හිසරදය ඕනෑම පුද්ගලයකුට ඕනම අවස්ථාවකදී ඇති වෙන්න පුලුළුවන්. නමුත් එකවර වඩාත් තදබල විදිහට හිසේ කැක්කුමක් ඇති වෙනවා නම් එය නොසලකා හරින්නට හැකි ලක්ෂණයක් නම් නෙවෙයි. මොකද බොහෝ වෙලාවට මොළයේ ගෙඩියක් වැඩෙන අවස්ථාවලදී මේ වගේ ලක්ෂණ මතු වෙන්නට හැකියාව තියෙන නිසා.
අපේ ශරීරයේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක් තමයි මොළය. යම් අවස්ථාවක මොළයේ ක්‍රියාකාරීත්වයට යම් බලපෑමක් වුණොත් එය අපේ සමස්ත ශරීරයේ ක්‍රියාකාරීත්වයටම දැඩි ලෙස බලපෑම් ඇති කරනවා . සෑම රෝගයක්ම අපිට වළක්වා ගන්නට හැකියාවක් නැතත් යම් රෝග තත්වයන් මුල්කාලීනව හඳුනාගෙන ඒ සදහා ප්‍රතිකාර සඳහා පමාවකින් තොරව යොමු වෙන්නට හැකි වුණොත් අපේ ජීවිතයට එයින් විය හැකි බරපතළ තර්ජනවලින් බොහෝදුරට ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද කතා කරන්නේ මොළයේ ගෙඩියක් වර්ධනය වන අවස්ථාවක ඒවා කල්තියා හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ කිහිපයක් ගැන ඔයාව දැනුවත් කරන්න.
මොළයේ යම් කිසි ස්ථානයක ඉතා කුඩා තිතක් වගේ හටගන්නා ගැටිත්තක් කාලයක් සමග කෙමෙන් කෙමෙන් විශාල ගෙඩියක් බවට පත් වෙනවා. ඒ අනුව රෝග තත්ත්වයත් බරපතළ බවට පත්වෙද්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. කොහොම වුණත් මොළයේ ඇතිවන ගෙඩි ඇතැම් ඒවා පිළිකා නිසා ඇතිවන ගෙඩි විය හැකි නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් අප යොමු කළ යුතු වෙනවා.
ශරීරයේ හටගන්නා ගෙඩියක් කියලා කියන්නෙත් සෛලවලින් නිර්මාණය වුණු දෙයක්. මොළයේ යම් ස්ථානයක සෛලවල අධිවර්ධනයක් වුණොත් ඒ ස්ථානයේ ගෙඩියක් හට ගන්නට ඉඩකඩ නිර්මාණය වෙනවා. මේ ගෙඩි මොළයේ ඕනෑම ස්ථානයක හට ගන්නට හැකි නිසා එයින් ඇතිවන ආබාධ විවිධ ස්වරූපයක් ගන්නවා. මෙවැනි ගෙඩි සුසුම්නා ශීර්ෂකය, මතකය පාලනය කරන ප්‍රදේශයේ, අසන දේ තේරුම් ගන්නා ස්ථානයේ, පිළිතුරු සපයන මොළය ප්‍රදේශයේ ආදී වශයෙන් විවිධ ස්ථානවල ඇති වෙන්නට හැකියාව තියෙනවා.
කණගාටුවට කාරණාව තමයි මේ මොළයේ ඇතිවන ගෙඩි වැඩිහිටියන් අතර බහුල වුණත් අද වෙද්දි පුංචි දරුවන් අතර මෙවැනි රෝග තත්ත්වයන් අපට අසන්නට දකින්නට ලැබෙන එක. මේ මොළයේ ගෙඩි ජීවිත අහිමි කරන්නට පවා බලපාන්නට හැකි බරපතළ සෞඛ්‍ය ගැටලුවක් .ඒ නිසා වැඩිහිටි ඔබ ඔබේ දරුවාගේ සෞඛ්‍යය තත්වය ගැනත් සැලකිය යුතු අවධානයක් ලබාදෙන්න.
මොළයේ ගෙඩි ඇති වෙන්නට බලපාන හේතු

- හානිකර විකිරණවලට නිරාවරණය වීම ( x කිරණ)
- රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමවිශේෂයෙන්ම ඇතැම් අහිතකර වාෂ්පශීලී අහිතකර රසායනික සංයෝග නිතරම ආඝ්‍රාණය වීම මොළයේ ගෙඩි ඇතිවීමට හේතුවක්.
- ජානමය හේතු
- මොළය තුළ රුධිර වාහිනී පිපිරීම මේ නිසා මොළයට රුධිරය ගැලීමක් ඇති වී ගෙඩි නිර්මාණය වෙන්න පුළුවන් .
- ශරීරයේ වෙනත් ස්ථානයක ඇති පිළිකා තත්ත්වයන් බොහෝ වෙලාවට පිළිකාමය නොවන ගෙඩි ඇතිවෙන්නේ මොළය තුළින්මයි. නමුත් ශරීරයේ වෙනත් ස්ථානයක තියෙනවා පිළිකාවක් හේතු කරගෙන පවා මොළයේ ගෙඩි ඇති වෙන්න පුළුවන්. ශරීරයේ වෙනත් ස්ථානයක තියෙන පිලිකාවක කොටස් ගැලවී ගොස් රුධිර වාහිනි හරහා මොළයේ තැන්පත් වී මොළයේ සෛල අවහිර වීමෙන් පිළිකාමය තත්ත්වයක් මොළයේ ඇති වෙන්න පුළුවන්.
