ස්වභාදහමේ හරි අපූරු නිර්මාණයක් තමයි කාන්තාව කියන්නේ .ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය ඉස්මතු කරන බොහෝ සාධක අතුරින් පියයුරු කියන්නේ විශේෂම ඉන්ද්‍රියක්. පියයුරු කාන්තාවකගේ ශරීරයට අපූරු සුන්දරත්වයක් එකතු කරන බව අපි හැමෝම දන්නවා. නමුත් කාලයක් ගත වෙද්දි මේ පියයුරු එල්ලා වැටීමේ තත්ත්වයක් ඇති වෙනවා. මේ ගැටළුව අද බොහෝ කාන්තාවන්ට තියෙන පොදු ගැටළුවක්. ලස්සනට ඉන්න කැමති අපි හැමෝම මේ පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නට වගේම එය යථා තත්ත්වයට පත්කර ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා නේ. ඒ නිසාම අද අපි කතා කරන්නේ මේ පියයුරු එල්ලා වැටීමේ ගැටළුවට ඇති විසඳුම් මොනවාද කියන කාරණාව පිළිබඳව.
පියයුරු එල්ලා වැටීමට බලපාන හේතු
- ජානමය සාධක
- මව්කිරි දීම
- ශරීරයේ බර වැඩිවීම ඇතිවන හෝර්මෝන අසමතුලිතා
- වැඩි කාලයක් යට ඇදුම් ඇද නොසිටීම
- ව්‍යායාම් හෝ ක්‍රීඩා සිදු කිරීමේදී පියයුරු සඳහා සුවිශේෂී වූ යට ඇදුම් නොපැළදීම
මේ පියයුරු එල්ලා වැටීමක් 100% ක්ම යථා තත්ත්වයට පත්කර ගන්නට නම් ඔබට වෛද්‍යවරයෙකු හමුවී සැත්කමක් සඳහා යොමු වෙන්නට සිදු වෙනවා. ඒ හැරුණාම ඒ තත්ත්වය පාලනය කර ගන්නට උත්සාහ කරන අයෙක්ට මේ ක්‍රමවේද අනුගමනය කරන්නට පුළුවන්.

- සම්බාහනය කිරීම නිවසේදී මේ ගැටළුව සඳහා ඔබට සිදුකළ හැකි සරල සහ හොඳම විසඳුමක් තමයි සම්බාහනය. මේ සඳහා ඉතා පිරිසිදු ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්. මේ ඔලිව් තෙල් පියයුරු වටා රවුම් ආකාරයට ආලේප කරලා උඩු අතට සම්බාහනය කරන්න. එමගින් පියයුරු ඔසවා සිටිමට උපකාරී වෙන මාංශපේශී ශක්තිමත් වීම සිදු වෙනවා.මෙහිදී පියයුරුවලට යටින් ඇති සම වගේම කිහිල්ල ප්‍රදේශය ආදී පියයුරු වටා ප්‍රදේශයේ මාංශපේශීත් රවුම් ආකාරයට විනාඩි 15 ක් පමණ කාලයක් හොඳින් සම්බාහනය කිරීම කළ යුතුයි.
- අයිස් සත්කාරය අයිස් කැටයක් මගින් පියයුරු වටා හොඳින් සම්බාහනය කිරීම මගින් පියයුරු එල්ලා වැටීමට හේතුවන මාංශපේශී හැකිළීමට ලක් කරනවා.එය විනාඩි 2 ක කාලයක් පමණ දිනපතා සිදු කිරීම මගින් පියයුරු එල්ලා වැටීම අඩුකර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
- උළුහාල් සත්කාරය උළුහාල් තේ හැදි 2 ක් ගෙන එය කුඩු කර ජලය තේ හැදි 2 ක් පමණ එකතු කරගෙන තලපයක් වන සේ සකස් කර ගන්න. මේ ආලේපය පියයුරුවල හොඳින් ආලේප කර උඩු අතට මසාජ් කරන්න විනාඩි 10 ක කාලයක් පමණ. ඉන්පසුව මේ ආලේපය වියළෙන්නට තබා සෝදා හරින්න.
