අදටත් බොහෝ රටවල පිළිකා සුව කරන්න භාවිතා කරන කලුදුරු ශාකය සතු ගුණ 18 ක්

health tips

විශ්මිත ආයුර්වේද ගුණ රැසක් හිමිකර ගත් ඖෂධයක් ලෙස කලුදුරු හඳුනාගත හැකිය. පුරාණ ග්‍රන්ථ වලින් හෙළිවන පරිදි ඈත අතීතයේ පටන්ම විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනයේදී කලුදුරු භාවිත කිරීම සුලබව සිදු වී ඇත. 

කලුදුරු ශාකයෙ සුදු හා නිල් පැහැයෙන් යුක්ත මල් හටගන්නා ප්‍රභේද දෙකක් පවතින අතර ඇත් දල වන් මනිපත්‍ර වලින් එම පුෂ්ප සමන්විතව පවතී. එමෙන්ම මෙහි හට ගන්නා බීජ කළු පැහැයෙන් යුක්ත වන අතර සුවඳක් වහනය වේ. මෙම බීජ වලින් තෙල් සිඳ ගන්නා අතර ඒවා ඖෂධ ලෙස මෙන්ම ආහාර පිසීමේදී භාවිතා කරන අවස්ථාද පවතී. 

කලුදුරු වල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත ව පවතී.  කැල්සියම්, විටමින් ඒ, බී, සී, පොටෑසියම්, සින්ක් හා මැග්නීසියම් යනාදියයි. 

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන කලුදුරු වල විස නැසීමේ ගුණය, ශරීරයට අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය, වේදනා නාශක ගුණය, ආසාත්මිකතා වලට එරෙහිව ක්‍රියා කිරීමේ ගුණය යනාදි ගුණ රාශියක් ම පවතී. 

මෙසේ ඖෂධීය වටිනාකම අතින් අනූන කලුදුරු වල ඖෂධීය භාවිතයන් රැසක් පවතී.sha

පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කරයි. කලුදුරු යනු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන ඖෂධයකි. පිළිකා පවතින පුද්ගලයින්ට ප්‍රතිකාරයක් කරන එක් ක්‍රමයක් වන්නේ කිමෝ තෙරපියයි. මෙම තෙරපියෙන් සිදු කරන කාර්ය කලුදුරු වලින් ඉටු කරනු ලබයි. ඒ අනුව විකිරණ හානි වලින් තොරව ශරීරය තුළ හටගන්නා මොලයේ පිලිකා, රුධිරගත පිළිකා, පියයුරු පිළිකා, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා යන රෝගී තත්ත්වයන් වලට එරෙහිව ක්‍රියා කිරීමේ සුවිශේෂී හැකියාව ද කලුදුරු සතුව පවතී.

ශරීරගත විෂ නාශනය කරයි. විශේෂයෙන් නියගලා අල ශරීරගත වුවහොත් එම විශ සිරුරෙන් ඉවත් කිරීමට සමත් ඔසුවක් ලෙස කලුදුරු හදුනාගත හැකි ය. එමෙන්ම දීර්ඝ කාලයක සිට විවිධ ඖෂධ වර්ග භාවිතය තුළින් අක්මාවට සිදුවන හානි වලක්වා ගැනීමට ද කලුදුරු ඉවහල් වේ. මෙහිදී අක්මාව ඉදීමීම වැනි තත්ත්වයන් ඇතිවීම පාලනය කර ගැනීම සඳහා ද කලුදුරු යෝග්‍ය වේ.

දියවැඩියාව පාලනය කරයි. රුධිරගත වැඩි සීනි ප්‍රමාණය පාලනය කරමින් දියවැඩියා රෝගී තත්ත්වය පාලනය  කිරීමට භාවිත කළ හැකි ඔසුවක් ලෙස කලුදුරු පෙන්වාදිය හැකිය. දිනකට කලුදුරු ග්‍රෑම් දෙකක් පමණ ආහාරයට එක්කර ගැනීමෙන් ශරීරයේ ඉන්සියුලින් ප්‍රශස්ත මට්ටමේ තබා ගත හැකිය. එමෙන්ම දියවැඩියා රෝගය පාලනය සඳහා කළුදුරු භාවිතා කිරීමේදී ශරීරයේ අනවශ්‍ය තරබාරු බව ද අඩු කරගත හැකිය.

