කාන්තාවන්ට තිබෙන සමේ ගැටලු අතර ඇති ප්‍රධානම ගැටලුවක් තමයි සමේ හටගන්නා ලප කැළැල් (blemises) කියන්නේ. හෝර්මෝන වෙනස්කම්, කුරුලෑ වැනි චර්ම ගැටලු හෝ ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය නිසා සමේ අඳුරු ලප කැළැල් මතුවෙන්න පුලුවන්. මේ නිසා අපේ සමේ පැහැයේ අක්‍රමවත් බවක් අසමාන බවක් පෙනීමට පටන්ගත හැකියි.
ඔබේ බාහිර සුන්දරත්වයට හානි කරමින් මතුවන ලප කැළැල් තත්වය දුරුකරගන්නට ඔබට උපකාරී වන ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත්කරන්නේ.
- ඇපල් සයිඩර් විනාකිරි

මේවායේ අඩංගු ඇසිටික් අම්ල සම පැහැපත් කරවන ගුණ ලබාදෙන බව අධ්‍යයන පෙන්වාදෙයි.සමේ ඇතිවී තිබෙන අඳුරු වර්ණක (පිග්මන්ටේෂන්) තත්වයට මෙය හොඳ පිළියමක්.
මෙම ස්වභාවික පිළියම භාවිතා කරන ක්‍රමය:
- ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2ක් සහ වතුර මේස හැඳි 2ක් මිශ්‍ර කරන්න.
- අඳුරු කැළැල් මත ගල්වා මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හරින්න.
- සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවරක් කරන්න
.
- කෝමාරිකා

කෝමාරිකා වල අඩංගු සංඝටකයක් වන ‘ඇලොයින්’ සම පැහැපත් කරවන හා හයිපර්පිග්මන්ටේෂන් තත්වයට ඵලදායි ප්‍රතිකාරයක් ලෙස තහවුරු වී තිබෙනවා.හයිපර්පිග්මන්ටේෂන් තත්වය යනු මෙලනින් අධික වීමෙන් සමේ ඇතිවන අඳුරු කැළැල් තත්වයකි.
ක්‍රමය:
- නින්දට පෙර සමේ අවශ්‍ය ස්ථාන වල පිරිසිදු කෝමාරිකා මද හෝ ජෙල් ආලේප කරගන්න.
- පසුදා උදෑසන, උණුසුම් වතුරෙන් සෝදාහරින්න.හොඳ ප්‍රතිඵලයක් දැකිය හැකි වන තුරු දිනපතාම මෙය සිදුකරන්න.
- තේ (black tea)

දිනකට දෙවරක් සමේ ගැල්වීම මඟින් කලු තේ අඳුරු ලැප කැළැල් දුරුකරගැනීමට ඵලදායි ප්‍රතිකාරයක් බව අධ්‍යයන පෙන්වාදෙයි.
ක්‍රමය:
- තේ කොළ මේස හැඳි 1ක් උතුරන වතුර කෝප්පයකට දමා, පැය 2ක් තිබෙන්නට හැර, පෙරාගන්න.
- කපු පුළුන් කැබැල්ලක් මෙම තේ වතුරේ පොඟවා සමේ ගල්වන්න. හොඳ ප්‍රතිඵල ලැබීමට, සතියකට දින 6ක් බැගින් මාසයක් පමණ මෙය සිදුකරන්න.
- මී පැණි හා රතු ලූනු වලින් සකසන විශේෂ මාස්ක් එකක්

රතු ලූනු පොතු සම පැහැපත් කරන සත්කාර වලට ඵලදායි බව ඇතැම් අධ්‍යයන මඟින් සාක්ෂි පෙන්වාදෙයි.ඊට අමතරව ලූනු වල ස්වභාවික සාරයක් වන Allium cepa නම් අමුද්‍රව්‍ය කැළැල් හා පිග්මන්ටේෂන් ගැටලු අඩුකරවන ක්‍රීම් හා ලෝෂන් නිෂ්පාදන සැකසීමේදී භාවිතා කරනු ලබයි.
ඔබට හැකියි නිවසේදීම රතු ලූනු භාවිතයෙන් මාස්ක් එකක් සකසාගැනීමට:
- රතු ලූනු ගෙඩියක් පේස්ට් එකක් වන තුරු හොඳින් අඹරාගන්න.ඉන්පසු එයට මී පැණි මේස හැඳි 2ක් හා වතුර කෝප්ප 1/2ක් එක්කරන්න.
- සවස් කාලයේදී පිරිසිදුකරගත් මුහුණේ කවාකාරව ආලේප කරගන්න.ප්‍රතිඵල ලැබීමට නම් අවම සතියකට වාර 2 ක් වත් මෙය සිදුකරන්න.
- එළකිරි භාවිතයෙන් සමට සත්කාරයක්

