ව්‍යායාම නොකිරීම, ක්‍රියාශීලි බව අඩුකම, දිගු වේලාවක් එක දිගට වාඩිවී සිටීන, ඇවිදීම අඩුකම වැනි හේතු ඔබේ සිරුර තරබාරු බව වැඩිවීමට බලපෑ හැකියි.බර අඩුවීම හෝ බර වැඩිවීම යන තත්වයන් දෙකම සෞඛ්‍යයට අහිතකරයි. එම නිසා නීරෝගී බරක් පවත්වාගැනීමට ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි.බර අඩුකරගැනීමට නම් මුළින්ම ඔබට හොඳ ඉලක්කයක් සහ කැපවීමක් තිබිය යුතුයි. ආහාර පාලනය හා ව්‍යායාම කරන අතරේ ඔබේ සිරුරේ බර හොඳින් අඩුකරගැනීමට උපකාරී වන උදෑසන පුරුදු කිහිපයක් ගැනයි අද අප කතා කරන්නට සූදානම.දිනපතා මේ උපක්‍රම උත්සහ කිරීමෙන් ඔබේ සිරුරේ මේද හා කැලරි මට්ටම් ප්‍රශස්ත ලෙස දහනය කරගැනීමට පහසු වේවි.
සැහැල්ලු පානයකින් දවස අරඹන්න-බර අඩුකරගැනීම සඳහා උපකාරී වන සැහැල්ලු පානයකින් දවස ආරම්භ කිරීම සිරුරට අනවශ්‍ය ලෙස කැලරි ශරීරගත වීම අවම කරයි.බොහෝ දෙනා උදෑසන ආරම්භ කරන්නේ කෝපි හෝ තේ කෝප්පයක් පානය කිරීමෙනි.මෙවැනි කැෆේන් බහුල පානයකින් දවස පටන්ගැනීම එතරම් හිතකර යැයි කිව නොහැකියි.සිරුරේ අනවශ්‍ය මේද දහනය කරමින් ප්‍රතිශක්තිය වඩවන පානයක් තෝරාගැනීම වඩාත් සුදුසුයි.මේ ඊට උදාහරණ කිහිපයක්:

ලෙමන් වතුර-බර අඩුකරගැනීමට උත්සහ කරන ඔබ අනිවාර්යෙන්ම මේ ක්‍රමය උත්සහ කර බලන්න. ඔබට හොඳ ප්‍රතිඵල ලැබේවි.මෙම පානය වඩාත් රසවත් හා ගුණදයි කරගැනීමට චියා ඇට ද එක්කරගත හැකියි. චියා ඇට බර අඩුකරගැනීමට සහය වේ. චියා ඇට වල පෝෂක අඩංගු නිසා බඩ පිරුණු ගතියක් දැනෙයි. එම නිසා අධිකව ආහාර ගැනීම වළකියි.ලෙමන් හෝ දෙහි වල මේද දහනක ගුණ ඇති නිසා සිරුරේ මේද දහනය කරයි.
චියා ඇට මේස හැඳි 1/2ක් පැයක් පමණ වතුරේ පෙඟෙන්නට තබන්න. මෙය රැයක් පුරා තිබෙන්නට හැර පසුදා භාවිත කිරීම තවත් සුදුසුයි.උණුසුම් වතුර වීදුරුවක් ගෙන මී පැණි තේ හැඳි 1ක් සහ ලෙමන් යුෂ හෝ දෙහි යුෂ තේ හැඳි 1ක් එක්කර මිශ්‍ර කරන්න.ඊට පෙඟෙන්නට තැබූ චියා ඇට එක්කරන්න, මෙය දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න.
ඇපල් සහ කුරුඳු පානය-මෙම පානය සිරුරේ විෂහරණය කරයි. මේද දහනය ගුණයෙන් අනූනයි.කුරුඳු සිරුරේ පරිවෘත්තිය ඉහළ දමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේද හා කැලරි දහනය වීමට සහය දෙයි.විටමින්, ඛනිජ ලවණ හා තන්තු ඇති නිසා ඇපල් බඩ පිරුණු ගතියක් ඇති කරයි.
ඇපල් කැබලි කපා බ්ලෙන්ඩර් කප් එකට එක්කරන්න. වතුර කෝප්පයක් සහ කුරුඳු කැබැල්ලක් දමා මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් ඇපල් සයිඩර් විනාකිරි වලින් මේස හැඳි 1ක් ඊට එක්කර පානය කරන්න.
