Cardiospermum halicacabum විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වැල් පෙනෙල Sapindaceae කුලයට අයත්වේ. එනම් වැල් පෙනෙල ශාකය විශ්ව ආකාර්ශනය ලබාගත් ඖෂධීය වැල් විශේෂයක් ලෙස බොහෝ දෙනෙකු පිළිගනී. එනම් ආධාරකයක් මත වැඩෙන වැල් පෙනල කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන වැල් විශේෂයක් වේ. මෙහි හටගැනෙන මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩයෙන් දිස්වේ. ඵලය තුළ බීජ කිහිපයක් අඩංගුවන අතර එය පුපුරා ගිය පසු එම බීජ මගින් ව්‍යාප්තිය සිදුවේ.
පැරණි වෙද පොත් වල සඳහන්වන ආකාරයට ජෝතිශ්‍ය වේදීන් සඳහන් කර ඇත්තේ වැල් පෙනෙල ශාකය දැකීමෙන්, ස්පර්ශ කිරීමෙන් සිකුරු අපල දුරු කර ගත හැකි බවය. එමෙන්ම සෘෂිවරුන් සඳහන් කර ඇත්තේ වැල් පෙනෙල ශාකය විශ්ව ආකාර්ශනය ලබාගත් වැල් විශේෂයක් බවය. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැල්පෙනල ශාකය දැකගත හැකි අතර විදේශීය වශයෙන් ආසියානු අප්‍රිකානු රටවල ද පෙනෙල ශාකය දැකගත හැකිය.
බොහෝ රෝග සමනය කිරීමට උපකාරීවන වැල් පෙනෙල සලාදයක්, කැඳ පානයක්, මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. එනම් වැල් පෙනෙල වල ශරීරයට හිතකර බොහෝ රසායනික සංයෝග ප්‍රමාණයක් අඩංගුවේ.
Saponin, Quebrachitol and an alkaloida glucoside, resins යන ආදී රසායනික සංයෝග ඒ අතර ප්‍රධානවේ. වැල් පෙනෙල ආහාරයට එක් කර ගැනීමට අමතරව ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද මුළු ශාකයම භාවිතයට ගනු ලැබේ. ලොකු කුඩා සෑම දෙනාටම පාහේ වැල් පෙනෙල සම්බෝලය හෝ වැල් පෙනෙල කැඳ පානය භාවිතා කිරීම වඩාත් ගුණදායකය.
වැල් පෙනල සම්බෝලය සකස් කර ගන්නා ආකාරය

- සිහින්ව ලියලා ගත් පෙනෙල කොළ මිටක්
- පොල් ස්වල්පයක්
- සිහින්ව ලියලා ගත් රතුලූනු ගෙඩි එකක්
- ලියලා ගත් අමුමිරිස් කරල් දෙකක්
- ලුණු ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
- ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව ලියාගත් පෙනල කොළ ස්වල්පයකට පොල්, රතු ලූනු, අමු මිරිස්, ගම්මිරිස්, රස පදමට ලුණු එක්කර හොඳින් මිශ්‍රකර අවසානයේ දෙහි යුෂ ස්වල්පයක් එක්කර ගන්න.
මෙසේ පෙනල කොළ සම්බෝලයක් හෝ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් ඉන් ශරීරගත බොහෝ රෝග සමනය කරගත හැකිය.
වැල්පෙනල සතු ඖෂධීය ගුණ
- චර්ම රෝග සමනයට
- සම පැහැපත් කිරීමට
- අර්ශස් රෝගය සමනය කිරීමට
- මුත්‍රා රෝග සමනය කිරීමට
- කාන්තා රෝග සමනය කිරීමට
- රක්තාතීසාරයට
- උදර වේදනාවන් සමනය කිරීමට
- ආමවාත සන්ධි ප්‍රදාහයන්ට
- සර්ප විෂට, මී විෂ ඉවත් කිරීමට
- පණු රෝග සමනය කිරීමට
- පක්ෂගාත රෝගීන්ට
- මලබද්ධය සමනය කිරීමට
- මාන්දමට
- ශුක්‍ර ධාතු වර්ධනය කිරීමට
- හිසකෙස් වර්ධනය කිරීමට මේ ආදී රෝග සමනය කිරීමට වැල්පෙනෙල කැඳ ,සම්බෝලය හෝ ඖෂධ භාවිතා කළ හැකිය.
