අපි ජීවිත කාලය පුරාවට අපේක්ෂා කරන බොහෝ දේවල් අතුරින් නීරෝගිකම මූලිකම දෙයක්. මොකද කිසිම ධනයකින් බලයකින් අපිට අපේ නීරෝගීකම ලබා ගන්නට බැහැ. ඒ නිසාම අපි අපේ නීරෝගීකම වෙනුවෙන් ගත යුතු ආහාරපාන චර්යා පුරුදු වගේම ඖෂධ ගැනත් දැනුවත්ව සිටින්නට අවශ්‍යයි. අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ පැවැත්මට පෝෂක ප්‍රමාණවත් පරිදි අවශ්‍ය බව.අපි දෛනිකව ගනු ලබන ප්‍රධාන ආහාර වේල් තුනම සමබල ආහාරවේල් ලෙස ගන්නට යැයි පෝෂණවේදීන් සඳහන් කරන්නේ ඒ නිසාවෙන්. ඉතින් මේ ආහාරවේල් මගින් අපේ ශරීරයට විවිධ පෝෂක සහ විටමින් වර්ග ලැබෙනවා. අද අප කතා කරන්නේ ශරීරයට නැතුවම බැරි විටමින් පිළිබඳව.
විටමින් වර්ග බොහොමයක් ගැන ඔබ අහලා ඇති. ඒවා අපේ සිරුරේ පැවැත්ම වෙනුවෙන් අතිවිශාල මෙහෙයක් ඉටු කරන බවත් ඔබ දන්නවා ඇති. මේ විටමින් වර්ග සිරුරට ප්‍රමාණවත් පරිදි ලැබුණේ නැති වුණොත් එය බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති කරන්නට හේතුවන බවත් ඔබ දන්නවා ඇති. නමුත් මේ අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් ප්‍රමාණය ඉක්මවා අපේ ශරීරයට ලැබුණොත් මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳව නම් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති.ඒ නිසාවෙන්මයි ඔබේ නීරෝගී පැවැත්මට මේ වටිනා කරුණු කාරණා ගෙන එන්නට සූදානම් වෙන්නේ.
සරලවම කිව්වොත් විටමින් කියන්නේ අපේ ශරීරය තුළ සිදුවෙන ජීව ක්‍රියා වේගවත් කරන්නට උපකාරී වෙන කාබනික සංයෝගයක්. ඉතින් මේ විටමින් වර්ග කරද්දි ඒවා ජල ද්‍රාවී සහ මේද ද්‍රාවී ලෙස වර්ග කෙරෙනවා.

ජල ද්‍රාවී විටමින්
- විටමින් B
- විටමින් C
මේද ද්‍රාවී විටමින්
- විටමින් A
- විටමින් D
- විටමින් E
- විටමින් K
මේ ජල ද්‍රාවී විටමින් අපේ ශරීරයේ සෑම පටකයකම වගේ පැතිරිලා තියෙනවා. ඒ වගේම මේ විටමින් ශරීරයේ දීර්ඝකාලයක් ගබඩා කරගෙන තබා ගන්නේ නැහැ. මේ විටමින් වර්ග අධික ප්‍රමාණයක් සිරුරට ලැබුණත් එයින් සිරුරට හානියක් වන්නේ නැහැ. ඒවා මුත්‍රා සමඟ හෝ බැහැර වන නිසා.
නමුත් මේද ද්‍රාවී විටමින් විටමින් ශරීරයේ දිගු කාලයක් රඳා පවත්වා ගන්නට හැකියාව පවතින නිසා එවැනි විටමින් ඌණතාවයන් පවා ඇති වෙන්නේ බොහොම කලතුරකින්. ඒ වගේම මේද ද්‍රාවී විටමින් නිසි පරිදි ශරීරගත වෙන්නට නම් අක්මාව, පිත්තාශය සහ අග්න්‍යාශය යන ඉන්ද්‍රියන් තුනම නිසි පරිදි ක්‍රියා කළ යුතුයි. මේ මේද ද්‍රාවී විටමින් සිරුරට අධික ලෙස ගැනීම අහිතකර තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා.
සාමාන්‍යයෙන් අපි ගනු ලබන ආහාර මගින් අපේ ශරීරයට විටමින් ප්‍රමාණවත් පරිදි ලබා ගන්නට පුළුවන් .ඒ හැරණාම පෙති වශයෙන් කිසිදු විටමිනයක් රෝගී තත්ත්වයක දී හැරුණාම ගත යුතු වෙන්නේ නැහැ. නමුත් අද බොහෝදෙනා හේතුවක් නොමැතිව විවිධ විටමින් වර්ග බෙහෙත් අලෙවිසැල්වලින් හිතුමතේට මිලට ගෙන භාවිතා කරනු ලබනවා. විශේෂයෙන්ම මේද ද්‍රාවි විටමින් වර්ග අධිකව ගැනීම වඩාත් අහිතකර ප්‍රතිඵල ඇති කරන්නට සමත් වෙනවා.
විටමින් අධිකව සිරුරට ලැබීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ
විටමින් A

