හිරු එළියෙන් ශරීරයට ලැබෙන වාසි 19 ක්

health tips

අපි හැමදෙනාම වගේ අව්වට නිරාවරණය වෙන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද සම අවපැහැවිම් ඇතිවීම, සම පිළිස්සීම, සම ඉතා ඉක්මනින් වියපත්වීම, ඇස්වලට හානිවීම හෝ සමේ පිළිකා ඇතිවීම කියන අහිතකර තත්ත්වයන් හිරු එළිය හේතුවෙන් ඇතිවන නිසා. නමුත් හිරු එළිය කියන්නේ මිනිසාට සතාට වගේම ගහට කොළටත් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන ස්වභාදහමේ අපූරු දායාදයක්. ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕන නැහැ කියන රීතියට අනුවයි මේ හිරු එළිය සමඟත් අප කටයුතු කළ යුත්තේ. අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වෙන්නේ අධික ලෙස හිරු රශ්මියට නිරාවරණය වීම හේතුවෙන්.

සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ සෑම පුද්ගලයෙක්ම උදෑසන හිරු එළියට නිරාවරණය වීම ඉතා වැදගත් බවයි.නමුත් උදෑසන 11 සිට සවස 4 දක්වා හිරු එළිය තද හිරු එළිය වන නිසාවෙන් ඒ අවස්ථාවල හිරු එළියට නිරාවරණය වන්නේ නම් ඒ සඳහා ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ යුතු වෙනවා.ඒ  නිසාවෙන් උදෑසන 11 ට පෙර යම් වේලාවක් හිරු එළියට නිරාවරණය වීම අපේ ශාරීරික හා මානසික නීරෝගීභාවය පවත්වාගෙන යන්නට බෙහෙවින් උපකාරී වනවා. නමුත් හිරු එළියට නිරාවරණය වී සිටිය යුතු කාල වේලාව නම් පුද්ගලයාගේ වයස අනුව, සමේ ස්වභාවය අනුව ජීවත් වන ප්‍රදේශය වගේම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් නිර්දේශ කර ඇති ආකාරයට උදෑසන හිරු එළියට මිනිත්තු 5-15 අතර කාලයක් නිරාවරණය වීම සුදුසු වෙනවා.තද අඳුරු පැහැ සමක් ඇත්නම් එවැනි අයෙක් විනාඩි 30 ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීම අවශ්‍යයි. මෙසේ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් අපේ ශරීරයට ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද ? ඒ පිළිබඳවයි මේ කියන්නට සූදානම් වන්නේ.

  • විටමින් D ශරීරයට ලබාදෙයි. උදෑසන හිරු එළියට නිරාවරණය වීම මගින් අපේ සිරුරට අත්‍යවශ්‍ය විටමිනයක් වන විටමින් D සිරුරේ නිෂ්පාදනය වීමට පටන් ගන්නවා. අපි ගන්නා ආහාරවල පවතින කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගනු ලබන්නේ විටමින් D මගින්.ඒ වගේම ඒ විටමින් D අපේ ශරීරයේ අස්ථි, රුධිර සෛල, පටක වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනුවෙන් ද ඉතා වැදගත් කාර්යබාරයන් රාශියක්ම ඉටු කරනවා.මේ විටමින් D ඌණ වූ විට රිකට්ස් ඇතුළු වෙනත් ආබාධයන් බොහොමයක් ඇති කරනු ලබනවා. ඒ නිසා විටමින් D ලබාගත හැකි සුදුසුම හොඳම ප්‍රභවය වෙන්නේ උදෑසන හිරු එළිය.එයින් මිනිස් ශරීරයට අවශ්‍ය විටමින් D 90% සිට 95% ක ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
  • උදෑසන හිරු එළියෙන් ලැබෙන විටමින් D මගින් සම ආශ්‍රිතව ඇතිවන ඇතැම් පිළිකා තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනු ලබනවා. පියයුරු පිළිකා, ගැබ් ගෙල පිළිකා සහ උදරය ආශ්‍රිතව හට ගන්නා පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවත් හිරු එළියට පවතිනවා.
  • මාංශපේශීවල වේදනාවෙන් මිදීමට උපකාරී වෙයි. 
  • අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි .
  • අපේ ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය සඳහා අස්ථි පද්ධතිය නීරෝගීව තබා ගැනීමටත් අස්ථි ආශ්‍රිත රෝගවලින් ආරක්ෂාවීමටත් දිනකට විනාඩි 15 ක් උදෑසන හිරු එළියට නිරාවරණයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ අතර වෙනවා.
  • හදවත් රෝගවලින් ආරක්ෂාව ලබාදෙයි .
  • හිරු එළියට නිරාවරණය වීම මගින් දිනපතා ශරීරයට විටමින් D ලැබීම දියවැඩියා රෝගයෙන් වගේම හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.
  • විෂාදය අදී රෝගවලින් ආරක්ෂාව ලබාදෙයි. 

