ඇඟ රිදුම්දීම (body pain) එහෙමත් නැතිනම ඇඟපත වේදනාව රෝගයක් නොව යටින් පවතින රෝගයක පූර්ව රෝග ලක්ෂණයකි.නිතර නිතර ඇතිවන ඇඟපත වේදනාව ඔබේ දෛනික ජීවිතයේ වැඩකටයුතු අඩාල කරවයි. ඇතැම් විට ඇවිදීම, වාඩි වීම හෝ වැතිරී සිටීම පවා අපහසු අත්දැකීමක් ලෙස ඔබට දැනෙන්නට ඉඩ තිබේ.කාල සීමාව අනුව ඇඟපත වේදනාව ප්‍රභේද 2කි:
හදිසියේ එක්වරම මතුවන හා කෙටි කාලයක් පුරා පවතින වේදනාව acute body pain නම් වේ. දිගු කාලයක් තිස්සේ නිතර නිතර මතුවන ඇඟපත වේදනාව උදාහරණයක් ලෙස ආතරයිටිස් තත්වයේදි ඇතිවන ඇඟපත වේදනාව chronic body pain හෙවත් නිදන්ගත ඇඟපත වේදනාව යටතේ හඳුන්වයි.
ඇඟපත වේදනාව ඇතිවීමට බලපෑ හැකි විවිධ හේතු පවතියි.

- දැඩි ලෙස ව්‍යායාම වල යෙදීම හෝ ව්‍යායාම කිරීමේදි සිරුරට අනතුරු ඇතිවීමකදී
- උණ
- සෙම්ප්‍රතිශ්‍යාව
- වසංගත උණ
- ආතතිය
- විජලනය
- නින්ද නොමැතිකම
- ෆයිබ්‍රොමයැල්ජියා (සිරුරේ නිදන්ගත වේදනාව)
- සිරුරේ තරල තැන්පත්වීම
- ආතරයිටීස්
- හයිපොකැලීමියා (සිරුරේ පොටෑසියම් මට්ටම් අඩුවීම)
- මන්දතයිරොයිඩතාව (සිරුරේ තයිරොයිඩ් මට්ටම් අඩුවීම)
ඇඟපත වේදනාව සමනය කරගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි සරල පිළියම් කිහිපයක් ගැන පහත දැක්වේ.

සිසිල් තැවීම් සිරුරේ ප්‍රදාහය හා වේදනාව සමනය කිරීමට සිසිල් සම්පීඩනය උපකාරී වේ.ආතරයිටිස් තත්වයට මෙය හොඳ පිළියමකි.වේදනාව ඇතිවන ප්‍රදේශ වල ස්නායු ආවේග මන්දගාමි කරවමින් වේදනාවට සහනය සලසයි.අයිස් පැක් එකක් හෝ කුඩා තුවායක අයිස් කැට කිහිපයක් දමා පොට්ටනියක් ලෙස සකසා භාවිතයට ගන්න.වේදනා දෙන ප්‍රදේශය මිනිත්තු 10ක් පමණ තවන්න.දිනකට දෙවරක් මෙය කරන්න.
ඉඟුරු ඉඟුරු වල වේදනානාශක ගුණ බහුලයි.ප්‍රදාහය හා වේදනාව සමනය කිරීමට හොඳ ඖෂධයකි. ඔක්කාරය අපහසුතා ද දුරුකරයි.ගාගත් ඉඟුරු තේ හැඳි 1ක් තේ කෝප්පයට එක්කර මිනිත්තු කිහිපයක් තම්බා පානයට ගන්න.ගාගත් ඉඟුරු වතුර සහිත පෑන් එකකට දමා උණු කරගන්න.වතුර පෙරා දවස පුරාවට පානයට ගන්න.කොළ පුල්ලි සහිත ඉඟුරු කැබලි දිලීර වර්ධනය සහිත ඒවා විය හැකි නිසා ඒවා භාවිත නොකරන්න.
වදකහ වදකහ වල ප්‍රතිප්‍රදාහක හා වේදනානාශක ගුණ මෙන්ම සිරුර සුවපත්කරවන ගුණද අඩංගුයි.වේදනාව සමනය කරමින් සමස්ත සිරුරේම ප්‍රතිශක්තිය වඩවයි.කහ කුඩු තේ හැඳි 1ක් උණු කිරි වීදුරුවක මිශ්‍ර කර, මී පැණි ස්වල්පයක් ද දමා දිනකට එක්වරක් පානය කරන්න.
කුරුඳු කුරුඳු සිරුර සුවපත්වීම වැඩිදියුණු කරයි.ප්‍රතිප්‍රදාහක හා වේදනානාශක ගුණ බහුල බව අධ්‍යයන මඟින් ද ඔප්පු කර ඇත.ඉඟුරු කැබලි කිහිපයක් කුඩුකරගන්න, ඉන් තේ හැඳි 1/2ක් පමණ උණු කිරි කෝප්පයකට මිශ්‍ර කර, මී පැණි ස්වල්පයක් ද සමඟින් දිනකට එක්වරක් පානය කරන්න.

