සමබල ආහාරවේලක්, සුවදායි නින්දක් වගේම ශාරීරික ව්‍යායාම් කියන්නේ අපේ දේහය නීරෝගීව තබා ගන්නට අත්‍යවශ්‍ය වන සාධක 3 ක්. බොහෝදෙනෙක්ට මේ සාධක තුනෙන් එකක්වත් නිසි පරිදි ලබා ගන්නට හැකියාවක් නැතිවෙලා තියෙනවා අද මේ ගත කරන කාර්යබහුල ජීවිතය නිසාවෙන්. නමුත් ලෙඩක් දුකක් නැතුව කාලය ගත කරන්නට දීර්ඝායුෂ ලබන්නට නම් මේ කරුණු ගැන අපි වැඩි වැඩියෙන් සැලකිලිමත් වන්නට අවශ්‍යයි. ඉතින් ව්‍යායාම නැත්නම් ශාරීරික ක්‍රියාකාරකම් කියන්නේ බොහෝ ලෙඩවලින් වැළකී සිටින්නට හැකියාව ඇති කරන සාධකයක්. අලස ජීවන රටාව ලෙඩ ගොඩකට හේතුවක්. නමුත් ජිම් එකකට ගිහින් ව්‍යායාම් කරන්නට අපි හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතා පහසුවෙන් අපේ ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නට වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් තියෙනවා. ඇවිදීම කියන්නේ එයින් එකක්. සැබැවින්ම ඇවිදීම කියන්නේ එක්තරා විදියක ඔසුවක්. ඉතින් දෛනිකව පොඩි වේලාවක් ඇවිදින්නට පුළුවන් නම් ඔබට ඔබේ නීරෝගී බව සහතික කර ගන්නට පුළුවන්. ඉතින් අපි බලමු ඇවිදීමෙන් අපේ දේහයට ලැබෙන විස්මිත ප්‍රයෝජන මොනවද කියලා.
එහෙට මෙහෙට අපි එදිනෙදා සිදු කරන ඇවිදීම සහ ව්‍යායාමයක් ලෙස සිදු කරන ඇවිදීම යන දෙක සහමුලින්ම වෙනස් දෙකක්. වෛද්‍යවරුන් සඳහන් කර ඇති ආකාරයට ඇවිදීම තරම් දෙයක් අපේ ශරීරයට නැති නැහැ. මොකද ඇවිදීමෙන් සමස්ත දේහයටම ලැබෙන ප්‍රතිලාභ අති මහත් නිසාවෙන්.
ඇවිදීමෙන් අපේ දේහයට ලැබෙන වාසි

- රුධිර පීඩනය ක්‍රමවත් කරනවා.අධි රුධිර පීඩනය කියන්නේ අද ලෝකයේ බොහෝදෙනෙක් පීඩා විදින තත්වයක්. පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති ආකාරයට දිනකට විනාඩි 40 ක කාලයක් ඇවිදීම මගින් මිනිස් සිරුරේ රුධිර පීඩනය අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා. මේ නිසා අධි රුධිර පීඩනය ඇති අය දෛනිකව ඇවිදීම ඉතා වැදගත් කියලයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
- හදවත් රෝගවලින් ආරක්ෂා කරනවා.මේ නිසා හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නට හැකියාව ලැබෙනවා. ඇවිදීම හරහා කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීම සහ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරමින් හදවත නීරෝගී කරන්නට දායක වෙනවා.
- පිළිකා ඇතිවීම පාලනය කරනවා.ඇමෙරිකා පිළිකා සංසදය සඳහන් කරන ආකාරයට සතියට පැය 7 ක් ඇවිදින කාන්තාවන්ට පියයයුරු පිළිකා සෑදීමේ අවදානම 25% කින් අඩුවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කාන්තාවන් පියයුරු පිලිකාවෙන් ආරක්ෂා වෙන්නට හොඳම ක්‍රියාකාරකම ලෙස ඇවිදීම ඔවුන් පෙන්වා දෙනවා.
- පෙනහලු නීරෝගී කරනවා. ඇවිදීමෙන් රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය වැඩි වී පෙනහලු නිසිපරිදි ක්‍රියාකාරී කරවනු ලබනවා. ඒ වගේම රුධිරයේ ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් වෙනවා.
- දියවැඩියාව පාලනය කරනවා.දියවැඩියාවෙන් පීඩා විදින අයට වගේම බොහෝවේලාවක් වාඩි වී සිටින අයටත් කදිම ව්‍යායාමයක් තමයි මේ ඇවිදීම. එය දියවැඩියා රෝගය පාලනයටත් දියවැඩියා රෝගයෙන් බේරෙන්නටත් යන දෙකටම හිතකර වෙනවා. ඒ වගේම දුවන අය සහ ඇවිදින අය දායක කරගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙන්නේ දුවන අයට වඩා ඇවිදින අයට දියවැඩියාව වැළදීමේ අවදානම ඉතා පහළ මට්ටමක පවතින බව.
