සුපිරි නළු නිළියන් පවා මහත් වෙන්නේ නැති වෙන්න අනවශ්‍ය මේද දිය කර හරින ක්‍රම 8 ක්

health tips

සිරුරේ බර අඩුකරගන්න උත්සාහ කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි උදරය ප්‍රදේශයේ නෙරා ඇති ස්වභාවය. මේද තට්‍ටු තැන්පත් වීම නිසා උදරය ඉදිරියට නෙරා විත් තිබීම සිරුරේ සුන්දර හැඩය පවත්වාගැනිමට බාධාවක්.සිරුරේ බරට වඩා ඔබේ උදරයේ තැන්පත් වී ඇති මේද කොටස් වල  බලපෑමින් දියවැඩියාව, හෘදයාබාධ ආදී සෞඛ්‍යයට බලපෑම් ඇතිවන රෝග පීඩා පවා වර්ධනය විමට ඉඩ තිබෙනවා.

සිරුරේ තැන්පත් වී ඇති මේද දහනය කරගැනීම සඳහා ඔබ බොහෝ ක්‍රම උත්සාහ කරනවා ඇති. ව්‍යායාම වල නිරත වීම මෙන්ම ආහාර පාන පවා පාලනයකින් යුතුව පරිභෝජනය කරනවා ඇති. ඔබේ මේ උත්සහය තවත් සාර්ථක කරගැනීමට ඔබට උපකාරි විය හැකි උපදෙස් 8 ක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ. දිනපතා උදෑසන මෙන්න මේ උපදෙස් මතක තබාගනිමින් දවස පටන් ගන්න. ඔබට ඉක්මනින්ම ඔබේ උදරයේ මේද දහනය කරගනිමින් මහත පෙනුම අඩුකරගෙන සැහැල්ලු -හැඩැති සිරුරක් හිමි කරගත හැකි වේවි!

  1. කලබලයෙන් වැඩ කටයුතු කරන්න එපා 

උදෑසන නිවසේ ඉවුම් පිහුම් පිරිසිදු කිරීම් කටයුතු අවසන් කරලා ළමයින්ව පාසල් යවන්න එවගේම පරක්කු නොවී වැඩට යන්න හරිම කලබලයකින්නේ කොයි කවුරුත් කටයුතු කරන්නේ. මේ කලබලය නිසාම ඔබට ලොකු ආතතියක් දැනෙන්නට පුලුවන්.  ආතතිය කියන්නේ එතරම් හිතකර දෙයක් නොවෙයි. ආතතිය දැනෙන විට සිරුරේ ඒ සම්බන්ධ හෝර්මෝන මට්ටම ඉහළ යයි. ඒ අනුව ඔබට ආතතියක් හටගත් විට ඔබේ සිරුරේ කෝර්ටිසෝල් නම් හෝර්මෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වීමට පටන්ගනියි. පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ මෙම හැතුවෙන් පුද්ගලයින්ගේ සිරුරේ මැද ප්‍රදේශයේ තරබාරුව වැඩිවිය හැකි බවයි. බර වැඩිවීම ආතතියේ බලපෑම නිසා ද හටගත හැකි බව ඉන් අවබෝධ වෙනවා. ඒ නිසා හැකිතාක් දවස ආරම්භයේ සිටම සන්සුන් මනසිකින් යුතුව සැහැල්ලුවෙන් ඔබේ දෛනික වැඩකටයුතු සිදුකරන්න.

  1. කෙටි වෙලාවක් කෙටි ව්‍යායාම අභ්‍යාස වල නිරත වෙන්න

බර අඩු කරගැනීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය බව ඔබ හොඳින්ම දන්නා දෙයක්. ව්‍යායාම තුලින් දවස ආරම්භ කිරීමෙන් ඔබට හොඳ ප්‍රබෝධමත් බවක්-ජවයක් දැනෙනවා. ප්‍රතිරෝධක ව්‍යායාම (resistance exercises) අභ්‍යාස ක්‍රම අනුගමනය කිරීම හරහා ඔබට වඩාත් පහසුවෙන් ඔබේ උදරයේ මහත අඩුකරගන්න හැකි වේවි.

