පිළිකා ඇතිවීම වළක්වන මල් ගෝවා

health tips

නිජ භූමීය සයිප්‍රසය කරගත් මල් ගෝවා යනු රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන එළවළුවකි. එනම් මල්ගෝවා වල ඉතිහාසය 12,13 සියවස් දක්වා දිවයයි. Brassica Oleracea විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මල් ගෝවා ආහාරයට එක් කර ගැනීමෙන් මිනිසාට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා අත් කර ගත හැකිය. එනම් බොහෝ දෙනෙකු මල් ගෝවා ව්‍යංජනයක් ලෙස මෙන්ම මල් ගෝවා එළවළුවක් ලෙස මිශ්‍ර කර  ආහාරයට එක් කර ගනී. එනම් එසේ මල්ගෝවා ආහාරයට එක් කර ගැනීමෙන් ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් එකතු කර ගත හැකිය. එනම් ඒ අතර විටමින් ප්‍රෝටීන් , තන්තු, මේදය,ෆිනොලිකා, තයමින්, කැරොටිනොයිඩ්,සින්ක්,ජලය,සීනි, පොස්පරස්, කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, ඇන්ටිඔක්සිඩන්ට්.. ආදී ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් මල් ගෝවා වල අඩංගුවේ.

මල් ගෝවාවල අඩංගු ඖෂධීය ගුණ

මලබද්ධය ,අර්ශස් ඇති පුද්ගලයින්ට යෝග්‍යවේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනෙකුම පාහේ මල බද්ධය හෙවත් බඩ වේලීමේ රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව තිබේ. මෙම තත්ත්වය සමනය කර ගැනීමට එවැනි රෝගී අවස්ථාවක මල් ගෝවා ආහාරයට එකතු කරගන්නේ නම් ඉන් මල බද්ධය සමනය කරගත හැකිය. එනම් මල් ගෝවා වල අඩංගු ජලය තන්තු ආහාර ජීර්ණය ක්‍රමවත් කර මල බද්දය පහසු කරනු ලැබේ. එමෙන්ම මලබද්ධය උත්සන්න වීමෙන් ඇතිවූ අර්ශස් රෝගයටද මල් ගෝවා යනු ගුණදායක ආහාරයකි.

අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කරයි.නිහඬ මාරයකු ලෙස පිළිගැනෙන අධි රුධිර පීඩනය බොහෝදෙනෙකුට නිහඬවම මරු කැඳවන රෝග තත්වයකි. එනම් මෙම රෝග තත්ත්වය ඇති වීම පාලනය කර ගැනීමට ආහාරයට ගැනීමට සුදුසු එළවළුවක් ලෙස මල්ගෝවා හැඳින්විය හැකිය. එනම් මල් ගෝවා ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පොටෑසියම්, යකඩ, ප්‍රතිඔක්සිකාරක ආදිය රුධිර නාල හැකිලීම වළක්වා ක්‍රමවත්ව  රුධිරය සැපයීම සිදු කරනු ලබයි. එනම් මේ නිසා අධි රුධිර පීඩන තත්වයන් ඇති නොවේ.

ශරීරගතව ඇතිවිය හැකි ප්‍රදාහය වලක්වනු ලබයි. ශරීරගතව ඇති විය හැකි නිදන්ගත රෝගයක් වන ප්‍රධාහය ඇතිවීම වලක්වාගැනීමට මල් ගෝවා ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් මල් ගෝවා වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට්  බීටා කැරොටීන්, බීටා සිප්ටොසිනින්,කැෆෙක් ඇසිඩ්,ෆෙරුලික් ඇසිඩ්… ආදී පෝෂ්‍ය පදාර්ථ ශරීර ප්‍රදාහ තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි.

පිළිකා ඇතිවීම වලක්වයි.වයස් භේදයකින් තොරව ලොකු කුඩා  සෑම දෙනාටම පාහේ ඇතිවන මාරාන්තික රෝගයක් ලෙස පිළිකා රෝගය හඳුනා ගත හැකිය.  එනම්  මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීමට මල් ගෝවා ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් මල් ගෝවා ආහාරයට ගැනීමෙන් මහ බඩවැල ආශ්‍රිත ව ඇතිවිය හැකි පිළිකා, පියයුරු පිළිකා පෙනහළු පිළිකා, අක්මා ගත පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. එනම් මේ සඳහා නිතර මල් ගෝවා ආහාරයට ගැනීම ගුණදායකය.

