වැඩි වුන රුධිර පීඩනය දවස් දෙකක් යන්න කලින් අඩු කරන ආහාර 9 ක්

health tips

විවිධ රෝග තත්ත්වයන් නිසා දවසින් දවස මිනිසුන් මිය යනවා. එසේ සිදුවෙන  පුද්ගල මරණවලට ප්‍රධාන වශයෙන්ම  හේතුවෙන රෝගයක් තමයි අධි රුධිර පීඩනය. ගොඩක් බෝ නොවන රෝග ඇති වෙන්නේ අපේම වැරැද්දෙන්. විශේෂයෙන්ම කෑමෙන් පරෙස්සම් නොවීම , අලස ජීවන රටාව මෙයට මූලිකම හේතු අතරට ගැනෙනවා. 

ඒ වගේම වකුගඩු රෝගවලින් පෙළීම, අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයෙකුගේ ගෙල ආශ්‍රිත අවහිරතා හේතුවෙන් මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා ගන්නට වරින් වර පුද්ගලයාව ඇහැරවනු ලැබීම මගින්  නින්දට බාධා ඇතිවීම ( ස්ලීප් පැප්නියා රෝග තත්ත්වය ) ,තයිරොයිඩ් ග්‍රන්ථියේ පවතින අක්‍රමිකතා, අධි වෘක්ක ග්‍රන්ථියේ ඇතිවන තත්ත්වයන්, ඇතැම් ඖෂධ (උපත් පාලන පෙති, වේදනා නාශක,) ආදිය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය ඉහළ දැමීම කෙරෙහි බලපෑම් ඇති කරනු ලබනවා.

රුධිර පීඩනය වැඩිවීම නිසා රුධිර නාලිකාවලට හානි වීම, සිහින්වීම, වගේම පිපිරීම , මොළයට ගමන් කරන ධමනිවල රුධිර කැටි ඇතිවී ඒවායින් රුධිරය ගැලීම අවහිර වීමෙන්  ආඝාත තත්ත්වයන් ඇතිවීම සහ වෙනත්  අවයවයන්ටත්  හානිකර තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.

ඉතින් මේ තත්ත්වයඇතිවීම වළක්වා ගැනීම වඩාත් සුදුසු වුණත්  යම්විටෙක ඔබත් මේ අධි රුධිර පීඩනයට ගොදුරු වුණොත් ගොඩක්  බෙහෙත් වර්ග  ගන්න සිදු වෙනවා. නමුත් ඒවා දිගුකාලීනව  නොයෙකුත්  අතුරු ආබාධ ඇති කරන නිසා  ස්වභාවික ක්‍රම මගින් රුධිර පීඩනය පාලනය  කරගන්නට  උත්සාහ ගැනීම  වැදගත්. ඒ සඳහා සුවිශේෂී හැකියාවක්  සහිත මේ ආහාර ඔබත් ඔබේ ආහාරවේලට  නිතර එකතුකර ගත්තොත් රුධිර පීඩනය අඩු කර ගැනීම අපහසු වෙන්නේ නැහැ.

බීට් රූට් නිතර දෙවේලේ ආහාරයට ගන්නා බීට් රූට් ඉතාම ගුණදායක එළවලුවක් . ලේ පිරිසිදු කිරීමේ සිට විශාල පරාසයක රෝග රැසක් සුව කරගන්නට  රෝගවලින් වැළකී ඉන්නට  බීට් අපිට උදව් වෙනවා. ඒ වාසි අතුරෙන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන ඔබට එය යහපත්  මට්ටමකට ගෙන එන්නටත් බීට් උදව්  වෙනවා. උයා ආහාරයට  ගන්නවාට වඩා බීට් රූට් යුෂ විදියට ගැනීම ඉතාම ගුණදායකයි .

සුදු ළූණු  රෝග බොහොමයකට ගුණදෙන සුදු ළූණු සතුව ධමනිවල ගැස්ම ලිහිල් කිරීමේ අපූරු හැකියාවක් පවතිනවා. මේ සඳහා අපි ගනු ලබන එළවලුවලට නිතර සුදු ළූණු එකතු කිරීම වගේම දිනකට සුදු ළූණු බික් දෙක තුනක් සිහින්ව කපා ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා.

ඉදුණු කෙසෙල් ඉතා හොඳින්ම ඉදුණු කෙසෙල් කියන්නේ රෝග බොහොමයකටම ඉතාමත් ගුණදෙන ආහාරයක්. විශේෂයෙන් හදවත ආශ්‍රිත රුධිරය ඉවතට ගෙන යන නාඩි තදවීම වැළැක්වීමට ඉතාම ගුණදායකයි මේ  ඉදුණු කෙසෙල්. මේ සඳහා ඉදුණු  කෙසෙල් දිනකට එක් ගෙඩියක් එළකිරි සමඟ ගැනීම ප්‍රමාණවත් වෙනවා.

