වර්තමානය වන විට අස්ථි දුර්වල වීමෙන් බොහෝ දෙනෙකු ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් වැනි රෝගයන්ට ගොදුරු වී තිබේ.එමෙන්ම මෙම රෝග හේතුවෙන් ඇතිවන සන්ධි වේදනා ,ඉදිමුම් … ආදී රෝග සංකූලතා වේදනාකාරී වේ. වයස් භේදයකින් තොරව නීරෝගී ක්‍රියාශීලී දිවියක් ගත කිරීම සඳහා අස්ථි ශක්තිමත් ව පැවතීම අතවශ්‍යවේ. දිගු කාලයක් අස්ථි නීරෝගීව පවත්වා ගැනීමට අප ගනු ලබන ආහාර වැඩි දායකත්වයක් සපයනු ලබයි. කැල්සියම්, විටමින්, A, D,K, මැග්නීසියම්,පොස්පරස් ….ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර භාවිතා කිරීමෙන් අස්ථි නීරෝගීව පවත්වා ගත හැකිය. මෙම ආහාර නිතර පරිභෝජනය කිරීමෙන් අස්ථි ශක්තිමත් කර ගත හැකිය. එමෙන්ම අස්ථි සම්බන්ධ රෝග නිසා ඇතිවන සන්ධි වේදනා ඉදිමුම් සුව කර ගත හැකිය.

තල -නොයෙක් ආහාර වර්ග නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා තල අස්ථි ශක්තිමත් කිරීමට ඉවහල් වන ගුණදායක ආහාරයක් වේ. පොස්පරස් ,කැල්සියම් ,මැග්නීසියම් ,විටමින් D,K යනාදී බෝහෝමයක් පෝෂ්‍ය සංඝටක තලවල අන්තර්ගත වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ අස්ථි ශක්තිමත් කරමින් ඒ ආශ්‍රිතව ඇතිවන රෝග වැළැක්වීම සදහා ද උපකාරී වේ. දිනකට වරක් හෝ තල ආහාරයට ගැනීම යහපත් අස්ථි සෞඛ්‍යයක් පවත්වා ගන්නට උපකාරී වේ.
නිවිති -කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු නිවිති ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් කර ගත හැකිය. ඊට අමතරව නිවිති වල අඩංගු යකඩ ,විටමින් C වැනි පෝෂ්‍ය පදාර්ථ ගෙවී ගිය අස්ථි,පටක නැවත වර්ධනය කර අස්ථි ශක්තිමත් කිරීම සිදුකරයි. එනම් නිවිති ආහාර පිසින විට , සුප් සකස් කරන විට එක් කොට ආහාරයට ගත හැකිය. එනම් ඉන් ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
සැමන් මාළු -බෝහෝමයක් දෙනා ප්‍රිය කරන ආහාරයක් වන සැමන් අස්ථි ශක්තිමත් කරන පෝෂණීය ආහාරයක් වේ. සැමන් වල අන්තර්ගත විටමින් D, ඔමේගා 3 , ප්‍රෝටීන් ,කැල්සියම් යන පෝෂ්‍ය පදාර්ථ අස්ථි ශක්තිමත් කිරීම සදහා උපකාරී වේ. සැමන්වල අන්තර්ගත විටමින් D කැල්සියම් ශරීරයට අවශෝෂණය කර ගැනීම සදහා උපකාරී වේ.
පිටත කට්ට සහිත මුහුදු ආහාර -පිටත කට්ට සහිත මුහුදු ආහාර නිතර භාවිතා කිරීමෙන් අස්ථි වල නීරෝගී භාවය වර්ධනය කර ගත හැකිය. මුහුදු බෙල්ලන්, ඉස්සන් ,පොකිරිස්සන් වැනි මුහුදු ආහාරවල ඇති කැල්සියම් අස්ථි ශක්තිමත් කිරීමට දායක වේ.
