කාන්තාවන්ට තිබෙන සමේ ගැටලු අතර ඇති ප්‍රධානම ගැටලුවක් තමයි සමේ හටගන්නා ලප කැළැල් (blemishes & pigments) කියන්නේ. හෝර්මෝන වෙනස්කම්, කුරුලෑ වැනි චර්ම ගැටලු හෝ ඇතැම් රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය නිසා සමේ අඳුරු ලප කැළැල් මතුවෙන්න පුලුවන්. මේ නිසා අපේ සමේ පැහැයේ අසමාන බවක් පෙනීමට පටන්ගත හැකියි.
චර්ම විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් මේ ගැටලුවට ප්‍රතිකාර ලබාගත හැකියි වගේම ස්වභාවික ප්‍රතිකර්ම වලින් ද මේ ගැටලුවට බොහෝ දුරට හොඳ විසඳුමක් ලබාගත හැකියි.ඔබේ බාහිර සුන්දරත්වයට හානි කරමින් මතුවන ලප කැළැල් තත්වය දුරුකරගන්නට ඔබට උපකාරී වන එවැනි ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත්කරන්නේ.
ඇපල් සයිඩර් විනාකිරි බැක්ටීරියානාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල මෙම විනාකිරි සමේ ගැටලු රැසකටම හිතකර පිළියමකි.සමේ අඳුරු වර්ණක (pigmentation) පාලනය කරයි.කුරුලෑ වලට ප්‍රතිකාර කරයි. ඊට හේතුව මේවායේ අඩංගු ඇසිටික් අම්ලයි.මෙම අම්ල මඟින් සමේ අවපැහැයට ස්වභාවිකව ප්‍රතිකාර කරයි.සමේ pH අගය සමතුලිතව පවත්වාගනියි.

වතුර හා ඇපල් සයිඩර් විනාකිරි සම ප්‍රමාණවලින් මිශ්‍ර කර අවපැහැ වූ හා කැලැල් සහිත සම මත ආලේප කරන්න.මිනිත්තු 2-3ක් තබා මුහුණ සෝදන්න. දිනකට එක්වරක් බැගින් දිනපතා කරන්න.
ලෙමන් යුෂ හා මී පැණි-විටමින් C හෙවත් ඇස්කෝර්බික් අම්ල වලින් බහුල ලෙමන් සමේ ගැටලු වලට හොඳින් පිළියම් කරයි.සම හිරු කිරණින් ආරක්ෂා කරයි.තද අඳුරු කැලැල් වල කැපී පෙනෙන ස්වභාවය හොඳින් දුරුකරයි.මෙලනින් නිෂ්පාදනය පාලනය කරයි.මී පැණි මඟින් සම ආසාදනය වීම වැළැක්වීම හා තෙතමනය සැලසීම වැනි ප්‍රතිලාභ ලබාදෙයි.
ලෙමන් යුෂ මේස හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර කැලැල් ඇති තැන් වල ගල්වන්න. මිනිත්තු 15-20ක් තබා සෝදා හරින්න.
කෝමාරිකා-සිසිලන ගුණයෙන් අනූන කෝමාරිකා සමට හොඳින් තෙතමනය සලසයි. සමේ කැලැල් හ කුරුලෑ බිබිලි සමනය කරයි.ඇලොසින් නම් සංඝටක බහුල නිසා සම පැහැපත් කරවයි.හානි වූ සම පෝෂණය කර අලුත්වැඩියා කරයි.
කෝමාරිකා පත්‍රයක් ගෙන එහි කැපූ අග පහළට සිටින සේ මිනිත්තුවක් පමණ රඳවන්න. මින් එහි ඇති කහ පැහැති විෂ කිර ඉවත්වෙයි. පසුව එය සෝදා දෙකට පලා මදය වෙන්කරගන්න. එය මුහුණේ ආලේප කරන්න.මෙය හොඳ මොයිෂ්චරයිසර් එකක් ලෙස භාවිත කළ හැකි නිසා ගැල්වීමෙන් පසු සෝදා හැරීමට අවශ්‍ය නැහැ. නින්දට පෙර භාවිත කරන්න.
