නාසයෙන් රුධිරය පිටවීමට බලපෑ හැකි හේතු 15 ක්

health tips

අද බොහෝදෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් තමයි නාසයෙන් රුධිරය ගැලීම. සාමාන්‍ය ජනගහණයෙන් 60% ක් පමණ දෙනා පීඩා විදින මේ තත්ත්වය බහුලවම වයස අවුරුදු 10 න් පහළ අයට වගේම වයස අවුරුදු 50 න් ඉහළ අය අතර දකින්නට පුළුවන්.  බොහෝදෙනා අතර මේ තත්ත්වය දකින්නට ලැබුණත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නට නම් ඇතැම් අය වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ.නමුත් මේ තත්ත්වය නොසලකා හැරීම නිසා මරණයට පත්වීමේ ඉඩකඩත් ඉතා ඉහළයි. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ නාසයෙන් ස්වභාවිකව රුධිරය පිටවීම පිළිබඳවයි.

නාසයේ රුධිර නාල බොහොමයක් පිහිටා ඇති අතර ඒවා නාසයේ ඉදිරිපස හා පිටුපස මතුපිටට ආසන්නව පිහිටා තිබෙනවා.ඉතා පහසුවෙන් බිඳෙන සුළු නිසාවෙන් රුධිරය ගැලීම පහසු වෙනවා. නාසයේ ඉදිරිපස ඇති රුධිරනාල කැඩී රුධිරය ගලායාම වගේම නාසයේ පිටුපස හෝ ගැඹුරුම කොටසේ සිදුවීමෙන් රුධිරය උගුරේ පිටුපසින් ගලායාමක් ද වන්නට පුළුවන්. ඒ වගේම මේ පසුපස නාසයේ රුධිරය භයානක වන්නට පුළුවන්.

ආයුර්වේදයේ ඌර්ධවගත රත්පිත ලෙස හඳුන්වන මේ තත්ත්වයේදී රුධිරය ආකාර කිහිපයකට පිට වන්නට පුළුවන්.බිංදුවක් වශයෙන්, ධාරාවක් වශයෙන් නාසය සූරන විටදී හෝ  කිවිසුම් යාමකදී විසීරීයාමක් ආදී වශයෙන් රුධිරය පිටවෙන්නට පුළුවන්. නාසයෙන් රුධිරය මේ ආකාරයට පිටවීමට හේතු සාධක කිහිපයක්ම බලපානු ලබනවා. එබැවින් මේ තත්ත්වය ඇතිවන්නේ කුමන හේතුවක ප්‍රතිඵලයක් ලෙස ද යන්න පිළිබඳව හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්. යම්විටෙක නාසයෙන් උණුසුම් රුධිර දහරාවන් සිරුරේ වැඩෙන පිළිකා තත්ත්වයක් නිසාවෙන් වුණත් ඇතිවෙන්නට ඉඩකඩ පැවතීම එහි ඇති භයානක තත්ත්වයයි. මේ තත්ත්වය වයස්ගත පුද්ගලයන්ට වගේම පිරිමි පුද්ගලයන්ට ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

නාසයෙන් රුධිරය පිටවීමට බලපෑ හැකි හේතු 

  • හිස පිටුපසට පහරක් වැදීම 
  • නාසයට පහරක් වැදීම 
  • වැටීමකදී හිස තැලීම 
  • නැවත නැවත කිවිසුම් යාම 
  • සිගරැට් දුම 
  • නාසයේ මස්දළු ඇතිවීම 
  • ඇතැම් ඖෂධ වර්ග ( topical corticosteroids )
  • විවිධ දේවල් නාසයේ සිරවීම 
  • නාසය තුළ ශ්ලේශ්මල පටලය හානිවීම 
  • නාසයේ තුවාල තිබීම 
  • වෛරස් ආසාදන නිසා ඇතිවන උණ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් ඇතිවන දැවිල්ල්ල හා කැසීම 
  • කල්ගත වූ පීනස 
  • කඳු හා උස්බිම්වල වාසය කිරීම 
  • නාස්පුඩු වෙන්කරන බිත්තිය අසමමිතික වීම හෝ පිට පැනීම 
  • ඇස්ප්‍රින් විශාල මාත්‍රාවක් ගැනීම 

මේ හේතු සාධක මත ඇතිවන රුධිර ගැලීම එතරම් බිය විය යුතු තත්ත්වයන් වන්නේ නැහැ. Anterior Nosebleed ලෙස හඳුන්වන මේ තත්ත්වයේදී නාසයේ කෙළවර ඒ කොටසට රුධිරය සපයන ඉතා සියුම් රුධිර වාහිනීවලට හානිදායක සිදුවීමෙන් රුධිර ගැලීමක් ඇතිවෙනවා.Posterior Nosebleed තත්ත්වයේදී රුධිරය ගැලීම ආරම්භ වෙන්නේ නාසයේ අභ්‍යන්තර ධමනිවලින් නිසාවෙන් ඉහත සඳහන් කළ Anterior Nosebleed තත්ත්වයට වඩා මේ තත්ත්වය බරපතල වෙනවා. මේ සඳහා පහත  සඳහන් හේතු බලපාන්නට පුළුවන්.

