බටර් සමාගම් පවා කිසිදා හෙළි නොකරන බටර් හැන්දක් ආහාරයට ගැනීමෙන් පවා සිදුවෙන දේවල් 8 ක්

health tips

සෑම ආහාරයක්ම පාහේ අපි ලබාගත යුත්තේ දේහයට ප්‍රමාණවත් තරම් පමණයි. ඇතැම් ආහාර කොතරම් ප්‍රමාණයක් ලබා ගත්තත් දේහයට අහිතකර වන්නේ නැතත් තවත් සමහර ආහාර අපි අධිකව ලබා ගතහොත් එය දේහයට අහිතකර බලපෑම් ඇති කරන්නට හේතු වෙනවා. යම් ආහාරයක් ලබා ගන්නා ප්‍රමාණ මත ලබාගන්නා වේලාව අනුව සහ ලබා ගන්නා ආකාර අනුව අපේ දේහයට හිතකර වන්නත් පුළුවන් අහිතකර වන්නත් පුළුවන්. ඉතින් බටර් කියන්නෙත් නිසි ප්‍රමාණවලින් අනුභව අළ යුතු ඒ වගේ ආහාරයක්. නමුත් බටර් සම්බන්ධයෙන් බොහෝදෙනෙක් තුළ නොයෙකුත්  මිත්‍යා  මතයන් පවා තියෙනවා. ඒ නිසාවෙන් බටර් ආහාරයට එකතු කර ගැනීම අපේ දේහයට හිතකර ද  අහිතකර ද යන කාරණා පිළිබඳවයි අද  අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ.

බටර් සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් පවතිනවා. බටර් කිරි  සාන්ද්‍ර  කිරීම යටතේ  ඝන මේදය  ද්‍රාව්‍ය මේදයෙන් වෙන්කරමින් නිෂ්පාදනය කරනවා. බටර්වල ඉතා ඉහළ වශයෙන් මේදය අන්තර්ගත වෙන නිසා  ක්‍රීම් වැනි ව්‍යුහයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම එයට ආවේණික රසය නිර්මාණය වී තියෙනවා. මේ බටර් විවිධ ආහාර නිෂ්පාදනයේදී භාවිතයට ගනු ලබනවා. ඒ වගේම විද්‍යාත්මක පර්යේෂණවලින් සොයා ගෙන ඇති ආකාරයට මේවායේ සංතෘප්ත මේද අම්ල අඩංගු වෙනවා. සංතෘප්ත මේදය අපේ දේහයට අහිතකර බලපෑම් ඇති කරන බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. මේ නිසා කිරීට ධමනි රෝග හෘද රෝග ආදී රෝගවලට බටර් භාවිතය හේතුවන බව සොයා ගැණුනා. අතීතයේ එසේ සොයාගත් කරුණු කාරණා බොහොමයක් අද වෙද්දි වෙනස් මානයන් කරා ගෙන යන්නට පසුව විවිධාකාරයෙන් සිදුකළ පර්යේෂණ හේතුවෙලා  තියෙනවා.

බටර් මේස හැන්දක  (ග්‍රෑම් 14 ) ප්‍රමාණයක  අන්තර්ගත වෙන කැලරි ප්‍රමාණය කිලෝ කැලරි 102 ක්. එහි අන්තර්ගත  මේද  ප්‍රමාණය 11.5 ක් වන අතර එයට අමතරව  විටමින් K, විටමින්  B12, විටමින් A , විටමින් E , වගේම Conjugated Linoleic Acid කියන අම්ලයත් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ බටර්වල විශේෂයෙන්ම තණකොළ අනුභව කරන එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරිවලින් නිෂ්පාදිත බටර්වල විටමින් K2 අන්තර්ගත වෙනවා. එය දේහයට ඉතා වටිනා ප්‍රයෝජන කිහිපයක්ම ලබා දෙනවා.

මේ බටර්වල සංතෘප්ත මේද 60% කට වඩා අන්තර්ගත නිසා එය ආහාරයට ගැනීම දේහයට අහිතකර බවට මීට වසර ගණනාවකට පෙර තිබුණු මතය අද වෙනස් වී තියෙනවා. ඒ අනුව මෑතකදී සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ සංතෘප්ත මේද අම්ල සහ හෘද රෝග අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි. නමුත් American Heart Association මගින් පෙන්වා  දී ඇති ආකාරයට අපි දෛනිකව ලබාගත  යුතු කැලරි ප්‍රමාණය මෙන් 10% ක ප්‍රමාණයකට අඩු ප්‍රමාණයක් අපි  සංතෘප්ත මේද අම්ලවලින් ලබා ගන්නට  කටයුතු කළ යුතු වෙනවා.

බටර් ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ 

  • සම ආශ්‍රිත සෞඛ්‍ය නිසි පරිදි පවත්වා  ගෙන යාමට දායක වෙනවා.
  • ඇස්වල නීරෝගී පෙනීම පවත්වා ගෙන යාමට දායක වෙනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.කන්චුගේටඩ් ලිනෝලෙයිඩ්ක් අම්ලය සහ විටමින් E ආදිය මගින් අපේ දේහයට පිළිකා ඇති කිරීමේ අවදානම බොහෝදුරට අවම කරන්නට දායකත්වය සපයනවා.
  • දේහ බර අඩු කරගන්නට දායක වෙනවා.
  • අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කරන නිසා ඔස්ටියෝ පොරෝසීස් ආදී රෝගවලින් ආරක්ෂාව සැලසෙනවා.මේ සඳහා බටර්වල අඩංගු වෙන විටමින් K 2 හේතු වෙනවා. මේ විටමිනය හෘද රෝග ඇතුළු බරපතල රෝග බොහොමයක් වළක්වා ගන්නට උපකාරී වෙනවා.

ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගෙන යාමට උදව් වෙනවා.ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. බටර්වල අන්තර්ගත වෙන Butyrate හෙවත් කෙටිදාම මේද අම්ලය මගින් ආහාර මාර්ගයේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යන්නට හැකියාව ලැබෙනවා. මේ බියුටයිට් බඩවැලේ ඇති බැක්ටීරියා මගින් ද නිපදවනවා. ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහක තත්ව වළක්වා  ගනිමින් දැවිල්ලට එරෙහිව සටන් කරමින්   අයනික සමතුලිතතාවය පවත්වා ගන්නටත් එය දායකත්වයක් ලබාදෙනවා.

දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානම අඩු කරනවා.බහුලවම ආහාර පිසීම සඳහා භාවිතා කෙරෙන බටර් පමණ දැන අනුභවයෙන් අයහපත් බලපෑම් අපේ ශරීර සෞඛ්‍යයට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තණකොළ අනුභවය සහිත එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරිවලින් නිෂ්පාදිත බටර් ධාන්‍ය පදනම් කරගත් ආහාර මත යැපෙන එළදෙනුන්ගෙන් ලබාගත් කිරිවලින් නිෂ්පාදිත බටර්වලට  වඩා පෝෂණ ගුණයෙන් ඉහළයි. නිසි ප්‍රමාණවලින් ඔබේ ආහාරවලට බටර් එකතු කර ගැනීමෙන් සහ හොඳ තත්වයේ බටර් ආහාරයට එකතු කර ගැනීමෙන් දේහයට වටිනා ප්‍රතිලාභ බොහොමයක්ම ලබා ගන්නත් හැකියාව තියෙනවා.