රතු ලූනු-අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට මෙම ලූනු වල සම ස්වභාවිකව සුදු (පැහැපත්) කළ හැකි ගුණාංග අඩංගුය.කපා ගත් රතු ලූණු පෙති කිහිපයක් මද උණුසුම් වතුරේ පොඟවාගන්න.එම පොතු මිරිකා යුෂ වෙන්කරගන්න. ඒවා මුහුණේ ලප කැලැල් ඇති තැන් මත ගල්වන්න.මිනිත්තු 15ක් පමණ තබා සෝදාහරින්න. තෙත මාත්තු කරගන්න.සතියට දෙවරක් පමණ කරන්න.ලූනු යුෂ ඇස් වල තැවරීම වළක්වාගන්න.
ග්‍රීන් ටී-ග්‍රීන් ටී බර අඩුකරවන පානයක් පමණක් නොව සමේ නීරෝගී බව වැඩිකරවන ඖෂධයක් බවත් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.එපිගැලොකැටෂින් III ගැලේට් (EGCG) නම් සක්‍රීය සංඝටක මේවායේ බහුල නිසා සම අවපැහැයට ලක්කරන සෛලීය ක්‍රියාවලීන් අවහිර කිරීමේ හැකියාව ග්‍රීන් ටී වලට ඇත.සමේ පැහැපත් බව හා මෘදුසුමුදු බව වඩවයි.
ග්‍රීන් ටී බෑගයක් උණු වතුර කෝප්පයකට දමා මිනිත්තු 2-3ක් තම්බාගන්න. මෙම තේ බෑගය තෙත මිරිකා මුහුණේ කැලැල් ඇති තැන් වල ආලේප කරන්න.දිනකට දෙවරක් පමණ මෙසේ තවන්න.

කහ සහ කිරි-කර්කියුමින් නම් සක්‍රීය සංඝටක බහුල වදකහ සිරුරේ මෙන්ම සමේ නීරෝගී බව ප්‍රවර්ධනය කරන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබෙයි.ප්‍රතිප්‍රදාහක ගුණයෙන් අනූන නිසා සමේ නොයෙකුත් ගැටලු හා රෝග තත්වයටන්ට මෙය ඖෂධීය ප්‍රතිකාරයකි.කුරුලැ හා කැලැල් මතුවීම පාලනය කරයි.සමේ තරුණබව හා පැහැය ආරක්ෂා කරයි.එළකිරි මඟින් සම පෝෂණය කර සම පැහැපත් කරයි.
එළකිරි මේස හැඳි 2කට කහ තේ හැඳි 1ක් පමණ දමා ඝන මිශ්‍රණයක් සාදාගන්න.මුහුණේ ගල්වා කවාකාරව ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරන්න.මිනිත්තු 10-15ක් තමා උණුසුම් වතුරෙන් සෝදා මුහුණ තෙත මාත්තු කරගන්න.
වැල්මී ප්‍රතිප්‍රදාහක, විෂබීජනාශක හා ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති මෙම ඖෂධය රුව වඩවයි.කැලැල් වර්ධනය වීම අඩුකරයි.අඳුරු ලප දුරුකරයි.ග්ලැබ්‍රයිඩින් නම් සක්‍රීය සංඝටක ඇති නිසා හිරු කිරණින් සම ආරක්ෂා කරයි.කුරුලෑ, එක්සිමා දද වැනි සමේ ප්‍රදාහක ගැටලු වලට පිළියම් කරයි.
වැල්මී කුඩු හා සුදු හඳුන් කුඩු මේස හැඳි 1 බැගින් දමා වතුර එක්කර ඝන මිශ්‍රණයක් සාදාගන්න.මුහුණේ ගල්වා මිනිත්තු 15කට පමණ පසු සීතල වතුරෙන් මුහුණ සෝදන්න.මෙම සත්කාරයෙන් සමේ දීප්තිය හා ප්‍රභාව වැඩිවෙයි.