ලෝකයේ ජීවත් වන යම් පුද්ගලයෙකුම සතු බුද්ධි මට්ටම එක හා සමාන නැහැ. ඇතැම් අය වඩා තියුණු බුද්ධි මට්ටමකින් යුක්ත වුණත් ඇතැම් අයගේ බුද්ධි මට්ටම ඉතා පහළයි. ඉතින් පුද්ගලයාගේ බුද්ධිමත්භාවයට බලපානු ලබන්නේ අපේ මොළයේ ක්‍රියාකාරිත්වය. අපේ මොළය සකස් වෙලා තියෙන්නේ නියුරෝන ගොන්නක් එකතුවීමෙන්. නැත්නම් සෛල ගණනාවක් එකතුවීමෙන්. මේ එක් ශාඛාවක් දික්වී තවත් නියුරෝනයක් හා බැදෙනවා. සිතීම, ඉගෙනීම, මතකය ආදී අපි අත්දකින දේවල් ආදී සෑම සියලු දෙයක්ම ඒවා අතර රසායනික බැඳීම් හරහා සිදු වෙනවා.එක් නියුරෝනයක තවකෙක් හා නිතර බැදුණ විට ඒ බැඳීම ශක්තිමත් වෙනවා.
කුඩා කාලයේදී කියාගන්නට අපහසු වචන කාලයක් යද්දි හුරුවුණාම ආයාසයකින් තොරව හසුරවන්නට පුළුවන්. ඉතින් සියලුම මානසික ක්‍රියාවලි සිදු කරන මොළයේ ස්නායු අතර සිදුවන ස්නායු ආවේග ගමන් කරන වේගය මිනිසාගේ බුද්ධිමත්භාවය තීරණය කරන එක් සාධකයක්. ඉතින් අපේ ඉදිනෙදා ජීවිතයේදී අපි මොළයෙන් 100%ක්ම වැඩක් ගන්නේ නැහැ. ඒ නිසා මොළය සම්පූර්ණයෙන්ම සක්‍රීය මට්ටමේ පවතින්නේ නැහැ. අපේ බුද්ධිමත්භාවය වැඩි කරගන්නට අපේ මොළයේ ක්‍රියාකරිත්වය වැඩි කරගත යුතුයි. අද අපි කතා කරන්නේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කර ගන්නට කළ හැකි දේ පිළිබඳවයි.
සාමාන්‍ය පුද්ගලයෙක් භාවිතා කරනු ලබන්නේ මොළයෙන් 5% ක් පමණයි.ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපනයක් ලබාගෙන රැකියාවක් කරන්නට අවශ්‍ය කරන්නෙත් මොළයෙන් 5% යි. ඉතිරි 95% ම සාමාන්‍ය අවස්ථාවලදී අක්‍රීයව පවතිනවා. බුද්ධිමත්භාවය නීර්ණය සඳහා දැනට පිළිගත් ක්‍රමවේදය වෙන්නේ intelligence quotient හෙවත් IQ අගයයි. සියවසේ මහා බුද්ධිමතා ලෙස සැලකෙන අයින්ස්ටයින්ගේ IQ අගය 160ක්. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මේ IQ අගය 80-120 වන අතර 120 ට වැඩි අය ඉහළ බුද්ධිමතුන් ලෙසටයි සලකනු ලබන්නේ. ලෝකය වෙනස් කළ මහා බුද්ධිමතුන්ගේ අගය 160 ට ආසන්න හෝ 160 ඉක්මවූ අයයි.මේ IQ අගය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ ඒ ඒ පුද්ගලයන් මොළය සක්‍රීයව භාවිතයට ගනු ලබන ප්‍රමාණය අනුවයි.
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග

ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම අපේ ශරීරයේ සෑම අවයවයකම නීරෝගී පැවැත්මට සහ කාර්යක්ෂමතාවයට විවේකය අත්‍යවශ්‍යයි. ඒ ආකාරයටම මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය සඳහා ප්‍රමාණවත් විවේකයක් මොළයටත් අවශ්‍ය වෙනවා.
පැය 6 ක අඛණ්ඩ නින්දක් ලබා ගැනීම සාමාන්‍යයෙන් පැය 6 ක නින්දක් ලබා නොගැනීම මොළයට හිතකර වන්නේ නැහැ. ඇතැම්විට අධ්‍යාපනය ලබන දරුවන් රාත්‍රී කාලයේදී බොහෝ සේ පාඩම් කළත් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්නට බැහැ.මොකද දවල්ට වගේම රාත්‍රීයටත් මොළය බොහෝසෙයින් වෙහෙසීමට ලක්වෙලා පැය 3-4 ක් නිදා ගනිද්දි මොළයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ නැහැ.කොතරම් පාඩම් කළත් කරුණු මතකයේ රඳවා ගන්නට පැය 6 ක නින්දක් අවශ්‍ය වෙනවා.බුද්ධිමත්බව වර්ධනයට ගැඹුරු නින්ද තුළ පැය 3-4 ක් පමණ කාලයක් මොළය විවෙකීව තැබිය යුතු වෙනවා.
ව්‍යායාම් කිරීම ශාරීරික ව්‍යායාම්වල නිරත වීම මොළය ඇතුළු සියලුම අවයවයන්වල ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගන්නට උපකාරී වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ව්‍යායාම්වලට වඩා හෘද ස්පන්දනය වැඩිවෙන දිවීම ආදී ව්‍යායාම් මගින් මොළයට සැපයෙන රුධිර සැපයුම ඉහළ යන නිසා එය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්නට හේතු වෙනවා.
විද්‍යාව සහ බුදු දහම අධ්‍යයනය අනෙක් විෂයන්වලට වඩා මේ විෂයන් හැදෑරීමේදී මොළයේ සියලු ප්‍රදේශ උපයෝගී කරගනු ලබන නිසා මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.

- ඇසීම, සමබරතාවය, අත්වල චලන, පාදවල චලන, තර්ක කිරීම ආදී ක්‍රියාකාරකම් සඳහා උත්සාහ කිරීම
- චිත්‍ර ඇදිම
- ගීත ගායනා කිරීම
- සංගීතයට ඇහුන්කම් දීම
- සංගීත භාණ්ඩ වාදනය කිරීම
- පරිගණකවකවල keyboard මගින් වේගයෙන් type කිරීම
- නර්තනයේ යෙදීම
- හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගැනීම
- පිහිනීම
- කවි, නිසදැස් ආදී ලිවීම්වල නිරත වීම
- නව භාෂාවක් ඉගෙන ගැනීම
- එක් වර්ගයේ පොත් වර්ගයකට සීමා නොවී විවිධ වර්ගයේ පොත් කියවීම (චිත්‍රපටයක් නරඹනවිට මොළය වෙහෙසවී සක්‍රීය වීමක් වෙන්නේ නැහැ. නමුත් පොතක් කියවන විට චිත්ත රූප මැවීම සමඟ මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා.)

- විවිධ වර්ගයේ ගීත ඇසීම
- දුරකථනයේ හෝ පරිඝණයේ operating system වෙනස් කිරීම
- සංචාරය කිරිම හා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීම
- නුහුරු දේ කිරීම
- දකුණු අතින් ලියන අයෙක් වම් අතින් ලිවීමට හුරුවීම
- දකුණතින් බත් කන අයෙක් වමතින් බත් කන්නට හුරුවීම
- තේ හදන විට සීනි දියකරන අත මාරු කිරීම
- වතුර කලය ගේන පැත්ත මාරු කිරීම
- පරිගණක භාවිතයේදී maouse එක භාවිතා කරන අත මාරු කිරීම
- IQ games brain games ආදියේ නිරත වීම
- චෙස් දාම් ආදී ක්‍රීඩාවල නිරත වීම
- මැහුම් ගෙතුම්, කැටයම් හා අත්කම් නිර්මාණවල නිරත වීම
- භාවනා කිරීම හෝ බුද්ධිය වර්ධනය කරවන යෝගවල යෙදීම
- දුක තරහ මගහැර සැහැල්ලුවෙන් ජීවත්වීම
- පවුලේ අය සහ අසල්වාසීන් සමඟ සුහදව කතාබහ කර විනෝදයෙන් සැහැල්ලුවෙන් දවස් ගත කිරීම
- වැඩිපුර ජලය පානය කිරීම
- මත්පැන් හා දුම්පානයෙන් වැළකීම
අපි හැමෝටම මොළයක් තිබුණට එහි ක්‍රියාකාරිතවයෙන් අඩකටත් වඩා අක්‍රීයව පැවතීම පුද්ගලයාගේ බුද්ධිමත්භාවය අඩු වැඩි කරනවා. ඒ නිසා නිතර යෙදෙන ක්‍රියාකාරම් නොව අලුත් අලුත් දේ කරන්නට සිතන්නට මනස මෙහෙයවීම මගින් මොළයේ අක්‍රීය කොටස් සක්‍රීය කර මොළයේ ක්‍රියාකාරිත්වය 100% ක් වර්ධනය කර ගන්නට උපකාරී වෙනවා.