කොලෙස්ට්‍රොල් පාලනය කරයි. සිරුරට අහිතකර මේද කොටස් දහනය කිරීමේ සුවිශේෂී හැකියාවක් කලුදුරු සතුව පවතී. අහිතකර මේදය දහනය කරනවා පමණක් නොව අධි රුධිර පීඩනය ඇතිවීම ද පාලනය කරමින් හදවත් රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම සඳහා කලුදුරු වඩාත් යෝග්‍ය වේ. කොලෙස්ට්‍රොල් පාලනය කර ගැනීම සඳහා කලුදුරු, උලුහාල් හා කරපිංචා සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් කුඩුකර මී පැණි සමග මිශ්‍ර කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.

සෙම් රෝග සුව කරයි. සෙම් ආශ්‍රිත රෝග සඳහා ඉක්මන් සුවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකි දේශීය ඖෂධයක් ලෙස කළුදුරු පෙන්වා දිය හැකිය. ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, උණ, ඇදුම, පීනස හා බ්‍රොන්කයිටිස් වැනි සෙම් රෝග සුවපත් කර ගැනීම සඳහා කළුදුරු භාවිතා කළ හැකිය.

ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගිමත් කරයි. මිනිස් සිරුරේ වැදගත්ම අවයව අතුරින් එකක් වන්නේ ආහාර ජීර්ණ පද්ධතිය යි. කළුදුරු භාවිතා කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන අජීර්ණ තත්ත්වයන්, අර්ශස් රෝග, බඩවැල් වල ඇති වන තුවාල මෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ද සුවයක් සලසා ගත හැකිය. තවද ආහාර අරුචියක් ඇත්නම් කළුදුරු භාවිතා කිරීමෙන් ආහාර රුචිය වඩවා ගත හැකිය.

සමේ රෝග සුව කරයි. සම ආශ්‍රිතව ඇතිවන හොරි, දද, කුෂ්ඨ, වන, තුවාල වැනි රෝගී තත්ත්වයන් වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස කළුදුරු භාවිතා කළ හැකිය.

හිසකෙස් නිරෝගිමත් කරයි. කාන්තාවන්ගේ සුන්දරත්වය ඔප් නංවන එක් සාධකයක් වන්නේ කේශ කල්‍යාණයයි. එය නිරෝගිමත්ව තබා ගැනීමට සෑම කාන්තාවක්ම උත්සුක වන අතර ඒ සඳහා කළුදුරු භාවිතා කළ හැකිය. හිස ගල්වන පිරිසිදු පොල්තෙල් වලට කළුදුරු ඇට හෝ තෙල් ස්වල්පයක් මිශ්‍රකර දිනපතා හිසෙහි ගැල්වීමෙන් අකලට හිසකෙස් හැලීම, හිසකෙස් අග පැලීම, හිස්සොරි යන තත්ත්වයන් වළකාගත හැකි අතරම දිගු නිරෝගීමත් කෙස් කලඹක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.

ශරීරයේ ඇතිවන කැක්කුම් හා වේදනාවන් සුව කරයි. නිතර නිතර ශරීරයේ ඇතිවන කැක්කුම් සහ වේදනාවන් සුවපත් කර ගැනීම සඳහා කළුදුරු තෙල් භාවිතා කළ හැකිය. මෙසේ වේදනාවන් ඇති වන්නේ මාංශ පේශීන් වල ගැටළුවක් ඇති වූවොත් හෝ මස්පිඬු පෙරළීම නිසා වෙයි. එබැවින් එම කැක්කුම් හා වේදනාවන් සමනය කර ගැනීම සඳහා කලුදුරු තෙල් වේදනා ගෙන දෙන ගෙන දෙන ස්ථානවල ආලේප කර සම්බාහනය කිරීම වඩාත් යෝග්‍ය වෙයි. 

ඉහත රෝග තත්ත්වයන් වලට අමතරව පහත දක්වන රෝගවලටද කලුදුරු භාවිතයෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. 

  • වෛරස් හා බැක්ටීරියා ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි. 
  • මුඛ රෝග සුවපත් කරයි. 
  • ආසාත්මිකතා වලට එරෙහිව ක්‍රියා කරයි. 
  • ශරීරයේ තරබාරු බව අඩු කරයි. 
  • සුව නින්දකට අවස්ථාව ලබා දෙයි. 
  • මැලේරියා උණ සුවයට යෝග්‍ය වේ. 
  • වලිප්පු රෝගය සුවපත් කරයි 
  • ඔසප් චක්‍රයේ ඇතිවන අක්‍රමිකතා සුවපත් කරයි. 
  • කිරි දෙන මව්වරුන්ට යෝග්‍යවේ. 
  • ප්‍රතිජීවක ඖෂධ ලෙස ක්‍රියා කරයි. 
  • අපස්මාරය රෝගය සුවපත් කරයි. 

ආදී වශයෙන් ශරීරයේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස කලුදුරු පෙන්වාදිය හැකිය.