බර අඩු කිරීම සඳහා
- අක්ෂි රෝග සමනය කිරීම සඳහා
- අර්ශස් සමනය සඳහා
- මාංශපේෂි ශක්තිමත් කිරීම සඳහා
- කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා
- අක්මා රෝග සඳහා
- සම පැහැපත් කර ගැනීමභ සඳහා
- අස්ථි ශක්තිමත් කිරීමට සඳහා
- ගැස්ට්‍රයිටිස් සමනය කිරීම සඳහා
- මේ ආදී වූ රෝග ගණනාවකට ඖෂධයක් ලෙස බීට්රූට් ව්‍යංජනය හෝ බීට් රූට් පානය භාවිතා කළ හැකිය.
බීට් රූට් ඖෂධීය ගුණ භාවිතය

අක්මාවේ මේදය තැන්පත් වීම වලක්වා ගත හැකිය. බොහෝ දෙනෙකුට පවතින අක්මාවේ තැන්පත් වූ මේදය ඉවත් කර ගැනීමට බීට් රූට් ව්‍යංජනය හෝ බීට්රූට් යුෂ පානය කිරීම යෝග්‍ය වේ. එනම් බීට් වල අඩංගු පෙක්ටීන් සහ සෙලියුලෝස් මගින් අක්මාවේ මේදය තැන්පත් වීම පාලනය කර ගත හැකිය.
හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකිය. හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට බීට් රූට් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් ඊට හේතුව බීට් රූට් වල අඩංගු පොටෑසියම් රුධිරනාල කැටි ගැසීම හා හැකිලීම වළක්වා ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදු කිරීමයි. එනම් ඉන් හෘද රෝග ඇතිවීම පාලනයවේ.
අස්ථි ,දත් ශක්තිමත් කර ගත හැකිය.බීට් රූට් ආහාරයට ගැනීමෙන් අස්ථි හා දත් ශක්තිමත් කර ගත හැකිය. එනම් බීට්රූට්වල අඩංගු කැල්සියම් දත් හා අස්ථි ශක්තිමත් කර ඒ ආශ්‍රිතව ඇති විය හැකි රෝග වලින්ද ආරක්ෂාව සලසනු ලැබේ.
ඇස් පෙනීම වැඩි දියුණු කරගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින පෙනීමේ දුර්වලතාවය මඟ හරවා ගෙන ඇස් පෙනීම වැඩි දියුණු කරගැනීමට බීට්රූට් ව්‍යංජනය හෝ බීට්රූට් යුෂ පානය භාවිතා කිරීම යෝග්‍යවේ. එනම් බීට්රූට් වල අඩංගු කැරට්නොයිඩ ,විටමින් ඒ ඇස් පෙනීම වැඩි දියුණු කර ඇස් පෙනීමේ දුර්වලතා සමනය කරනු ලැබේ.
අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇති වූ අධි රුධිර පීඩනය සමනය කර ගැනීමට සහ රතු අල හෙවත් බීට්රූට් ආහාරයට එකතු කර ගැනීම යෝග්‍ය වේ. එනම් බීට් රූට් වල අඩංගු නයිට්‍රේට් මගින් රුධිරය කැටි ගැසීම වළක්වා ක්‍රමවත්ව ශරීරය පුරා රුධිරය පරිවහනය කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් ඇති වීම පාලනය වේ.

මළබද්ධය අර්ශස් ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.බඩ වේලිම හෙවත් මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට ගතයුතු ගුණදායක ආහාරයක් ලෙස බීට්රූට් හැඳින්විය හැකිය. එමෙන්ම මෙය අර්ශස් රෝගීන්ට එනම් මලබද්ධය උත්සන්න වීමෙන් ඇති වන අර්ශස් රෝගීන්ට ද බීට්රූට් ගුණදායක ආහාරයකි. එනම් බීට්රූට් වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීරණය කර මළ පහ පිට කිරීම පහසු කරවනු ලැබේ. මේ නිසා මලබද්ධය අර්ශස් ඇති වීම වළක්වා ගත හැකිය.
සම පැහැපත් කර ගැනීමට හැකියාව ලැබේ. සම පැහැපත් කර ගැනීම සඳහා බීට් රූට් පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් එහි අඩංගු විටමින් සී ,විටමින් ඒ කැරට්නොයිඩ සම පෝෂණය කර පැහැපත් කිරීම සිදු කරනු ලැබේ.
රක්තහීනතාවය සමනය කර ගත හැකිය.ශරීරයට අත්‍යවශ්‍ය යකඩ හීන වීමෙන් ඇතිවන රක්තහීනතාවය සමනය කර ගැනීමට බීට්රූට් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් බීට්රූට් ව්‍යංජනය හෝ බීට් රූට් පානය භාවිතා කිරීම මගින් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි. මේ නිසා රක්තහිනතාවය සමනය කර ගත හැකිය.
මේ ආදී වූ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස බීට්රූට් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නමුත් පොටෑසියම් , සෝඩියම් වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින් වකුගඩු රෝගීන්ට බීට්රූට් වැඩි වශයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය නොවේ.