කටට සැරට කන්නට කැමති ඔයාට සුභාරංචියක් ගැන තමයි මේ කියන්න යන්නේ .ටිකක් සැරට කන්න ඕන නම අපි මිරිස් ටිකක් ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරලා ආහාර පිස ගන්නවා. ඉතින් ඉහමොළ රත් වෙන්න තරම් මිරිස් සැර අන්තර්ගත වෙන සුවිශේෂී මිරිස් වර්ගයක් තමයි කොච්චි කියලා කියන්නේ.
සාමාන්‍ය මිරිස් කරල්වලට වඩා ප්‍රමාණයෙන් ඉතාම පොඩි මේ කෝච්චි රසය අනුව, පැහැය අනුව, හැඩය අනුව විවිධ නම්වලින් හඳුන්වනවා. සුදු කොච්චි,කුරුලු කොච්චි, නයි කොච්චි, හීන් කොච්චි,දම් කොච්චි, බටු කොච්චි, කැවුම් කොච්චි, හීන් කොච්චි ආදී මෙකී නොකී කොච්චි වර්ග බොහොමයක්ම කියනවා. අපි දන්නා විදිහට අසාමාන්‍ය විදිහට සැර කන එක අපේ ශරීර සෞඛ්‍ය එතරම් හිතකර නැහැ.
නමුත් මිරිස් කියන්නේ අපේ ශරීරයට බොහොමයක් ප්රතිලාභ ලබා දෙන ආහාරයක් ද්‍රව්‍යයක්. ආමාශයේ තුවාල සහිත අමිල පිත්ත රෝගයෙන් පෙළෙන උදවියට අහිතකර වෙන්න පුළුවන් වුණත් සමස්තයක් විදිහට ගත්තහම මිරිස් කියන්නේ අපේ ශරීරයට හිතකර ප්රතිලාභ බොහෝමයක් ලබා දෙන දෙයක්. ඉතින් ඔන්න ඒ නිසා අපි අද කතා කරන්නේ කොච්චි ආහාරයට ගත්තොත් අපිට ලබාගන්නට හැකි අපූරු වාසි පිළිබඳව.
ඉතින් මේ සියලුම මිරිස් වර්ග අයිති වෙන්නේ capsicum කියන උද්භිත විද්‍යාත්මක පවුලට. මේ ඕනෑම කොච්චි වර්ගයක තියෙන පොදු ලක්ෂණය තමයි සාමාන්‍ය මිරිස් වලට වඩා අධික සැර ගතියෙන් යුක්ත වීම.
එදා අපේ පැරැන්නන්ගේ නිවෙස්වල කොච්චි ගහක් දෙකක් වැරදුණේ නැහැ. මොකද බතල මඤ්ඤොක්කා වගේ අල වර්ග ගනිද්දි කුරක්කන් පිට්ටු , රොටී ආදී ආහාර ගනිද්දී ඔවුන්ට මේ කොච්චි සම්බෝලය නම් මගහැරෙන්නේ නැති නිසා. ඒ විතරක් නෙමෙයි යන්තම් ලුණු වතුරේ පොඟවා තෙලේ බැඳගත්තු කොච්චි කරල් ටිකත් බත්පතේ රස වැඩි කළා.
කොච්චි සතු ඊටම ආවේණික රස සහ සැර නිසා අදටත් බොහෝ දෙනෙක්ට කොච්චි නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා. ඇතැමුන් බත් ආහාරයට ගනිද්දී කොච්චි කරල් දෙක තුනක් අමු වෙන්න ආහාරයට ගන්නෙත් මේ නිසාමයි. අච්චාරු වෙනත් ව්‍යංජන හෝ මස් මාලු ආදිය පිළියෙල කරද්දිත් අමු මිරිස් වෙනුවට කොච්චි එකතු කරන්නට පුලුවන්. ඉතින් මේ කොච්චිවලින් ආහාරවලට හරි අපූරු රසයක් වගේම සැරකුත් ලැබෙනවා. ඒ විතරක්ම නෙවෙයි හීන් කොච්චි කොළ දාලා සකස් කරන පොල් මැල්ලුම තම්බපු හෙරලි කන්න කදිමයි. කොච්චි කරල් වගේම ඒවායේ කොළවලත් අපූරු රසයක් ගුණයක් ඇති නිසා එදා ගැමියන් මේ ආහාර පිස ගත්තා.
ඉතින් එදා වගේම අදත් අපි හැමෝම වගේ ආහාරයට ගන්නා කොච්චි ඉතාම ගුණදායක ඖෂධයක්. පාරම්පරික වෙදකම තුළ වගේම ආයුර්වේදය තුළත් කොච්චි වේදනානාශකයක් සහ ක්ෂුද්රජීවී නාශකයක් විදියට වැඩි වශයෙන් භාවිතා වෙනවා. ඒ හැරුණාම විවිධ ශල්‍යකර්මවලින් පසුවත් සන්ධිවල ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්වල දීත් තුවාල සහ වණ සුව කරන්නටත් මේ කොච්චි බහුලව භාවිතා කරගෙන තියෙනවා. එසේම ආයුර්වේදය තුළ මත්පැන් පානයට ඇබ්බැහි වූවන් සඳහා වුණු ප්‍රතිකාර පිණිසත් මේ කෝච්චි භාවිතා කරලා තියෙනවා.
