සෑම දෙමව්පියෙක්ම උත්සාහ කරන්නේ බුද්ධිමත් දරුවෙක් මේ සමාජයට දායාද කරන්නට. ඉතින් ඒ සඳහා සඳහා දෙමව්පියන් වැඩිහිටියන් විදිහට ඔබට විශාල වගකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස් අවයව අතරෙන් පවතින ප්‍රධානතම අංගය තමයි මොළය. දරුවෙකු පිළිසිඳ ගත් මොහොතේ ඉඳලා ඒ දරුවාගේ මොළය වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම හරිම වැදගත්.
මව ලබාගන්නා පෝෂණය දරුවාගේ මොළය වර්ධනය වීමට අතිශයින්ම බලපානවා. දරුවෙකුගේ මුල් අවුරුදු තුනේදී මොළයේ සෛල අතර ඇතිවෙන සම්බන්ධතාවයන් ඉතා වේගවත් වන නිසා ඒ කාලය තුළ දී නිසි පෝෂණයක් ලබාදීම අනිවාර්ය වෙනවා. ඉතින් අපි ගන්නා සමහර ආහාර වර්ග අපේ මොළයේ වර්ධනයට ඉතාම හිතකර බව සඳහන් වෙනවා. ඒ නිසා කුඩා කාලයේ දී වගේම දරුවා විභාගවලට සූදානම් වන කාලයේදීත් මේ ආහාර දරුවාගේ සාමාන්‍ය ආහාර වේලට නිතර එකතු කර දුන්නොත් එය දරුවාගේ බුද්ධිය වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා.
වට්ටක්කා ප්‍රතිඔක්සිකාරක විශාල වශයෙන් අඩංගු වෙන වට්ටක්කාවල යකඩ බෙහෙවින් අන්තර්ගත වෙනවා. මේ යකඩ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම මේවායේ අඩංගු වන මැග්නීසියම් මොළයට හානි කරන රෝගවලින් අපව ආරක්ෂා කරන්නටත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා වට්ටක්කා ආහාරයට එකතු කර ගැනීම විතරක් නෙවෙයි වට්ටක්කා පිසීමේදී වට්ටක්කා ඇට අපතේ නොදමා දරුවන්ට ලබාදීමත් ඉතා වැදගත් බව සිහියේ තබා ගන්න.
කොළ පැහැති පළා වර්ග දෛනිකව ශරීරයට අවශ්‍ය විටමින් k ප්‍රමාණය කොළ පැහැති පළා වර්ග කෝප්පයක් ආහාරයට එකතු කර ගැනීමෙන් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම නිවිති, ගොටුකොළ, මුගුණුවැන්න වගේ පලා වර්ග දිනපතාම ඔබේ දරුවාගේ ආහාරයට එකතු කරන්නට පුළුවන්. මේ පලා වර්ග ආහාරයට ගැනීමෙන් පවුලේ සැමගේම නිරෝගී බව රැක ගන්නටත් හැකියාව ලැබෙනවා.

ලුණුවිල බොහෝ අයගේ ආහාර වේලෙන් ඈත් වෙලා තියෙන නමුත් ඉතාම ගුණදායක ආහාරයක් තමයි ලුණුවිල. ලවණ ගතිය ඉහළ ආහාරයක් වන ලුණුවිල අපේ මානසික ආතතිය පාලනය කිරීමටත් උදව් වෙනවා. විශේෂයෙන්ම මතක ශක්තිය වර්ධනයට උදව් වෙන ඖෂධීය පැළෑටියක් විදිහට තමයි මේ ලුණුවිල සැලකෙන්නේ. රුධිරයේ විෂ ඉවත් කරන්නටත් රුධිරය වර්ධනයටත් විශේෂ හැකියාවක් තියෙන ලුණුවිල සම්බෝලයක් විදිහට මැල්ලුමක් විදිහට වගේම යුෂ වශයෙනුත් ආහාරයට එකතු කරගන්න පුළුවන්.
කහ මානසික ආතතිය හොඳින් පාලනය කරමින් මොළයේ සෛල වර්ධනයට සහ මතක ශක්තියය වර්ධනයට උපකාරී වන අපූරු කුළුබඩුවක් තමයි කහ. දරුවාට පානයට දෙන කිරිවලට කහ එකතු කර පානයට දෙන්න පුළුවන්. ඊට අමතරව ආහාරවලින් පවා කහ අපේ දේහයට ලබා ගන්න හැකියාව තියෙනවා. මොකද සෑම ආහාරයකටම වගේ අපි කහ එකතු කරන්නට අමතක කරන්නේ නැහැ නේ.
