බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා වැඩි වශයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇඟේ උෂ්ණය නැත්නම් ගර්භාෂයේ උෂ්ණය පිළිබඳව කතා කෙරෙනවා. මේ ශරීරයේ උෂ්ණය රක්තවාතය, හිස්සොරි ආදී බොහෝ ලෙඩරෝග ඇති කරන්නටත් දරු ඵල ප්‍රමාද කරන්නටත් මූලික හේතුවක් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.
ඒ නිසාම ශරීරයේ උෂ්ණය අඩු කරන ඇඟ සිසිල් කරන ආහාර වර්ග ගැනීම වැදගත් වෙනවා. එවැනි ආහාර කිහිපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

- පොල් වතුර අනාදිමත් කාලයක සිට පැවත එන ශක්තිජනක පානයක් ලෙස සලකන පොල් වතුර ශරීරය සිසිල් කරන පානයක් ලෙසත් ඉතා වැදගත් වෙනවා. උදෑසන හිස්බඩ වගේම දවසේ ඕනෑම වෙලාවක පොල් වතුර පානය කිරීම ශරීරය සිසිල් කිරීම ඇතුළු තවත් සෞඛ්‍යයමය වාසි බොහොමයක් ලබා ගන්නට හේතු වෙනවා.
- කෝමාරිකා කෝමාරිකා යුෂ වශයෙන් හෝ ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ගෙන ආහාරයට ගැනීමෙන් ශරීරය සිසිල් කර ගන්නට හැකියාව පවතිනවා.කෝමාරිකා මදය ගෙන එයට පොල් වතුර හෝ තැඹිලි වතුර එකතු කර එයට ලෙමන් යුෂ ස්වල්පයක් හෝ රස අනුව සීනි ලුණු එකතු කර හොඳින් මිශ්‍රකර දිනපතා පානය කරන්න. නමුත් දිනපතාම ඒ යුෂ සඳහා තැඹිලි භාවිතා කිරිම සුදුසු නැහැ. ඒ නිසා දවසක් හැර දවසක් තැඹිලි වතුර සහ අනෙක් දිනවල පොල් වතුර භාවිතා කරන්න.
- ඩිටොක්ස් වෝටර් (Detox water ) මෙය සිරුරේ උෂ්ණය අඩුකර ගන්නට භාවිතා කළ හැකි අපූරු ක්‍රමවේදයක්.නින්දට පෙර වීදුරු බදුනකට ජලය දමා එයට පිපිඤ්ඤා පෙති කිහිපයක්, මින්චි කොළ කිහිපයක් ලෙමන් පෙත්තක් දමා තබා පසුදා උදෑසන හෝ උදේ වරුවේදී පානය කරන්න.මෙයින් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර සිරුරට සිසිල් බවක් ගෙන දෙනවා.
- මින්චි කොළ තේ එකකට මින්චි කොළ කිහිපයක් එකතු කර පානය කිරීම හෝ මින්චි කොල භාවිතයෙන් පානයක් සකස් කර ගැනීමෙන් ශරීරය සිසිල් කරගන්නට හැකියාව පවතිනවා.
- තැඹිලි ඇඟ සිසිල් කරන හොඳම පානයක් වන තැඹිලි දිනපතාම පානය කිරීම සුදුසු නැහැ. ඒ නිසා සතියට දෙතුන් වතාවක් පමණක් පානය කරන්නට හැකියි.

- අනෝදා ශරීරය සිසිල් කරන ගුණයෙන් ඉතාම පොහොසත් පලතුරක් වන අනෝදා යුෂ ආකාරයට වගේම පලතුරක් ලෙස ආහාරයට ගන්නට පුළුවන්. යුෂ ලෙස සකස් කරන විට එයට එළකිරි ස්වල්පයක් ද එකතු කරන්නට මතක තබා ගන්න.
- පිපිඤ්ඤා හෝ කැකිරි පානය ඉදුණු පිපිඤ්ඤා හෝ කැකිරි ගෙඩියක් ගෙන එහි මදය සහ ඇට සමඟම හොඳින් බ්ලෙන්ඩර් කරගෙන අවශ්‍ය පමණට සීනි හා ලුණු එකතු කර පානය කරන්න. මෙය සිරුරේ දාහය නසාලන්නට බෙහෙවින් උපකාරී වන සිසිල් පානයක්.
- දෙළුම් යුෂ සිරුරේ දාහය අඩුකර ගර්භාෂයේ ගැටළු දුරලන කදිම පානයක්. දෙළුම් ඇට හොඳින් මිරිකා ඒ යුෂ පානය කරන්නට හැකියාව තියෙනවා.
- බෙහෙත් නෙල්ලි යුෂ
- ආමන්ඩ් කිරි
වියළි ආමන්ඩ් ඇට ගෙන රැයක් පුරා පෙගෙන්නට දමා දුඹුරු පැහැ පොත්ත ඉවත් කරගන්න. පසුව ඒවා ජලය සමඟ බ්ලෙන්ඩර් කරගෙන අවශ්‍ය පමණට සීනි එකතු කර පානය කරන්න. ජලයේ පෙගෙන්නට නොදමා වියළි ආමන්ඩ් ඇට භාවිතා කිරීමෙන් වළකින්න. එය සිරුරේ දාහය වැඩි කරන්නට හේතුවන බවට මතයක් පවතින නිසාවෙන්.
- එළකිරි සහ මී පැණි සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින එළකිරිවලට මී පැණි තේ හැන්දක් එකතු කර පානය කරන්නට පුළුවන්. මෙය ශරීරයේ උෂ්ණය අඩු කර ශරීරය සිසිල් කරන්නට උපකාරී වෙනවා.
- සව්, බාර්ලි, පොල්කිරි කැඳ විශේෂයෙන්ම සව් වගේ දේවල් සවස 2 -3 ත් අතර කාලයේදී පානය කිරීමත් පොල් කිරි කැඳ උදෑසන ආහාරයක් ලෙස ගැනීමත් ඉතා වැදගත්.මේවා ශරීරය සිසිල් කරන්නට විශාල දායකත්වයක් සපයනු ලබන පානයන්.
- දියබත්
- බෙලි ගෙඩි, බෙලි කටු හෝ බෙලි මල් තම්බා ගත් ජලය
- කැහිපිත්තන් කොළ පානය
- මුං ඇට
- රැයක් පෙගවූ කස කසා ඇට උදෑසන පානය
ඒ විතරක් නෙවෙයි අළු පුහුල්, කැකිරි, පිපිඤ්ඤා ආදී ආහාර දිනපතාම ආහාරයට ගැනීමත් හැකිතාක් ජලය පානය කිරීමත්, යෝගා ව්‍යායාම්වල නිරත වීමත් ශරීරය සිසිල් කර ගැනීම සඳහා භාවිතා කරන්නට හැකියි. ඒ වගේම ධාන්‍ය ගැනීමේදී ඒවා එළගිතෙලින් තෙම්පරාදු කර ගැනීම මගින් පවා ශරීරයේ උෂ්ණ බව සමනය කරගන්නට හැකියාව පවතිනවා.