වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාම පාහේ අම්ලපිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව තිබේ. එනම් මෙම රෝගය උත්සන්න වීම හේතුවෙන් දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය. මේ නිසා එම රෝග තත්ත්වය පිළිබඳව දැනුවත් භාවයක් තිබීම බෙහෙවින් වැදගත් වේ. එනම් බොහෝ දෙනෙකු මෙම රෝගය පවතින මුල් අවස්ථාවේ ඖෂධ ගැනීමට කටයුතු නොකරන අතර රෝගය උත්සන්න වූ පසු ඖෂධ ලබා ගැනීමට පෙළඹේ. එනම් ඉන් මෙම රෝග තත්ත්වය සුව කිරීමට යම් තාක් අපහසු වන අතර රෝගය ඇතිවූ මුල් අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඉන් පහසුවෙන් රෝගය ඇතිවීම හා උත්සන්න වීම පාලනය කරගත හැකිය.
- අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝග ඇතිවීමට බලපාන හේතු මොනවාද.
- නියමිත වේලාවන් වලට ආහාර නොගෙන සිටීම.
- අධික ලෙස මත්පැන් භාවිතය.
- නිතර නිතර ආහාර ගැනීම
- මානසික ආතතිය.
- උෂ්ණාධික ආහාර එක දිගට ආහාරයට එක්කර ගැනීම.
- තෙල් සහිත පිටි සිට සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම.
- අධික අම්ල ගතියෙන් සහ මිරිස් අධික ආහාර බහුලව භාවිතා කිරීම.

ජලය පානය කිරීම අවම වීම. මේ ආදී වූ හේතූන් මත ආමාශයේ පවතින ආම්ලික යුෂ ප්‍රමාණය ඉහළ යාම ආමාශයේ යාම හා ඉන් ආමාශයේ බිත්ති මත තුවාල ඇතිවීම මගින් අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවනු ලැබේ.
අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීම පාලනය කර ගැනීමට ආයුර්වේදය තුළින් මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර තුළින්ද ඖෂධ ලබා ගත හැකිය. ඊට අමතරව වෛද්‍යවරුන් බොහෝ විට මෙම රෝගීන්ට සුදුසු ආහාර නිර්දේශ කරයි. එනම් ඖෂධ භාවිතයට අමතරව මෙම රෝගය පාලනය කිරීමට ආහාර රටාව වැඩි දායකත්වයක් සැපයීම ඊට හේතුවයි. මේ නිසා අම්ලපිත්ත රෝගීන්ට සුදුසු ආහාර පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්වේ.
අම්ල පිත්තයට සුදුසු ආහාර මොනවාද
බීට් යුෂ පානය අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය පවතින රෝගීන්ට ආයුර්වේද වෛද්‍යවරු නිර්දේශ කරන පානයක් ලෙස බීට් රූට් පානය නම් කළ හැකිය. එනම් බීට්රූට් ගෙඩියක් ගෙන පොතු ඉවත්කර සෝදා කැබලි වලට කපා නිවාගත් ඇල් වතුර වීදුරුවකට සියල්ල දමා රැයක් තබා උදෑසන එම කැබලි ඉවත් කර මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර හිස්බඩට පානය කිරීම මගින් මෙම රෝග තත්ත්වය නිසා ඇතිවන උදරගත දැවිල්ල වළක්වා ගත හැකිය.
කැහිපිත්තන් ජෙලි ඈත අතීතයේ සිටම ශරීරය සිසිල් කර ගැනීම සඳහා කැහිපිත්තන් වැල් විශේෂය භාවිතයට ගෙන තිබේ. එනම් මෙය අම්ලපිත්ත රෝගීන්ට සුදුසු ඖෂධීය ආහාරයකි. කැහිපිත්තන් කොළ මිටක් පමන ගෙන හොඳින් සෝදා කොටා ලබා ගන්නා යුෂ බඳුනකට දමා පැය භාගයක් පමණ නොසෙල්වෙන සේ තබා සකස් කරගන්නා ජෙලි ආහාරයට ගැනීමෙන් අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් මෙමගින් ආමාශයේ ආමාශයික යුෂ අවම වී ආමාශය සිසිල් කර ගත හැකිය. මෙම කැහිපිත්තන් ජෙලි සකස් කිරීමේදී අවැසි නම් සීනි වුවද මිශ්‍ර කර ගත හැකිය. එමෙන්ම මෙය ශීතකරණය තුළ තබා අවැසි විට ආහාරයට එක් කර ගත හැකිය.

බෙලි බෙලි යනු නොයෙක් රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි පලතුරකි. එනම් බෙලි ආහාරයට එක්කර ගැනීම අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගීන්ට වඩාත් සුදුසු වේ. එනම් බෙලි ආහාරයට ගැනීමෙන් ගෑස්ට්‍රයිටිස් නිසා ඇතිවන දැවිල්ල, බඩ පිපුම ,ආහාර ජීර්ණය නොවීම වැනි රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය. එනම් ඉදුණු බෙලි ආහාරයට ගැනීම හෝ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම බෙලිගැට බෙලි කොළ බෙලි මල් තම්බා පානය කිරීම අම්ලපිත්තය ඇති රෝගීන්ට වඩාත් සූදුසු වේ.
දියබත දිය බත යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු ඖෂධීය ආහාරයකි. එනම් විශේෂයෙන්ම අම්ලපිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් පවතින රෝගීන්ට දිය බත යනු ගුණදායක ඖෂධයකි. එනම් රාත්‍රියේදී පිසගත් බත් ස්වල්පයකට පිරිසිදු ඇල් වතුර දමා රැයක් වසා තබා උදෑසන එම වතුර පෙරා බත් පමණක් ගෙන භාජනයකට දමා සිහින්ව ලියලා ගත් රතුලූනු, අමුමිරිස්, කරපිංචා සහ මිටි කිරි ස්වල්පයක් මිශ්‍ර කර හිස්බඩට ආහාරයක් ලෙස එක් කර ගැනීමෙන් අම්ලපිත්තය සුව කර ගත හැකිය.
කොළ කැඳ අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් පවතින රෝගීන්ට කොල කැඳ සකස් කර භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ. එනම් විශේෂයෙන්ම ශරීරය සිසිල් කර ගැනීමට භාවිතා කරන කොළ කැඳ පානයන් මෙම රෝගීන්ට වඩාත් සුදුසුවේ.
- ගොටුකොළ
- හාතාවාරිය
- මුගුණුවැන්න
- හීන් බෝවිටියා
- කරපිංචා
- පෙනල
- ඉරමුසු
- මොනරකුඩුම්බිය
ආදී වූ පලා වර්ග එකක් හෝ කිහිපයක් එක් කොට සකසන කැඳ වර්ග භාවිතය අම්ලපිත්ත රෝගීන්ට වඩාත් සුදුසු වේ. මීට අමතරව කැකිරි, අළු පුහුල් ,පිපිඤ්ඤා, වැටකොළු, කොමඩු ,මිදි ,වට්ටක්කා ,බෝංචි, කොහිල, නෙළුම් අල, අඩු මේදය සහිත මාළු,මස්, කැෆේන් අඩංගු නොවන පාන වර්ග, සව් කැඳ ,කොත්තමල්ලි වැනි ශරීරයේ සිසිල් කරන පාන වර්ග, ජලය අඩංගු වන එළවළු පලතුරු වර්ග, තන්තු සහිත එළවළු, පලතුරු වර්ග, පලා වර්ග ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.