වැල්පෙනෙල ඖෂධීය ගුණ භාවිතය.

හිසකෙස් ගැටලු සමනය කරයි.හිස්සොරි, හිසකෙස් ගැලවී යාම, හිස කෙස් වර්ධනය නොවීම, ආදී හිසෙහි රෝග සමනය කිරීම සඳහා වැල්පෙනල ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එනම් වැල් පෙනල කොළ කැඳ නිතර ආහාරයට ගන්නේ නම් මෙම ගැටලු සමනය කරගත හැකිය. ඊට අමතරව පෙනල කොළ මිටක් පමන ගෙන රාත්‍රියේ වතුරට දමා තබා පසුදා උදෑසන එය එම දියෙන්ම අඹරා හිසෙහි ගල්වා පැයකට පසු ස්නානය කිරීම මගින් හිසෙහි පවතින බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් මෙය සතියකට දෙවතාවක් පමණ සිදු කිරීම යෝග්‍යවේ.
සන්ධි ප්‍රදාහය සමනය කිරීමට බොහෝ දෙනෙකුට ඇතිවන සන්ධි ප්‍රදාහය සමනය කිරීම සඳහා වැල්පෙනෙල ඇට හා කොළ පිරිසුදු පොල්තෙල් සමඟ සිඳුවා එම තෙල් සන්ධි ප්‍රදාහය පවතින ස්ථානවල ආලේප කිරීම මගින් එම රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය.
මී විෂ ඉවත් කිරීමට මී විෂ නැසීම සඳහා වැල්පෙනල, රතු ලූනු යුෂ සමඟ දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කිරීම හා මීයා සපා කෑ ස්ථානයේ ආලේප කිරීම මගින් මී විෂ ඉවත් කරගත හැකිය.
සන්ධි ඉදිමුම් සමනය කිරීමට.ආතරයිටීස් හෝ වෙනත් රෝග තත්ත්වයන් නිසා ඇතිවන සන්ධි ආශ්‍රිත ඉදිමුම සමනය කිරීම සඳහා වැල්පෙනල ශාකය ඈත අතීතයේ සිට ම ඖෂධ ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා වැල්පෙනෙල එඬරු තෙල් සමග අඹරා ගෙඩිවල හා සන්ධි ඉදමුම ඇති ස්ථානවල ආලේප කිරීම මගින් එම ඉදමුම් සුව කර ගත හැකිය.
අර්ශස් රෝගයට සහනය සලසයි.වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාම මල බද්ධය උත්සන්න වීමෙන් ඇති වන අර්ශස් රෝගය නිසා පීඩාවට පත්ව තිබේ. එනම් මෙම රෝග තත්ත්වය සුව කිරීම සඳහා වැල්පෙනල ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සදහා වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු සමව ගෙන කොටා යුෂ ගෙන පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීමෙන් අර්ශස් රෝග සමනය කර ගත හැකිය.
අර්ශස් ගෙඩි සමනය කිරීමට අර්ශස් රෝගය උග්‍ර වීමෙන් ඇති වන අර්ශස් ගෙඩි සමනය කිරීම සඳහා වැල් පෙනල ශාකය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. මේ සඳහා වැල් පෙනල ශාකය කොටා එඬරු තෙල් සමඟ මිශ්‍රකර අර්ශස් ගෙඩි වල ආලේප කිරීම මගින් එම ගෙඩි සමනය කර ගත හැකිය. මේ ආදී වූ රෝග රැසකට වැල්පෙනල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුදු යම් රෝගයක් සඳහා අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.