  • පිළිකා 
  • අධි රුධිර පීඩනය 
  • නාසයට යම් ශල්ය කර්මයක් සිදු කිරීම 
  • හොමොෆීලියා රෝගය (රුධිරය කැටි නොගැසීමේ රෝගය ) 
  • කැසියම් ඌණතාවය 
  • ලියුකේමියාව 
  • සිරෝසීස් වැනි අක්මා රෝග 

රෝග ලක්ෂණ 

  • නාසයෙන් රුධිරය ගැලීම රුධිරය පිටවන ප්‍රමාණයේ අඩුවැඩිවීම් දැක ගන්නට පුළුවන්.
  • රුධිරය ගැලීම නිසා සුදුමැලිවීම ,හෘද ස්පන්දනය වෙනස්වීම, හුස්ම ගැනීමට අපහසුතා ඇතිවීම රුධිර පීඩනය වැඩිවීම ආදිය ද ඇති වෙන්නට පුළුවන්.
  • ක්ලාන්තය  

රුධිර ගැලීමකදී කළ යුත්තේ මොනවාද

  • රෝගියා බියට පත් නොකළ යුතුයි. රෝගියා හාන්සි කිරීමෙන් වළකින්න. රෝගියා හාන්සි කිරීමෙන් හදවත සමඟ සම මට්ටමේ පැවතීම නිසා රුධිර පීඩනය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම වැතිරී සිටීමෙන් රුධිරය ගිලීමෙන් බඩේ කැක්කුම් ඇති වෙන්නට පුළුවන්.ඒ නිසා පුටුවක වාඩිවීමයි වඩා සුදුසු වන්නේ.
  • රෝගියා මදක් ඉදිරියට නැමෙන සේ තබා ගැනීමෙන් රුධිරය උගුරේ එක්රැස්වීමෙන් ඇතිවන ස්වසන පද්ධතිය අවහිරවීම් හා ඔක්කාර ගතිය මගහැර ගන්නට පුළුවන්.
  • නහය ප්‍රදේශයේ ඉහළ කෙළවර තදින් අල්ලා ගෙන කටින් හුස්ම ගත යුතුයි.
  • නාසයේ අස්ථිය සහ කාටිලේජය වෙන්වෙන ස්ථානය ඇගිලි දෙකක් මගින් එකදිගට ඒකාකාරී පීඩනයක් යොදමින් විනාඩි  5-190 ක කාලයක් තදකරගෙන සිටීමෙන් රුධිරය නතර කරගත හැකියි.
  • නාසය හා නළල ප්‍රදේශය අයිස් කැට මගින් සිසිල් කරන්න.

මෙවැනි රෝගියෙකු පිළිපැදිය යුතු කරුණු 

  • සීතාධික ආහාර ගැනීමෙන් වළකින්න.අව්වෙ යාමෙන් වළකින්න.
  • පින්නට හසුවීම, රාත්‍රී  කාලයේ ස්නානය හා  සීතල ජලය පානයෙන් වළකින්න.
  • උස් කඳුකර ප්‍රදේශවල යාම හා එවැනි ප්‍රදේශවල වාසය කිරීමෙන් වළකින්න.
  • තදින් නාසය සීරීමෙන් වළකින්න.
  • ඉස්සො, දැල්ලො , බල මාළු දෙල්, අච්චාරු ආදී උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න.

නාසයෙන් රුධිරය ගැලීම වළක්වා ගන්නට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 

  • නාසය තුළට ඇඟිලි දැමීම හෝ වෙනත් කූරු ඇතුල් නොකරන්න.
  • සුවඳ විලවුන් ආදී ආලේපන නාසයේ ගැල්වීමෙන් වළකින්න.
  • නාසය තදින් සීරීමෙන් වළකින්න.

කෙසේවුවත් නාසයෙන් රුධිරය ගැලීමක් සිදුවුණු අයෙක් අවම වශයෙන් සතියක් හෝ දෙකක විවේකීව ගත කළ යුතු වෙනවා. ඒ වගේම ඉහත සඳහන් ප්‍රතමාධාර ලබාදෙන අතරේ වෛද්‍යවරයෙකු කරා රෝගීයාව රැගෙනයාම සිදු කළ යුතුයි.