සාමාන්‍යයෙන් විෂාදය යන රෝගය ඇති වීමට වගේම එය උත්සන්න වීම කෙරෙහිත් හිරු එළිය බලපෑම් කරනු ලබනවා. හිරු එළියට නිරාවරණය නොවන අයෙකුට විශාදය ඇතිවෙන්නට වගේම එය උත්සන්න වෙන්නටත් එය ප්‍රධාන හේතුවක් වෙනවා.

  • මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වෙයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති ආකාරයට හිරු එළියට නිරාවරණය නොවන කුඩා දරුවන්ට වඩා හිරු එළියට නිරාවරණය වන දරුවන්ගේ දන්ත සෞඛ්‍යය යහපත්.
  • දුර ඇති වස්තු නොපෙනීම ආදී අක්ෂි ගැටළු ඇතිවීම අවම කරයි.
  • දේහ බර අඩු කිරීමට දායක වෙයි. 
  • උදෑසන හිරු එළිය සිරුරේ මේද දහනයට උදව් වෙන අතර එයින් සමේ යටින් පවතින මේද සෛල හැකිළීමට ලක් කරනවා. විටමින් D සහ ලෙප්ටොන් හෝර්මෝනය මගින් ශරීරයේ බර වැඩිවීම පාලනය කරනු ලබනවා.
  • රුධිර සෛල නිෂ්පාදනයට උපකාරී වෙයි. 
  • රෝගවලින් ආරක්ෂාව සලසයි. 
  • කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ සරු බව ඉහළ නැංවීමට උපකාරී වෙයි. 
  • සුවදායි නින්දක් ලබාදීමට උපකාරී වෙයි. 
  • උදෑසන හිරු එළියට නිරාවරණය වීම රාත්‍රී කාලයේදී ක්‍රමවත් නින්දක් ලබා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා. ක්‍රමයෙන් වයස්ගතවීමත් සමඟ නින්ද නොයාම සහ අක්‍රමවත් නින්ද යන ගැටළු මෙයින් මගහරවා ගන්නට හැකියාව ලැබෙනවා.
  • මනසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගෙන යන්නට උපකාරී වෙයි.  හිරු එළිය මොළයේ ශ්‍රාවය වන සෙරටෝනින් නිපදවීමට වැඩිවීමට සහාය ලබාදෙන අතර එය මානසික සැහැල්ලුව වගේම සතුටත් ඇති කරන්නට හේතු වෙනවා.

අලුත උපන් බිළිදුන්ට බහුලව වැළදෙන කහ උණ වැනි ගැටළුවලට ප්‍රතිකාර ලෙස පෙරහන් කළ හිරු එළිය භාවිතා කරයි. එහිදී  දරුවන් එළිමහනේ ඍජු හිරු එළියේ නොතබන අතර  අහිතකර හිරු එළිය පෙරී එන ජනේලයකින් හෝ වීදුරුවකින් ආවරණය වූ ස්ථානයක දරුවා තබනු ලබනවා. 

 උදෑසන හිරු එළිය වගේම සවස 4 න් පසුව හිරු එළියට නිරාවරණය වීම මගින් ශරීරයට සෞඛ්‍යයමය වාසි බොහොමයක් ලබා ගන්නට හැකියාව පවතින බව දැන් ඔබට වැටහෙනවා ඇති. එබැවින් උදෑසන විනාඩි 5 ක කාලයක් හෝ හිරු එළියට නිරාවරණය වන්නට උනන්දුවිම නීරෝගී ජීවිතයකට ඔබට අතිශයින්ම වැදගත් වෙනවා. නමුත් අධික ලෙස හිරු එළියට නිරාවරණය නොවීමට වග බලා ගත යුතුයි. එවිට විවිධ සෞඛ්‍යයමය ගැටළුවලට ඔබට ගොදුරු වන්නට සිදුවෙනවා.