- ඔලිව් තෙල් සහ උළුහාල් සත්කාරය මේ සඳහා පිරිසිදු ඔලිව් තෙල් තෙල් කප් භාගයක් සහ උළුහාල් තේ හැදි 2 අවශ්‍ය වෙනවා. මේ ද්‍රව්‍ය දෙක මද ගින්නෙන් රත්කර ගෙන හොඳින් නිවුණු පසු බෝතලයක දමා ගන්න. මෙය මාසයක පමණ කාලයක් තබා ගෙන භාවිතා කරන්නට හැකියාව තියෙනවා.මෙය රාත්‍රී නින්දට යාමට පෙර ආලේපය පියයුරු මත ආලේප කර හොඳින්ම සම්බාහනය කර සෝදා හරින්න.
- බිත්තර සුදු මදය බිත්තර සුදු මදය සහ කෝමාරිකා මදය තේ හැදි 1 ක් පමණ ගෙන පෙණ ඇති වනතුරු බීට් කර ගන්න. පසුව එය පියයුරු මත හොඳින් ආලේප කර සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.

- දිනපතා යෝගා අභ්‍යාස සිදු කිරීම පපු ප්‍රදේශයේ ඇති මාංශපේශී ශක්තිමත් කිරීම සඳහා උපකාරී වෙන යෝගා අභ්‍යාස මගින් පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නට හැකියාව තියෙනවා. මේ සඳහා අත්දෙක පිටුපසට කරමින් ආයුබෝවන් කියන ආකාරයට අත්දෙක තබා ගන්න. මෙය තත්පර 30 ක් පමණ කාලයක් සිදු කරන්න. ඒ හැරුණාම හස්ත උට්ටාසනය, ටාලාසන, ගර්ඩාසනය, පශ්චිමෝතානාසනය, චක්‍රාසනය , වීර භ්‍යාසනය ආදී මේ සඳහා සුදුසු යෝගා අභ්‍යාස සිදු කිරීම මගින් මේ පියයුරු එල්ලා වැටීම අවම කරගන්නට හැකියාව ලැබෙනවා.
- දිනපතා ව්‍යායාම් කිරීම මේ පියයුරු එල්ලා වැටීම වළකා මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාම් තෝරාගෙන දිනපතා සිදු කිරීමෙන් මේ පියයුරු එල්ලා වැටීම අවම කර ගන්නට හැකියාව ලැබෙනවා.
- විටමින් ඛනිජ ලවණ අඩංගු සමබර ආහාරවේල් දිනපතා ලබා ගැනීම
- බර පාලනය කිරීම
- සුවදායි නින්දක් ලබා ගැනීම
- පැය 7 ක පමණ සුවදායි නින්දක් ලබා ගැනීම අපේ ශරීරයේ හෝර්මෝන සමතුලිතව තබා ගන්නට මහත් උදව්වක් වෙනවා.
- පියයුරු සඳහා සුදුසු යට ඇදුම් තෝරා ගැනීම සහ හැකි සෑම අවස්ථාවකම යට ඇදුම් ඇදීම නින්දට යාමේදී පමණක් යට ඇදුම නොමැතිව නිදා ගැනීම සහ අනික් සෑම අස්ථාවකම යට ඇදුම් ඇදීම පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
- ක්‍රීඩා හෝ ව්‍යායාම් කිරීමේදී එවැනි අවස්ථාවක ඒ සඳහා ගැළපෙන යට ඇදුමක් (Sport Bra ) භාවිතා කිරීම කාන්තාවන් බොහෝදෙනෙක්ට පොදු මේ ගැටළුව සඳහා වෙළදපොලේ ඇති නොයෙකුත් ආලේපන වර්ග හෝ ස්ප්‍රේ වර්ග භාවිතා කරනවාට වඩා බයක් නැතිව මේ සත්කාර සහ උපදෙස් නිසි පරිදි අනුගමනයෙන් ඔබට සාර්ථක ලෙස ඒ ගැටළුවෙන් මිදෙන්නට හැකියාව තියෙනවා.