මොළයේ පිළිකාවක් හැදීගෙන එන බව කල්තියා පෙන්නුම් කරන රෝග ලක්ෂණ 12 ක්

health tips

අපේ ශරීරයේ වැදගත්ම අවයවයක් තමයි මොළය . මොළයට යම් හානියක් වුණොත් එය අපේ සමස්ත දේහයේ නිරෝගී බවට අහිතකර විදියට බලපෑම් කරනවා .ඉතින් අපි හැමෝම වඩාත් බිය වෙන රෝගයක් නේ පිළිකා කියන්නේ. මේ මොළය ආශ්‍රිතවත් දරුණු ගණයේ පිළිකා ඇති වෙනවා. ඒවා අපිට ජීවිතය පවා අහිමි කරන්නටත් සමත් වෙනවා. මොළයේ පිළිකා  කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැළදෙනවා. මොළයේ ඕනෑම් ස්ථානයක ඇති සෛලයකින් පිළිකා වර්ධනය වෙන්නට පුළුවන්. එහිදී මතුවන සෛල වර්ගය, එමගින් ඇතිවන රෝග ලක්ෂණ ආදිය මත ප්‍රතිකාර තීරණය කරනු ලබනවා. ඉතින් අපි අද ඔයාට කියන්නේ මොළයේ පිළිකාවක් වර්ධනය වෙන බව හඳුනා ගත හැකි ලක්ෂණ ගැන ඔබව දැනුවත් කරන්නට .

මේ රෝගයේ ලක්ෂණ පිළිකාව ඇති ස්ථානය අනුව වෙනස් වෙනවා. මොළයේ විවිධ ස්ථාන මගින් අපේ ශරීරයේ විවිධ ස්ථානවල ක්‍රියාකාරිත්වය සිදු කෙරෙන නිසා ඒ ඒ ස්ථාන අනුව ඇතිවන රෝග ලක්ෂණවල වෙනස්වීම් දකින්නට පුළුවන්. වැඩිහිටියන්ගේ මොළයේ පිළිකා හටගැනීම ආකාර දෙකකට සිදුවුණත් දරුවෙකුගේ නම් 99% ක්ම පිළිකා ගෙඩිය මතු වෙන්නේ මොළය තුළමයි.

නිතර ඇතිවන තද හිසේ කැක්කුම මෙවැනි හිසේ කැක්කුමක් උදෑසන කාලයේ ඇති වෙනවා නම් කැස්ස, ව්‍යායාම්වල නිරත වෙන අවස්ථාවක ආදී ඔළුව සෙළවෙන අවස්ථාවක හිසේ කැක්කුම ඇති වෙනවා නම් සැලකිලිමත් වෙන්න.

ඇසීමේ පෙනීමේ හා කතා කිරීමේ ගැටළු කතා කිරීම සහ ඇසීම කියන අවස්ථාවලට මොළය ඍජුවම සම්බන්ධයි. ඒ නිසා මොළයේ ගැටළුවලදී කෙටි කාලීන මතකය අඩුවීම, කතා කිරීමේදී වචන සිහි කැඳවීමේ අපහසුව, යමක් පැහැදිලි කිරීමේ අපහසුව, අන් අය කියනා දේ තේරුම් ගැනීමේ අපහසුව, අවධානය යොමු කිරීමේ අපහසුව ආදී දේවල් ඇතිවෙනවා. ඒ නිසා මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

අපස්මාරය උණ ඇතිවන අවස්ථාවේ ඇතිවන අපස්මාරයට වඩා මේ මොළයේ පිළිකාවක් ඇති අවස්ථාවේ දී අපස්මාරය ඇතිවීමේ වෙනස්කම් පවතිනවා . වයස මාස 6 ට වඩා අඩු දරුවන් සහ අවුරුදු 45 ට වැඩි වැඩිහිටියන්ට පළමු වතාවට වලිප්පු තත්ත්වයක් ඇති වෙන්නේ නම් එය මොළයේ පිළිකා නිසා වෙන්නට පුළුවන්. ඇතැම්විට වලිප්පුව සෑදෙන රෝගියෙකුට නම් වලිප්පුව සෑදෙන රටාව වෙනස්වීමක් දකින්නට පුළුවන් නම් එයත් මොළයේ යම් පිළිකා තත්ත්වයක් නිසා විය හැකියි.

  • උදෑසන කාලයේ ඔක්කාරය
  • දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අඩුවීම 
  • කුඩා දරුවන්ගේ හිසේ ප්‍රමාණය අසාමාන්‍ය ලෙසට විශාල වීම 
  • වෙනදාට වඩා ඉක්මනින් කේන්තියාම
  • පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් ඇතිවීම
  • මානසික ආතතිය වැඩිවීම
  • සමාජය ඉදිරියේ නුසුදුසු ආකාරයට හැසිරීම
  • නිතර මහන්සිය
  • නින්ද ලබා ගැනීමට අපහසුවීම 

ඉතින් මේ ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මොකද වයස් භේදයකින් තොරව වැළදෙන මේ මොළයේ පිළිකා තත්ත්වය පෙන්නුම් කරන මේ ලක්ෂණ නොසලකා හැරිය යුතු නැහැ.