අදටත් ලෝකය පුරාම විශාල ඉල්ලුමක් පවතින ඉතාම ඉහළ මිලකට අලෙවි වන කුළු බඩුවක් තමයි එනසාල්. ලාංකීය අපිටත් විවිධ ආහාර වර්ග පිසීමේදී මේ එනසාල් නැතුවම බැහැ . විවිධ ආහාර හා රසකැවිලිවල සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර භාවිතයට ගන්නා එනසාල් කුළු බඩුවකට එහා ගිය සුවිශේෂී ඖෂධීය වටිනාකමකින් ද සමන්විතයි . ඒ නිසාම මේ එනසාල් හෙවත් කරදමුංගු පාරාදීසයේ බීජය හෙවත් කුළුබඩු රැජිණ යන නමිනුත් හඳුන්වනවා.
දකුණු ඉන්දියාවේ සදාහරිත වර්ෂා වනාන්තරවල සම්භවය වූ බවට සැලකෙන එනසාල් සමාන දේශගුණ සහිත ලෝකයේ විවිධ ප්‍රදේශවල පැවතුණා. මීට වසර ගණනාවකට පෙර සිටම එනසාල් සතු විශිෂ්ඨ ගුණ පිළිබඳව ජනතාව දැන සිටියා. Zingiberaceae කුලයට අයත් වන එනසාල් ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාව,ඉන්දියාව ආදී රටවල වගා කරනු ලබනවා.
මේ එනසාල් බේකරි කර්මාන්තයේ දී අත්‍යවශ්‍ය කුළුබඩුවක් ලෙස භාවිතයට ගනු ලබනවා. පාන්, බනිස්, පේස්ට්‍රි වර්ග, කේක්, කුකීස් ආදී නිෂ්පාදනවලදී වගේම සොසේජස් හැම්බර්ගර් වැනි ආහාර පදම් කර ගැනීමටත් එනසාල් නැතිවම බැහැ.කටගැස්ම වර්ග, මසාලා කෑම, පලතුරු සලාද, අයිස් ක්‍රීම්, පුඩින් වර්ග, ජෙලි වර්ග ඇතුළු බොහෝ අතුරුපස නිෂ්පාදනයේදී සූපවේදීන්ට අත්‍යවශ්‍ය කුළු බඩුවක් වෙන්නේ ද එනසාල්. ඒ විතරක්ම නෙවෙයි සුවඳ විලවුන් වර්ග හා ඕඩිකොලොන් වර්ග නිෂ්පාදනයට එනසාල් තෙල් භාවිතයට ගැනෙනවා .

එනසාල්වල මහඟු ගුණ රැසක්ම අන්තර්ගත වෙන බව අපි මතකයේ තබාගත යුතුමයි . ඒ අතරේ මේ එනසාල්වල සිනෝල්, ටර්පීන්, ලිමොනීන්, ඇල්ෆා – ටර්පිනයිල් ඇසිටේට් ,ඉයුජෙනෝල් සහ ප්‍රතිඔක්සිකාරකත් බහුලවම අඩංගු වෙනවා.මේ සක්‍රීය ද්‍රව්‍ය හැරුණාම නිරෝගී ජීවිතයක් සඳහා ඕන කරන සංයෝග රාශියක්ම මේ එනසාල් සතු වෙනවා. එනිසා දවසට එනසාල් කරලක් හෝ ඔබට ආහාරයට ගන්නට පුළුවන් නම් රෝග රැසකින්ම බේරිලා ඉන්නත් ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා .
එනසාල් සතු ඖෂධීය ගුණ
- ඔක්කාරය දුරලයි.
- හානිකර බැක්ටීරියා මගින් ඇතිකරන දත් කුහර වළක්වයි.
- පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
- ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.
- අජීර්ණයට ගුණදායකයි.
- ආම වාත දුරු කරයි.
- කෑම රුචිය වර්ධනය කරයි.
- සමේ රෝග සඳහා ගුණදායකයි.
- සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.
- පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
- සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, බ්‍රොන්කයිටීස් ආදී ස්වසන අපහසුතා සමනය කරයි. සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.
- මලබද්ධය වළක්වයි.
- හෘදයාබාධ ඇතිවීම වළකයි.
- ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
- සම වියළීම වළක්වා සම ආරක්ෂා කරයි.
- රක්තහිනනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.
- වකුගඩු හරහා ශරීරයේ අපද්‍රව්‍ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
- බඩ පුරවා දැමීමට ගුණදායකයි.
- හිසකෙස් පෝෂණය කරයි.
- මානසික ආතතිය සඳහා ගුණදායකයි.
- රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි.එමගින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.
- නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි
- මුඛයේ දුර්ගන්ධය නැති කරයි.
- මුඛයේ තුවාල සුව කරයි.
- අධි රුධිර පීඩනය දුරු කරයි.
- තරබරුව මට්ටු කරයි.
- ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි
- වකුගඩු, මුත්‍රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.
- පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.
- දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.
- දිලීර හා බැක්ටිරීයා ආසාදනවලින් ආරක්ෂා කරයි.
එනසාල්වල ඖෂධීය භාවිතයන්
එනසාල් ඔබ පානයට ගන්නා තේ එකට එකතු කර පානයට ගැනීම හෝ ආහාරවලට එකතු කර ගැනීමෙන් ඉහත සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගන්න හැකියාව තියෙනවා . ඒ හැරුණාම පහත ආකාරයට විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් ඔබට් මේ එනසාල් භාවිතයට ගන්නට් හැකියාව තියෙනවා.

මුඛ රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සෝදා දමන්න.
සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තරගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කරන්න.
බඩේ කැක්කුම් සඳහා කෝපිවලට අඹරන ලද එනසාල් එකතු කර පානයට ගන්න .
සැලකිලිමත් වෙන්න .ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපවේ තද ගතිය,හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.