වෛද්‍ය පරීක්ෂණ අනුව බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට සිද්ධ වෙන අමුතු දේ.

health tips

මිනිස් සිරුරේ නිරෝගී පැවැත්මට අවශ්‍ය වන විටමින් ,ප්‍රෝටීන් ,ඛනිජ ලවණ පහසුවෙන්ම ලබාගත හැකි මාංශමය ආහාරයක් ලෙස බිත්තර හැඳින්විය හැකිය. එනම් ලොකු කුඩා සෑම දෙනාටම පාහේ බිත්තර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.  බිත්තර විවිධාකාරයෙන් ආහාරයට එකතු කර ගත හැකි අතර බිත්තර වල බොහෝ  පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් 

අඩංගු වේ. 

විටමින්a– 6%ක්,

ෆෝලේට් 5%ක්

විටමින්b5 : 9%ක්

විටමින්d

විටමින්e

විටමින්b12 : 15%ක්

විටමින්b2 : 9%ක්

පො ස්පරස් : 9%ක්

සෙලනියම්: 22% ක්

විටමින්k

විටමින්b6

කැල්සියම් 

සින්ක් 

වැනි පෝෂ්‍ය පදාර්ථ බිත්තරයක අඩංගුවේ . 

බිත්තරයක් ආහාරයට ගැනීමෙන්

කැලරි 77ක් ප්‍රෝටීන ග්‍රෑම් 5 ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස එකතුවන අතර වැඩි වශයෙන් ප්‍රෝටීන අඩංගු වන්නේ බිත්තර සුදු මදය තුළය. එමෙන්ම බිත්තර සුදු මදය තුළ මිනිස්  සිරුරට අත්‍යවශ්‍ය  ඇමයිනෝ අම්ල අඩංගුවේ. 

ඊට අමතරව බිත්තර වල ප්‍රමාණය අනුව ද එහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයෙන් වෙනස් වේ ප්‍රමාණයෙන් වැඩි බිත්තර වල ප්‍රෝටීන් ග්‍රෑම් 09ක් කැලරි ග්‍රෑම් 77 ක් අඩංගුවේ. 

වෛද්‍යවරුන් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත්තේ දිනකට බිත්තරයක්  ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකි බවයි. 

බිත්තර ආහාරයට ගැනීමෙන් අත්කරගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

ඇස්වල නීරෝගී භාවය පවත්වා ගැනීමට.

දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නේ නම් එමගින් ඇස්වල නිරෝගී භාවය පවත්වා ගත හැකිය. එනම් බිත්තර මගින් zeaxanthin හා lutein නම් ප්‍රතිඔක්සිකාරක නිපදවන අතර ඒවා ඇස් නීරෝගී කරයි. කහ මදයේ මෙම ප්‍රතිඔක්සිකාරක වැඩි වශයෙන් අඩංගු වන අතර එමගින්  ඇසේ සුද ඇති වීම වළක්වා ගත හැකිය. 

ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ.

බිත්තර ආහාරයට ගැනීමෙන් කුස ඉක්මනින් පිරෙන අතර නැවත ආහාර ගැනීමේ රුචිය අවම කරයි එනම් මේ නිසා ආහාර ගැනීම පාලනය වී ශරීරයේ බර පාලනය වීම සිදුවේ.

සම සහ  හිසකෙස් නිරෝගී කරයි.

දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නේ නම් එයින් සම සහ හිසකෙස් නීරෝගි කරගත හැකිය එනම් බිත්තර වල b කම්ප්ලෙක්ස් විටමින් අන්තර්ගත වේ. මේ මඟින්, සමේ හා හිසකෙස්වල නිරෝගී භාවය වර්ධනය කර හිසකෙස් වර්ධනය කරයි සම පැහැපත් කරයි.

ඊට අමතරව මෙම විටමින් කාණ්ඩය ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වේ. 

කැල්සියම් අවශෝෂණය පහසු කරවයි.

කැල්සියම් අවශෝෂණය කරගැනීමට අවශ්‍ය විටමින් ඩී බිත්තර ආහාරයට ගැනීමෙන් ලබාගත හැකිය එනම් මෙමගින් අප ගනු ලබන ආහාර වල කැල්සියම් ශරීරයට අවශෝෂණය කර දත් හා අස්ථි ශක්තිමත් කරයි. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

නිරෝගී දිවියක් ගත කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිතව පැවතීම අත්‍යවශ්‍ය වේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත කිරීමට අවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරකයන් බිත්තර වල වැඩි වශයෙන් අඩංගු වේ. මේ නිසා දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන රෝග වලින් ආරක්ෂා විය හැකිය. 

මීට අමතරව 

ශරීරයට අත්‍යවශ්‍ය හිතකර කොලෙස්ටරෝල් ලබා ගැනීම සඳහා 

ස්නායු නිරෝගීව පවත්වා ගැනීම සඳහා

ශක්ති ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා 

මේ ආදී වූ විටමින් ඌනතා පූර්ණ කර ගැනීම සඳහා බිත්තර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ එනම් බිත්තර තම්බා හෝ බැද ආහාරයට ගත හැකි අතර කිසිවිටෙකත් අමුවෙන් බිත්තර ආහාරයට ගැනීම නොකළ යුතුය. එනම් ඉන් සැල්මොනෙල්ලා නම් විශබීජය ශරීරයට ඇතුළු විය හැකිය. 

එමෙන්ම දිනකට බිත්තර දෙකක් ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. බොහෝ විට රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට (හෘද රෝග, අධිරුධිර පීඩනය) බිත්තර දෙකක් ආහාරයට ගැනීම එතරම් යෝග්‍ය නොවේ. නමුත් මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ට නැවත ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා බිත්තර දෙකක් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම පාසල් දරුවන්ට එක බිත්තරයක් පමණක් ආහාරයට ගැනීම ගුණදායක ය.