මුහුණේ ලස්සන නැති කරන ගැටළු ක්ෂණිකව නැති කරගන්න විසදුම් 10 ක්

health tips

හැමෝම තමන්ගේ පෙනුම ආකර්ෂණීයව පවත්වාගන්නයි ඉතා කැමති. ඒ වුණත් පෙනුම ගැන හිතන්නවත් කාලයක් නොමැති තරම් මේ කාලයේ හැමෝම හරිම කලබලකාරී කාර්යබහුල ජීවිත තමයි ගත කරමින් ඉන්නේ. ඉතින්, ඔබේ වටිනා කාලය ඉතිරි කර ගනිමින් ඔබේ ලස්සන පවත්වාගෙන යන්නට ඔබට උපකාරි වන රූපලාවන්‍ය රහස් කිහිපයක් ගැනයි අද ඔබට කියන්න සූදානම.

සුන්දර පෙනුමක් ලබාගන්න බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන සහා උපකරණ වෙනුවෙන් දහස් ගනණින් මුදල් වැය කිරීමට අවශ්‍ය නැහැ. ඔබේ කාලයත් මුදලුත් ඉතිරි කර දෙන ලස්සන වීමේ රහස් කිහිපයක් ගැනයි මේ.

  1. මුහුණේ ඉදිමුණු ස්වභාවය අඩුකරගනිමින් මුහුණට නැවුම් පෙනුමක් ලබාගැනිම සඳහා ලුණු වතුර වලින් සත්කාරයක්

ලුණු ස්වල්පයක් වතුරේ දියකරන්න (ලුණු සාන්ද්‍රණය වැඩිවිය යුතුයි). පිරිසිදු තුවායක් ගෙන එම ද්‍රාවණයෙන් පොඟවාගන්න. දැන්, එම තුවායෙන් මිනිත්තු 10 ක් පමණ ඔබේ මුහුණ තවමින් සම්බාහනය කරන්න.

  1. පිරිපුන් ආකර්ෂණිය දෙතොලකට

ඔබ භාවිතා කරන ලිප් බාම් වර්ගය හෝ පීච් තෙල් හෝ ආමන්ඩ් තෙල් ස්වල්පයක් දෙතොල් මත ආලේප කරගන්න. දැන්, බුරුසුවක් ගෙන මිනිත්තුවක් පමණ දෙතොල් මත මෘදුව අතුල්ලන්න.

  1. සමේ තෙතමනය සහිත දිදුලන පෙනුමකට ඔලිව් තෙල් සත්කාරයක්

ඔලිව් තෙල් ගල්වමින් මුහුණ සම්බාහනය කිරීමෙන් සම පිරිසිදුවීම, සුමුදු වීම සහා ඒකාකාරි ස්වභාවයකට පත්වීම වගේ ප්‍රතිලාභ හිමිවෙයි. මුළින්ම, ඔබේ මුහුණට හොඳින් වාෂ්ප අල්ලන්න. ඉන්පසුව, ඔලිව් තෙල් ආලේප කරගනිමින් මිනිත්තු 7ක් පමණ ඔබේ මුහුණ හොඳින් මෘදුව සම්බාහනය කරන්න.සෑම දින 4-5 කට වරක්ම මෙම සත්කාරය සිදුකිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

  1. සමේ ප්‍රදාහය(ඉදිමුම) ඇතිවීම සහා කුරුලෑ හටගැනීම් අවම කරගැනීමට මී පැණි සත්කාරයක්

කුරුලෑ මත මී පැණි ගල්වා මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න. මෙය කුරුලෑ වල ප්‍රමාණයෙන් විශාල බව අඩු කරගැනීමට උපකාරි වේ.

