පිළිකා කියන්නෙම කිසිම සමාවක් නොලැබෙන මාරාන්තික රෝගයක්. විවිධ වර්ගයේ පිළිකා අතුරින් කාන්තාවන්ට බහුලව ඇතිවන පියයුරු පිළිකා ඕනෑම වයසක පසුවන කාන්තාවකට ඇති වෙන්නට හැකියාව තියෙනවා. නමුත් මුල්කාලීනව මෙය හඳුනා ගතහොත් එය සුවකර ගන්නට හැකියාව ඇති නිසා ඒ පිළිබඳව නිරන්තරයෙන් කාන්තා ඔබ අවදානයෙන් පසුවිය යුතු වෙනවා. නමුත් කාන්තාවන්ට පමණක් නෙවෙයි පුරුෂයන්ටත් මේ පියයුරු පිළිකා ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා.මේ පිළිකා සඳහා බලපාන හේතු අතර ප්‍රවෙණිගත සාධක, ඊස්ට්‍රජන් හෝර්මෝන දිගු කාලයක් නිරාවරණය වීම, එනම් අවුරුදු 12 ට පෙර වැඩිවියට පත්වීම හෝ අවුරුදු 55 වනතුරු ආර්ථවහරණය සිදු නොවීම, දුම්පානය හා මත්ද්‍රවය භාවිතය, අධික මේද සහිත ආහාර ගැනීම හා වැරදි චර්යා රටාවන් ,පළමු දරුවා ගැබ් ගැනීමට ප්‍රමාද වීම, දිගුකාලීනව උපත් පාලන පෙති භාවිතය ආදිය මූලික වෙනවා. නමුත් කාන්තා පුරුෂ ඔබට මේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබ ගත යුතුම ආහාර කිහිපයක් ගැනයි අපි අද කතා කරන්නට යන්නේ.

ලෙමන් සහ පැගිරි යුෂ අඩංගු පලතුරු ආහාරයට ගැනීම. දොඩම්, මිදි, ලෙමන් හා දෙහි ආදී පැගිරි කුලයට අයත් පලතුරු වර්ග දිනපතා ආහාරයට එකතු කර ගැනීම පියයුරු පිළිකා අවධානමෙන් මිදීමට උපකාරී වෙනවා. විටමින් C බහුල පැගිරි කුලයේ පලතුරුවල ෆෝලේට්, බීටා ක්‍රිප්ටොක්සැන්ටින් සහ බීටා කැරොටින් වගේම ප්‍රතිඔක්සිකාරකත් අඩංගු නිසා එය පියයුරු පිළිකා ඇතිවීම වළක්වන්නට දායක වෙනවා.
කොළ පැහැති එළවලු සහ පලා වර්ග නිවිති, කේල් ආදී තද කොළ පැහැ කොළ වර්ග සහ පලාවල බීටා කැරොටීන්, ලියුටීන් ආදී කැරටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක බහුලවම අන්තර්ගත වෙනවා. දේහයේ බීටා කැරොටීන් මට්ටම ඉහළ නම් එවැනි පුද්ගලයන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම පහළ බසින බව පර්යේෂණවලින් අනාවරණය වී තියෙනවා. ඒ වගේම මල් ගෝවා, ගෝවා සහ බ්‍රොකලි ආදීයත් පියයුරු පිළිකා අවදානම අඩුකරන්න උදව් වෙනවා.ඒ නිසා දෛනිකව ඔබේ ආහාරවේලට ප්‍රමාණවත් පරිදි කොළ පැහැ එළවලු වගේම පලා වර්ගත් එකතු කර ගන්නට වග බලා ගන්න.
මේද අම්ලවලින් පොහොසත් මාළු ආහාරයට ගැනීම විශේෂයෙන්ම ඔමේගා 3 මේද අම්ල බහුල මාළු වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් ඔමේගා 3 ෆැටි ඇසිඩ් වගේම සෙලේනියම් සහ වෙනත් ප්‍රතිඔක්සිකාරකත් දේහයට ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. එමගින් පියයුරු පිළිකා ඇතුළු වෙනත් පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට පාලනය වෙනවා. මේ සඳහා ඔබ ඔබේ ආහාරවේලට සැමන්, සාඩින්, මැකරල්, ටූනා ආදී මාළුන් එකතු කර ගැනීම වැදගත් වෙනවා.