ගෙදර හැදෙන කොච්චි ගසේ අගයක් නැති වුණාට මේ කෝච්චි භාවිතයෙන් නොයෙක් ඖෂධ භාවිතා නිෂ්පාදනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම බටහිර ලෝකයේ කොච්චි පැච් සහ කොච්චි ක්‍රීම් ස්නායු වේදනාවන් දුරුකර ගැනීම සඳහා භාවිතා වෙනවා. මේවා භාවිතා වෙන්නේ පැපොල සහ ඒඩ්ස් රෝග නිසා හටගන්නා වූ වේදනාවන්වලට. ඒ වගේම සන්ධි ප්‍රදාහය නිසා ඇතිවන වේදනාවන්වලටත් මේවා බටහිර වෛද්‍යවරුන් අනුමත කරනවා. නමුත් මේවා මිලෙන් ඉතාම අධිකයි.
කොච්චි ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නෙ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට පින් සිදු වෙන්නට. මොකද ඔහු කොච්චි කන්නට වඩාත් ප්‍රිය කළ නිසා ඔහු ගමන් ගත්තු මාර්ගය පුරාවටම කොච්චි බීජ දමා ගිය බව තමයි කියවෙන්නේ. කොහොම වුණත් කොච්චිවලින් ලෝකයේ වැඩිම ආදායමක් ලබන රට තමයි මෙක්සිකෝව.
ඉතින් මේ කොච්චිවල ඉතා බහුලවම විටමින් c අඩංගු වෙනවා. එය කොතරම් ද යැයි කිව්වොත් අදහන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක්. පර්යේෂකයන් විස්තර කරන විදිහට නම් කොච්චිවල ඇති විටමින් සී ප්‍රමාණයන් 404% ක් .
විටමින් සී හැරුනහම විටමින් ඒ, විටමින් b6 වැඩි වශයෙනුත් අඩංගු වෙනවා. ඒ වගේම මැග්නීසියම්,කැල්සියම් සහ යකඩ ආදී ඛනිජත් අඩුවක් නැතිව මේ කොච්චිවල අඩංගු වෙලා තියෙනවා.
කොච්චි ආහාරයට ගැනීමෙන් ශරීරයට ලබාගත හැකි ප්රතිලාභ

මුඛයේ ඇතිවෙන ආසාදන, සෙම් ගෙඩි ආදිය ඇතිවීම පාලනය කරනවා කොච්චි මුඛයට ගත් විටම එහි ඇති අධික සැර නිසා මුඛයේ තියෙන සියලුම ග්රන්ථීන් උත්තේජනය වෙලා ඒවායේ ශ්‍රාවයන් වැඩි වෙනවා. ඒ නිසා නිතර කොච්චි ආහාරයට එකතුකර කර ගන්නා කෙනෙකුට වැරදිලාවත් සෙම් ගෙඩි නම් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ග්රන්ථින්වල සිදුවන මනා ක්‍රියාකාරිත්වය හේතු කරගෙන වෛරස සහ බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන පවා වැළකෙනවා. එය මුඛ සෞඛ්‍ය නිරෝගිව තියා ගන්නට උදව්වක්.
ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට උපකාරී වෙනවා.ආහාර ජීරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ජීර්ණ යුෂ ශ්‍රාවය වැඩිකරන්නට මේ කොච්චි ආහාරයට ගැනීම හේතුවක් වෙනවා. එය ආහාරය හොඳින් ජීර්ණය කරන්නට වගේම ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් මැනවින් අවශෝෂණය කරන්නටත් එය විශාල වශයෙන් උපකාරී වෙනවා.
- ආහාර මාර්ගය පිරිසිදු වෙනවා.
- රුධිර නාල විස්තාරණය වී ශරීරය පුරා රුධිරය ගමනය වැඩි කරන නිසා අත් පා වලට රුධිරය ගමන් කිරීම අඩු වීම නිසා ඇති වන පර්යන්ත ශීතල ඇති රෝගීන් සඳහා ඉතාම ගුණදායකයි.
- දියවැඩියාව පාලනය සහ දියවැඩියා රෝගීන්ගේ ස්නායු වේදනා අඩු කරන්නට උදව් වෙනවා.
- කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා.
- පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
- පටක අලුත්වැඩියාව සඳහා දායක වෙනවා.
- ආහාර අරුචිය දුරුකරනවා.
- ක්ද්ර ජිවීන්ගෙන් රැකවරණය ලැබෙනවා.
- ස්වසන පද්ධතිය ආශ්රිත රෝගාබාධවලින් ආරක්ෂාව සැලසෙනවා.
- හදවතේ සෞඛ්‍ය නිරෝගී කරනවා.
- රුධිර පීඩනය යහපත්ව තියාගන්න උදව් වෙනවා.
- ආයුෂ වර්ධනය කරනවා.
- ශරීරයේ දිලීර රෝග සුව කරනවා.
- දද, කුෂ්ඨ, වණ ආදී රෝග නිවාරණය කරනවා.
- පිපාසය ඇති කරනවා.
- ස්නායු වර්ධනය කර ශරීර ශක්තිය ඇතිකරනවා.

ඉතාම ගුණදායක කොච්චි ආහාරයට ගැනීමට නුසුදුසු වෙන්නේ අමිල පිත්ත රෝගයෙන් පීඩාවිඳින පුද්ගලයන්ට විතරයි. එයින් බඩේ දැවිල්ල වැඩිවීමට ඉඩ ඇති නිසා ඉතාම වේදනාකාරී අත්දැකීමකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වේවි.
ඉතින් ඔබට කොච්චි අතිරික්තයක් පවතින කාලවල දී ඒවා වියළා කුඩුකර හෝ කුඩු නොකර ගබඩා කර තබා ගැනීමෙන් වසර පුරාම භාවිතා කරන්නටත් පුළුවන්.