සුව කරන්න බැරි සුදු කබර රෝගය පවා සුව කර හැකි වරා ශාකය සතු ගුණ 9 ක්

health tips

අප අවට පරිසරයේ ඉබේ හැදෙන බොහොමයක් පැළෑටිවල නිසි භාවිතයන් පිළිබඳව සහ ඒවායේ ඇති ඖෂධීය වැදගත්කම ගැන බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. ඒ නිසාම ඒවා බොහොමයක් නිසි  ප්‍රයෝජනයට නොගෙනම විනාශ වෙලා යනවා. වටිනා ශාක අප පරිසරයෙන් වඳවෙලා යන්නත් එය හේතුවක්. 

වර කියන්නේ බොහෝ විට මේ වෙද්දි ඔබ දන්නා හඳුනන ශාකයක් වෙන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් නොදන්නා කාරණාව තමයි මේ වරා ශාකය ඖෂධීය වශයෙන් නිසි පරිදි භාවිතයට ගන්නේ කොහොමද කියලා. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ ශාකය විනාශ කරන අවස්ථාත් නැතුවාම නොවෙයි. ඒ නිසා අපි අද කතා කරන්න සිතුවා රෝග බොහොමයකටම ප්‍රතිකාර විදිහට භාවිතා කරන්නට හැකියාව තියෙන සුවිශේෂී ගුණ ඇති මේ වරා ශාකය පිළිබඳව.

 Calotropis gigantean විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ වරා ශාකය සාමාන්‍යයෙන් මීටර් 5 ක් තරම් උසට වර්ධනය වන ශාකයක්. පඳුරක් වශයෙන් හැදෙන වැඩෙන මේ  ශාකයේ සෑම කොටසක්ම කිරි සහිතයි. මේරූ කඳේ පත්‍රවල වගේම පුෂ්ප මංජරියේ සුදු පැහැති බූවක් දකින්නට පුළුවන්.මේ ශාකයේ පත්‍රයක් දිගින් සෙන්ටිමීටර් 18 ක් සහ පළලින් සෙන්ටිමීටර් 8 දක්වා වර්ධනය වෙනවා.  මේ වරා ශාකයේ සුදු පැහැ මල් හට ගන්නා ප්‍රභේදයක් සහ  දම් පැහැ මල් හට ගන්නා ප්‍රභේදය වශයෙන් වර්ග 2 ක් දැක ගන්නට පුළුවන්. සුදු පැහැති මල් හට ගන්නා ප්‍රභේදය එල වරා ලෙසයි  හඳුන්වන්නේ. මෙහි පරිණත ඵලය පිපිරීමෙන්  බූමණියක් සහිත බීජ සුළඟින් ව්‍යාප්ත  වෙනවා.

මේ වරා ශාකය වේගයෙන් වර්ධනය වන විශාල මල් පිපෙන සහ ආකර්ෂණීය පඳුරක්. වියළි වෙරළබඩ ප්‍රදේශ, මාර්ග දෙපස, ​​ජල මාර්ග, අධික තණබිම්,  නවාතැන් සහිත කලපු වෙරළ, උණුසුම් පරිසරයන්, පුරන් බිම් ආදියේ ඔබට මෙම ශාකය දැකගන්න පුළුවන්. මෙම ශාකය බොහෝ විට වැලි, ලෝම පස්වලට වැඩි කැමැත්තක් දක්වනවා. එය වියළි වැලිවලත්  වර්ධනය වෙනවා.

මේ වරා ශාකයේ කොළ, මල්, ඇට,මුල්, අංකුර කිරි වගේම වරා ගස්වල දකින්නට ලැබෙන අර්කටිඩ්ඩා කියන කෘමියත් ඖෂධ සඳහා භාවිතයට ගැනෙනවා. මේ ශාකය ඖෂධ පිණිස භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත්ව භාවිතා කළ යුතුයි. මේවායේ අඩංගු වන කිරි ඇස්වල තැවරීම නිසා ඇස්වල අන්ධභාවය වුණත් ඇති වෙන්නට හැකියාව තියෙන තරම් විෂ සහගතයි. ඒ වගේම ඇතැම් අයට මේ වරා කිරි සමේ තැවරීමෙන් විවිධ ආසාත්මිකතා වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බාහිරෙන් වගේම ශරීරයේ අභ්‍යන්තර විවිධ රෝගාබාධ සඳහා මේ ශාකය භාවිතයට ගැනීමේදී ඒවායේ විෂ ඉවත් වන ආකාරයට  ප්‍රයෝජනයට ගන්නට දේශීය වෙදකමේ විවිධ  ක්‍රමෝපායන් තියෙනවා.  ඒ නිසා මේ ශාකය හිතුමතේ භාවිතා කිරීම එතරම් හිතකර වෙන්නේ නැහැ. 