  1. ප්‍රෝටීන් සහ තන්තු පෝෂක සපිරි උදෑසන ආහාර වේලක් ලබාගන්න

වැඩිවශයෙන් ප්‍රෝටින් ආහාරයට ගැනීම මඟින් උදරයේ තැන්පත්  මේද මට්ටම අඩුවන බව අධ්‍යයන වලින් පැහැදිලි කරයි. මාංශ වර්ග, මාලු වර්ග, බිත්තර කරවල,කිරි, කිරි නිෂ්පාදන, බෝංචි, සෝයා බෝංචි, මෑ, දඹල ආදි ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ඔබේ උදෑසන ආහාර වේලට එක්කරගන්න. එමෙන්ම තන්තු බහුල ආහාර මඟින් මේද දහනය කිරීමට ධනාත්මක ආකාරයේ දායකත්වයක් ලබාදෙන බව සඳහන් වෙනවා. තම්බපු සහල්, බඩ ඉරිඟු, කුරක්කන් , පරිප්පු, කඩල, මුං, කව්පි වැනි ධාන්‍ය වර්ග, ගස්ලබු, අලිගැටපේර, කෙසෙල්, දොඩම්, ඇපල් වැනි පලතුරු, කැරට්, ප‍තෝල, නිවිති, බ්‍රෝකෝලි, කොහිල වැනි එළවළු වර්ග, රටකජු. වට්ටක්කා ඇට ආදි ආහාර වල තන්තු පෝෂක බහුලයි

  1. යුෂ පාන වර්ග වෙනුවට උදෑසන ජලය පානය කරන්න

පලතුරු යුෂ පානය කිරීම සෞඛ්‍යයට හිතකර දෙයක් වුණත් උදෑසන එය සිදුකිරීම එතරම් උචිත පුරුද්දක් නොවන බව සඳහන් වේ. ඊට හේතුව නම් ඒවායේ දියරමය ෆෘක්ටෝස් බහුල වීමයි. දිනපතා පානය කිරීම හේතුවෙන් උදරයේ මේද තැන්පත් වීමට පවා හේතුවේ.අධ්‍යයන වලින් තවදුරටත් පෙන්වාදෙන්නේ සීනි අඩංගු පාන වර්ග නිසා අක්මාවේ මේද ඉහළ යාම සිදුවන බවයි. එබැවින්, ඔබට භාවිතා කල හැකි හොඳම ආදේශකය වන්නේ ඔබේ ශරීරයට බොහෝ සෙයින් ප්‍රතිලාභ ලබාදෙන ජලයයි. බර අඩුකරගැනීමට හොඳින් ජලය පානය කිරීම ඉතා වැදගත් වෙනවා.

  1. ග්‍රීන් ටී පානය කරන්න.

උදෑසන අවදිවූ පසු කෝපී කෝප්පයක් පානය කිරීමට බොහෝ දෙනා හුරු වෙලා සිටිනවා. නමුත්, කෝපි වෙනුවට ග්‍රීන් ටී කෝප්පයක් පානය කල හැකිනම් ඉන් ඔබට වඩාත් හිතකර ප්‍රතිඵල ලබාගත හැකි වේවි. ග්‍රීන් ටී වල කැෆේන් සහ ප්‍රබල ප්‍රති-ඔක්සිකාරකයක් වන එපිගැලොකැටෂින්  ගැලේට් (EGCG) අඩංගු වේ. පර්යේෂණ වල සඳහන් ආකාරයට EGCG ප්‍රති-ඔක්සිකාරක ගුණ උදරයේ මේද දහනය සඳහා බොහෝ සෙයින් උපකාරී වන සංඝටක වේ.

  1. පිටතින් ආහාර නොගෙන නිවසේදීම දිවා ආහාර සූදානම් කරගන්න.

නිවසේදීම දිවා ආහාරය සූදානම් කරගැනීමෙන් ඔබේ දෛනික කැලරි පරිභෝජනය ක්‍රමවත් පාලනයකින් යුතුව පවත්වාගන්නට හැකියි. නමුත්, ඔබ පිටතින් ආහාර ගැනීමට යාමේදී ඔබ ලබාගත යුතු කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර පාන රසවීඳීමට ඔබ යොමුවිය හැකියි. එම නිසා ඔබ ආහාරයට ගන්නා දේවල් සීමා කිරීම සහ යම් පාලනයකට ලක් කිරීම ඉක්මන් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට ඉතාමත් වැදගත් වෙනවා.

  1. හොඳ නින්දක් ලබාගන්න

අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට දිනකට ප්‍රමාණවත් තරමින් හොඳ නින්දක් නොලැබීම කල් යත්ම සිරුරේ බර වැඩිවීම වැනි ප්‍රතිඵල අත්විමට හේතුවන බවයි. ඒඅනුව උදරයේ මේද තැන්පත් වීම වළක්වාගැනීමට නම් හොඳ නින්දක් අත්‍යවශ්‍ය බවයි.

  1. ඇවිදිම හෝ පාපැදි ධාවනයේ යෙදෙන්න.

කාඩියෝ ව්‍යායාම ක්‍රම (හෘද ස්පන්දන වේගය නීරෝගි කරවන ව්‍යායාම)  උදරයේ මේද දහනය කරගැනීමට ඉතා යෝග්‍යයයි. ස්කිපිං, තරප්පු පෙළ නැගීම, ඇවිදීම, පාපැදි ධාවනය ආදි එවැනි ව්‍යායාම ක්‍රම වල නිරතවන්න.