අද අපේ අම්මලාට දරුවාට බත් කටක් කවා ගන්නට චිකන් සර්ප්‍රයිස් මැගී සුප් කැට නැතුවම බැරිවෙලා. සොසේජස්, අජිනමොටෝ දමා සාදන සුප් කැට නැත්නම් කෑම එපා කියන තැනටම පත්වෙලා. ගෙදර හදන කෑම ටිකට වඩා සෝබනේට dinner out යන උදවියට කොකා කෝලා එක නැතුවම බැරිවෙලා. නමුත් අදටත් මුදල් වාසිය බලා මිනිසුන්ගේ මරණයට පාර කපන බහු ජාතික සමාගම් මාෆියාව ගැන හැමෝම නිහඬයි. කොතෙකුත් මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරත් එය ඔවුන්ගේ හාස්‍යට ලක් වෙනවා මිස වන ඵලයක් නම් නැති තරම්.
නමුත් මේ වස විස ගිලින සහ තමන්ගේ දරුවන්ට ගිල්වන ඔබ දිනෙක පිළිකාවට ගොදුරුක් වුණොත් ඔබේ ආදරණීයන්, ඔබේ දරුවා පිළිකා රෝගියෙක් වුණොත් එදාට ඔබට දරා ගන්නට නොහැකි වේවි. ඔබම සිතා බලන්න එදා අපේ මුතුන් මිත්තන් හට පිළිකා දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝග තිබුණද කියලා. නමුත් අද කුඩා දරුවාට පවා පිළිකා රෝගවලට ගොදුරු වෙනවා. මේ සියල්ලටම වැරදි බහු ජාතික සමාගම් පමණක් නෙවෙයි. සිතන්නට විමසන්නට බුද්ධියක් ඇති අපි හැමෝම වැරදිකාරයෝ. ඉතින් ඔබත් කියවන්න. දැනුවත් වෙන්න.
අද වෙද්දි බාල මහලු තරුණ හැමෝම කොත්තුවක් රයිස් එකක් එක්ක ගන්නා ජනප්‍රියම පානය බවට පත්වෙලා තියෙන්නේ කොකා කෝලා. මේ පානය ජනප්‍රිය කරවන්නට වෙනත් ඕනම නිෂ්පාදකයකදී වගේම වෙළදපොල දැන්වීම් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම තමන්ගේ නිෂ්පාදනය ගුණාත්මක බවින් අඩුවුණත් වැඩි වුණත් ප්‍රසිද්ධ වැඩ සටහන් ක්‍රීඩා තරග ආදිය සඳහාත් අනුග්‍රාහකත්වය ලබාදීම මගින් පාරිභෝගිකයන් තමන්ගේ දැලට හසුකර ගන්නට නිෂ්පාදකයෝ සමත් වෙනවා. ඉතින් මේ වෙද්දි කොකා කෝලා වෙළදපොල ආක්‍රමණය කරලා අවසන්.

කොකාකෝල සමාගම වසරකට අලෙවි කරන බීම බෝතල් ගණන බිලියන 120ක්. කොකා කෝලා සමාගම එක් තත්පරයක් තුළදී ලෝකය පුරා බීම බෝතල් 4000 ක් අලෙවි කරනවා. මේ කොකාකෝලා සමාගමට අනුබද්ධ අනෙකුත් සමාගම තමයි sprite, Dasani, Fanta කියන්නේ. නමුත් අපි හැමෝම දන්නවා වකුගඩු රැක ගන්න පිළිකාවලින් ආරක්ෂා වෙන්න දියවැඩියා රෝගයෙන් බේරෙන්නට නොගත යුතුම ආහාර ලැයිස්තුවේ තියෙන පානයන් තමයි පැණි බීම වර්ග. එහෙම නැත්නම් සෝඩා හෝ කෝලා වගේ කාබනීකෘත බීම වර්ග. මේ පානයන් අපේ ආහාරයට එකතු කර නොගත යුතුම දේවල්. නමුත් අවාසනාවට අපේ උදවියගේ ප්‍රියතම පානයන් වෙලා තියෙන්නෙත් ඒවා තමයි.
