ජිම් යනවටත් වඩා වේගයෙන් සිරුරේ අහිත කර කැලරි දහනය කරන ක්‍රම 6 ක්

health tips

අපේ දේහය ලස්සනට තියා ගන්නට අපි හැමෝම කොතරම් දේවල් කරනවාද. විශේෂයෙන්ම බඩ පිරෙන්නට නොකා නොබී අධික ලෙස ව්‍යායාම් කරමින් දේහ බර වැඩි කර ගන්නේ නැතුව ඉන්නට විශාල මහන්සියක් දරනවා. දේහ බර වැඩි නම් මේ තත්ත්වය තවත් බරපතලයි. මොකද ලෙඩ රෝග බොහොමයකටම ස්තුලතාවය ප්‍රමුඛ හේතුවක් වෙන නිසා. මේ කරුණු නිසා දේහ බර  අඩු කරගන්නට අපි උත්සාහ කරනවා. ජිම් යාම  වැඩිදෙනෙක් ඒ සඳහා තෝරාගෙන තියෙන විසඳුම. නමුත් එය  අපේ  දෛනික වැඩ කටයුතු එක්ක තරමක් ගැටළුකාරී දෙයක්. ඒ වගේම කෙට්ටු වෙන්න කියලා හැමෝටම වගේ වෙනත් විසඳුම් සඳහා මිල මුදල් අධිකව වියදම් කරන්නටත් හැකියාවක් නැහැ. ඔන්න ජිම් යන්නෙත් නැතුව වියදමක් නැතුවම අනවශ්‍ය  කැලරි දහනය කර ගන්නට  මේ ක්‍රමවේද ඔබට වැදගත් වේවි. අපි බලමු ඒ මොනවද කියලා.

වැඩ කටයුතු කිරීම කාන්තාවන්ට  නිවසේ  වැඩ කටයුතුවල නිරතවෙන ගමන්ම අමතර කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් පිගන්  පිරවූ  බේසමක් පැයක කාලයක් සේදීමෙන් සහ වියළීම මගින් කැලරි 100 ක් දහනය කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මිනිත්තු 35 ක් නාන කාමරය පිරිසිදු කිරීමෙන් ට්රෙඩිමිල් එක මත විනාඩි 35 ක් ඇවිදීම තරම් කැලරි ප්‍රමාණයක් ද දහනය  කරන්නට හැකියාව ලැබෙනවා. කරදයක් වගේ දැනුණට නිවසේ වැඩ කටයුතු ක්‍රියාශීලීව කිරීම මගින් අමතර කැලරි දහනය කිරීමක් සිදු කර ගන්නට පුළුවන්.

උණු ජලය ස්නානය උණු ජලය ස්නානය කිරීමට වඩා  අපි වැඩිපුර කැමති සිසිල් ජලය ස්නානය කරන්නට නේ. නමුත් උණුසුම් ජලය ස්නානය කිරීමෙන් අපේ දේහයට විවිධ ප්‍රතිලාභ ලබා  ගන්නට හැකියාව තියෙනවා. ඒ අතරින් මානසික ආතතිය දුරුවීම, හොඳින් නින්දයාම , ශරීරයේ වේදනාවන් දුරුවීම  වගේම කැලරි දහනයටත් එය විශාල  උදව්වක් වෙනවා.  

සාමාන්‍යයෙන් උණුසුම් ජලයෙන් පැයක  කාලයක් ස්නානය කරන්නට හැකි නම් එය අපේ දේහයේ කැලරි විශාල ප්‍රමාණයක් දහනය කරගන්නට හැකියාව ලැබෙනවා. මොකද අපි උණු ජලය ස්නානය කරද්දි ශරීරයට එහි සාමාන්‍ය  උෂ්ණත්වය පවත්වා ගන්නට දැඩි වෙහෙසක් දරන්නට සිදුවීමත් සමඟ. ඉතින් ඒ නිසා උණුසුම් ජලය පැයක කාලයක් ස්නානය කිරීම කියන්නේ අපේ ශරීරයේ කැලරි දහනය  කරගන්නට වඩාත් පහසුම විධියක්.

පැගිරි අඩංගු ආහාර පැගිරි අඩංගු ආහාර අපේ දේහයට ගෙන දෙන ප්‍රතිලාභ  අතරේ කැලරි දහනයට ලබාදෙන සහයෝගයත් අති විශිෂ්ටයි. පැගිරි අඩංගු පලතුරුවල මේදය දහනය කරන තන්තු සහ විටමින් C අඩංගු වෙනවා. විටමින් c අපේ සිරුරේ මේදය තනුක කර සිරුරෙන් ඉවත් කරන ක්‍රියාවලිය වේගවත් කරනු ලබනවා. ඒ නිසා ජම්බෝල, ලෙමන්, පේර, දෙහි , දොඩම්, ජම නාරං, පැපොල්, තක්කාලි ආදී පැගිරි බහුල ආහාර නිතර ඔබේ ආහාරවේලට පුරුද්දක් විදියට එකතු කර ගත්තොත් එය අපහසුවක් නැතුවම කැලරි දහනයට ඔබට උදව්වක් වේවි.

ග්‍රීන් ටී පානය ග්‍රී න් ටීවල අඩංගු වෙන ෆ්ලෙවනොයිඩ් අපේ දේහයේ පරිවෘත්තීය ක්‍රියා කාර්යක්ෂම කරනවා. දිනකට ඔබ ග්‍රීන් ටී කෝප්ප 3 ක් පානය කළොත් එක් රාත්‍රියකට ඔබේ කැලරි 3.5 % ක් දහනය වන බව අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුල ග්‍රීන් ටී ලෙඩ රෝගවලින් ආරක්ෂාව සලසන අතරේ සමේ තරුණ පෙනුමත් රැක දෙනවා. ඉතා පහසුවෙන් මේදය බිඳ දමන්නට උදව් වෙනවා. නමුත් දවසකට එක ග්‍රීන් ටී කෝපයක් පානයෙන් නම් මේ අමතර කැලරි දහනය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා දිනකට අවම 3 වරක් හෝ  ග්‍රීන් ටී  පානය කිරීමෙන්  දේහයේ අමතර කැලරි පහසුවෙන් දහනය කර ගන්නට අවස්ථාවක් ලැබෙනවා.

සිසිල් පරිසරයක නිදා ගැනීම  අපි සිටින කාමරය සිසිල් කිරීම මගින් ඉතා පහසුවෙන් කැලරි දහනය කර ගන්නට හැකියාව ලැබෙනවා.  විශේෂයෙන්ම සීතල කාමරයක දවස ගෙවන අයෙකුට තමන්ගේ කැලරි දහනය වැඩි  කර ගන්නට වගේම බර අඩුකර ගන්නත් හැකියාව ලැබෙන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දී තියෙනවා. මාසයක කාලයක් සෙල්සියස් අංශක 19 ක් තරම් අඩු උෂ්ණත්වයක් සහිත කාමරයක නිදා ගැනීමෙන් මේ කැලරි දහනය වේගවත් කර ගන්නට වගේම මේදය පරිවෘත්තිය කිරීමට ඇති හැකියාවත් ඉහල යන බවයි පැවසෙන්නේ.

ජලය වැඩිපුර පානය අපිට කුසගිනි දැනෙන සෑම අවස්ථාවකම ඇත්තේ ආහාරයක් ගැනීම නොවෙයි. පිපාසයක්. ඒ නිසා කුසගින්නට යමක් බඩට දාගන්නට කලින් වතුර ටිකක් පානය කර විනාඩි 10 ක කාලයක් සිටින්න. එවිට කුසගින්න අඩුවෙන නිසා දේහයට ලැබෙන කැලරි ප්‍රමාණයත් අඩු වෙනවා .ඒ නිසා ආහාර ගන්නට කලින් වතුර වීදුරුවක් පානය කිරීම කැලරි අඩුකර ගන්නට කදිමයි.

ඒ වගේම  තමයි සිසිල් ජලය පානය කිරීම. එවිට ශරීරය උණුසුම් කිරීමේදී පරිවෘත්තීය ක්‍රියාවලිය තාවකාලිකව ඉහළ නැංවෙන නිසා එමගින් ද වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්නට හැකියාව ලැබෙනවා.

  • අඳුරු කාමරයක නිදා ගැනීම සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම 
  • රාත්‍රියේදී තන්තු සහ පලා වර්ග බහුල ආහාරවේලක් ලබා ගන්න.

අනවශ්‍ය  කැලරි දහනය කිරීම අද ජිම් යන්නට වෙලාවක් නැති අධික වියදමක්  ඒ වෙනුවෙන් වෙන් කරන්නට බැරි නමුත් දේහබර අඩුකරගන්නට අවශ්‍ය ඔබට මේ උපදෙස් පුරුද්දක් වශයෙන් කිරීමෙන් සාර්ථක සහ සතුටුදායක ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්නට හැකියාව ලැබේවි.