තක්කාලි තක්කාලි පිසීමෙන් තොරව යුෂ වශයෙන් හෝ අමුවෙන් ආහාරයට ගන්නට පුළුවන් නම් එහි අඩංගු වෙන පෝෂය පදාර්ථ විනාශ වීමකින් තොරව අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. මෙහි අඩංගු වෙන ලයිකොපින් කියන විශේෂ ප්‍රතිඔක්සිකාරකය අපේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට උදව් වෙනවා. නමුත් මෙහිදී කාබනිකව වගා කළ තක්කාලි දරුවන්ට ලබා දෙන්නට මතක තබා ගන්න.
කෙසෙල් පොටැසියම්, විටමින් බී සහ ෆෝලික් අම්ලවලින් පරිපූර්ණ ආහාරයක් වන කෙසෙල් ගෙඩි දරුවන්ට ඉතාම සුදුසු පලතුරක්. ඒ ශරීරයට ප්‍රබෝධයක් ගෙන දෙන්නටත්, මතක ශක්තිය වර්ධනයටත් කෙසෙල්වලට සුවිශේෂී හැකියාවක් තියෙන නිසා.
ඩාර්ක් චොක්ලට් පාඩම් කරද්දි චොක්ලට් ආහාරයට ගන්නා එක අද බොහෝ දෙනෙක් අතර ප්‍රචලිතයි. නමුත් සාමාන්‍ය චොක්ලට් ආහාරයට ගැනීම අපේ ශරීරයට ඇතැම් අහිතකර බලපෑම් ඇති කරන්නට තියෙන ඉඩකඩ වැඩියි. නමුත් ඩාර්ක් චොක්ලට් එහෙම නැත්නම් තද කළු පැහැති කොකෝවලින් හදන ඩාර්ක් චොක්ලට් අපේ මතක ශක්තිය වර්ධනයට වගේම රුධිර ගමනය වැඩි කරන්නත් උදව් වෙනවා.
රුධිර පීඩනය යහපත්ව පවත්වා ගනිමින් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නටත් පුද්ගලයාව සතුටින් තබන හෝමෝන නිකුත් කිරීම වැඩි කිරීමත් කියන හැකියාවන් නිසා දරුවකුට, පාඩම් කරන ශිෂ්‍යයෙකුටඩාර්ක් චොක්ලට් සුදුසු ආහාරයක්.
තෙල් සහිත මාළු මොළය වඩවන ආහාර අතර තෙල් සහිත මාළුවලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. සැමන්, මැකරල්, ටූනා, සාඩින් වගේ මාළු වර්ගවල ඔමේගා ත්‍රී ෆැටි ඇසිඩ් අඩංගු වෙනවා. මේ මේ තෙල් වර්ගවලින් මොළයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරනවා. ඒ සඳහා මේ මාළුවල වැඩි ප්‍රතිශතයකින් අඩංගු වන ප්‍රෝටීන් ද උදව්වක් වෙනවා.
අලිගැට පේර දරුවන්ට ආහාරයට ලබාදිය යුතු තවත් සුවිශේෂී පලතුරක් තමයි අලිගැටපේර. මොනෝ අසංතෘප්ත මේදය අඩංගු වෙන නිසා මානසික සෞඛ්‍යය වර්ධනය කරනවා. ඒ විතරක් නෙවෙයි රුධිර ගමනය වැඩි කරනවා. විභාග සඳහා සූදානම් වන දරුවන්ට කිරි සමග අලිගැටපේර ලබා දෙන්නට පුළුවන් නම් එය මොළයේ ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගන්නටත් විශාල උපකාරයක්.

බිත්තර අඩු මිලකට විශාල පෝෂණයක් ලබා දෙන ආහාරයක් තමයි බිත්තර. වැඩෙන වයසේ දරුවන්ටත් වැඩිහිටි ඔබටත් නිරෝගීමත් ජීවිතයකට බිත්තර ආහාරයට ගන්නා එක හරිම වැදගත්. බිත්තරවල අඩංගු වෙනවා කෝලීන් මොලයේ වර්ධනයට සහ මතක ශක්තිය වැඩි කරන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා දිනපතාම උදේ ආහාර වේලට බිත්තර එකතු කර ගන්නට උනන්දු වෙන්න.
ඒ හැරුනහම සුදු ළූණු, හරිත තේ, ධාන්‍ය වර්ග, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල් යොදය සහිත කිරි, කජු රටකජු, තල, තෙල් සහිත ඇට වර්ග, නැවුම් පළතුරු සහ කුඩා මාළුන් ආදියත් දරුවාගේ බුද්ධිය වර්ධනයට මොළයේ ක්‍රියාකාරීත්වය යහපත්ව තියාගන්නටත් උපකාරී වෙනවා. පුද්ගලයෙකුගේ බුද්ධිය වර්ධනයට පෝෂණය විතරක් නෙවෙයි ජානමය සාධක සහ පරිසර සාධකත් බලපාන නිසා දරුවාට නිදහසේ කාලය ගත කරන්නට අවශ්‍ය පරිසරය ගොඩනගා දෙන එකක් දෙමව්පියන් විදිහට ඔබගේ සුවිශාල වගකීමක්.