- පෙනහලු පිලිකා, වකුගඩු පිළිකා ආදී ශරීරයේ වෙනත් ස්ථානවල ඇතිවන පිළිකා නිසා මොළයේ ගෙඩි ඇති වෙන්නට හැකියාව තියෙනවා.
මොළයේ ගෙඩියක් වර්ධනය වන අවස්ථාවක දී දකින්නට ලැබෙන රෝග ලක්ෂණ
- එකවරම හටගන්නා තද හිසරදය එකවරම හටගන්නා මේ හිසේ කැක්කුම ඇතිවන ස්වභාවය වරින් වර වෙනස් වෙනවා. ඒ වගේම ක්‍රමයෙන් වේදනාව ඉහළ යනවා.
- හේතු රහිතව ඇතිවන වමනය සහ ඔක්කාරය දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් මේ රෝගය හඳුනා ගන්නට හැකි මූලික ලක්ෂණය තමයි එකවර ඇතිවන තද හිසරදය සහ දිගින් දිගටම වමනය පිටවීම. මෙසේ හිසරදය සහ වමනය ඇති වෙන්නේ මොළයේ ඇති ගෙඩියක් හේතුවෙන් සිදුවන පීඩනය හා තෙරපීම හේතුකරගෙන. ඒ වගේම මොළයට රුධිරය ගෙන යන රුධිර නාල මේ විදියට තෙරපීමට ලක්වීම නිසා මේ රෝග ලක්ෂණ දෙක ඇති වෙනවා.
- ඇස්වලට දැනෙන අපහසුතාවය
- පෙනීම අඳුරු වීම
- දෙගුණ වී පෙනීම
- අවට ඇති දේ නොපෙනී පටු වී යාම
- ඔලුවේ හිරිවැටීම
- අතපය නැති බවක් දැනීම
- අතපය අක්‍රිය වීම
- කන් ඇසීමේ අපහසුතාවය
- සමබරතාවය ගිලිහී වැටෙන්නට යාම
- කතා කිරීමේ අපහසුතාවය
- හැසිරීම් රටාව සහ ගති පැවතුම් හදිසියේ වෙනස්වීම
- හදිසි අපස්මාරය
- ස්නායු ශීර්ෂක ප්‍රදේශයේ ගෙඩියක් ඇති අවස්ථාවක දී ඇස්, කන්, දිව, බෙල්ල, මුහුණ ආදී කොටස්වල ක්‍රියාකාරිත්වය අඩපණ වීම කට පැත්තකට ඇද වීම හෝ විරූපී ස්වභාවයක් ගැනීම
- මතකය අඩුවීම
- සන්නිවේදන සම්බන්ධතා අඩපණ වීම
- ගොත ගැසීම
මොළයේ ගෙඩි ඇතිවීමෙන් ආරක්ෂා වෙන්නට ගත හැකි ආහාර

- මාළු සහ මුහුදු ආහාර නිතර කෑමට ගැනීම
- විටමින් ඩී සහිත ආහාර ගැනීම
- විටමින් e වලින් පොහොසත් ආහාර නිතර ගැනීම
- ලුණු අධික එළවළු සහ මාළුවලින් ඈත්වීම
- සකස් කරන ලද මස් ඇතුළු කෘතිම ආහාරපානවලින් ඈත්වී නැවුම් එළවළු සහ පලතුරු ආහාරයට එකතු කර ගැනීම
මේ වගේ රෝග ලක්ෂණ දැක ගන්නට හැකියාව ලැබුණ විට පමා නොවී වහාම රෝගියාව රෝහල කරා රැගෙන යාම අනිවාර්යය වෙනවා.
මේ ගෙඩි පිළිකාවක් නොවන තත්ත්වයක දී ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හිස් කබලේ කොටසක් කපා ඉවත් කර මොළය විවරකර ශල්‍යකර්මයක් සිදු කරනවා. මොළය තුළ කුහරවල ගෙඩි පවතින විට විශේෂ ශල්‍යකර්මවලට රෝගියා ලක් කරනවා. නමුත් මේ ශල්‍යකර්මවලින් පසුව රෝගියාට සම්පූර්ණ සුවයක් අපේක්ෂා කරන්නට හැකියාවක් නැහැ. රෝගියාගේ පැත්තක් පණ නැතිවීම, බිහිරි බව හෝ අන්ධ බව මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පිළිකාමය ගෙඩිවලට ප්‍රතිකාර කරන්නටත් ඉතාම අපහසුයි. ඇතැම් විට රෝගියාට ජීවිත කාලය පුරාම සිහි විසඥව සිටින්නට පවා සිද්ධ වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා පිලිකාමය ගෙඩි වගේම පිළිකා නොවන ගෙඩි මොළයේ ඇති වුනොත් ඒවා අපේ ජීවිතයට ඇති කරන තර්ජනය සුළුපටු නැහැ . ඉතින් ඒ නිසා මෙවැනි පුංචි රෝග ලක්ෂණයක් වුණත් නොසලකා හරින්නෙ නැතිව ඒ තුළ පිළිබඳව සැලකිලිමත් වුණොත් බරපතල සංකූලතා සහිතව හෝ ජීවිතය ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙනවා.