ස්වභාදහමේ හරි අපූරු නිර්මාණයක් නේ කාන්තාව .ඉතින් කාන්තාවකගේ සුන්දරත්වය ඉස්මතු කරන බොහෝ සාධක අතුරින් පියයුරු කියන්නේ විශේෂම ඉන්ද්‍රියක්. පියයුරු කාන්තාවකගේ ශරීරයට අපූරු සුන්දරත්වයක් එකතු කරන බව අපි හැමෝම දන්නවා. නමුත් අපේ අනෙක් අවයව වගේම කාලයක් ගත වෙද්දි පියයුරුවලත් සුන්දරත්වය තරමක් අඩුවෙලා යනවා.
විශේෂයෙන්ම දරුවන් ලැබීමෙන් පසුව කාන්තාවන් බහුතරයක් දෙනා මේ පියයුරු විශාල වී එල්ලා වැටීමේ තත්ත්වය නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. වයස්ගත වෙද්දි මේ තත්ත්වය ස්වභාවික දෙයක්. ඒ වගේම මව්වරුන්ටත් මේ තත්ත්වය පොදු දෙයක්. නමුත් වෙනත් හේතු විශේෂයෙන්ම වැරදි චර්‍යා පුරුදු නිසාත් කාන්තා ඔබට මේ ගැටළුව ඇති වෙන්න පුළුවන්. කොහොමවුණත් මේ තත්ත්වයෙන් යම්තාක් දුරකට හරි සහනයක් කාන්තා ඔබ අපේක්ෂා කරන බව අපි දන්නවා.
මේ නිසාම අපි හැමෝම මේ පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නට වගේම එය යථා තත්ත්වයට පත්කර ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවා නේ. ඒ නිසාම අද අපි කතා කරන්නේ මේ පියයුරු එල්ලා වැටීමේ ගැටළුවට ඇති විසඳුම් මොනවාද කියන කාරණාව පිළිබඳව.
මුලින්ම පියයුරු විශාල වෙන්නත් එල්ලා වැටෙන්නත් බලපාන හේතු පිළිබඳව අවධානය යොමු කරමු.
පියයුරු විශාල වීමට සහ එල්ලා වැටීමට බලපාන හේතු
- ජානමය සාධක
- ශරීර බර වැඩිවීමෙන් ඇතිවන හෝර්මෝන අසමතුලිතා
- ගර්භණීභාවය
- මව්කිරිදීම
- වැඩි කාලයක් යට ඇදුම් ඇද නොසිටීම
- ව්‍යායාම් හෝ ක්‍රීඩා සිදු කිරීමේදී පියයුරු සඳහා සුවිශේෂී වූ යට ඇදුම් නොපැළදීම
පියයුරු එල්ලා වැටීම අඩුකර ගන්නට උපදෙස්

යට ඇදුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න.තිසර පට නිසි ප්‍රමාණයට තෝරා ගන්න. ඒවා නිසි ප්‍රමිතියකින් යුක්ත ඒවාදැයි සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ක්‍රීඩා හෝ ව්‍යායාම් කිරීමේදී ඒ සඳහා ගැළපෙන යට ඇදුමක් (Sport Bra ) භාවිතා කිරීමත් මේ තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
ඒ වගේම ශරීරයේ වෙනස්කම් අනුව තිසර පටි මාරු කර සුදුසු ඒවා තෝරා ගන්න. ගර්භනී සමයේදී පළදින තිසර පටි ශරීරය කෙට්ටු වූ විට ඇදීමෙන් වළකින්න. ඒ විතරක්ම නෙවෙයි හැකි සෑම අවස්ථාවකදීම යට ඇදුම් හැද සිටීමෙන් පවා පියයුරු විශාල වීම, පියයුරුවල හැඩය වෙනස් වීම සහ පියයුරු එල්ලා වැටීමත් වළක්වා ගන්න පුළුවන්.
පියයුරු ආශ්‍රිත පේශී ශක්තිමත් කරන ව්‍යායාම් වල නිරත වෙන්න.මේ සඳහා දැනුමක් ලත් පුද්ගලයකුගෙන් උපදෙස් ලබාගෙන දිනපතා ඒවා පියයුරු එල්ලා වැටීම් බොහෝදුරට අඩුකර ගන්නට පුළුවන්. ඒ වගේම දිනපතා යෝගා අභ්‍යාස සිදු කිරීමත් මේ ගැටළුවට කදිම විසඳුමක්.
