ඇතැම් විශේෂඥයෝ දිනකට වේල් 3ක් හා අතුරුආහාර වේල් 3ක් ලබාගන්නා ලෙස නිර්දේශ කරද්දී ඇතැම් අය බර අඩුකරගැනීමට නිරාහාරව සිටිය යුතු බව නිර්දේශ කරනවා.නිරාහාරව සිටීම නැතිනම් උපවාස කිරීම ක්‍රි.පූ. 5 වන සියවස තරම් ඈත යුග වල පවා ඉතිහාසයක් ඇති චිකිත්සක භාවිතයකි.ශ්‍රේෂ්ඨ ග්‍රීක ජාතික කාය විශේෂඥයෙකු වූ හිපොක්‍රටීස් ඇතැම් රෝගාබාධ ලක්ෂණ පෙන්නුම් කරන අයට මෙය චිකිත්සාවක් ලෙස නිර්දේශ කළ බව ඉතිහාසයෙන් අසන්නට ලැබෙයි.යම් කාල සීමාවක් පුරා වතුර හැර වෙනත් කිසිවක් ආහාරයට හෝ පානයට ගැනීමෙන් වැළකී සිටීමට උනන්දු කරවන ‘ඩයට්’ ක්‍රම රැසක් භාවිතයේ තිබෙනවා.අද අප ඔබට කියන්නේ දින 3ක් උපවාස කිරීමෙන් ඔබේ සිරුරට ඇති විය හැකි වෙනස්කම් පිළිබඳවයි.
සිරුරේ සෛල ඉතා වේගයෙන් ස්වයං-අළුත්වඩියාවට ලක්වෙයි

වැඩිහිටි සම සමස්ත ශරීර ස්කන්ධයෙන් 20% ක් නිරූපණය කරන අතර ආසන්න වශයෙන් මතුපිට වර්ගඵලයෙන් වර්ග මීටර් 2ක් ආවරණය කරයි.වතුර පමණක් පානය කිරීමෙන් උපවාස කිරීම (water fasting) සමේ සෛල ස්වයං අළුත්වැඩියාවට ලක්වීම ප්‍රේරක වෙයි.පර්යේෂකයින් පෙන්වාදෙන ආකාරයට මෙම ක්‍රියාවලිය උපවාස කිරීම පැය 18-20ක් ඉක්මවීමත් සමඟ ආරම්භ වන බවත් ඉන් පැය 48-72 ඉක්මවීමෙන් පසු එහි උච්චම අවස්ථාවට පත්වන බවත් ය.සෛල අළුත්වැඩියා ක්‍රියාවලිය ඇල්සයිමර්ස් හා හෘද රෝග වලට එරෙහිව සිරුරට ආරක්ෂාව ලබා දිය හැකි බව ද පෙන්වාදේ.
ඔබේ සිරුරේ රුධිර පීඩනය අඩු විය හැකියි

අධි රුධිර පීඩනය වර්තමානයේ බහුලව දැකිය හැකි වඩාත් බරපතල රෝගයකි.ආහාර නොමැතිව වතුර පමණක් පානය කරමින් උපවාස කිරීම රුධිර පීඩනය පහත බැසීමට සහය දෙයි.නිසි වෛද්‍ය උපදෙස් යටතේ උපවාස කිරීම අවදානම් සීමාවේ පසුවන ඉහළ රුධිර පීඩන තත්වයක් පෙන්නුම් කරන රෝගීන් හට හොඳ ප්‍රතිඵල ලබාදෙන බව සඳහන් වේ.
පරිවෘත්තිය වැඩිදියුණු විය හැකියි

සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉන්සියුලින් හා ලෙප්ටින් යන හෝර්මෝන ඉතා වැදගත් කාර්යක් ඉටුකරයි.රුධිර ප්‍රවාහයෙන් ලැබෙන පෝෂක ගබඩාකරතබාගැනීමට ඉන්සියුලින් උපකාර කරන අතර, ලෙප්ටින් බඩ පිරුණුබව හඟවන හෝර්මෝනය ලෙස ක්‍රියාකරයි.පර්යේෂකයින් පෙන්වාදෙන්නේ වතුර පමණක් පානය කරමින් උපවාස කිරීම අපේ සිරුර මෙම හෝර්මෝන වලට වඩාත් සංවේදී කරවන බවය.මෙම හෝර්මෝන වෙත ඉහළ මට්ටමේ සංවේදීතාවක් ඇතිවීම ඒවායේ කාර්යක්ෂමතාව, ඵලදායි බව ඉහළ දමයි.එනම් රුධිර සීනි මට්ටම් අඩුකිරීමේ හැකියාව සිරුරට ලැබිය හැකි අතර ස්ථූලතාව ඇතිවීම වළක්වාගත හැකි ය.
ඇතැම් නිදන්ගත රෝග අවදානම් වළකයි

වතුර පමණක් පානය කරමින් උපවාස කිරීම දියවැඩියාව හා හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග අවදානම් අවම කරවන බවට විශ්වාස කරයි.සත්ත්ව පර්යේෂණ මඟින් පෙන්වාදෙන ආකාරයට මෙම උපවාස ක්‍රමය පිළිකා සෛල වර්ධනය කරවන ජානමය තත්වයන් යටපත් කිරීමට කටයුතු කරන බවය.රසායනික චිකිත්සාව (chemotherapy) වඩාත් ඵලදායි කිරීමට මෙය උදවු වනු ඇත.
මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකියි

වසර 2000කටත් එහා අතීතයේ මුළින්ම නිරාහාරව සිටීම මී මැස්මොරය හෙවත් අපස්මාරයට ප්‍රතිකාරයක් ලෙසයි භාවිතා වී ඇත්තේ.පර්යේෂණ පෙන්වාදෙන ආකාරයට උපවාස කිරීම මනස නිරවුල් පැහැදිලි කරගැනීමට , සංවේදනා ප්‍රතිආරෝපණය කිරීමට හා ,එමෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීමට උපකාර කරන බවයි.උපවාස කිරීම ප්‍රජානන හැකියාව (cognitive function)වැඩිදියුණු කිරීමට, වයස්ගත වීමේදී ඇතිවන ප්‍රජානන පරිහාණිය පමා කිරීමට, ස්නායු පරිහාණියට ලක්වීම අඩුකිරීමට, මොළයට හානි සිදුවීම අඩුකිරීමට හා ආඝාත තත්වයකින් පසු ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් වීම වැඩිදියුණු කිරීමට ප්‍රතිලාභ දිය හැකි ය.
සිරුරේ බර රාත්තල් කිහිපයකින් හෝ අඩුවිය හැකියි

උපවාස කිරීම හා බැඳී පවතින ප්‍රධානම ප්‍රතිලාභයක් වන්නේ සිරුරේ බර යම් ප්‍රමාණයකින් අඩුවීමය.සිරුර ආහාර වලින් පෝෂණය වීමට හුරු වූ තත්වයේ සිට නිරාහාරව සිටීමේ තත්වයට මාරු වීමත් සමඟ බර අඩුවීමක් ඇතිවීමට පටන්ගනියි.ශක්තිය ලෙස දහනය කිරීමට ආහාර නොමැති වන විට.සිරුරේ ක්‍රියාකාරී පැවැත්ම සඳහා ඔබේ සිරුර තැන්පත්කරගෙන සිටින ඉන්ධන ලෙස හැඳින්විය හැකි සිරුරේ තැන්පත් මේද දහනය කිරීමට පටන්ගනියි.පැය 24ක උපවාස කාලයකින් ඔබට ඔබේ සිරුරේ මේද ස්කන්ධයෙන් (ජල ස්කන්ධයෙන් නොවේ!) රාත්තල් තුනෙන් එකක් හෝ බාගයක් පමණ අඩුකරගත හැකි ය.