බෙල්ල කලු වීම වළකන සත්කාර 10 ක්

health tips

කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ට පවතින රූපලාවන්ය ගැටලු අතර බෙල්ල අවට කළුවීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ.  එනම් මෙය බාහිර සුන්දරත්වයට අවලස්සනක් ගෙන දෙන අතර එයින් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් මෙසේ බෙල්ල කළුවීමට නොයෙක් හේතු බලපානු ලබයි. එනම් ඒ අතර 

  • අධික තරබාරු බව 
  • ආර්තව චක්‍රයේ ඇති වන අක්‍රමිකතාවන් 
  • හෝමෝන අසමතුලිතතාවන් 
  • බෙල්ලේ අපිරිසිදු බව 
  • මුහුණට සිදුකරන සත්කාර බෙල්ල ප්‍රදේශයට සිදු නොකර සිටීම. 
  • මේ ආදී හේතූන් බෙල්ල කලු වීමට බලපානු ලැබේ.

මෙම තත්ත්වය ඇති වූ සැණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සුව කරගත හැකිය. ඊට අමතරව නිවස තුළම ඔබට මේ සඳහා ස්වභාවික ප්‍රතිකාර සිදු කළ හැකිය. එනම් එම ප්‍රතිකාර කිරීම මගින් ද බෙල්ල කළුවීම සුවකර ගත හැකිය. 

ලෙමන් යුෂ සත්කාරය රූපලාවන්‍ය නිෂ්පාදන වල බහුලව යොදා ගන්නා ලෙමන් යුෂ බෙල්ල මත ඇතිවූ අවපැහැ ගැන්වීම ඉවත් කර ගැනීම සඳහා ද භාවිතා කළ හැකිය. එනම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර එය බෙල්ලේ අඳුරු පැහැ වූ ස්ථානවල ආලේප කර විනාඩි පහළොවක් පමණ තබා සෝදා හැරීම මගින් බෙල්ල මත ඇති අවපැහැය ඉවත් කර ගත හැකිය. එමෙන් ලෙමන් යුෂ සමඟ රෝස වතුර සමාන ප්‍රමාණ වලින් ගෙන හොඳින් මිශ්‍රකර එම මිශ්‍රණය බෙල්ලෙ ආලේප කොට හොඳින් සම්බාහනය කර පසුදා උදෑසන වන තෙක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කිරීමෙන් බෙල්ල මත ඇති අවපැහැ ගැන්වීම සුව කර ගත හැකිය. 

බේකින් සෝඩා සත්කාරය රූපලාවන්‍ය සත්කාර සඳහා වර්තමානය වන විට වැඩි වශයෙන් යොදා ගන්නා බේකින් සෝඩා බෙල්ල කලු වීම සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් ඔලිව් තෙල් හැන්දකට බේකින් සෝඩා තේ හැන්දක් දමා ඊට ලුණු හැන්දක් එක් කර සියල්ල හොඳින් මිශ්‍රකර බෙල්ලෙ අවපැහැ වූ ස්ථානවල ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මගින් බෙල්ල මත ඇති අවපැහැය ඉවත් කර ගත හැකිය. එනම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මෙම සත්කාරය දිනපතා සිදු කළ යුතුය. 

අර්තාපල් අවපැහැ ගැන්වූ ස්ථාන පැහැපත් කර ගැනීම සඳහා අර්තාපල් සත්කාරය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා අර්තාපල් ගෙඩියක් ගෙන එය හොඳින් පිරිසුදු කර සිහින් පෙති ආකාරයට කපා බ්ලෙන්ඩර් කර යුෂ ගෙන බෙල්ල මත ගල්වා උඩු අතට සම්බාහනය කිරීම මගින් එම අවපැහැය ඉවත් කර ගත හැකිය. 

ඔලිව් තෙල් සත්කාරය බෙල්ල කළුපැහැති වූ විට එය සමනය කර ගැනීම සඳහා ඔලිව් තෙල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෙන ඔලිව් තෙල් තේ හැන්දක්  මිශ්‍ර කර  හොඳින් පොඩිකර  බෙල්ලේ  අවපැහැ වු ස්ථානවල  හොඳින් ගල්වා විනාඩි පහළොවක් පමණ තබා සෝදා හැරීම සුදුසුවේ. එනම් මෙය සුව වන තුරු සිදු කළ යුතුය. ඔලිව් තෙල් හැන්දකට සීනි හැන්දක් යොදා හොඳින් මිශ්‍ර කර බෙල්ල මත ගල්වා ස්ක්‍රබ් කර සෝදා හැරීම මගින් බෙල්ල මත අවපැහැ ගැන්වීම සුව කර ගත හැකිය. මෙම සත්කාරය ද දිනපතා සිදු කිරීම වඩාත් සුදුසුවේ. 