- විටමින් ඛනිජ ලවණ අඩංගු සමබර ආහාරවේල් දිනපතා ලබා ගන්න .
- බර පාලනය කර ගන්න.
- සුවදායි නින්දක් ලබා ගන්න.
පැය 7 ක පමණ සුවදායි නින්දක් ලබා ගැනීම අපේ ශරීරයේ හෝර්මෝන සමතුලිතව තබා ගන්නට මහත් උදව්වක් වෙනවා.
පහත සත්කාර කෙරෙහිත් අවධානය යොමු කරන්න.
සම්බාහනය කරන්න. නිවසේදී මේ ගැටළුව සඳහා ඔබට සිදුකළ හැකි සරල සහ හොඳම විසඳුමක් තමයි සම්බාහනය. මේ සඳහා පිරිසිදු ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්. මේ ඔලිව් තෙල් පියයුරු වටා රවුම් ආකාරයට ආලේප කරලා උඩු අතට සම්බාහනය කරන්න. එමගින් පියයුරු ඔසවා සිටිමට උපකාරී වෙන මාංශපේශී ශක්තිමත් වීම සිදු වෙනවා.මෙහිදී පියයුරුවලට යටින් ඇති සම වගේම කිහිල්ල ප්‍රදේශය ආදී පියයුරු වටා ප්‍රදේශයේ මාංශපේශීත් රවුම් ආකාරයට විනාඩි 15 ක් පමණ කාලයක් හොඳින් සම්බාහනය කරන්න.
ඒ වගේම මේ සම්බාහනය අයිස් කැට මගිනුත් සිදු කරන්න පුළුවන්. අයිස් කැටයක් මගින් පියයුරු වටා හොඳින් සම්බාහනය කිරීම මගින් පියයුරු එල්ලා වැටීමට හේතුවන මාංශපේශී හැකිළීමට ලක් කරනවා.එය විනාඩි 2 ක කාලයක් පමණ දිනපතා සිදු කිරීම මගින් පියයුරු එල්ලා වැටීම අඩුකර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
උළුහාල් සත්කාර උළුහාල් තේ හැදි 2 ක් ගෙන එය කුඩු කර ජලය තේ හැදි 2 ක් පමණ එකතු කරගෙන තලපයක් වන සේ සකස් කර ගෙන සාදාගත් ආලේපය පියයුරුවල හොඳින් ආලේප කර උඩු අතට මසාජ් කරන්න විනාඩි 10 ක කාලයක් පමණ. ඉන්පසුව මේ ආලේපය වියළෙන්නට තබා සෝදා හරින්න.

පිරිසිදු ඔලිව් තෙල් තෙල් කප් භාගයක් සහ උළුහාල් තේ හැදි 2 ක් ගෙන මද ගින්නෙන් රත්කර ගෙන හොඳින් නිවුණු පසු බෝතලයක දමා ගන්න. මෙය මාසයක පමණ කාලයක් තබා ගෙන භාවිතා කරන්නට හැකියාව තියෙනවා.මෙය රාත්‍රී නින්දට යාමට පෙර ආලේපය පියයුරු මත ආලේප කර හොඳින්ම සම්බාහනය කර සෝදා හරින්න.
අමු උළුහාල් ඇට තේ හැදි 2 ක්, වෙනිවැල්ගැට කෑලි 5 ක්, වතුර මිලිලීටර් 500 ක් මිලි ලීටර් 300 කට අඩුවෙන තුරු හොඳින් තම්බා ගන්න. මේ පානය මද රස්නය සහිතව සතියකට වරක් හෝ දෙවරක් පානය කරන්න.
බිත්තර සුදු මදය බිත්තර සුදු මදය සහ කෝමාරිකා මදය තේ හැදි 1 ක් පමණ ගෙන පෙණ ඇති වනතුරු බීට් කර ගන්න. පසුව එය පියයුරු මත හොඳින් ආලේප කර සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.
පියයුරු එල්ලා වැටීමක් 100% ක්ම යථා තත්ත්වයට පත්කර ගන්නට නම් ඔබට වෛද්‍යවරයෙකු හමුවී සැත්කමක් සඳහා යොමු වෙන්නට සිදු වෙනවා. ඒ හැරුණාම ඒ තත්ත්වය පාලනය කර ගන්නට මේ ක්‍රමවේද උත්සාහ කර බලන්නට ඔබට පුළුවන්.