- විටමින් A කාණ්ඩයක් වන රෙටිනෝල් අධික ප්‍රමාණයෙන් ගැනීම අස්ථි බිඳීමේ අවදානම 68% කින් වැඩි කරයි.
- කුඩා දරුවන්ට නම් පාලනයකින් තොරව ඉබේම මස්පිඩු චලනය වීම, අසාමාන්‍ය ලෙස හිස් කබලේ දියර එකතු වීම නිසා වමනය ඇති වීම සිදුවෙයි.
වැඩිහිටියන්ට,
- හිසරදය
- පෙනීම බොඳවීම
- නාසයෙන් රුධිරය වහනය වීම
- අධික ලෙස දහදිය දැමීම
- තොල් පැලීම
- නිදිමත
- කෙස් ගස් දුර්වල වී පහසුවෙන් කැඩීයාම,
- කාන්තාවන්ගේ ආර්තවය අක්‍රමවත් වීම
- ඇස් ඉදිරියට නෙරා ඒම ආදී අහිතකර තත්ත්වයන් මේ විටමින් මේදයේ දියවී අක්මාවේ තැන්පත්වීම හේතුවෙන් ඇති කරයි.
විටමින් B
- අධික ලෙස දහදිය දැමීම
- සමේ කැසීම් ඇතිවීම
- ස්නායු පද්ධතියට හානි වීම
- ඇදුම හට ගැනීම
- ආමාශයේ දැඩි වේදනාව
- බඩේ අජීර්ණය
- වමනය
- පාචනය
- අක්මාවට හානි සිදුවීම
විටමින් C

- වකුගඩුවල ගල් සෑදීම
- ආහාර මාර්ගයේ තුවාල ඇතිවීම
- පාචනය
විටමින් D
- හදවතේ, පෙනහලු හා වකුගඩුවල පටකවල හානි සිදුවීම
- ආහාර රුචිය නැතිවීම
- සිරුර දුර්වල වීම
- අධික පිපාසය
- නිතර මුත්‍රා පිටවීම
විටමින් E
හෘද රෝග ඇතිවිට විටමින් E කොහෙත්ම සුදුසු නොවෙයි.
- රුධිර පීඩනය ඉහළ යාම
- පේශී දුර්වලවීම
- උදරයේ වේදනාවන් ඇතිවීම සමේ වෙනස්කම් ඇතිවීම
- ශරීරයේ ආසාදන ඇති වීම
- විෂබීජ ශරීරගතවීම නිසා ඇතිවන උණ තත්ත්වයන් බහුලව ඇති වීම
- පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රි ත පිළිකා ඇතිවීම
බොහෝඅය විටමින් දිව ඔසුවක් සේ සිතා බාහිරින් හිතුමතේට ඒවා ලබා ගත්තත් එය නැති ලෙඩ ඇති කරන්නට හේතු වෙන බව ඔබ දැනගත යුතු වෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම සමබල ආහාරවේලක් මගින් සිරුරට අවශ්‍ය කරන විටමින් ලබා ගැනීමට උනන්දු වන්න. එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබට බෙහෙවින් වැදගත් වේවි.