අබ තෙල් අම තෙල් වල ඇලිල් ඉසොතයොසයනේට් නම් සංඝටක අඩංගුය. ඒවා වේදනාව අඩුකිරීම මෙන්ම සිරුරේ ප්‍රදාහය සමනය කිරීමට ද ප්‍රතිලාභ දේ. උණුසුම් අබ තෙල් වලින් සිරුර සම්බාහනය කිරීම සිරුරට හොඳ සැහැල්ලුවක් ඇතිකරයි.අබ තෙල් ස්වල්පයක් පෑන් එකේ හෝ මයික්‍රෝවේව් උඳුනේ මදක් රත්කරගන්න.සිරුරේ තෙල් ආලේප කර මිනිත්තු 10ක් පමණ හොඳින් සම්බාහනය කරන්න.සතියකට දෙවරක් පමණ මේ සත්කාරය කරන්න.
ලුණු වතුර ලුණු වතුර වල ප්‍රතිප්‍රදාහක ගුණාංග ඇතිනිසා පේශී තැලුම් ස්වභාවය සමනය කරවයි.තීව්‍ර ව්‍යායාම වල යෙදීමෙන් පසු සිරුර සැහැල්ලු කරගැනීමට හොඳ සත්කාරයකි.ලුණු කෝප්පයක් උණුසුම් වතුර පිරවූ නාන තටාකයට දමා, කළවම් කරන්න. මිනිත්තු 20ක් පමණ එහි බැස සිටින්න.තවත් ක්‍රමයක් ලෙස,උණුසුම් ලුණු වතුරේ තුවායක් පොඟවා, අතිරික්ත වතුර මිරිකා හරිමින් සිරුරේ වේදනා දෙන ප්‍රදේශය තවන්න.දිනකට එක්වරක් මෙය කරන්න.
චෙරි යුෂ සිරුරේ වේදනාව හා ප්‍රදාහය අඩුකිරීමේ හැකියාව චෙරි යුෂ වල ඇත.මේවායේ ඇති ඇන්තොසයනින් වර්ණක පර්යන්ත ශරීර කොටස් (අත් හා කකුල් වැනි) වල ස්නායු වේදනාවට ප්‍රතිකාරයක් බව විශ්වාස කෙරේ.රස නොකළ චෙරි යුෂ වීදුරුවක් දිනකට එක්වරක් පානය කරන්න.ඇඹුල් චෙරි ආහාරයට ගැනීමත් ගුණදායක බව අධ්‍යයන වල පෙන්වාදේ.

කෙසෙල් කෙසෙල් වල ටයිරමින් අඩංගුයි. මේවා පරණ කළ චීස්, ඇතැම් බියර් වර්ග වල ඇතුළු ඇතැම් ආහාර පාන වල අඩංගු වන ප්‍රෝටීනයකි. මෙය මිග්‍රේන් හිසරදය උත්සන්න වීමට බලපාන උත්කෝපකයකි. ඔබ මේ තත්වයෙන් පෙළෙන කෙනෙක් නම් කෙසෙල් ආහාරයට ගැනීම හැකිතාක් සීමා කිරීම සුදුසු වනු ඇත.
රක්තවාතය හේතුවෙන් ඇතිවන ඇඟපත වේදනාවෙන් පෙළෙන්නේ නම් කෙසෙල් වල අඩංගු ඉහළ විටමින් සි අන්තර්ගතය ඉතා ගුණදායිය.හයිපොකැලීමියා හෙවත් පොටෑසියම් ඌනතාවෙන් පෙළෙන අයට කෙසෙල් ඉතා ගුණයි.පොටෑසියම් වලින් අනූන නිසා බඩපිපුම අඩුකිරීමට මෙන්ම කෙණ්ඩා පෙරළීම් අවම කිරීමට ද උපකාරී වේ.පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ඇති අයට කෙසෙල් යනු නිර්දේශ කෙරෙන ආහාර වලින් එකකි.ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීම හෝ ඒවා සමඟ යෝගට් මිශ්‍ර කර ස්මූති එකක් සකසා පානය කිරීම ඔබට කළ හැකියි.වට්ටක්කා ඇට, හණ ඇට වැනි ඇට හා නට් වර්ග වල මැග්නීසියම් බහුල නිසා ඒවා ද ස්මූති පානය රසවත් මෙන්ම ගුණදායි කරගැනීමට එක්කරගත හැකිය.මැග්නීසියම් පේශි ඇඹරීයාම් හ පෙරළීම් අඩුකිරීමට උපකාරි වන පෝෂකයකි.