තක්කාලි තක්කාලිවල ඇති ලයිකොපීන් කියන සංයෝගයට  පුළුවන් අපේ රුධිර පීඩනය යහපත්මට්ටමට ගෙන එන්න. කාබනිකව වගා කරපු  තක්කාලි නිතර ආහාරයට ගැනීමෙන් ඖෂධ සම්පූර්ණයෙන්ම නතර කරන්න තරම් හැකියාව තියෙනවා. මේ ගුණය තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් ලබා ගන්නට පුළුවන්.

කොත්තමල්ලි අපි ගොඩක්  දෙනෙක් උණක් හෙම්බිරිස්සාවක් හැදුණම  තම්බලා පානයට ගන්නා මේ කොත්තමල්ලිවල ගොඩක් අය නොදන්නා විශේෂ ගුණයක්  තමයි අධි රුධිර පීඩනයට හිතකර ලෙස බලපෑම්  කිරීම.මෑත කාලීන පර්යේෂනවලින්  මේ බව සොයාගෙන තියෙනවා. එනිසා අධි රුධිර පීඩනයෙන් පෙළෙන ඔයාට පුළුවන් සතියකට  දෙතුන් වරක් කොත්තමල්ලි ටිකක් තම්බලා පානයට ගන්න.

කැරට් හා නිවිති කැරට් වගේම නිවිති කියන්නේ අධි රුධිර පීඩනය සඳහා වඩාත් සුදුසු තවත් ආහාර වර්ග දෙකක්. නිවිතිවල අඩංගු  ප්‍රතිඔක්සිකාරකවලට  පුළුවන් රුධිර පීඩනය ඉහළ යාම පාලනය  කරන්නට.ඒ නිසා නිවිති සුප් එකක්, මැල්ලුමක් ආදී නොයෙක් ආකාරයට ආහාරයට එකතු කරගැනීම ගුණයි.

නිවිති යුෂ  සහ කැරට් යුෂවලින් මේ පානය සකසා ගෙන භාවිතයත් අධි රුධිර පීඩනයට  හිතකරයි . කැරට් යුෂ මිලි ලීටර් 300 ට නිවිති කොළ යුෂ මිලි ලීටර් 200 ක් පමණ මිශ්‍රකර මී පැණි බිංදු කිහිපයක් එකතු කර පානයට ගන්න. මේ සඳහා මී පැණි අවශ්‍යම නැහැ. 

රතු හාල් සුදු සහල්වලට වඩා අපි රතු සහල්වල ගුණ පිළිබඳව කතා කරනවා.ඉතින් රතු සහල් පරිභෝජනයෙන් අපට වළක්වා ගන්නට හැකි තවත් එක් රෝගයක් තමයි අධි රුධිර පීඩනය. බත් පමණක් නොවෙයි රතු සහලින් සකස් කරගත් පිට්ටු, ඉදි ආප්ප වගේ ආහාර පවා ස්නායු පද්ධතිය ලිහිල් කරමින් අධි රුධිර පීඩන තත්ත්වය පාලනයට උපකාරී වෙනවා. 

කොමඩු ඇට පැණි කොමඩු ආහාරයට ගැනීමේදී බොහෝදෙනා ඉවත් කරන කොමඩු ඇට මේ අධි රුධිර පීඩනය පාලනය කිරීමේ අපූරු හැකියාවෙන් සමන්විතයි. කොමඩු ඇට වගේම පොතුත් රුධිර පීඩනය පාලනය කිරීමේ ගුණයෙන් යුක්ත අතර කොමඩු පොතු ග්‍රෑම් 12 සෙනෙහෙ කොළ ග්‍රෑම් 10 සමඟ සූපයක් ලෙස තම්බා දිනපතා පානය කිරීමත්, කොමඩු ඇට වියළා බැද ආහාරයට ගැනීමත් අධි රුධිර පීඩනය පාලනය කිරීමේ දී  එකසේ වැදගත් වෙනවා.

දෙළුම් යුෂ කෘතීමව සකස් නොකරපු ස්වභාවික දෙළුම් ඇටවල සාරයෙන් සක්ස්  කරගත් දෙළුම් යුෂ අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට විතරක් නෙවෙයි දියවැඩියාව, හදවත් රෝග සහ පිළිකා රෝගීන්ට ඉතාම ගුණදායක ආහාරයක්. දෙළුම් පානයට කලාතුරකින් අවස්ථාව ලැබුණත් සතියකට  වරක්  හෝ දෙළුම් ආහාරයට ගන්නට පුළුවන් නම් අපේ නිරෝගී බවට හරිම වැදගත්.

  • තල තෙල් 
  • ඔලිව් තෙල් 
  • කළු චොක්ලට් 

ආදී මේ ආහාර රුධිර පීඩනය ඉහළ යාම ස්වභාවිකවම පාලනය  කරගන්නට උදව් වෙනවා.