පිළිකාවක් වැඩෙන විට හඳුනාගත හැකි පුර්ව රෝග ලක්ෂණ 16 ක්

health tips

සෑම වසරකම මිලියන 1.7 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ඇමරිකාවේ කරනලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එනම් වර්තමානය වන විට පිළිකාව නැමති රෝගයට වයස් භේදයක් නොමැති අතර එය ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැකිය. පිළිකාවක් ඇති වීමට බොහෝ හේතු බලපානු ලබන අතර 

  • ආහාර රටාව 
  • ජීවන රටාව
  • ඖෂධ වර්ග
  • ජාන බලපෑම
  • මත්ද්‍රව්‍ය භාවිතය 

ආදීය මූලිකව බලපානු ලබන හේතූන් ලෙස හඳුනාගත හැකිය. එනම් වර්තමානය වන විට  ශරීරයේ නොයෙක් අවයව මුල් කරගෙන පිළිකා තත්ත්වයන් ඇති වනු ලැබේ. 

ඕනෑම රෝගයක් ඇතිවීමට පෙර එම රෝගයට ආවේණික වූ පූර්ව රෝග ලක්ෂණ හඳුනාගත හැකිය. එනම් පිළිකාවක් වැඩෙන විටද ශරීරයේ නොයෙක් වෙනස් කම් හා නොයෙකුත් රෝග සංකූලතා ඇති වනු ලැබේ. එවැනි ශාරීරික වෙනස්කම් හඳුනාගෙන මුල් අවස්ථාවේ ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නේ නම් ඉන් පිළිකාව මාරාන්තික වීමෙන් මුදවා ගත හැකිය. ඒ සඳහා පිළිකා රෝගය ඇතිවන විට පහලවන පූර්ව රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ අනුව 

අත් හා පාද ආශ්‍රිතව විටින් විට හිරි වැටීමක් ඇති වීම. පිළිකාවක් ශරීරය තුළ වැඩෙන විට අත් හා පාද ආශ්‍රිතව හිරි වැටීමක් ඇතිවනු ලැබේ. එනම් මෙය වෙනත් රෝග තත්ත්වයක් නිසා වුවද ඇතිවිය හැකිය. කෙසේ නමුත් එවැනි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. එනම් විශේෂයෙන් ම දියවැඩියාව, ස්නායු රෝග… ආදී වූ රෝගයක් නොමැතිව අත් හා පාද හිරි වැටෙන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දැනට කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මොළය ආශ්‍රිතව හෝ කොඳු ඇට පෙළ ආශ්‍රිතව පිළිකාවක් වැඩෙන විට අත් හා පාද ආශ්‍රිතව හිරි වැටීමක් ඇතිවන බවයි. මේ නිසා එවැනි රෝග සංකූලතා සුළුකොට නොතකා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. 

මුහුණ, කම්මුල් ඉදමී තඩිස්සි වීම.මුහුණ කම්මුල් ඉදමීම හා තඩිස්සි වීම නොයෙක් රෝග තත්ත්වයන් නිසා ඇතිවිය හැකිය. එමෙන්ම පිළිකා රෝගයක් ඇති විටද කම්මුල් මුහුණ තඩිස්සි වීම සිදුවේ. එනම් ශරීරය තුළ පිළිකාව වැඩෙන විට නිසි පරිදි රුධිරය පරිවහනය නොවන විට මෙසේ මුහුණ තඩිස්සි වීම සිදුවේ. එනම් විශේෂයෙන්ම පෙනහළු හා පියයුරු පිළිකා ඇති විටෙක මෙසේ මුහුණ කම්මුල් ඉදමුමට පත්වේ. මේ නිසා එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යය. 

නිතර බඩ පිපුම ඇතිවීම. බොහෝ විට බඩ පිපුම ඇතිවනු ලබන්නේ අප ගනු ලබන නොසැලකිලිමත් ආහාර රටාව නිසාය. එනම් පිටි, තෙල් සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම හා ඉන් ආහාර ජීර්ණය නොවීම මත බඩ පිපුම ඇතිවිය හැකිය. එමෙන්ම ගැස්ට්‍රයිටිස් හා ආහාර ජීර්ණ මාර්ගය ආශ්‍රිතව ඇතිවන නොයෙක් ආබාධ හේතු කොටගෙන ද සෑම දෙනාටම පාහේ බඩ පිපුම ඇතිවිය හැකිය. නමුත් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ,අග්න්‍යාශය ආශ්‍රිතව හා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පිළිකාවක් වැඩෙන විට ද නිතර නිතර බඩ පිපුම ඇතිවිය හැකිය. මේ නිසා පෙර සඳහන් කළ හේතු නොමැතිව බඩ පිපුම ඇතිවන්නෙ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ. 

