ඈත අතීතයේ සිටම භාවිතා කළ වර්තමානය වන විට වඩාත් ප්‍රචලිත වූ ඖෂධීය ශාකයක් ලෙස නිල් කටරොළු ශාකය හඳුනාගත හැකිය. එනම් වැලක් ලෙස වැඩෙන නිල් කටරොළු අදවන විට ලෝකය පුරා භාවිතයට ගන්නා අතර නිල් කටරොළු මල් යොදා සකස් කරන පානය ඖෂධීය ගුණයෙන් අනූන වේ.Fabaceae කුලයට අයත් කටරොළු ඉංග්‍රීසියෙන් butterfly pea යන නමින් හඳුන්වනු ලබයි. එනම් ප්‍රධාන වශයෙන් කටරොළු ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය.
- නිල් කටරොළු
- එළ කටරොළු
වශයෙනි. එනම් මෙලෙස කටරොළු ශාකය වර්ග කර ඇත්තේ එහි හටගනු ලබන මල් වල පැහැය අනුවය. ඈත අතීතයේ සිටම තායිලන්තය වැනි රටවල කටරොළු භාවිතා කළ අතර ශ්‍රී ලංකාවේ ද ඕනෑම ප්‍රදේශයක කටරොළු පහසුවෙන් වගා කර ගත හැකිය. නිල් කටරොළු පානයක් ලෙස, කැඳ පානයක් ලෙස මැල්ලුමක් ලෙස , ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකිය. එනම් කටරොළු ශාකයම ඖෂධීය ගුණයෙන් අනූන වේ. එනම් ඕනෑම විටක පහසුවෙන් නිල් කටරොලු පානය සකස් කරගත හැකිය. එනම් නිල් කටරොළු මල් තුනක් පමණ ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා මද වේලාවක් වසා තබා තැම්බුණු පසු පෙරා එම පානය සකස් කර ගත හැකිය.
නිල් කටරොළු ශාකයේ ඖෂධීය භාවිතයන් රැසක් පවතී. එනම්

සෙම් රෝගයන්ට ඖෂධයක් වේ.සෙම් රෝග සමනය කිරීමට කටරොළු ශාකයේ මුල්, මල් ,කොළ ,පොතු, ඇට පංචාංගයම ඖෂධ ලෙස භාවිතා කරයි. එනම් මේ සඳහා කටරොළු මල් තම්බා පානය කිරීම හෝ කැඳ සකස් කර පානය කිරීම යෝග්‍ය වේ.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධයක් වේ.පීඩාකාරී සෙම්ප්‍රතිශ්‍යාව සමනයට කටරොළු මුල් හොඳින් කුඩු කර දිනකට එයින් ග්‍රෑම් එකක් තුනක් අතර ප්‍රමාණයක් උණු වතුර වීදුරුවකට එක් කොට පානය කිරීම යෝග්‍ය වේ.
ගලගණ්ඩ සඳහා ඖෂධයක්වේ. ගලගණ්ඩය ඇති වූ විටක එම රෝගය සමනය කිරීමට සහ ඇති වූ ගලගණ්ඩය සමනය කිරීමට කටරොළු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් එළ කටරොළු මේ සඳහා භාවිතා කළ යුතුය. එළ කටරොළු ශාකය ගෙන වතුර පත හතරක් දමා එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස දිනපතා පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
හිසරදය සමනය කරන ඔසුවක් වේ.හිසරදය ඇති විටෙක කටුරොලු භාවිතා කිරීමෙන් හිසරදය සුව කර ගත හැකිය. එනම් කටරොළු කොළ කිහිපයක් ගෙන අඹරා යුෂ බිංදු දෙකක් පමණ ගෙන නාසයෙන් ඉහළට ඇදීම හෙවත් නස්න කිරීමෙන් හිසරදය සුවපත් වේ.
කාන්තා රෝග සමනය කිරීමට ඖෂධයක් වේ.කාන්තාවන්ට ඇතිවන බොහෝ රෝග එනම් ආර්තව දෝෂ, ගර්භාෂගත රෝග තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට හා ඇති වූ රෝග සමනය කිරීමට නිල් කටරොළු මල් කෂාය පානය කිරීම යෝග්‍ය වේ.
ශරීර ගත ඉදමුම් වලට ඖෂධයක් වේ.ශරීර ඉදිමුම් සමනය කර ගැනීමට කටරොළු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කටරොළු කොළ අඹරා ඉදමුණු ස්ථානවල ආලේප කිරීම මගින් එම ඉදිමුම් සමනය කර ගත හැකිය.

දත් කැක්කුම සඳහා ඖෂධයක් වේ. පීඩාකාරී දත් කැක්කුම සුව කර ගැනීම සඳහා කටරොළු ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් නිල් කටරොළු මුල් ,ගම්මිරිස් ඇට කිහිපයක් සමග අඹරා දත මත ආලේප කිරීමෙන් වේදනාව සුව කර ගත හැකිය.
අර්ශස් රෝගය සඳහා ඖෂධයක්වේ.අර්ශස් රෝගීන්ට ඇතිවන ගෙඩි සුව කර ගැනීම සඳහා කටරොළු ශාකයම ගෙන ගලෙන් අඹරා එම ප්‍රලේපය අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් එම ගෙඩි සහ වේදනාවන් සුවපත් වේ.
මානසික ආතතිය සමනය කිරීමට උපකාරී වේ.මානසික ආතතිය ඇති පුද්ගලයින්ට මානසික ආතතිය සමනය කර ගැනීමට කටරොළු මුල් කසායක් ලෙස සකස් කර පානය කිරීම යෝග්‍ය වේ. එමෙන්ම
- චර්ම රෝග සඳහා
- කෘමි දෂ්ඨන සමනය කිරීම් සඳහා
- සුදු කබර රෝගය සඳහා
- උගුරේ ආසාදන සඳහා
- දියවැඩියාව පාලනය කිරීම සඳහා
- දහඩිය දැමීම වලක්වා ගැනීම සඳහා
- අක්මා රෝග සඳහා
- පිලිකා ඇතිවීම වලක්වා ගැනීම සඳහා
වැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා කටරොළු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් දියවැඩියාව වැනි නිදන්ගත රෝග සඳහා ඖෂධයක් ලෙස කටරොළු භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.