විටමින් B12 යනු සිරුරේ වැදගත් ක්‍රියාවලින් රැසකට දායක වන පෝෂක මූලාශ්‍රයකි. විටමින් B12 පෝෂක මඟින් රුධිර සහ ස්නායු සෛල වල නීරෝගිබව ආරක්ෂා කරයි.බිත්තර, මස් වර්ග (හරක් මස්) මාලු, බෙල්ලන් වැනි සත්ව ආහාර වලින් මෙම පෝෂණය සිරුරට ලබාගත හැකියි.මෙම විටමින් වර්ගය ප්‍රමාණවත් ලෙස සිරුරට නොලැබෙන්නේ නම් එය ඔබේ සෞඛ්‍යසම්පන්න බවට නොයෙකුත් බලපෑම් ඇතිකළ හැකියි. දැඩි ලෙස නිර්මාංශික ආහාර රටාවකට හුරුවීම මෙම විටමින් ඌනතාව මතුවීමට ප්‍රධාන ලෙස හේතුවිය හැකියි.
රුධිරයේ විටමින් B12 ඌනවීම විවිධාකාරයේ ලක්ෂණ මඟින් සිරුර විසින් පෙන්නුම් කිරීමට පටන්ගනියි. නමුත් මේ අතරින් ඇතැම් ලක්ෂණ අප බොහෝ දෙනා ආතතිය හෝ තෙහෙට්‍ටුව නිසා ඇතිවූවක් වියහැකියි සිතා නොසලකාහැරීමට ලක්වේ.ඔබේ සිරුරේ විටමින් B12 මට්ටම් අඩුබවට අනතුරු හඟවන සංඥා කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම.

ජෝන්ඩිස් (jaundice) තත්වය සම සහ ඇස් කහ වීමේ රෝගය විටමින් B12 ඌනතාව පෙන්නුම් කරන සංඥාවකි.සිරුරට හොඬ්ජින් B12 විටමින් නොලැබෙන විට රතු රුධිර සෛල ප්‍රමාණය කෙරෙහි එය සෘණාත්මකව බලපායි.එමෙන්ම නිරක්තිය (ඇනීමියා)තත්වයට ද හේතුවිය හැකියි.නිරක්තිය රතු රුධිර සෛල වලට සිරුරේ පටක වෙත ඔක්සිජන් ගෙන යාමට නොහැකිවීමත් සමඟ ඇතිවන තත්වයකි.සම කහ හෝ සුදුමැලි වීමට අමතරව පපුවේ වේදනාව හා හිසරදය මතුවිය හැකියි.බොහෝ විට සම මළානික ස්වභාවයක් ගනියි.
අධික තෙහෙට්‍ටුව කිසිඳු හේතුවක් නොමැතිව නිතරම සිරුරට තෙහෙට්‍ටුවක් දැනෙනවාද? මෙය විටමින් B12 ඌනතාවේ තවත් ලක්ෂණයක් විය හැකියි.සිරුරේ අවයව වෙත අවශ්‍ය ඔක්සිජන් ගෙනයාමට රතු රුධිර සෛල වලට නොහැකිවීම නිසයි මේ තත්වය හටගන්නේ.නිසි ලෙස ඔක්සිජන් නොලැබීමෙන් සිරුරේ සාමාන්‍ය ක්‍රියාවලින්ට ද බාධා ඇතිවී අධික මහන්සියක් ඇඟට දැනීමට පටන්ගනියි.
මනෝභාවයන් (moods) නිතර වෙනස්වීම විටමින් B12 ඌනවීමෙන් පුද්ගලයාගේ මනෝභාවය නිතර වෙනස්වීම් වලට ලක්විය හැකියි. මේ තත්වය මානසික ආබාධ තත්වයන් හා සම්බන්ධතා පෙන්නුම් කරන බව ද අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.හෝමෝසිස්ටීන් යනු රුධිරයේ අඩංගු වැදගත් ඇමයිනෝ අම්ලයකි.සිරුරේ මේවා අධික මට්ටමක් ගෙන තිබියදී විටමින් B12 මට්ටම් පහළ අගයක් ගනියි නම් ඔබේ මොළයේ පටක වලට හානි ඇතිවීමට පුළුවන්.ඉන් මොළයට සංඥා ලැබීම අඩාල වී යා හැකියි.
හෘද ස්පන්දනය අක්‍රමවත් වීම් පීඩාකාරී සහ අක්‍රමවත් ලෙස හදවත ගැහීම තවත් ලක්ෂණයකි.ඇතැම් අවස්ථා වල ඔබ කලබල වන තරමට ඔබේ හදවත වේගයෙන් ස්පන්දනය වීමට පටන්ගත හැකියි.මෙය නිරක්තිය සමඟ මතුවිය හැකි තත්වයකි.මින් කාලයත් සමඟ හෘදයේ මාංශ පේශී හානිවීමට ලක්විය හැකියි.ඇතැම් විට හදවත ඉදිමීම හෝ හෘද අකරණියට (අක්‍රීයවීම) පවා හේතුවෙයි.නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, නිකොටීන් සහ කැෆේන් වැනි උත්තේජක වර්ග භාවිතයෙන් වළකින්න.කැල්සියම්, සෝඩියම් සහ පොටෑසියම් පෝෂණය ගැන සැලකිලිමත්වන්න. හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
ග්ලොසයිටිස් (glossitis) දිව ප්‍රදාහයට ලක්වීමේ තත්වයයි.මෑතක සිට කටේ අමුතු බවක් දැනෙනවා ද? මෙම තත්වය පෝෂණ ඌනතාවක පූර්ව රෝග ලක්ෂණ මතුකිරීමක් ලෙස සැලකෙයි. දිවේ විවිධ වර්ධනය වීම් (බිබිලි, තුවාල) සහ දිවේ පැහැය වෙනස්වීම් දැකිය හැකිවෙයි.රස අංකුර (දිවේ කුඩා රතු ගැටිති) ගෙවී නොපෙනී යාමෙන් දිවේ අසාමාන්‍ය මෘදුබවක් දැනෙයි.