- බුද්ධිය හීන වන මතකය සම්බන්ධ රෝගයන් ඇතිවීමේ අවදානම අඩු කරනවා.වයස්ගතවීමත් සමඟ බොහෝදෙනෙක් මොළය ආශ්‍රිතව ඇතිව ඇල්ෂයිමර් සහ ඩිමෙන්ෂියා ආදී රෝගවලට ගොදුරු වෙනවා. මේ රෝග අවදානමෙන් මිදෙන්නට ඇවිදීමට අපේ දේහයට ඉතාම වැදගත්.
- මානසික සෞඛ්‍ය වර්ධනය කරනවා.මානසික ආතතිය සහ පීඩනය අඩුකර ගන්නත් ඍණාත්මක සිතුවිලි වර්ධනය කර ගන්නත් ප්‍රීතිමත් සිතුවිලි ගලා ඒමටත් ඇවිදීම අපේ දේහයට හරිම වැදගත්.
- ආහාර ජීර්ණය නිසි පරිදි සිදු කිරීමට දායක වෙනවා.දිනපතා කෙටි වේලාවක් ඇවිදීම මගින් මහා බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසිපරිදි ක්‍රියාත්මක කරවීම සඳහා පරිවෘත්තීය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම තුළින් මලබද්ධය ආදී රෝග තත්ත්වයන්ගෙන් ද ආරක්ෂාව සලසනු ලබනවා.
- පෙනීම දියුණු කරනවා.ඇවිදීම මගින් ඇසේ සහ දෘෂ්ටියේ මනා පැවැත්මට විශාල දායකත්වයක් ලබාදෙනවා. ඇසේ පීඩනය අඩු කිරීම මගින් ග්ලූකොමා රෝගයට එරෙහිවත් සටන් කරනු ලබනවා.

- කොන්දේ වේදනාව සමනය කරනු ලබනවා.සාමාන්‍ය වෙනත් ව්‍යායාම් කිරීමකදී ඇතැම් අයට කොන්දේ වේදනා තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. නමුත් එය සුවකර ගන්නට වගේම ශරීරයට හොඳ රුධිර ගමනාගමනයක් සඳහා ඇවිදීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම කොඳු නාරටිය හරහා රුධිර ගමනාගමනය යථා තත්ත්වයට පත්වී කොන්දේ ඇති වෙනත් ගැටළු සහ වේදනාවන්ද සුවපත් කරනු ලබනවා.
- මාංශපේශී ශක්තිමත් කරනවා.දිනකට පියවර 10 000 ක් තරම් ඇවිද යාම විශේෂයෙන්ම කෙටි විවේකයන් ලබාදෙමින් හෝ කන්දක ඉහළට ගමන් කිරීම ආදිය මගින් ඉතා හොඳ මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයක් ලබාදෙනවා. මෙයින් සිරුරේ බර වැඩි පුද්ගලයන්ට බර පාලනය කර ගන්නටත් මාංශපේශී හොඳින් ශක්තිමත් කරන්නටත් උපකාරී වෙනවා.
- අස්ථි ශක්තිමත් කරනවා.ඇවිදීම මගින් සන්ධිවල චලනයන් ඇතිවන නිසා එය ඉතා ඉක්මනින් සන්ධි ගෙවීයාම වගේම අස්ථි ස්කන්ධය හීන වීම ද අවම කරන්නට උපකාරී වෙනවා. දිනපතා විනාඩි 30 ක කාලයක් ඇවිදීමෙන් සන්ධි වගේම අස්ථිවල ඇතිවන වේදනාවන් වගේම දැවිල්ලත් අඩු කරන බව පර්යේෂකයන් සඳහන් කරනවා.
- මනස සැහැල්ලු කරනවා.
- නිර්මාණශීලි බව වැඩි වෙනවා.
- වයසට යාම පාලනය වෙනවා.
ඉතින් ඇවිදීම කියන්නේ කායිකව වගේම මානසිකවත් නීරෝගීව සිටීම සඳහා ඉතාම වැදගත් ශාරීරික ක්‍රියාකාරකමක්.
සැලකිලිමත් වෙන්න
- ඇවිදීමේදී දුරින් අඩි තැබීමක් නොකර ළඟ අඩි තබා ඇවිදීම
- පාවහන් තෝරා ගැනීමේදී ඉදිරිපසින් නැමෙන සුළු සහ බරින් අඩු සපත්තු තෝරා ගන්න.
- හිස සහ කඳ කෙළින් තබාගෙන ඇවිදින්න.