මේ කොකෝ කෝලා අපේ රටේ වගේම ලෝකයේ රටවල් 200 ක පමණ අලෙවි වන සිසිල් බීම වර්ගයක්. මේ කොකෝ කෝලාවල අඩංගු වෙන සංයෝග අපේ ශරීරයට ගෙන දෙන හානි සුළු පටු නැහැ. කෝලා සහ පෙප්සිවල ෆොස්ෆරික් අම්ලය අඩංගු වෙනවා. ඒ හැරුණාම සිසිල් බීම අධි ශීත කිරීම සඳහා එතිලයින් ග්ලයිකෝල් ද භාවිතා කෙරෙනවා. මේ රසායන ද්‍රව්‍යයෙන් බිංදු කිහිපයකට හැකියාව තියෙනවා යම් ද්‍රාවණයක් සෙල්ෂියස් අංශක 0 දී පවා මිදීමට ලක් නොකර තබා ගන්නට.ඒ වගේම මේස කෝප්පයකින් භාගයකින් පමණ ප්‍රමාණයක සීනි එක කොකා කෝලා කෑන් එකක අන්තර්ගත වෙනවා. අද වෙද්දි සාමාන්‍ය කොකා කෝලා හැරුණාම ඩයට් කොකා කෝලා යන නමින් වන සීනි අඩංගු නොවන බව සඳහන් කරන කොකා කෝලා වර්ගයක් ද දකින්නට පුළුවන්. නමුත් සීනි වෙනුවට කෘතීම ආදේශක හා රසායන එයට එකතු කර තිබීම අපේ දේහයට බෙහෙවින්ම අහිතකර බලපෑම් ඇති කරන්නට සමත් වෙනවා.
දියවැඩියාව සහ තරබාරුව සාමාන්‍යයෙන් දෛනිකව මිනිසාට අවශ්‍ය කරන්නේ සීනි තේ හැදි 6 ක් පමණයි. ඒ වගේම තමයි සීනි කියන්නේ ඇබ්බැහි වන සුළු දෙයක්. කොකා කෝලා පානයෙන් ඔබේ රුධිරයේ සීනි ම්ට්ටම ඉතා ඉක්මනින් ඉහළ දමා නිසා රෝග බොහොමයක්ම ඇති කරනවා.
අස්ථි සහ දත් දිරායාම සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 දී පමණ ශරීරයේ අස්ථි වර්ධනය නතර වෙනවා. ඒ නිසාම තමයි දරුවන්ට අස්ථි හොඳින් වැඩීමට අවශ්‍ය කරන ආහාර පාන ඒ වයස්වලදී ලබාදිය යුත්තේ. කොහොම නමුත් අපි ගන්නා ආහාරවල ආම්ලිකතාවය අනුව අස්ථිවලින් 8%- 18% ක ප්‍රමාණයක් සෑම වසරකම දියවී යනවා. අස්ථි දිරායාම, දියවී යාම නිසා වයස අවුරුදු 40 පමණ වෙද්දි ඔස්ටියෝපොරෝසීස් වගේ රෝගත් බොහෝ කාන්තාවන්ට ඇතිවෙනවා. නමුත් ඔබ කොකා කෝලා පානය කරන අයෙක් නම් ඔබේ අස්ථි දියවීම ඉතා ඉක්මන් වීම සිදුවෙනවා.
- දිගු කාලීන පිළිකා ඇතිවීම
- ස්නායුවලට හානි ඇතිවීම
- වඳභාවය
- නොමේරු දරු උපත්
- සරුභව අඩුවීම
- සිතීමේ හැකියාව අඩු කිරීම
- වකුගඩුවලට හානි ඇති කිරීම
- ක්ෂණික මරණය

පැයක් තුළ ඔබ කොකාකෝලා ලීටර් 4 ක් පානය කළොත් අනිවාර්යෙන්ම ඔබ මරණයට පත්වෙනවා. මොකද මෙහි අඩංගු වෙන එතිලයින් ග්ලයිකෝල් ආසනික් මාත්‍රාවේ ක්‍රමයෙන් විසවන රසායනිකයක් නිසා. ඒ හැරුණාම අධිකව කාබන්ඩයොක්සයිඩ් ශරීරගත වීමෙන් සිහිසුන්වී ජීවිත හානි ඇතිවීමට ඉඩකඩ පවතිනවා.
අදටත් මේ කොකා කෝලා තහනම් නොවුණත් මේ හානිදායක පානය තහනම් කිරීම සඳහා විවිධ සංවිධාන විවිධ කණ්ඩායම් අවස්ථා ගණනාවකදීම උත්සාහ දරා තියෙනවා. නමුත් අවාසනාවට අදටත් මේ කොකා කෝලා ඇතුළු සිසිල් බීම කියන වස විස තහනම් කරන්නට හැකියාව ලැබි නැහැ. කොකා කෝලා විතරක්ම නෙවෙයි විවිධ නම්වලින් කාලෙන් කාලයට දකින්නට ලැබෙන ශක්තිජනක පානයන්, ඩයට් පානයන් ඇතුළු සියළුම පැණි බීම වර්ග අපේ දේහයට ඉතාම අහිතකරයි. විශේෂයෙන්ම කෘතීම ආහාර පාන ඇතුළු මෙවැනි බීම වර්ගවලින් ඔබ ඈත්වෙන තරමට ඔබ සෞඛ්‍යසම්පන්නයි.