පෙනීම නැතිවීයාම ඇස් පෙනීම ආශ්‍රිත ගැටලු මතුවීම මෙම විටමින් ඌනතාව පෙන්නුම් කරන තවත් ලක්ෂණයකි.විටමින් B12 මඟින් රුධිර සෛල මෙන්ම ස්නායු සෛල ක්‍රියාකාරීත්වයට ද සහයදෙයි.ස්නායු වෙත හොඳ පෝෂණයක් නොලැබීමෙන් උදාහරණයක් ලෙස ඇසේ දෘෂ්ටි ස්නායුවට ගැටලු ඇතිවිය හැකියි.රෙටිනාව සහ මොළය යා කෙරෙන මාර්ගය ලෙස ක්‍රියාකරන්නේ මෙම දෘෂ්ටි ස්නායුවයි.ඇසට හසුවන දර්ශණය රූප දත්තයක් ලෙස මොළය වෙත සන්නිවේදනය කරන්නේ දෘෂ්ටි ස්නායුවයි.විටමින් B12 ඌනවීමෙන් මෙම ගමන් මාර්ගයට බාධා මතුවෙයි.එහි ප්‍රතිඵලයක් ලෙස දෘශ්‍ය දත්ත ඇසේ සිට මොළය අතර හුවමාරු වීම අක්‍රීයවෙයි.ඇස් පෙනීම දුර්වල වන්නේ ඒ නිසයි.

හුස්ම හීරවීම යමක් සිදුකරන විට හුස්මහිරවෙන ගතිය තවත් ලක්ෂණයකි.විටමින් B12 රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රවාහනය කරවන ප්‍රෝටීන වන හිමොග්ලොබින් නිෂ්පාදනය වීමට දායක වේ. මෙම පදාර්ථ අඩුවීම නිසා පටක වෙත සැපයෙන ඔක්සිජන් ප්‍රවාහය අඩුවී රක්තහීනතාව (ඇනිමියා) තත්වයට පත්වීමෙන් හුස්මහිරවීම හා සිරුරේ අප්‍රාණික බව හටගත හැක.
ඉස කරකැවිල්ල හෘද රෝග වල සිට කන අභ්‍යන්තරයේ ගැටලු දක්වා පරාසයක රෝග ලක්ෂණ මතුකිරීමක් වන ඉස කරකැවිල්ල විටමින් B12 ඌනතාව නිසා ද හටගත හැකියි.නිවසේ වැඩකටයුතු කරමින් සිටියදී එකවරම ඉස කරකැවිල්ලක් ඇතිවී සිරුරේ සමබරතාව නැතිවී යනවාද?සිරුරේ රතු රුධිර සෛල ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින බවට මින් ඔබට සංඥා කරයි.ප්‍රමාණවත් ලෙස මොළයට ඔක්සිජන් නොලැබෙන නිසා ඊට සිරුර සමබරව තබාගැනීමට නොහැකිවෙයි.මීට අමතරව ව්‍යාකූල බවක් ඔබ තුළ ඇතිවිය හැකියි.වයස්ගත වැඩිහිටියන් අතර මේ තත්වය බහුලයි.මෙය ස්නායු හානිවීම හෙවත් නියුරොපති තත්වයේ ද ලක්ෂණයකි.
ස්නායු හානිවීම් සහ සිරුර ඇතුලතින් කටු අනිනවාක් මෙන් දැනෙන ස්වභාවය B12 විටමින් හිඟතාව හේතුවෙන් ස්නායු සෛල පරිහාණියට පත්වීම සිදුවිය හැකි අතර අත් හා පාද වල කටු අනිනවාක් මෙන් හිරිවැටීමක් ඇති විය හැකියි.සිරුරේ හිරි වැටුණු ගතියක්, දැවිල්ලක් හෝ සම ඇතුලින් කටු අනිනවාක් මෙන් දැනීමේ සංවේදය හඳුන්වන්නේ පැරස්තීසියා (parasthesia) හෙවත් පරාවින්දනය යනුවෙනි.නොසලකා හැරීමෙන් මෙය සදාකාලිකව ඇතිවන තත්වයක් ලෙස වර්ධනය විය හැකියි.
ආවේග ප්‍රතිචාරයක් සන්නයනය වන වේගය වැඩිවීම කෙරෙහි බලපාන ස්නායු තන්තු වටා ඇති ස්වේත වැස්ම සෑදෙන මයලීන් නිර්මාණය වීමට විටමින් B12 අත්‍යාවශ්‍ය වේ.මෙම පදාර්ථ පෝෂණය ඌනවීම හේතුවෙන් සුෂුම්නාව, දෘෂ්ටි ස්නායු, මස්තිෂ්ක පටක සහ පර්යන්ත ස්නායු ආදිය පරිහාණියට පත්වීමට පටන්ගත හැකියි. විටමින් B12 ආරක්ෂාව නොලැබුණු විට සුෂුම්නාව දිරාපත්වී දුබල බවක් නිතර දැනීමට පටන්ගනියි. මේ හේතුවෙන් සමතලා පොලොවකදී වුව සිරුරේ සමබරතාව ගිලිහීයාම සිදුවිය හැකියි.
*මෙවැනි රෝග ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.