එළකිරි සත්කාරය බොහෝ රෝගවලට මෙන්ම එළකිරි බෙල්ල මත ඇතිවූ අවපැහැය ඉවත් කිරීම සඳහා ද භාවිතා කළ හැකිය. එනම් එළකිරි මගින් බෙල්ල මත පවතින කුණු දුහුවිලි ඉවත් කරගත හැකිය. එනම් ඒ සඳහා නැවුම් එළකිරි බෙල්ල මත ගල්වා හොඳින් සම්බාහනය කර සෝදා හැරිය යුතුය. මෙය දිනපතා වුවද සිදු කිරීම මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. 

තක්කාලි තක්කාලි යනු විටමින් සී වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන ඖෂධයකි. එනම් බෙල්ල කළුවීමේ  රෝග තත්ත්වය සඳහා තක්කාලි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා තක්කාලි ගෙඩියක යුෂ ගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බෙල්ල මත ගල්වා හොඳින් සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මගින් බෙල්ල මත ඇති කුණු දූවිලි හා අඳුරු පැහැය ඉවත් කරගත හැකිය. 

බත් කැද සත්කාරය බෙල්ල කලු වීම රෝග තත්ත්වය හේතුවෙන් පීඩාවිඳින සියල්ලන්ටම එම රෝග සුවකර ගැනීම සඳහා බත් කැද සත්කාරය භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා බත් පිසිනවිට කැද ස්වල්පයක් ගෙන බෙල්ල මත ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මගින් බෙල්ලෙහි අවපැහැය ඉවත් කරගත හැකිය. 

යෝගට් සත්කාරය රූපලාවන්‍ය කටයුතු සඳහා කාන්තාවන් බහුලව යෝගට් ආලේපනයක් ලෙස භාවිතා කරයි. එනම් බෙල්ල මත ඇතිවූ අවපැහැය ඉවත් කර ගැනීමට යෝගට් සත්කාරය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා යෝගට් මේස හැදි 2කට කහ කුඩු දෙහියුෂ ස්වල්පය බැගින් මිශ්‍රකර බෙල්ල මත ආලේප කිරීම මගින් බෙල්ලෙහි අවපැහැය ඉවත් කරගත හැකිය. එනම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මෙය දිනපතා සිදු කළ යුතුය. 

පොල් තෙල් සත්කාරය පොල්තෙල් යනු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු අප එදිනෙදා සෑම කටයුත්තකට ම පාහේ භාවිතා කරන එකම තෙල් වර්ගයයි. එමෙන්ම පොල්තෙල් යොදා ගෙන බෙල්ලෙ අවපැහැය ඉවත් කරගත හැකිය. එනම් පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් ගෙන බෙල්ල මත ගල්වා හොඳින් සම්බාහනය කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. 

ආමන්ඩ් තෙල් සත්කාරය. ආමන්ඩ් තෙල් ස්වල්පයකට විටමින් යුෂ ස්වල්පයක් එක් කොට සියල්ල හොඳින් මිශ්‍රකර බෙල්ල මත ගල්වා විනාඩි විස්සක් පමණ සම්බාහනය කර සෝදා හැරීම මගින් බෙල්ල මත ඇතිවන අවපැහැය ඉවත් කරගත හැකිය. වඩාත් සුදුසු ප්‍රතිඵල ලබාගැනීමට නම් මෙය දිනපතා සිදු කළ යුතුය. එමෙන්ම 

  • අන්නාසි හා කෙසෙල් මිශ්‍ර කරගත් ආලේපය ගල්වා කර සෝදා හැරීම. 
  • රෝස වතුරෙන් සෝදා හැරීම. 
  • ස්ටෝබරි සහ ගස්ලබු මිශ්‍ර කරගත් ආලේපනයක් ගල්වා සෝදා හැරීම. 
  • මීට අමතරව 
  • පිපිඤ්ඤා සත්කාරය 
  • කෝමාරිකා සත්කාරය
  • දොඩම් ලෙලි සත්කාරය 
  • විනාකිරි සත්කාරය 

මේ ආදී වූ සත්කාර දිනපතා සති කිහිපයක් කිරීම මෙන්ම මුහුණට නිතර සිදු කරන සත්කාර බෙල්ල ප්‍රදේශයටද සිදු කිරිම මගින් බෙල්ල මත ඇතිවන අවපැහැය සුව කරගත හැකිය.