හෘද රෝග ඇතිවීම පාලනය කරයි.ශරීරය තුළ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා හෘද රෝග ඇති වනු ලැබේ. එනම් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් හෘද රෝග ඇතිවීමට මූලිකව හේතුවනු ලැබේ.එනම් මල් ගෝවා ආහාරයට එකතු කර ගැනීමෙන් එහි අඩංගු පොටැසියම්, විටමින් සී.. ආදී පෝෂ්‍ය පදාර්ථ හෘද රෝග මෙන්ම මොළය ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්වයන් ගෙන්ද  ආරක්ෂාව සලසනු ලැබේ.

අස්ථි දුර්වලතා ඇති වීම වළක්වයි.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන අස්ථි දුර්වලතාවයන් ඇතිවීම වළක්වා ගැනීමට විටමින් කේ, ඩී, කැල්සියම් අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කළ යුතුය. නොමැතිනම් අස්ථි දුර්වල වීමත් සමග ඔස්ටියෝපොරෝසිස් ,ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකිය. එම රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගෙන අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා විටමින් ඩී, කේ, කැල්සියම් ,මැග්නීසියම් ආදී අස්ථි ශක්තිමත් කිරීමට ඉවහල් වන පෝෂ්‍ය පදාර්ථ අඩංගු මල් ගෝවා ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් මල් ගෝවා ව්‍යංජනයක් හෝ සුප් පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම වඩාත් ගුණදායකය.

හෝමෝන අසමතුලිතතාවයන් තුලනය කරයි.අප එදිනෙදා ගනු ලබන ආහාර හේතුකොටගෙන අපගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයන් ඇතිවනු ලැබේ. එම අසමතුලිතතාවයන්  තුලනය කර ගැනීමට මල් ගෝවා ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. එනම් කිරි ආහාර, මාංශ ආහාර, ඊස්ට් මිශ්‍ර ආහාර භාවිතා කරනවිට ඉන් ඇතිවන හෝමෝන අසමතුලිතතාවයන් වලක්වා ගැනීමට මල් ගෝවා ආහාරයට ගැනීම යෝග්‍යවේ. එනම් මේ නිසා ම බොහෝ දෙනෙකු මස් වර්ග පිසින විට මල් ගෝවා ස්වල්පයක් මිශ්‍ර කර පිසිනු ලැබේ.

ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට ආහාර ජීර්ණය නොවීම හේතුවෙන් දියවැඩියාව ගැස්ට්‍රයිටීස් වැනි රෝග තත්ත්වයන් ඇතිව තිබේ. එනම් ආහාර හොඳින් ජීරණය කර ගැනීමට තන්තු අඩංගු ආහාර භාවිතා කළ යුතුය. එනම් එසේ භාවිතා කිරීමට සුදුසු එළවළුවක් ලෙස මල් ගෝවා හැඳින්විය හැකිය. එනම් මල් ගෝවා ආහාරයට එක්කර ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඇති විෂ ඉවත්කර බඩවැල්වල ක්‍රියාකාරීත්වය වර්ධනය කර ආහාර ජීර්ණය පහසු කරවයි.

ශරීරයේ මේදය දහනය කර බර අඩු කරයි.වයස් භේදයකින් තොරව බොහෝ දෙනකු ස්ථුලතාවය නිසා පීඩා විඳි. එනම් ස්ථුලතාවය පාලනය කර ගැනීමට එළවළුවක් ලෙස මල් ගෝවා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මීට හේතුව මල් ගෝවා වල  අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වීමය.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට
  • රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩි කිරීමට
  • අක්ෂි රෝග සුවකර ගැනීමට
  • සමහි පෝෂණය රැක ගැනීමට මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට මල් ගෝවා ව්‍යංජනයක් හෝ සුප් පානයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.

නමුදු මල් ගෝවා ආහාරයට ගන්නා විට කැසීම, පලු දැමීම, හුස්ම ගැනීමේ අපහසුතා, අතපය ඉදමුම් වැනි අසාත්මිකතා ඇති වන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.