නින්දේදි කටින් කෙළ පෙරීම මගහරවා ගත හැකි ක්‍රම 6ක්

health tips

නිදා ගැනීමේදී කටින් කෙළ පිරීම බොහෝදෙනා මහා කරදරයක් විදියට වගේම අප්‍රසන්න දෙයක් විදියටයි සලකන්නේ. දිනපතාම ඇද ඇතිරිලි කොට්ට උර සෝදන්නට සිදුවීම සහකරුවාට හෝ සහකාරියට අප්‍රසන්න බවක් ගෙනදීම කියන කාරණා නිසා ඇත්තටම මේ තත්ත්වය පීඩාකාරී දෙයක්. කොහොමනමුත් අපේ සමාජයේ බහුතරයක්ම මේ තත්ත්වය අත්විදිනවා.ඒ නිසාම ඔන්න අද අපි ඔබ සමඟ කතා කරන්නේ මේ නින්දේදී කටින් කෙළපිරීම සහ ඒ තත්ත්වය මගහරවා ගන්නට අපිට කළ හැකි දේ මොනවාද කියන කාරණාවන් පිළිබඳවයි.

මේ ආකාරයට නින්දේදී කටින් කෙළ පිරීමෙන් හැඟවෙන්නේ අපේ අභ්‍යන්තර ශරීර සෞඛ්‍ය ඉතා යහපත්ව පවතිනවා කියන කාරණය. මෙය ඇතැමෙක් විශ්වාස කරන්නට මැලි වුණත් එය අපිට පිළිගන්නටම සිද්ධ වෙනවා. අපේ මුඛයෙන් ශ්‍රාවය වන කෙළ අපේ මුඛයේ විෂබීජ වර්ධනය වැළැක්වීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කරනු ලබනවා. උදෑසන දත් මැදීමෙන් පසුව රාත්‍රිය වනතුරු  මුවේ නැවුම් බව පවත්වාගෙන යන්නේ දිගටම කෙළ ශ්‍රාවය වී මුඛයේ සංසරණය වීම මගින්. නින්දේදී ඒ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවෙන නිසයි උදෑසන අපේ මුඛයෙන් දුර්ගන්ධයක් නිකුත් වෙන්නේ. ඒ වගේම කෙළ ආහාර ජීර්ණ පද්ධතියේ පවතින  ප්‍රධානම ජීර්ණක යුශයයි. ග්ලුකෝස්, සුක්රෝස්  ආදී සීනි ගණයට ගැනෙන  සරල කාබෝහයිඩ්රේට  30% -50% ත් අතර ප්‍රමාණයකින් මුඛය තුළදීම ජීර්ණය කරන්නට කෙළ සතු රසායන  සැකැස්ම දායක වෙනවා. 

ඒ වගේම සැපීමේ ක්‍රියාවලියටත් ගිලීමේදීත් කෙළ ඉතා වැදගත් කාර්යබාරයක් ඉටු කරනු ලබනවා. සැපීමට ගිලීමට අවශ්‍ය වන කෙළ ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ දිව යට ඇති ප්‍රධාන ග්‍රන්ථියෙන්. නමුත් නින්දේදී ඒ ග්‍රන්ථිය තරමක් අඩපණ වෙනවා. රාත්‍රී කාලයේ අපේ මුඛයේ තෙතමනය පවත්වා ගැනීමේ  සම්පූර්ණ වගකීම  ඉශ්ට කරන්නේ ඉදිරිපස තියෙන ඛේට ග්‍රන්ථිය මගින්. එය මොළය නින්දේ පැවතුණත්  දිගින් දිගටම කෙළ නිකුත් කරනු ලබනවා. නමුත් මොළය අවදිව ඇති විටෙක එයින් කෙළ  නිකුත් කිරීම තරමක් සීමා වෙනවා. නින්දේදී කෙළ පිරීම සිදු වෙන්නේ මේ ඉදිරිපස ඇති ග්‍රන්ථියෙන්. 

මෙසේ නින්දේදි කෙළ පෙරීමෙන් හඟවන කරුණු 

  • මොළය ඉතා හොඳින් විවේක වන බව හා මොළය ගැඹුරු නින්දකට යන බව
  • ගුණාත්මක නින්දක් ලබාගත් බව  
  • සිරුරේ ප්‍රමාණවත් තරම් ජලය ඇති බව 

සිරුරේ ජල මට්ටම අඩු නම් කෙළ ශ්‍රාවය වීම ඉබේම අඩුවීමක් හෝ නතරවීමක් සිදු වෙනවා.