කිරි හා බටර් කිරි (බටර් මිල්ක්) වැනි කිරි නිෂ්පාදන වල අපේ සමේ පෙනුම හා පැහැය වර්ධනය කරගැනීමට සහය දෙන ලැක්ටික් අම්ල අඩංගු වේ.මෙම සංඝටක ‘පීලිං’ (peeling) හා සමේ රැළි ඉවත්කිරීමට භාවිතා කරන වෙනත් වෘත්තීය ප්‍රතිකාර ක්‍රම වලදී භාවිතා කරයි.
මෙම අමුද්‍රව්‍ය භාවිතයට ක්‍රමයක්:
- එළකිරි වල කපු පුළුන් කැබලි කිහිපයක් පොඟවාගන්න.
- දිනකට දෙවරක් පමණ සමේ කැළැල් ඇති තැන් වල ඒවා අතුල්ලන්න.හොඳ ප්‍රතිඵල ලැබීමට නම් දිනපතාම මෙය සිදුකරන්න.
- සන්ක්‍රීම් භාවිතා කිරීමට අමතක නොකළ යුතුයි!

සමේ ඒකාකාරි පැහැයක් නැතිකම අධික ලෙස සම හිරු කිරණට නිරාවරණය වීම නිසා ඇතිවන ගැටලුවකි. බොහෝ විට මුහුණ, අත් හා බාහු ප්‍රදේශ වල සමේ මේ ගැටලුව නිරීක්ෂණය කළ හැකියි.එම නිසා අවම SPF 30 අගයක් ඇති සන්ක්‍රීම් එකක් භාවිතා කිරීම වැදගත්.හිරු එළිය එතරම් දීප්තිමත් නොමැති දින වල පවා වෙනසක් නැතිව සමට සන්ක්‍රීම් ආලේප කිරීමට මතක තබාගත යුතුයි.උදෑසන 10ත් සවස 3ත් අතර කාලයේදී අහිතකර හිරු කිරණය නිරාවරණය වීමෙන් වැළකී සිටින්න.
- ඇතැම් ආහාර පාන වලින් වළකින්න!

ඇතැම් ආහාර පාන අපේ සිරුරේ රුධිර නාළ පුළුල් වීමට බලපාන නිසා සම රතුවීම වගේ ගැටලු ඇතිවිය හැකියි. මේ හේතුවෙන් සමේ අසමාන පැහැයක් ඇති විය හැකියි.සීනි අධික ආහාර පාන සම රැළි වැටීම හා කැළැල් හටගැනීම ප්‍රවර්ධනය කරන බව සඳහන් වෙනවා. එබැවින් එවැනි අහිතකර ආහාර පාන පුරුදු වලින් වළකින්න උත්සහ කරන්න.
ඒවගේම මත්පැන්, සැර අධික සෝස් වර්ග (රසකාරක නිෂ්පාදන), පැණිරස ස්නැක් වර්ග, රස කැවිලි, අල චිප්ස් වැනි මේද බහුල (අධිකව සැකසුම් ක්‍රියාවලියට ලක්කළ) ආහාර පරිභෝජනය සීමා කිරීම හෝ ඒවායින් වැළකී සිටීමට උපදෙස් දෙයි.
විටමින් C බහුල ආහාර පාන පරිභෝජනය කරන්න.මෙම ප්‍රතිඔක්සිකාරක වලට අපේ සම හානිකර මුක්තකණ්ඩ (free radicals) වලින් හානිවීමට නොදී ආරක්ෂා කළ හැකියි.දොඩම් වගේ පැඟිරි පලතුරු, ස්ට්‍රෝබෙරි,බෙල් පෙපර් වගේ ආහාර උදාහරණයි.
සජලනය කිරීම එහෙමත් නැතිනම් තෙතමනය ලබාදීම හරහා සම රැළි වැටීම අඩුකරවන, සමේ පැහැය වඩවන හා ඔබේ බාහිර සුන්දරත්වය ඔප්නංවන තවත් වැදගත් පෝෂකයක් තමයි ‘නියැසින්’ කියන්නේ.මුං, මෑ, කඩල, බිම්මල් හා ටුනා මාලු වල මේ පෝෂකය අඩංගුයි.