යෝගට් -යෝගට් වල පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. එනම් විටමින් ,ඛනිජ ලවණ, කැල්සියම් ඒ අතර ප්‍රධාන වේ. අස්ථි ශක්තිමත් කර ගැනීමට මෙන්ම අස්ථි සම්බන්ධ රෝග ඇතිවීම වලක්වා ගැනීමට යෝගට් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දිනපතා යෝගට් ආහාරයට ගන්නේ නම් ඉන් ක්‍රියාකාරී ජීවිතයක් ගත කළ හැකිය.
හතු -මිනිස් ශරීරයේ නිරෝගී අස්ථි සැකැස්මක් පැවතීම අතිශයින්ම වැදගත් වේ. ඒ අනුව අස්ථි සෞඛ්‍ය නිරෝගිමත්ව පවත්වාගෙන යාම සඳහා හතු ඉතා අගනා ආහාරයකි. හතු ආහාරයට ගැනීමෙන් කැල්සියම් අවශෝෂණය කර ගැනීම හොඳින් සිදුවන අතර එය අස්ථි නිරෝගීතාවයට හේතුවේ. තවද බිම්මල්වල අඩංගු සෙලේනියම් පෝෂකය අස්ථි ශක්තිමත් කිරීමට දායක වේ. ඒ අනුව ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත බිම්මල් ආහාරයට ගැනීමෙන් අස්ථි ප්‍රදාහ රෝගී තත්ත්ව ඉතා පහසුවෙන් වළක්වා ගැනීමට හැකි වේ. තවද දත්, නිය හා හිසකෙස් ශක්තිමත් කිරීමට ද බිම් මල් දායක වෙයි.
බණ්ඩක්කා-කැල්සියම් බොහෝ ප්‍රමාණයක් අඩංගු බණ්ඩක්කා ආහාරයට එක්කර ගැනීමෙන් දුර්වල වූ අස්ථි ශක්තිමත් කරගත හැකිය. විශේෂයෙන්ම වයස්ගත වීමත් සමග හෝ විටමින් ඌනතා මත ඇති වන ආතරයිටීස් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇතිවීම වලක්වාගැනීමට බණ්ඩක්කා ව්‍යංජනය හෝ බැදුම වඩාත් ගුණදායක වේ. ඊට අමතරව මෙම රෝගය සදහා බොහෝ දෙනෙකු බණ්ඩක්කා කරල් කිහිපයක් ගෙන තම්බා එම වතුර පානය කිරීම සිදුකරයි.

චීස්-බොහෝ විට කුඩා ළමුන් වැඩි වශයෙන් ආහාරයට ගන්නා චීස් යනු වැඩිමහල් පුද්ගලයින් සඳහා ද සුදුසු ආහාරයකි. එනම් චීස්වල විටමින් A,D රයිබොප්ලෙවින් , පොටෑසියම්, පොස්පරස් ආදී අස්ථි නීරෝගී කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුවේ. මේ නිසා වයස් භේදයකින් තොරව චීස් ආහාරයට එක් කර ගත හැකිය. එනම් ඉන් ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය.
බීට්රූට්-අස්ථි පද්ධතිය ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා බීට්රූට් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.බීට්රූට් ආහාරයට ගැනීමෙන් බීට්රූට් වල අඩංගු කැල්සියම්, විටමින්,යකඩ අස්ථි ශක්තිමත් කරයි. මේ සඳහා බීට් රූට් ව්‍යාංජනයක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය.
කිරි -බාල මහලු වයස් භේදයකින් තොරව කිරි පානය කිරීමෙන් අස්ථි ශක්තිමත් කර ගත හැකිය. දිනපතා නැවුම් කිරි වීදුරුවක් පානය කිරීමෙන් කිරිවල අඩංගු විටමින් A, D,B12, වැනි පෝෂ්‍ය පදාර්ථ අස්ථි ශක්තිමත් කර ආතරයිටීස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීම වළක්වනු ලබයි.
මේ ආදී වූ විටමින්, ප්‍රෝටීන්,යකඩ, කැල්සියම්, විටමින්D,K පොස්පරස්, මැග්නීසියම් අඩංගු ආහාර නිතර භාවිතා කිරීම මගින් අස්ථි ශක්තිමත් කර ගෙන අස්ථි ආශ්‍රිතව ඇති විය හැකි රෝග වලින් ආරක්ෂා විය හැකිය.