නාසය මතුපිට බ්ලැක්හෙඩ්ස් ඉවත්කර ගැනීමට සරල ක්‍රම 5ක්

health tips

බ්ලැක්හෙඩ්ස් කියන්නේ සමේ සිදුරු තුල කුණු දූවිලි සිරවීම සහ ඒවා වාතයට නිරාවරණය වීම නිසා මතුවන කුඩා තිත් නැත්නම් කැලැල් තත්වයක්.මුහුණේ සුන්දර පෙනුමට බාධා කරන කරදරකාරී බ්ලැක්හෙඩ්ස් තත්වය දුරු කරගත හැකි සරල ක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම.

  1. දත් බෙහෙත් වලින් ස්ක්‍රබ් එකක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දත්බෙහෙත් වර්ගයක්
  • මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්

ක්‍රමය:

බුරුසුවට දත්බෙහෙත් ස්වල්පයක් දමන්න.

දත් බුරුසුව ආධාරයෙන් දත්බෙහෙත් ස්වල්පය නාසය මත හොඳින් ආලේප කර, කවාකාරව සම අතුල්ලන්න.මෙය මිනිත්තු 2-3ක් පමණ කරන්න.

තෙත පේපර් ටවල් (හෝ වෙට් වයිප්) එකක් ආධාරයෙන් නාසය මතුපිට දත්බෙහෙත් ඉවත්කරගන්න.

  1. අඟුරු මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • PVA ගම් මේස හැඳි 3ක්
  • සක්‍රීය අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) කුඩු තේ හැඳි 1/2ක්

 ක්‍රමය:

බඳුනක් ගෙන එයට ගම් ටික එක්කරගන්න.

දෙවනුව,අඟුරු කුඩු එක්කර හොඳින් කළවම් කරගන්න.

මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න.සමේ බ්ලැක්හෙඩ්ස් සහිත තැන් වල මිශ්‍රණය හොඳින් ආලේප කරන්න.

මාස්ක් එක සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු,සමෙන් එය මෘදුව ගලවා ඉවත්කරගන්න.

සමේ ‍රැඳී ඇති කොටස් ඉවත් කරගැනීමට වෙට් වයිප් එකක් හෝ තෙත රෙදි කැබැල්ලක් භාවිත කරන්න.

  1. ජෙලටින් මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • රස නොගැන්වූ ජෙලටින් මේස හැඳි 2ක්
  • කිරි මේස හැඳි 4ක්

ක්‍රමය:

මයික්‍රෝවේව් උඳුනට දැමිය හැකි බඳුනක් ගෙන එයට ජෙලටින් හා කිරි එකතුකරන්න.

හොඳින් කළවම් කරගන්න.

මිශ්‍රණය සහිත බඳුන මයික්‍රෝවේව් උඳුනේ තත්පර 10-15ක් රත්කරගන්න.

එය සිසිල් වීමට තබන්න.

මේක්-අප් බුරුසුවක් ආධාරයෙන් මිශ්‍රණය නාසය මත ආලේප කරගන්න.

මාස්ක් එක වියළුණු පසු එය මෘදුව සමෙන් ගලවා ඉවත්කරන්න.

  1. කෝපි මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • භාවිතයට ගත් කෝපි කුඩු කෝප්ප 1/4ක් (ක්ෂණික කෝපි වුවත් උචිතයි)
  • බිත්තරයක්
  • පේපර් ටවල් එකක්

ක්‍රමය:

බඳුනක් ගෙන එයට කෝපි කුඩු එකතුකරන්න.

එයටම බිත්තරයක් කඩා එක්කරගන්න.

ගෑරුප්පුවකින් මෙම අමුද්‍රව්‍ය දෙක හොඳින් කළවන් කරගන්න.

මේක්-අප් බුරුසුවක් ගෙන මිශ්‍රණය නාසය මත ආලේප කරගන්න.

මාස්ක් එක තෙත්ව තිබියදීම පේපර් ටවල් එකකින් තීරුවක් කපා ඒ මත අලවාගන්න.

මිනිත්තු 10ක් පමණ මාස්ක් එක වියළෙන්නට හරින්න.

වියළුණු පසු මෘදුව එය ගලවා ඉවත්කරන්න.නාසයේ ‍රැඳී ඇති සෙසු කොටස් කපු පැඩ් එකකින් පිසදමන්න.

  1. කෙසෙල් මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කෙසෙල් ගෙඩියක්
  • බිත්තර කහමද 2ක්
  • ඔලිව් තෙල් තේ හැඳි 1ක්

ක්‍රමය:

බ්ලෙන්ඩර් කප් එකට කෙසෙල්,බිත්තර කහමද සහ ඔලිව් තෙල් එකතුකරගන්න.

හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 15ක් පමණ වියළෙන්නට හරින්න.

පසුව,උණුසුම් වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.