  • සිරුරේ වැඩි ලවණ පිට කරයිහොඳම නින්දේදී මාංශපේශී ලිහිල් වීම නිසා මුඛය විවරවෙලා තියෙනවා.එයින් සිරුරේ නිපදවන වැඩි ලවණ ප්‍රමාණය  ඛේටය සමඟ මිශ්‍ර වී  එළියට පැමිණෙනවා.එය ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරයි. ඒ නිසා නින්දේදී කෙළ පිරීම බොහෝදුරට අපේ ශරීර සෞඛ්‍යය දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා.සෑම අවස්ථාවකම නින්දේදී කෙළ පිරීම ගුණාත්මක නින්දක ලක්ෂණයක් ලෙස සිතීම වැරදියි. ඇතැම් විට නාසය සිරවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිටකදී යම් අසාත්මිකතාවන් ඇතිවිටකදී වුණත් මේ නින්දෙන් කෙළ පෙරීම ඇති වන්නට පුළුවන්.ඒ වගේම අසාමාන්‍ය ලෙස, අධික ලෙස ඛේටය වැගිරීම යම් රෝගයක ලක්ෂණයක් ලෙසත් ඇති වන්නට පුළුවන්. Sleep apnea යන රෝගී තත්ත්වය ඇතිවිට වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්ත්වයන්වලදී මේ තත්ත්වය ඇති වන්නට හැකියාව පවතිනවා. කොහොමවුනත් නින්දේදී කෙළ පෙරීම ඔබට යම් කරදරකාරී තත්ත්වයක් නිසා එය  මගහරවා ගන්නට මේ ක්‍රමවේද අනුගමනය කරන්නට පුළුවන්.

කෙළ පෙරීම වළක්වා ගත හැකි ක්‍රමවේද 

  • නිදා ගැනීමේ ඉරියව්ව වෙනස් කිරීම ඛේටය නින්දේදි පිටතට පැමිණෙන්නට මූලික වෙන්නේ අපි නිදා ගන්නා ඉරියව්ව. පැත්තට හැරී හෝ මුණින් අතට හැරී  නිදා ගන්නා විට ඛේටය පිටතට පැමිණීමේ ඉඩකඩ වැඩියි. මේ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ උඩුබැලි අතට නිදා ගැනීමට හුරුවීම. එයින් ඒ තත්ත්වය සාර්ථකව මගහරවා ගන්නට පුළුවන්.
  • Sleep apnea රෝග  තත්ත්වය ඇත්නම් එය සුවකර ගැනීම.ස්ලීප් ඇප්නියා රෝගය ඇති අයෙක් රාත්‍රි නිදා ගැනීමේදී  විටින් විට හුස්ම ගැනීම කෙටිකාලයකට නතර කර   නැවත හුස්ම ගැනීම පටන් ගැනීම,  නින්දේදී තදින් ගෙරවීම,  මුඛයෙන් ඛේටය වැගිරීමත් සිදු වෙනවා. මේ නිසා මේ රෝගීන්ට ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නට  නොහැකි වෙනවා. දුම්පානය, තරබාරුව වැනි හේතු මේ තත්ත්වය ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයෙන් පීඩා විදින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වෙනවා.
  • නාස් කුහරවල අවහිරතා  නැතිකර ගැනීම ශ්ලේෂ්මල නිසා නාස් කුහරය අවහිර වී ඇති විට නින්දේදී මුඛයෙන් හුස්ම ගැනීමට සිදුවීමෙන් මුඛයෙන්ක් කෙළ වැගිරීම වැඩි වෙනවා. ඒ නිසා නාස් කුහරයේ අවහිරතා මගහරවා ගැනීමට වාශ්පය ඇල්ලීම, හෝ වෙනත්  ප්‍රතිකාරවලට යොමුවීම සුදුසුයි.
  • නින්දේදී හිස ඉහළින් තබා ගැනීම නිදා ගැනීමට තරමක් උස කොට්ටයක්  භාවිතා කිරීමත්, කෙළ පෙරීමේ තත්ත්වයන්  මගහහරවා ගැනීමට හොඳ විසඳුමක්. නමුත් බෙල්ලේ හෝ කොන්දේ වේදනාවක් ඇතිවන තරමට අධික උසකින් යුක්ත කොට්ට භාවිතා කිරීම  නොකළ යුතුයි. 
  • පලදනාවක් භාවිතා කිරීම නින්දේදී මුඛය විවර නොවන පරිදි පැළදිය හැකි විශේෂ  පලදනාවක්  භාවිතා කිරීම මගින් කෙළ පෙරීම වළක්වා ගන්නට පුළුවන්. නමුත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි.

ශරීර සෞඛ්‍ය පිළිබඳව දැන කියා ගන්නට උපකාරී වෙන නින්දේ දී කෙළ පෙරීම බොහෝවිට කරදරකාරී තත්ත්වයක් නිසා  එය මගහරවා ගන්නට මේ සරල පිළියම්වලට යොමු වන්න.