පැසවන ලද ආහාර යෝගට්, මිසෝ, කිම්චි ආදී ආහාරවල ප්‍රෝබයෝටෙක් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මෙසේ පැසවන ලද කිරි නිෂ්පාදනවලට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩුකරන්නට හැකියාව ඇති බව අධ්‍යයනයන්ගෙන් හෙළි වී තියෙනවා.
බෝංචි ඇතුළු ධාන්‍ය වර්ග රනිල කුලයට අයත් ශාකවල විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ බොහොමයක්ම අන්තර්ගත වෙනවා. බෝංචි ඇතුළු ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම පිළිකා ඇතිවීමේ අවධානම බොහෝදුරට පාලනය කරනු ලබනවා. විශේෂයෙන්ම හණ ඇට අනුභවය මගින් එහි අඩංගු ලිග්නන්ස් කියන ශාකමය ඊස්ට්‍රජන් වර්ගය මගින් පියයුරු පිළිකා අවදානම අවම කරනු ලබනවා. හණ ඇට තෙල් දිනපතා පාරිභෝජනය කිරීම මගින් මේ පිළිකාවලින් ආරක්ෂා වෙන්නට පුළුවන්.
කුළු බඩු වර්ග සහ ඔසු පැලෑටි පියයුරු පිළිකා ඇතුළු පිළිකා බොහොමයකින් ආරක්ෂාව සලසා ගන්නට කුළු බඩු බෙහෙවින් උදව් වෙනවා . ආහාර පිසීමේදී කහ, ඉඟුරු, ඔරිගානෝ, පාස්ලි ආදීය එකතු කර ගැනීම මගින් පිළිකාවලින් අපිට ආරක්ෂාව සලසා ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම කහවල ඇති කර්කියුමින් සහ පාස්ලිවල ඇති ප්‍රතිඔක්සිකාරක පිළිකා නාශක ගුණයෙන් සමන්විතයි.

පීච්, ඇපල්, පෙයාර්ස් අධ්‍යයනයන්වලින් සොයාගෙන ඇති ආකාරයට මේ පලතුරුවල අඩංගු වෙන පෝෂණ සංඝටක පියයුරු පිළිකා ඇතිවීම වළක්වන්නට දායක වෙනවා. විශේෂයෙන්ම පීච්වල අඩංගු වෙන පොලිෆීනෝල් කියන ප්‍රතිඔක්සිකාරකය මේ සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා.
සුදු ළූණු ආහාරයට එකතු කර ගැනීම සුදු ළූණුවල බහුල වශයෙන් අඩංගු වන ඇලිසින් කියන සංයෝගයට පිළිකා සෛල විනාශ කිරීමට ඉහළ හැකියාවක් ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා දිනකට සුදු ළූණු ගෙඩියක් පමණ ආහාරයට ගත යුතු වෙනවා. සුදු ළූණු හැරුණාම ලොකු ළූණු රතු ළූනු සහ ලීක්ස් ආදියේ ෆ්ලෙවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. පර්යේෂකයන් පවසන ආකාරයට ළූණුවල පිළිකා නාශක හැකියාවක් පවතිනවා.
- සතියට දින තුනක් උක් යුෂ පානය කිරීම.
- දෙළුම්, බාර්ලි, බ්ලූබෙරි
මේ ආහාර වර්ග නිතරම ආහාරයට එකතු කර ගැනීමෙන් පියයුරු පිළිකා ඇතුලු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා පහළ මට්ටමක් කරා ගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්ෂණික ආහාරවලින් වැළකීම, ස්වභාවික එලවලු පලතුරු වැඩිපුර ගැනීම, නිසි බර පවත්වා ගැනීම, නිසි ලෙස ශාරීරික ව්‍යායාම්වල යෙදීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම සහ ආතතියෙන් තොරවීම යන කාරණා ආදීය ගැනත් සැලකිලිමත් වන්න. එවිට ඔබටත් පිලිකාවලින් ආරක්ෂා වී නීරෝගී ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා නිසැකයි.