මුත්‍ර පාලනයෙන් තොරව පිටවීම.බොහෝ විට වයස්ගත පුද්ගලයකුට හෝ ගැබිනි මාතාවකට මුත්‍ර පිටවීම පාලනය කරගත නොහැකිය. නමුත් එවැනි තත්ත්වයක් නොමැතිව මුත්‍රා පිට කිරීම පාලනය කිරීමට නොහැකි වන්නේ නම් එය පිළිකා රෝගයක් ඇති බවට හගවන රෝග ලක්ෂණයක් විය හැකිය. එනම් මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ විශේෂයෙන්ම මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව හෝ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පිළිකාවක් වැඩෙන විට දීය. ඒ නිසා එවැනි රෝග තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. 

ශරීරයේ බර අඩුවීම හා කෘශ වීමශරීරය තුල පිළිකාවක් වැඩෙන මුල් අවධිය තුළ  සීඝ්‍රයෙන් ශරීර බර අඩු වීම හා ශරීරය කෘෂ වීම සිදුවේ. එනම් ආහාර පාලනයකින් හෝ ව්‍යායාම කිරීමකින් තොරව ශරීරයේ බර අඩුවේ නම් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය.  එනම් උගුර හා මහාන්ත්‍රය ආශ්‍රිතව පිළිකාවක් ඇතිවන විට මෙසේ ශරීරය කෘශ වීම ශරීර බර අඩු වීම සිදුවේ. එනම් බඩගිනි නොදැනීම, ආහාර අරුචිය,ආහාර ක්‍රමවත්ව ජීර්ණය නොවීම … ආදී හේතූන් මත ශරීරයේ බර අඩු වී කෘශ වීම සිදුවේ. එනම් ශරීර බර අඩු වීමත් සමඟ ඉහත රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.

අධික මහන්සියක් ඇතිවීම සුළු හෝ කාර්යයක නිරත වන විට අධික මහන්සියක් ඇතිවීම පිළිකාවක් ශරීරය තුළ වැඩෙන බවට ඉඟි කරන පූර්ව රෝග ලක්ෂණයකි. එනම් ඊට හේතුව සිරුරේ පිළිකා සෛල වර්ධනය වන විට රතු රුධිරාණු සෛල නිෂ්පාදනය අවම වීමයි. මේ නිසා නිතර අධික මහන්සිය හා තෙහෙට්ටුව ඇති වනු ලැබේ. 

ශරීරයේ කුද්දැට් නොහොත් වසා ගැටිති ඇතිවීම. පිළිකාවක් ශරීරය තුළ වැඩෙන විට එය හඳුනාගත හැකි තවත් පූර්ව රෝග ලක්ෂණයක් ලෙස ශරීරයේ නොයෙකුත් ස්ථාන වල කුද්දැටි හෙවත් වසා ගැටිති ඇතිවීම දැක ගත හැකිය. එනම් විශේෂයෙන්ම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා හේතුවෙන් මෙසේ වසා ගැටිති ඇතිවිය හැකිය. මේ නිසා වසා ගැටිති නිතර නිතර ඇතිවේ නම් වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත් වේ.ඊට අමතරව පිළිකාවක් ශරීරය තුළ වැඩෙන විට 

  • උගුරේ ගෙඩියක් ඇතිවීම. 
  • අස්ථි වේදනා ඇතිවීම 
  • අක්ෂි දුර්වලතා ඇතිවීම 
  • සම අඳුරු වීම
  • අත් යට ගැටිත්තක් හට ගෙන තිබීම
  • ගිලීමේ අපහසුතා ඇතිවීම.
  • සම යටින් රතු පැහැති පැල්ලම් ඇතිවීම
  • සමේ වලවල් ඇතිවීම. 

ආදී පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගත හැකිය. මෙසේ පූර්ව රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් බොහෝ දුරට පිළිකාව නිට්ටාවටම සුව කර ගත හැකිය.