  • හිසේ කැක්කුම සඳහා 
  • ඇදුම රෝගයට
  • සුදු කබර ඇතුළු චර්ම රෝගවලට 
  • ගුල්ම රෝගයට
  • ශුධ්‍රසි ඇතුළු වාත රෝගවලට
  • සර්ප විෂ සඳහා
  • ගල් තැලුම්වලට
  • මැලේරියා රෝගයට 
  • අක්මා රෝගවලට
  • පිත ශ්‍රාවය වීම මද අවස්ථාවල දී 
  • විෂක්  ඇතුල් වී වමනය කරවීම සඳහා
  • ඉදිමුම්වලට
  • බරවා රෝගයට
  • වාත කණ්ඨක රෝගයට ආදී රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගැනෙනවා.

ඉදිමුම් සඳහා  වරා කොල කහ සමඟ අඹරා ආලේප කරන්න.

චර්ම රෝග සඳහා වරා මුලේ පොතු චූර්ණ කර භාවිතයට ගත හැකියි.

වාත කණ්ඨක රෝගය හෙවත් විළුඹේ ඇතිවන වේදනාවන් සඳහා විළුඹේ පිණ්ඩ තෛලය ආලේපකර රත්කරගත් වරා කොළවලින් තැවීමෙන් සහනය සලසා ගන්න  පුළුවන්. 

සුදු කබර සදහා වරා කිරි භාජනයකට ගෙන වියළි පොල් ගෙඩිවල කිරි සහ තලතෙල් සමග කළවම් කරගන්න.  තද අව්වේ හොඳින් සිදුවා රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න.

දරුණු හිසරදය සඳහා වරා මුල් කැබලි කපා වියලා අලු වනතෙක් බඳුනක දමා දවා  ඒ අළු වරා කිරට දියකර වියළාගෙන නාසයට ඉරීම මගින් සුවයක් ලබා ගන්න පුළුවන්.

වමනය කරවීම සඳහා උදෑසන අලුත් පොල් බෑයකට වරා කිරි එකතු කර වියලා සුනුකර භාවිතා කරන්න. 

ඇදුම රෝගය සඳහා – වරා කොල පවනේ වියළා ධූම පානය කරන්න. 

වණ සුවවීම සඳහා-වරා කොළ වියළා කුඩු    කොට ඉසීමෙන් වණ සුවපත් කර කරගන්නට පුළුවන් .

රුධිරයේ සීනි මට්ටම මට්ටම අඩු කර ගැනීම සඳහා-රුධිරයේ සීනි මට්ටම ඉතා පහසුවෙන් අඩු කරගන්නට මේ වරා කොල භාවිතා කරන්න පුළුවන්. එවැනි රෝගීන් දිනකට පැය කිහිපයක් මේ වරා කොල යටි පතුල්වල තබාගෙන සිටීමෙන් සීනි පහසුවෙන් අඩු කරගන්නට පුළුවන්. 

 මේ කිරි ඇස්වලට සහ සමට විෂ සහිත නිසා  බාහිර ප්‍රතිකාර සඳහා යොදා.ගන්නා නමුත් භාවිතයට පෙර සම්මත ක්‍රමයන්ට අනුව ශෝධනය කර විෂ ඉවත් කර ගැනීම කළ යුතුයි. අල්ප මාත්‍රාව සායනික සහ බල කාරක ගුණයෙන් යුක්ත බවත් මාත්‍රාව වමනය සහ විරේචනය ඇතිකරන බවත්. සඳහන් වෙනවා