මුළු ලෝකයේම ජනතාව සුලභව භාවිතයට ගන්නා ගුණාත්මක බවින් ඉහළ අගයක් ගන්නා බාර්ලි අපේ රටේ මුතුන් මිත්තන්ගේ කාලයේ දී පවා භාවිතයට ගෙන තියෙනවා.යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යන්නට බාර්ලි වතුර අපේ මුතුන් මිත්තන් දෛනික ආහාරවේලට එකතු කරගත් බව සඳහන්. සහල්වලට ආදේශකයක් ලෙසත් භාවිතයට ගත හැකි බාර්ලි රෝග බොහොමයකටත් ඉතාම ගුණදෙන ධාන්‍ය වර්ගයක්. කාන්තා රෝග බොහොමයකටම ගුණදෙන මේ ධාන්‍ය වර්ගය කුඩා දරුවන්ටත් වැඩිහිටි අයටත් කාන්තා පුරුෂ භේදයකින් තොරව ගුණදෙන ධාන්‍ය වර්ගයක්.ඒ නිසාවෙන්මයි අපි අද ඔබට බාර්ලි පානය කිරීමෙන් ලබාගත හැකි අපූරු ගුණයන් පිළිබඳව සඳහන් කරන්නට සිතුවේ.
බාර්ලි අපේ ශරීරයට කැලරි, මේදය. තන්තු, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, මැග්නීසියම්, කොපර්, විටමින් B 1, පොස්ෆරස්, විටමින් B 3 තඹ, සිලේනියම් ආදී බොහොමයක් පෝෂක සපයා දෙනවා. ඒ නිසාම ලොකු කුඩා හැමෝටම සෞඛ්‍ය සම්පන්න සුවැති දිවියකට බාර්ලි කියන්නේ අනිවාර්යෙන්ම එකතු කරගත යුතු අපූරු පානයක්. ඉතින් මුලින්ම අපි බලමු බාර්ලි පානයක් සකසා ගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය

- බාර්ලි කෝප්ප 1 ක්
- වතුර කෝප්ප 7-8 ක්
- ලෙමන් ගෙඩියක යුෂ
- මී පැණි මේස හැදි 1
- කුරුඳු පොත්තක්
- ඉඟුරු කැබැල්ලක්
සාදා ගන්නා ආකාරය -සෝදාගත් බාර්ලි ඇට, කුරුඳු පොත්ත සහ ඉඟුරු කැබැල්ල වතුර බදුනකට දමා විනාඩි 30 ක් පමණ හොඳින් තම්බා ගන්න.ඉන්පසුව මිශ්‍රණය පෙරා එයට මී පැණි සහ ලෙමන් යුෂ එකතු කර පානය කරන්න.
බාර්ලි පානයෙන් අපට ලබාගත හැකි සෞඛ්‍යයමය ප්‍රතිලාභ
- කාන්තා රෝග බොහොමයක් සඳහා ආරක්ෂාව සලසා දෙයි. කාන්තාවන්ට බහුලව වැළදෙන භයානකම රෝගයක් වන පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අවම කරන්නට මේ බාර්ලිවලට අපූරු හැකියාවක් පවතිනවා.ආර්තවහරණය සිදුවුණු මැදිවයසේ කාන්තාවන්ට ඇතිවන කායික සහ මානසික අපහසුතා මගහරවා ගන්නට බාර්ලි පානය අතිශයින්ම වටිනා ඔසුවක්.
- බඩවැල් නීරෝගීව තබා ගන්නට උපකාරී වෙයි. බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා ඇතුළු බොහෝ ලෙඩරෝගවලින් ආරක්ෂාව සලසාලන්නට බාර්ලි පානය සමත් වෙනවා.මහබඩවැලේ ජීවත් වන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අති තන්තු ඉතාම හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට ඉතා වැදගත් වන නිසා මහබඩවැලේ නීරෝගී බවට එය බෙහෙවින් වැදගත් වෙනවා.
- බර අඩු කර ගැනීමට උපකාරී වෙයි. තන්තු බහුල ආහාරයක් වන බාර්ලි ආහාර ජීර්ණය සෙමෙන් සිදු කරන අතර ආහාර ජීර්ණය සහ පරිවෘත්තීය සමබරව පවත්වා ගෙන යන්නට උපකාරී වෙනවා. ඒ නිසාවෙන් කුසගිනි ඇතිවීම පමා කෙරෙන නිසා ආහාර ගැනීම අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

- මුත්‍රා ආසාදන සුව කරයි. මුත්‍රා මගින් ශරීරයෙන් විෂ ඉවත් කරන ඩයුරටික් ලෙස ක්‍රියා කරන බාර්ලි වතුර ලොකු කුඩා සැමදෙනාටම මුත්‍රා ආසාදන සුව කරගන්නට උපකාරී වෙනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගල් සමනයටත් බාර්ලි වතුර ගුණදායකයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. සීනි හෝ පැණි එකතු නොකරන ලද බාර්ලි පානයන් ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම වැඩිවීම පාලනය කර ගන්නට පුළුවන්. බාර්ලිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක රුධිරයේ සීනි මට්ටම අඩුකරන්නට උපකාරී වෙනවා.
- රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හෘද සෞඛ්‍ය යහපත්ව තබා ගන්නට උපකාරී වෙයි. බාර්ලි සිරුරේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නටත් සමස්ත හෘදවාහිනී සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නත් උපකාරී වෙනවා.
- අධි රුධිර පීඩනය අඩු කරයි.
වෙනත් ගුණ,
- බඩේ දැවිල්ල නැති කරයි.
- පුරස්ථි ග්‍රන්ථි පිළිකා වළකයි.
- ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- අස්ථි දිරායාම පාලනය කරයි.
- මල බුරුල් කරයි.
- රුධිරය පිරිසිදු කරයි.
- උණ රෝගයට හිතකරයි.
- කට හඬ පැහැදිලි කරයි.
- බුද්ධිය වර්ධනයට උපකාරී වෙයි.
- ශරීරය සිසිල් කරයි.
බාර්ලි ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි ආකාරය
- කොලෙස්ටරෝල් පාලනය සඳහාබාර්ලි උළුහාල් සමඟ තම්බා පානය කරන්න.
- වකුගඩු හා මුත්‍රා ආශ්‍රිත වේදනා සඳහා බාර්ලි කුඩුකර වතුර දමා ලිප තබා ¼ ට සිදුවා ලිපෙන් තබා පැයක් පමණ නිවෙනතුරු හැදිගාමින් පොඩිකර පානය කරන්න.
- ගබ්සා දුරු කිරීම සඳහාබාර්ලි කුඩු යම් ප්‍රමාණයකට සීනි එකතු කර ජලයේ දියකර පානය කරන්න.
සැලකිය යුතුයි.
- බාර්ලි රුධිරයේ සීනි මට්ටම අඩු කරන නිසා සීනි අඩු මට්ටමක ඇති අය නිතර බාර්ලි ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.
- ග්ලූටන්වලට ආසාත්මිකතා ඇති අය හෝ බාර්ලි ආසාත්මිකතා ඇති අය බාර්ලි පානයෙන් වැළකී සිටිය යුතුයි.
- සෙම අධික අයෙක් නිතර බාර්ලි පානයෙන් වළකින්න. බාර්ලි ඇඟ සිසිල් කරන ගුණයෙන් සමන්විත නිසා.