  1. මුහුණ ඉදිමීම අවම කරගැනීමට අයි ඩ්‍රොප්ස් (Eye drops) භාවිතා කල හැකියි

සමේ ඉදිමුම ඇතිකරමින් කුරුලෑ මතුවීම බොහෝ කාන්තාවන්ට ඇතිව තිබෙන ගැටලුවක්. ඒ සඳහා සරල  ප්‍රතිකර්මයක් ලෙස: කොට්න් පෑඩ් එකක් අයි ඩ්‍රොප්ස් වලින් පොඟවා මිනිත්තු 3-5ක් පමණ අධි ශීතකරණයේ තබන්න. ඉන්පසුව, එය පිටතට ගෙන ඔබේ සමේ ඉදිමී ඇති තැන් මෘදුව තවන්න. මෙමඟින් කුරුලෑ ඉලිප්පී ඇති ස්වභාවය ඉවත් වී යයි.

  1. ස්වභාවික මේක්-අප් රිමූවර් (Make-up remover) එකක්

පිරිසිදු ජලය සහා ඔලිව් තෙල් 3: 1  අනුපාතයෙන් ගෙන වීදුරු බෝතලයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙම ද්‍රාවණය භාවිතා කරමින් ඔබේ මුහුණ පිරිසිදු කරගන්න.

  1. නොවැඩුණු රෝම කූප (ෂේව් කිරීමෙන් ඉතිරිවන කොටස්)  ඉවත් කරගැනීමට බේකිං සෝඩා සත්කාරයක්

බඳුනක් ගෙන එයට බේකිං සෝඩා තේ හැඳි 1ක් , කුඩු කරගත් ඕට්ස් තේ හැඳි 1ක් සහ ජලය මේස හැඳි 1ක් දමා මිශ්‍රණයක් සකසාගන්න.මෙම මිශ්‍රණය සම මත ආලේප කර මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, උණු ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

  1. ඇස් වටා අඳුරු බව (dark circles) සහා ඇස් යට එල්ලා වැ‍ටුණු ස්වභාවය (eye bags) ඉවත් කරගැනීමට බේකිං සෝඩා වලින් ප්‍රතිකාරයක්

බේකිං සෝඩා තේ හැන්දක් උණුසුම් ජලය හෝ තේ කෝප්පයකට එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න.කොට්න් පෑඩ් එකක් ගෙන මෙම මිශ්‍රණයේ පොඟවාගනිමින් ඒවා ඔබේ ඇස් වටා ආලේප කරගන්න.මිනිත්තු 10-15ක් පමණ සම මත තිබෙන්නට හැර මුහුණ හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව,මොයිෂ්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරගන්න. මෙම සත්කාරය දිනපතා සිදුකිරීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි වේවි.

  1. නීරෝගි දිදුලන කෙස් කලඹකට කෙසෙල් වලින් මාස්ක් එකක්

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කෙසෙල් ගෙඩියක්, බිත්තරයක්, මී පැණි තේ හැඳි 1ක්  සහා බියර් (dark beer) විදුරු 1/2ක්.

බඳුනක් ගෙන මෙම අමුද්‍රව්‍ය එයට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෘදු මිශ්‍රණය ඔබේ හිසකෙස් වල ගල්වා පැය 2ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, උණුසුම් ජලයෙන් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. සතියකට එක් වරක් බැගින් මෙම හිසකෙස් සත්කාරය සිදුකරන්න. ප්‍රතිඵල ඔබව විශ්මයට පත්කරාවි!

  1. වඩාත් දිගු ඇහි පිහා‍ටු වර්ධනය කරගැනීමට පොල් තෙල් සහා ලැවෙන්ඩර් තෙල් මිශ්‍ර සත්කාරයක්

පොල් තෙල් තේ හැඳි 1/2ක් සමඟ ලැවෙන්ඩර් එසෙන්ෂියල් ඔයිල් බිංදු 2-4 ක් පමණ එකතු කරගනිමින් මිශ්‍රණයක් සාදා ගන්න.කොටන් බඩ් එකක් ආධාරයෙන් මෙම මිශ්‍රණය ඔබේ ඇස් පිහා‍ටු වල මුල සිට අග දක්වා ආලේප කරගන්න. සතියකට තෙවරක් පමණ මේ සත්කාරය සිදුකරන්න. මේ හරහා ඔබට කාලයක් ගත වන විට වඩාත් ඝනකමින් යුත් දිගු ඇස් පිහා‍ටු වර්ධනය කරගත හැකිය.