උළුහාල් වතුර-උළුහාල් පෙඟවූ වතුට උදෑසන හිස්බඩ පානය කිරීම ජීර්ණ පද්ධතියට ඉතා හිතකරයි.පරිවෘත්තිය වඩවයි. අනවශ්‍ය ලෙස වැඩිවී ඇති බර ක්‍රමයෙන් අඩුකරයි.උළුහාල් ඇට තේ හැඳි 1ක් පමණ වතුර කෝප්පයකට දමා රැයක් පුරා පෙඟෙන්නට තබන්න.උදෑසන බඳුනක් ලිප තබා එම වතුර කෝප්පය එක්කර මිනිත්තු 2-3ක් පමණ තම්බාගන්න. පසුව පෙරා පානය කරන්න.
උදෑසන කෙටි දුරක් ඇවිදීමට පුරුදුවන්න-සැහැල්ලු පානයක් ලබාගත් පසු ඔබට මේ පියවර අනුගමනය කරන්නට පුළුවන්.ඇවිදීම කියන්නේ සිරුරේ බර අඩුකරගත හැකි හොඳම ක්‍රමයක්. මින් සිරුරට හොඳින් ව්‍යායාම ලැබෙයි. උදෑසන කාලයේ මිනිත්තු 30-45ක් පමණ තරමක් මද වේගයෙන් ඇවිදීමට පුරුදුවෙන්න.උදෑසන ආහාර වේලට කලින් ඇවිදීමේ ව්‍යායාමයක යෙදීම සිරුරේ ඇති මේද ශක්තිය ලෙස යොදාගැනීම සඳහා දහනය කිරීමට සිරුර හුරුකරවයි.අප ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට වැනි පෝෂක ශක්තිය ලෙස වැය කරනවාට වඩා තැන්පත්ව ඇති මේද ශක්තිය ලෙස දහනය වීම ප්‍රශස්තය. ඉන් සිරුරේ බර ඉතා ඉක්මනින් අඩුකරගැනීමට ද සහය ලැබේ.

යෝගා වල නිරතවන්න-සිරුර මූර්තිමත් කරවන යෝගා ආසන ඉරියව් දිනපතා අනුගමනය කරන්න. මිනිත්තු 20ක් පමණ යෝගා අභ්‍යාස වල යෙදීමෙන් සිරුරට හොඳ ප්‍රතිලාභ ලබාගත හැකියි.මාංශ පේශී වර්ධනය හා සිරුරේ නම්‍යශීලි බව වැඩිදියුණු කිරීම මෙන්ම සිරුරේ අතිරික්ත කැලරි දහනය කිරීමට ද සහය දේ. ‘විරාභද්‍රාසන’ ඉරියව්, ‘නෞකාසනය’, ‘ත්‍රිකෝණාසනය’, ‘උත්කඨාසනය’ හා ‘ධනුර්වක්‍රාසනය’ වැනි ඉරියව් වල යෙදෙන්න.පසුව මිනිත්තු 5ක් පමණ සැහැල්ලුවෙන් සිටින්න. නැවත ‘ෂවාසනයෙන්’ හෙවත් බිම මත උඩු අතට හැරි වැතිරී සිටිමින් මුළු සිරුරම කොටසින් කොටස ඉහිල් කරන්න. මෙම ඉරියව් සිරුරේ ජවසම්පන්න බව වඩවයි.
ප්‍රෝටීන් බහුල ආහාර පාන උදෑසන ආහාර වේලට එක්කරගන්න.උදෑසන ආහාර වේල වඩාත් පෝෂ්‍යදායි එකක් විය යුතුයි. දවස පුරා ශක්තිමත්ව සිටීමට හා නිතර නිතර බඩගිනි මතුනොවී බර පිරුණු ස්වභාවයක් පැවතීමට ප්‍රෝටීන් බහුල ආහාර උපකාර කරයි.ප්‍රෝටීන් සැහැල්ලු නොවන හා ජීර්ණය කිරීම තරමක් අපහසු පෝෂක වේ.එම නිසා සෙමින් ජීර්ණය වෙයි. නිතර නිතර බඩගිනි ඇතිනොවන්නේ ඒ නිසයි.ප්‍රෝටීන් මඟින් මාංශ පේශී ස්කන්ධය අඩුවීම වළකයි.පරිවෘත්තිය වැඩිකරමින් සිරුරේ මේද මට්ටම් අඩුකරයි.ඕටස් සමඟ කෙසෙල් පෙති, නට්ස් වර්ග එක්කර ආහාරයට ගත හැකියි. තව ද කිරි,මාලු,බිත්තර, පීනට් බටර්, සෝයා කිරි නිෂ්පාදන (ටෝෆු වැනි), කඩල,කව්පි,මුං ඇට වැනි ධාන්‍ය ආහාර ගුණදායකයි.